ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති ක්‍රමය

1972 මැයි 22 දින ශ්‍රී ලංකා ජනරජය පිහිටුවීමේදී, රජ තනතුර වෙනුවට වෙනුවට ජනාධිපතිවරයා යන තනතුර හඳුන්වාදෙන ලදී.

1978 ව්‍යවස්ථාව වෙස්මිනිස්ටර් ක්‍රමය මූලික කරගත් දේශපාලන ක්‍රමයක් වෙනුවට ප්‍රංශයේ ආකෘතිය පදනම් කරගත්තක් විය. ප්‍රංශයේ ක්‍රමය අනුව සෘජුවම තෝරාගත් දිගු කාලීන ජනාධිපති වරයෙකු (පාර්ලිමේන්තුවෙන් වෙන්වූ) තෝරා පත්කර ගන්නා ලදී. ජනාධිපති වරයා සියළුම සේනාංකයන්‍හි සේනාධි නායකයා වූ අතර කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියාද විය. ඔහුට අගමැති පත් කිරීමේ බලය මෙන්ම පාර්ලිමේන්තුව විසිරවීමටද බලය පවතී. (පාර්ලිමේන්තු මැතිවරණය පවත්වා වසරකට පසු) ප්‍රායෝගිකව ශ්‍රී ලංකාවේ ජනාධිපති ධූරයට ඇති බලතල ප්‍රංශ ජනාධිපති බලතලද ඉක්මවාගිය එකකි. ප්‍රංශ ජනාධිපති වරයෙකු සම්බන්ධයෙන් බලතල තමා සතුව තබා ගැනීමත් අනෙකුත් අභ්‍යන්තර සබදතා පිළිබද අවශ්‍ය බලතල අගමැති වෙත පවරා දෙයි. ශ්‍රී ලංකා ජනාධිපති වරයාව සෑම ආකාරයකින්ම රජයේ සෑම කටයුක්තකටම මැදිහත් කරවන අතර ඔහුට අමාත්‍යාංශ පවත්වා ගැනීමේ හැකියාවද ජනාධිපති ලේකම් වෙත තීරණ ගැනීමේ බලය පවරමින් කැබිනට් තනතුරු රදවා ගැනීමටද හැකියාව ඇත.

ජනාධිපතිට ඉතා සීමිත සීමාවන් ඔහුගේ බලය යෙදවීම සම්බන්ධයෙන් පවතින අතර ඔහුට එරෙහිව අධිකරණ තීරණ ගත නොහැක. කෙසේවෙතත් 2/3ක බලයක් යොදා ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙනආ හැකිය. පාර්ලිමේන්තුව මඟින් සම්මත කරන ලද නීති උල්ලංඝනය කරමින් හා නීතිමය අවසරයක් රහිතව රෙගුලාසි පැනවීමෙන් රට අවධානම් තත්වයක තැබීමට ඔහුට හැකිය.

පාර්ලිමේන්තුව ආරම්භයේදී රජයේ ප්‍රතිපත්ති සරලව දක්වමින් සිංහාසන කථාවට සමානව අදහස් දැක්වීමක් කරනු ලැබේ.

ජනාධිපති නීතීඥ තනතුර සඳහා නීතීඥයන් පත් කිරීමට ජනාධිපතිට බලය පවරන අතර ජනාධිපති ආරක්ෂක තනතුරට හමුදා නිළධාරීන් පත්කිරීමටද හැකියාව ඇත.

1994 ජනාධිපති වරනයේදී පොදුජන එක්සත් පෙරමුණේ චන්ද්‍රිකා කුමාරතුංග තමා අවසන් විධායක ජනාධිපතිවරයා වන බවට හා වෙස්මිනිස්ටර් ක්‍රමය පදනම් කරගත් ආණ්ඩුවක් පිහිටුවන බවට පොරොන්දු විය. ඇතැම් දේශපාලන පක්ෂ විධායක ජනාධිපති ධූරය අහෝසි කරන බවට ප්‍රකාශ කලද ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන රාමුව තුල එය ඉතා අසීරු කටයුක්තකි.



Reference: http://en.wikipedia.org/wiki/List_of_Presidents_of_Sri_Lanka#Sri_Lanka.27s_Executive_Presidency