ශ්‍රේෂ්ඨතම ඉංජිනේරුමය ජයග්‍රහන

එක්සත් ජනපදයේ ඉංජිනේරු විද්‍යාව සම්බන්ධයෙන් වූ ජාතික ඇකඩමිය විසින් මෙම ශත වර්ෂය තුළ ලද ශ්‍රේෂ්ඨතම ඉංජිනේරුමය ජයග්‍රහණ 20 ඇතුළත් කර ලැයිස්තුවක් සකස් කර ඇත. එය විද්‍යුත්කරණයේ සිට පදාර්ථමය විද්‍යාවල දියුණු වීම් දක්වා පරාසගත වේ. ලැයිස්තුවට ඇතුළත් වීම සඳහා මූලික අවශ්‍යතාවය වූයේ අදාළ වැඩි දියුණු කිරීම ජීවන තත්ත්වයට අධික බලපෑමක් කළේ ද නැත් ද යන්නයි. (1800 හඳුන්වා දෙන ලද ගුවන් යානා විසින් 20 සියවසේ සමාජයට අධික බලපෑමක් එල්ල කළේ යැයි තීරකවරුන්ට දැනුනි නම් එය ද ලැයිස්තුවට ඇතුළත් වීමට ඉඩ තිබුණි.)

සම්පූර්ණ ලැයිස්තුව පහත දැක්වේ.

  • විද්‍යුතනය
  • රථවාහන
  • ගුවන් යානා
  • ජල සැපයීම හා බෙදා හැරීම
  • ඉලෙක්ට්‍රොනික්
  • ගුවන් විදුලිය හා රූපවාහිනිය
  • යන්ත්‍රගත කරන ලද කෘෂිකර්මාන්තය
  • පරිගණක
  • දුරකථනය
  • වායුසමීකරණ සහ ශීතකරණය
  • අධි වේගී මාර්ග
  • අභ්‍යාවකාශ යානා
  • අන්තර්ජාලය
  • රූපගත කිරීම (Imaging)
  • ගෘහස්ථ උපකරණ
  • සෞඛ්‍ය තාක්ෂණය
  • පෙට්‍රෝලියම් හා පෙට්‍රෝ රසායනික තාක්ෂණික ක්‍රම
  • ලේසර් හා ප්‍රකාශ තන්තු
  • න්‍යෂ්ටික තාක්ෂණික ක්‍රම
  • පදාර්ථමය විද්‍යාව