ශ්‍රී ලංකාවේ රථවාහන පරිභෝජනය.

පෞද්ගලික වාහන පරිභෝජනය සියවස් දෙක තුනකට ඇත අතීතයක් සහිතව එනම් මිනිසා උපතින්ම වෙනස් වන සත්වයකු වන නිසා ක්‍රමිකව ඔහු සමාජානුයෝජනයවෙමින් තම අවශයතා ඉටු කර ගැනීමට උත්සාහ කරයි.එම අවශ්‍යතා වඩාත් පහසු ආකාරයෙන් සපුරා ගැනීමට අවශ්‍යය භෞතික ද්‍රව්‍යය කෙරෙහි අවධානය යොමු කල මිනිසා තම ගමන් අවශ්‍යයතා ඉතා දුශ්කර වු බැවින් එම අවශ්‍යයතා ඉටු කර ගැනීම සදහා මෝටර් රථහෙවත් යන්ත්‍ර සුත්‍ර නිර්මාණය කෙරෙහි අවධානය යොමු කිරීම නිසා 1769 ප්‍රංශ ජාතිකයකු වු නිකොලස් ජේ.කග්නොට් පලමුව ඔටෝ මොබයිල් එන්ජ්ම සොයා ගන්නා ලදි.මෙසේ සොයා ගන්නා ලද එන්ජිම ක්‍රමිකව සියවස් ගනනක් විකාශනය වෙමින් වැඩි දියුනු වු අතර වර්තමානයේ ලෝකයේ ඉතාමත් ඉහළ තාක්ෂණයෙන් යුතු මෝටර් රථ වාහන පවතින අතර ඒවා සංවර්ධනය හා සංවර්ධනය වෙමින් පවතින රටවල පරිභෝජන රටාවෙහි වෙනසක් පැවතුනද වර්තමානය වන විට බොහෝ රටවල ඉතා පහසුවෙන් සහ සුලභව වෙළඳපොල තුලින් මෙම වාහන මිළදී ගත හැක පෞද්ගලික වාහන ලංකාවට ගෙන්වා පරිභෝජනය කරනු ලැබුවේ 1902 වුවත් 1900 ජනවාරි 13 වන දින ප්‍රථම ට්‍රෑම් රථ සේවාව මෙරට ක්‍රියාත්මක වු අතරම එහි අධීක පිරිවැය නිසා එය නතර කර දැමීය.1928 දක්වා මෙම මොටර් රථ පරිභෝජනය ක්‍රමිකව සිදු වු අතර 1911 745ක්ද 1926 1494ක්ද මෙරට පෞද්ගලික වාහන පරිභෝජනය විය.කෙසේ වෙතත් 1928න් පසු මොටර් රථ ප්‍රවාහන දෙපාර්ථමේන්තු සේවාව ඇරඹීම නිසා එහි කටයුතු සාමාන්‍ය්‍ය පරිදි සිදු විය.1950 දි මහ බැංකුව ආරම්භ කිරීමත් සමඟම මෙහි ඉතා නිවැරදිව දත්ත ගනනය කරන ලදි.1977දක්වා මෙම පරිභෝජන රටාව සිදු වු අතරම 1977 ආර්ථිකය විවෘත කරණයට ලක් විමත් සමග ධනවාදී අදහස් අර්ථිකය තුල ප්‍රචලිත විමත් සමඟම පෞද්ගලික වාහන පර්භෝජනය සීඝ්‍රයෙන් ඉහළගියේය.

