මෙම ශාක පේලියේ දර්ශනය දෙස බැලු විට එය දිගු ශාක පේළියක් වන අතර එය ඉතා තියුණු හැඩයක් ගනී. දර්ශනයේ ඉතිරි කොටස, ශාක වලින් පිරුණු ප්‍රදේශයේ සිට ශාක නොමැති කලාපය දක්වා වෙනස් වීම පෙන්නුමි කරයි. ශීත හා සුළග හේතුකොට ගෙන මෙම ශාක මිටි හා එක් දිශාවකට යොමු වූ ශාක බවට පත්ව ඇත.

මෙම ශාක පේලිය හෝ දැව පේළිය වාසස්ථානයේ සීමාවේ පිහිටා ඇති නමුත් එම ප්‍රදේශ ශාක වර්ධනයට සුදුසු ප්‍රදේශ වේ. ශාක පේලියට ඉදිරියෙන් ඇති ශාක වලට යෝග්‍ය නොවන පාරිසරික තත්ත්ව නිසා ඒවාට වර්ධනය විය නොහැක. (සාමාන්‍යයෙන් ශීත උෂ්ණත්වයන්, ප්‍රමාණවත් නොවන වායුගෝල පීඩනය හෝ තෙතමනය අඩු වීම වේ.)

යම් ශාක පේලියක ශාක කුරු වේ නම්, අවසාන ශාක කීපය ඝනත්වයෙන් අඩු පදුරු බවට පත් වේ නම් හා එය සිදු වූයේ සුළග මගින් නම් එය ක්රෑම් හෝල්ස් (krummholz formation) ලෙස හැදින්වේ. ජර්මනියේ මෙය සමාවෘත ලි ලෙස හදුන්වයි.

මෙම ශාක පේළි අනෙකුත් ස්වභාවික පේළි ආකාරයෙන්ම දිස්වන අතර (උදාහරනයක් ලෙස දිය ඇල්ලක සීමා මායිම්) දුරින් සිට හොදින් හදුනාගත හැක. නමුත් ඒ සදහා ඉතා සමීප පරීක්ෂා කිරීමක් කළ යුතුයි. තව ද එහි ක්‍රමවත්ව මාරු වීම් සිදුවේ. ශාක ඒවායේ වර්ධනය නවතින තුරු ශාක වර්ධනයට නුසුදුසු කාලගුණයක් පවතින ප්‍රදේශ දක්වා හෙමින් වර්ධනය වේ.

"https://si.wikipedia.org/w/index.php?title=ශාක_පේලිය&oldid=469758" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි