ශ්‍රේණිකරණය (පුරා විද්‍යාව)

පුරා විද්‍යාවේ දී ශ්‍රේණිකරණය යනු එකම සංස්කෘතියේ විවිධ වැඩබිම්වලින් එකතු කරගන්නා ලද මානව කෘති කාලානුක්‍රමික පිළිවෙලකට තබන සාපේක්ෂ දින ගණනය කිරීමේ ක්‍රමයකි. පුරා විද්‍යාඥයකු වූ ජෙහාඩ් පවසා සිටින්නේ “එක් ස්මාරකයක් දක්නා ලද තැනැත්තෙක් සත්‍ය වශයෙන්ම එකක්වත් දැක නොමැති අතර , ස්මාරක දහසක් දැක ඇති තැනැත්තෙක් සත්‍ය වශයෙන්ම දැක ඇත්තේ එක් ස්මාරකයක් පමණි” ලෙසයි. මෙම ක්‍රමය මුලින්ම නිර්මාණය කරන ලද්දේ ඔස්කාර් මොන්ටිලියස් මඟිනි.

කාබන් දින ගණනය වැනි නිරපේක්ෂ දින ගණන ක්‍රම යොදාගත නොහැකි අවස්ථාවලදී පුරා විද්‍යාත්මක සොයා ගැනීම් හා අංග දින නියම කිරීම සඳහා සාපේක්ෂ දින නියම කිරීමේ ක්‍රම භාවිතා කිරීමට පුරා විද්‍යාඥයින්ට සිදු වේ. මෙය ගල් ආයුධ, පිඟන් බඩු කැබලි හා අනෙකුත් මානව කෘති දින ගණනය කිරීම් සඳහා යොදා ගත හැක.

ඉතිහාසය සංස්කරණය

විලියම් ෆ්ලින්ඩර්ස් ‍පෙට්‍රී 19 වන ශත වර්ෂයේ පසු භාගයේ දී ඊජිප්තුවේ ඩයොස්පොලිස් පාර්වා හි කැනීම් සිදු කරන ලදී. ඔහු සොයා ගත්තේ ඔහු විසින් මතු කර ගන්නා ලද සොහොන්වල ඔවුන්ගේ දත්ත හා ඔවුන්ගේ වෙන් වූ ස්වභාවයන්ට අදාල කිසිදු සාක්ෂියක් නොමැති බව හා එමනිසා ඔවුන්ගේ භූ ස්ථර පිළිබඳ අධ්‍යයනය හරහා අනුක්‍රමනයක් ගොඩනැංවිය නොහැකි බවයි. පැට්‍රි විසින් කඩදාසි කැබැල්ලක් මත එක් එක් සොහොනින් මතු වූ අන්තර්ගත ලැයිස්තුගත කළ අතර ඔහු තෘප්තියට පත් වන ආකාරයේ අනුක්‍රමණයක් ලැබෙන තෙක් ඒවා එකිනෙක මාරු කරන ලදී. (පෙට්‍රි 1899) ඔහු විසින් හේතු දක්වන ලද ආකාරයට වඩාත් නිවැරදි අනුක්‍රමණය වන්නේ යම් විශේෂිත සැලසුම් රටාවක සාන්ද්‍රණයකට කඩදාසි අනුක්‍රමණය හරහා කෙටිම කාලාන්තරය ඇති අනුක්‍රමණයයි.

අනුරූප විශ්ලේෂණය (කෙන්ඩල් 1971) වැනි බහු විවිධ සංඛ්‍යාන විද්‍යා යොදා ගෙන පසුව සිදු කරන ලද කාර්යයන්, නිවැරදි අනුක්‍රමණ නිර්මාණය කිරීම සඳහා වූ පෙට්‍රිගේ ශ්‍රේණිකරණ ක්‍රමවල නිවැරදි බව වැඩි කිරීමට උදව් වී ඇත.

සැලසුම් රටාව ජනප්‍රියත්වයේ සීනු වක්‍රයක් අනුගමනය කරන බව උපකල්පනය කරමින් (සෙමෙන් පටන් ගෙන උපරිමයකට වර්ධනය වී තවත් රටාවක් ජනප්‍රිය වීමත් සමඟ ක්‍රමයෙන් ඉවත් වී යයි.) සංඛ්‍යාත ‍ශ්‍රේණීකරණයක් සඳහා පදනම සපයයි. තවද එමඟින් එකම සංස්කෘතියක් තුළ දී සැලසුම් ජනප්‍රියතා වැඩ බිමෙන් වැඩ බිමට පුළුල්ව සමාන වන බව ද උපකල්පනය කරයි. මෙම නීති අනුගමනය කරමින් වස්තු එකතුවක් අනුක්‍රමණයකට ස්ථානගත කළ හැකි අතර එමනිසා යම් රටාවල වඩාත් සමාන කොටස් සමඟ යුත් වැඩබිම් සැම විටම එකට පවතී.

තාවකාලික සංවිධාන කිරීමට අතිරේකව ශ්‍රේණීකරණය සාමාජීය තත්වය, වයස හා ලිංගිකත්වය හෝ ආගමික විවිධත්වය ඇති වන දේ වල වෙනස් වීම් එකතුවක් ද දැක්විය හැක.



ආශ්‍රේයයන් සංස්කරණය

http://en.wikipedia.org/wiki/Seriation_%28archaeology%29