වර්තමානය වන විට සාමාන්‍යය ජනතාව අතර බහුලව දැකිය හැකි මෝටර් රථ වාහන පරිභෝජනය ලංකාවට කෙසේ බලපාන්නේද යන්න විවිධ අංහයන් ඔස්සේසලකා බැලිය හැක.එනම් 2008 වසර අවසානයේ 3390993 ක් වැනි ඉහළ මෝටර් රථ වාහන පර්භෝජන රටාවක් දැකිය හැකි වේ.එහෙත් ලංකාවේමාර්ග ප්‍රමාණයේ සිඝ්‍ර වර්ධනයක් නොවු නිසා මෙසේ ඉහළ රථ වාහන සංඛාවක් ධාවනය කිරීමට අවශ්‍‍්‍යය‍ යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවීම ද වර්තමාන ගැටලූවක් වේ.ඉතා ව්ශාල මාර්ග තදබදයක් ඇති විම වර්තමානයේ දැකිය හැකි වේ.එනම් යටත්විජිත යුගයේ නිර්මාණය කරන ලද මාර්ග සැලසුම් වර්තමානයේදී කිරිය යාත්මක වේ. මෙය එතරම් හිතකර තත්වයක් නොවි.පෞද්ගලික මොටර් රථ පරිභෝජනය පවතින අර්ථික ශකයතාවය මත රදා පවති.පරිභාහිර රටවල ආර්ථික තත්වය මේ සඳහා ප්‍රබලව බලපෑමි කරයි.ලෝක ආර්ථිකය මත රදා පවතින බව ඉතා පැහැදිලි වනුයේ ඒකල ඇතිවු ලෝක ආර්ථික අවපාතය නිසා ලෝකයේ පෞද්ගලික වාහන පරිභෝජනය ක්‍රමයෙන් පහල යාමක් පෙන්නුම් කරයි.1769 දී ප්‍රංශ ජාතික ඉංජිනේරුවරයෙකු වන නිකොලෙස් ජේ කග්නොට් විසින් පළමුවන ඔටෝමොබයිල් එන්ජිම සොයා ගන්නා ලදී.මෙය පාරේ ගමන් කල හැකි රෝද තුනකින් යුත් වාෂ්ප එන්ජිමක් සහිත යුධ ට්‍රැක්ටරයකි.ඔටෝමොබයිල් ප්‍රරමාණය හා පරාසය ඉතා අඩු වු අතර විනාඩි 5කකාලයකදී ගමන් කල හැකි වුයේ ඉතා කෙටි දුරකි. එමෙන්ම මේවා මාර්ගවලට එතරම් සුදුසු නොවිණි. මීට හේතුව ඒවා වාෂ්ප එන්ජින් වල භාවිතාවනිසා ඉතා විශාල හා බරින් යුක්ත විය.තවදඒවාපණගැන්විමටවිශාලකාලයක්අවශ්‍යයවිය.පළමුවරට ඇමරිකාව තුල ඔටෝමොබයිල් වාෂ්ප එන්ජින් නිර්මාණය කරන ලද්දේ ඔලිවර් ඉවන්ස් නම් පුද්ගලයා විසිනි.පළමුවරටඉලෙක්ටිරතුලක්එන්ජිමක් සොයාගනු ලැබුවේ ස්කොට්ජාතිකයෙකු වන රොබර්ට් ඇන්ඩර්සන් විසින්1832සහ 1839කාලයඅතරේදීය. කෙසේ වුවත් පළමුවරට වඩාත් සුදුසු භාවිතාවේ යෙදිය හැකි නැවත චාඡ් කල යුතු නොවන ඉලෙක්ටිරටෝමක් බැටරි භාවිතා වන ඔටෝමොබයිල් සොයාගනු ලැබුවන් ලෙස සලකන්නේ තෝමස් ඩැවෙන්පෝට් (ඇමෙරිකන් හා රොබට් ඬේවිට්සන් (ස්කොට් විසිනි.1842 මාර්ගවල දියුණුවත් සමග ගමනාගමනයේ පහසුව වඩාත් වැඞි වු අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඉලෙක්ටිර් ලක් බැටරි භාවිතා කරනඔටෝමොබයිල්තවදුරටත් දුරගමන් සඳහා සුදුසුම විසඳුම නොවීය.අවසානයේදී ඔටෝමොබයිල් කර්මාන්තය 1914 වන විට කාර් නිෂ්පාදන යුගයට එලඹිනි.(හෙන්රි ෆෝඞ් සමඟ මෙය කර්මාන්තයේ දියුණුවට ආරම්භය ලබා දුන් අතර ඔහුගේ කාර් නිෂ්පාදන ආයතනයේදී මෙය සිදුවිය.විවිධ ක්‍රමයන්ගේ භාවිතයේ අවසන් ප්‍රතිඵලය ලෙස ෆෝඞ් විසින් කාර් නිෂ්පානය සොයාගන්නා ලද අතර මෙය අදටත් වඩා පොහොසත් හා අනෙකුත් සාමාන්‍යය පන්තියේ බහුතරයකගේ ජනප්‍රියම වාහනය බවට පත්ව ඇත. ඔටෝමොබයිල් කර්මාන්තයේ ඉතිහාසයට අනුව බලන විට එහි අධිකාරී බලය හිමිකරගෙන සිටියේ ඇමරිකාව විසිනි.ඔවුන්ට වෙනත් තරඟ කරුවන් සිටියේ නැත.නමුත් දෙවන ලෝකයේ අවසානයත් සමඟම තාක්ෂණයේ දියුණවවැඩි වු අතර වෙනත් යුරෝපීය රටවල් හා විශේෂයෙන්ම ජපානය මෙම කර්මාන්තය සඳහා උනන්දු වු අතර ඉතා කෙට් කාලයක් තුලදී ඔවුන්ට මෙහි හොඳ දියුණුවකට ලගා විය.

