නොමේරූ ශාක කඳන් පොළව මට්ටමට කැපීමට වනාන්තර කළමනාකරණයේදී පාරම්පරිකව යොදා ගන්නා ක්‍රමය කප්පාදු කිරීමයි. ආයතික වැඩීමේ වසර වලදී අලුත් රිකිලි මතුවන අතර වසර කිහිපයකට පසු මෙය නැවත නැවත සිදුවන අතර කප්පාදු කිරීම චක්රයක් ලෙස සිදු කරයි. කප්පාදුවට පසු අස්වනු නෙළයි.

හැම්ශයර් ප්‍රන්තයේ පිහිටි කප්පාදු කරන ලද එල්ඩර් ශාක සමුහයක්.
ඉහත ශාක සමුහයම වසරකට පසු යලි වැඩි ඇති අයුරු.

සාමාන්‍යයෙන් වනාන්තරයක් කප්පාදු කරනුයේ කොටස් වශයෙන් මාරුවෙන් මාරුවටය. මේ ක්‍රමය අනුව වගා කරන ශාකය සෑම වසරකම වනාන්තරයේ කොතැනක හෝ දක්නට ඇත.මෙහිදී වන ජීවීන්ට විවිධ වාසස්ථාන ලැබෙන අතර කප්පාදු කිරීම නිසා විවිධ වර්ධන අවධිවල ශාකද බහුලය. මෙය වනාන්තරය තුළ ඉහළ ජෛව විවිධත්වයකට මග පාදයි. කප්පාදු කිරීමේ චක්රයේ දීර්ඝ භාවය, කප්පාදු කරන ශාක විශේෂය, දෛශික ගනුදෙනු කරුවන් සහ නිෂ්පාදිතය යන කරුණු මත රඳා පවතී. බර්ච් (Birch) ශාක දරමිටි සෑදීමට වසර 3 – 4 ක පමණ කප්පාදු චක්‍රයකදී කපන අතර, Oak ශාක වසර 50 ක පමණ චක්රයකට පසු විවිධ අවශ්යතා සඳහා රිටි (Poles) තැනීමට සහ දර සඳහා භාවිතා කරයි.

කප්පාදු කිරීම නිසා ශාක නොමේරූ අවධිවලට තබා ගත හැකි අතර, ශාක වයස වැඩි වුවද නොමැරී පවතී. ශාක ගහණයක වයස ඒවායේ විශ්කම්භය මගින් තීරණය කරන අතර සමහර ශාක ඉතා විශාලය. (මීටර් 9 හෝ අඩි 31 පමණ). මේවා ශතවර්ෂ ගණනාවක් මුළුල්ලේ කප්පාදුට ලක් කර ඇත.

කප්පාදු කරන ලද කඳන් පාදස්ථය වක්‍ර වී ඇත. මෙම වක්ර වීම තරගකාරී කඳන් ලෙස චක්රය මුලදී වර්ධනය වී පසුව ඉහළට වැඩුණු පසු වියන සාදයි. මෙම වක්ර පුරා විද්යාවේදී කප්පාදු කළ ශාක හඳුනා ගැනීමට යොදා ගනී. Somerset හි Sweet track හි ශාකවල කප්පාදු කාලය සහ වයස සොයාගෙන ඇත. (බු.ව 3807 සහ 3806 ට අයත් ශීත ඍතුවක අරඹා ඇත).





http://en.wikipedia.org/wiki/Coppicing

"https://si.wikipedia.org/w/index.php?title=ශාක_කප්පාදු_කිරීම&oldid=470313" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි