ශ්‍රී ලාංකාවේ සාම්ප්‍රදායික දැනුම
විශ්වාසයන්, මතයන්, ඇදිහිලි යනු ශ්‍රී ලාංකික සංස්කෘතියේ මෙන්ම සම්ප්රදායේද ඉතා කැපී පෙනෙන අංගයකි. පොරොන්දම්, ලග්ණ, ඇස්වහ කටවහ, කැප අකැප, ඵල අඵල, කෙම් ක්‍රම වැනි දෑ උදාහරණ ලෙස දැක්විය හැක. මෙවා පාරම්පරිකව පැවතන් එන දෑ වන අතර මේවායේ සත්‍ය අස්ත්‍ය බාවය නිශ්චිතවම කිව නොහැකිවන්නේ ඒවායින් බොහෝමයක් අහම්බයක් ලෙස සිදුවිය හැකි දෑ බැවිනි. නමුත් අතීතයේ මෙන්ම වර්තමානයේද මේවා තදින් විශ්වාස කරන, මේ මත පදනම්ව තම එදිනෙදා කටයුතු කරන ජන කොට්ඨාසද ශ්‍රී ලංකාව තුල ජීවත් වේ.
භෞතික සිද්ධීන් මත ඵලාඵල
සංස්කරණයසූනන්/හූනන් ඇඟට වැටීම
සංස්කරණයප්රධාන ලිපිය: සූනන් ඇඟ වැටීමේ ඵලාඵල
යම් විටක හූනෙක් යමෙකුගේ ඇඟ මතට වැටුන හොත් ඒ වැටුන ස්ථානය අනුව ඵලාඵල ප්‍රකාශ කිරීම මෙහි දී සිදු වෙයි.