1980 දශකය ආරම්භයේදී ඇමරිකානු ඔටෝමොබයිල් කර්මාන්තය විදේශ ඔටෝමොබයිල් ආයතන වලින් ගහණ වි(විශේෂයෙන්ම ජපානය හා ජර්මනිය)ඔටෝමොබයිල් කර්මාන්තයේ වර්තමාන තත්වය (ලෝකයේ) සලකා බලන විට පැහැදිලි වන්නේ දියුණු රටවල ඔටෝමොබයිල් කර්මාන්තය එකතැනපල්වෙන ස්වාභාවයක් දැකිය හැකි බවයි.මෙයට හේතුව කාර් වෙළඳපොලේ පහත වැටීමයි.නමුත් දියුණු වෙමින්පවතින රටවල් වල (උදා:) ලෙස ඉන්දියාවබ්‍රසිලය රට තුල කාර් වෙළඳපොලේ ඉහල නැගීමක් විය ලෝකයේ ඔටෝමොබයිල් කර්මාන්තය ඉලක්ක කරනු ලබන්නේ දියුණුවන වෙළඳපොලවල් වන දකුණු ඇමරිකාව ,ආසියාව හා නැගෙනහිර යුරෝපයයි.අන්තර්ජාතික මෝටර් වාහන නිෂ්පාදන සංව්ධානයේ වාර්ථා වලට අනුව 2006 දී ඔටෝමොබයිල් නිෂ්පාදනයේදී ජපානය ඇමරිකාව අභිබවා ගොස් ඇත.කෙසේ වුවත් තවමත් ඇමරිකාව ඔටෝමොබයිල් කර්මාන්තයේ ප්‍රමුඛයන්ව සිටී.ජපානය දෙවන තැන හිමිකර ගෙන ඇත ලෝකයේ ඔටෝමොබයිල් කර්මාන්තය සලකා බලන විට එහි සිටින නිෂ්පාදකයන් විවිධ ක්‍රම භාවිතා කරමින් තමන්ගේ ආයතනය කර්මාන්තය ස්ථිර කරගෙන නමක් දිනා ගැනීමට ගත් සමහර ක්‍රම කීපයකි.

  • නිෂ්පාදනයන්ගේ මිල ගනන් අඩු කිරීම.
  • විකිණීමෙන් පසු සලසන සේවයන් වැඩි කිරීම තුලින් ගනුදෙනුකරුවන් වඩාත් තෘප්තිමත් කිරීමට උත්සාහ කිරීම.
  • දියුණු වෙමින් පවතින රටවල් වල කර්මාන්ත පිහිටුවීමෙන් වියදම් අඩු කිරීමට උත්සාහ කිරීම.

විශේෂයෙන්ම ප්‍රවාහන ගාස්තු අඩු කළහ.කෙසේ වෙතත් ජාත්‍යන්තර වෙළදපොල තුල තම කර්මාන්තයේ ඉහළ වර්ධනයක් හෙවත් භාණ්ඩ ඉතා ඉහළ ප්‍රමිතියකට සැපයීමටද කටයුතු කළහ.වර්තමානයේ ලෝක ආර්ථික අර්බුධය සමස්ථ රටවල් පුරා ප්‍රචලිත වීමත් සමඟ වෙළදපොල තුල භාණ්ඩ මිලදී ගැනීම පහල මට්ටමක පවතින බව පෙන්වා දිය හැක.උදා පකිස්ථානයේ ඔටෝමොබයිල් කර්මාන්තය දේශිය ආයෝජන හා ඉතුරුම් ක්‍රි යාත්මක වුවද වර්තමානයේ ඉතා දුර්වල තත්වයක පවතී.එනම් මෝටර් රථ පරිභෝජනය පහළ ගිය අතර ඊට හේතු වුයේ

  • ඉහළ පොළී අනුපාතය
  • මුල්‍යමය අර්බුධය
  • ඉහළ උද්ධමනය යි.

මේ අතර ක්ෂණිකව හටගත් පොළී හා මුල්‍ය අංශයේ හිඟය ඉතා ප්‍රබල විය.

එනම් 2008 ඇමරිකානු ඩොලර් වලට සාපේක්ෂව පකිස්ථාන් රුපියල පහළ යැම හා ජපන් යෙන් වල අගය ඉහළ යැම නිසා පිරිවැය ඉහළ යාම තුලින්කර්මාන්ත බංකොලොත් තත්වයට පත් විම නිසා සේවකයන් නෙරපා හැරීම හා අනෙකුත් අත්‍යවශය නොවන වියදම් අත්හැරීම නිසා ආර්ථික වර්ධනයට බලපැම් කර ඇත.මෝටර්රථය යන්න මුලින්ම භාවිත වූයේ 19 වන සියවසයේ මුල් භාගයේ දෝලා රථ බිහිවීමත් සමගය.එය අශ්වයකු පිටින් ගෙන යනු ලැබීය. මෙම දෝලා රථ ගෙනයෑම සදහා වෙනම අසරුවෙක්ද යොදවන ලදි.ක්‍රමයෙන් රික්ෂෝ රථයද ලංකාවට ගෙන ආ අතර එය 1883 දී විටෝල් යන සමාගම විසින් නිෂ්පාදනය කරන ලදි. එම කාලවකවානුවේදි රික්ෂෝ රථයන් මිලට ගැනීම ගෞරව සහිත දෙයක් ලෙස සැලකිය. මෙරට ධනවත් උදවිය එය මිලට ගැනීමට දැඩි සේ උත්සුක විය. මේවා පහසුවෙන් කුලියට ගත හැකි වූ අතර මිනිස් බලය මත එය පැදවීම සිදුකරනු ලබයි. මේසඳහා ගාස්තු අයකරනු ලැබුවේ ගමනේ දුර ප්‍රමාණයට නොව ඒ සඳහා ගත වන කාලයටයි. මෙහි රිය සහයකයකුද සිටි අතර ඔහුගේ වගකීම වූයේකන්දක් හසු වූ විට ඒ සඳහා තල්ලූ දැමීමයි. කෙසේ වෙතත් මෙම රික්සෝ රථය ලංකාවේ කොපමණ ජනප්‍රිය වීද යත් නිදහස ලබන විට ලංකාව තුළ රික්සෝ රථ රියදුරන් 3129 දෙනෙක් සේවයේ යෙදී සිටියහ. ඉන්පසුව ලංකාවේ ප්‍රවාහන කටයුතු සඳහා තැපැල් රථය එක්විය. 1832 දි ආරම්භ වූ මෙය ආසියාතික රටක් භාවිත කල ප්‍රථම මේල් රථය විය. මෙය අශ්වයන් දෙදෙනෙකුවිසින් ඇදගෙන ගියේය. 1832 ජුලි 01 වන දින ආරම්භ වූ එහි පර ‍ප්‍රථම ගමන් වාරය සඳහා පවුම් 2 කට ආසන්න ප්‍රමාණයක් අයකරන ලදි. මෙහි එක් ගමන්වාරයක් සඳහා පැය 12 කට වැඩි කාලයක් වැයවෙන ලදි. මෙය වැවිලිකරුවන් අතර ඉතා ජනප්‍රිය විය.


පසුව 20 වන සියවසේ මෙරට ප්‍රවාහන මාධයෙය් යම් වර්ධනයක් විය. ඒ අනුව මෙරට දුම්රිය මාර්ගය මෙන්ම ටරෑම් රථ සේවාවක්ද ක්‍රියාත්මක විය. පසුව 1900 ජනවාරි 13 වන දින විදුලි බලයෙන් ගමන් කරන මෝටර් රථයක් ධාවනය කරන ලදි. පසුව එංගලන්තයේ බර්වවුස්ටඞ් සමාගම සමග ලංකා ආණ්ඩුව ගිවිසුමකට බැදී පසුව ටරෑම් රථ සේවය ආරම්භ කරන ලදි. මෙම සේවය මගී ගමනාගමනය සඳහා ඉතා ජනප්‍රිය විය. එය ආරම්භ වූ සතියේ ගමන් කළ සංඛ්යා‍ව 20000 ක් වූ බව පැවසේ. මෙහි මගියන්ගෙන් මුදල් අයකර ගැනීමට වෙනම කොන්දොස්තරවරු පිරිසක්ද විය. 20වන සියවස මුල් භාගයේදී මෝටර්රථ මෙරට මගී ප්‍රවාහන මාධයයක් ලෙසින් වඩාත් ප්‍රචලිත විය. 1899 දී වාෂ්ප බලයෙන් පණගැන්විය හැකි මෝටර්රථයක කොටස් මෙරටට ගෙනවුත් රජයේ කාර්මාන්තශාලාවේදි එම කොටස් සවිකර ධාවනයේ යොදවනු ලැබීය. මාර්ග පරත් වාහනය සඳහා පෙටරයයකල්වලින් හා තෙල්වලින් ධාවනය කළ හැකි මෝටර් රථයක් මුල්වරට මෙරටට ගෙනවූයේ 1902 දීය. අශ්වයින් පස් දෙනෙකුගේ වේග බලයසහිත මෙය ඕල්ඩස් මොබිල් ලෙස හැදින්විය. එහි පිරිවැය අධික නිසා ධාවනයෙන් ඉවත්කරන ලදි. 1911 දී මෙරට තිබී ඇත්තේ මෝටර් රථ 745 ක් පමණි. එහෙත් 1926 වන විට මේ සංඛ්යාෙව 14947 දක්වා ඉහළ ගොස් ඇත. 1928 දී මෝටර් රථ ලියාපදිංචිය ඇරඹුණු අතර 1931 දී මෝටර්රථ 17135 ක් ලියාපදිංචි කර ඇත. මේ අනුව මෙරට තුළ මෝටර් රථය ලැබූ ජනපරිරථ යත්වය හා ඊට පැවති ඉල්්ලූම වටහා ගැනීම අපහසු නොවීය.

මෝටර්රථ ලියාපදිංචි කිරීමේදී රට පුරාම රථවාහන සඳහා ඉංගරීථ සි හෝඩියේ ් අකුරේ සිට උ තෙක් තනි අකුරක් පමණක් භාවිත කළත් ඒ කරරට මය 1940 සිට වෙනස් කරනුලැබීය. ඉන් අනතුරුව ශරීඅ ලංකාව ඉංගරීිං සි භාෂාවෙන් හැඳින්වූ ක්‍ෑශඛධභ යන නම අනුව අකුරු යෙදිම ඇරඹීය. ඒ යටතේ 1947 සිට ක්ශ ල ක්‍ෑල ක්ඛංල ක්භාල ෑශල ෑඛල ෑභ ආදී ලෙස අකුරු දෙකක් යෙදීමට මුල පිරුණි. එදා පටන් ජනපරි ෑ යව පැවති අදටත් ජනපරිමට ය පරනස වාහන මාධ්ය යක් ලෙස බස් රථ හැඳින්විය හැක. 1907 දී ටී. ඩබ්ලිව්. කොලට් නැමැත්තා විසින් ශරීජනපලංකාවේ පර‍ කථම බස්රථ සේවය ආරම්භ කරනු ලැබීය. එය ධාවනය වූයේ කොළඹ සහ හලාවත අතරයි. පසුව එය පුත්තලයම තෙක් දික් කරනු ලැබීය. 1913 වන විට මේ බස්රථ සේවය ගාල්ල හා තරීත අකුණාමලය අතරත් බදුල්ල හා මඩකලපුව අතරත් පවත්වාගෙන යනු ලැබිය. බස් රථයේ ඉතිරි කොටසේ බඩු බාහිරාදියටද සිටගෙන ගමන් කරන මගින්ටද පහසුකම් සැලසි තිබිණි. මෙකී වාහන අතරින් ඉන්ධන මගින් ධාවනය වන පරස‍ වාහන මාධ්යුයන් ලෙස අද පවතින්නේ මෝටර්රථ, බස්රථ හා දුම්රියයි. යටත් විජිත සමයේ අපට උරුම වූ මේ දායාදයන් අද අප ජන ජීවිතයේ අත්යේවශ්යලම අංගයන් බවට පත්ව ඇති අන්දම විශේෂයෙන් පහදා දිය යුතු නොවේ. වර්තමානයේ පුද්ගල ගමන් අවශ්යතා සඳහා භාවිත වන යතුරුපැදි පරයන ථම වරට ගෙන එනු ලැබුවේ 1903 දී ලන්ඩන් නුවර සීමාසහිත වෝකර් සහ සමාගමෙනි. 1931 වන විට යතුරු පැදි 3370 ක් ශරී ද ලංකාවේ ලියාපදිංචි කර ඇත. ඉන් යතුරුපැදි 3036 ක් පමණ නිෂ්පාදනය කර ඇත්තේ එක්සත් රාජධානියේය. 1946 වන විට යතුරුපැදි 5018 ක් පමණ විය. වර්තමානයේ එය වාහන පරිභෝජන සංඛ්යායවෙන් 50% කට වැඩි පරදි තිශතයක් ගනි. කෙසේ වෙතත් වර්තමානයේ භාණ්ඩ පර පවාහනය සඳහා ලොරි, වෑන්, ටරැද ක්ටර්, ටේලර් ආදිය යොදාගනු ලබයි. 1930 වන විට ලංකාවේ ධාවනය වූ මුළු ලොරි සංඛ්යා්ව 2960 කි. මෙසේ වර්තමානයේ පරිභෝජනය කරන පෞද්ගලික මෝටර්රථ ඉතිහාසය ගැන සලකා බැලීමේදී මිනිස් අවශ්යලතා වර්ධනය වීමත් මිනිස් ජීවිතට කාර්යබහුල වීමත් සමග මෝටර් රථ අත්යසවශ්යී අංගයක් බවට පත්ව ඇත. වර්තමානයේ ශරීට ක ලංකාවේ පරිභෝජනය වන මුළු මෝටර්රථ සංඛ්යා ව 3390993 ක් බවට වාර්තා වී ඇත.

වර්තමාන පරිභෝජනයේ ස්වභාවය සංස්කරණය

මෝටර් රථවාහන පරිභෝජනය පිළිබඳව අදහස් විමසීමේදී එහි පිළිබඳව අධ්යවයනය කිරීම වැදගත් වේ. 1950 දශකයේ මහබැංකුව ස්ථාපිත කිරීමත් සමඟ සෑම අංශයක් පුරාම නිශ්චිත පදනමක් සහිතව සංගණනය කරන ලදි. ඒ අනුව මෝටර් රථ පරිභෝජනය තුළ 1950 වන විට ශරීතව ලංකාවේ පරීට ධාන කාණ්ඩ 4 ක් දක්නට ලැබුණි. එනම්, මෝටර් කාර්, මෝටර් සයිකල්, බස් සහ ලොරි අන්තර්ගත වේ. කෙසේ වෙතත් 1950 වන විට ශරී ද ලංකාව තුළ සැලකිය යුතු මට්ටමක ඉහළ පරිභෝජනයක් දක්නට ලැබුණි.

වගුව 1 : 1950 වන විට මෝටර් රථ පරිභෝජන ප්‍ර මාණය

කාණ්ඩය ප්‍රමාණය
මෝටර් කාර් 3,145
මෝටර් සයිකල් 11,827
බස් 7,462
ලොරි 1,960
ටරැක්ටර් 34,212

මූලාශ්‍රය  : ලංකා මහ බැංකු වාර්තාව, 1950.


1950 වන විට ලංකාවේ 58,606 ක් සාමාන්යා ජනතාව අතර පරිභෝජනය විය. මෙහි යම් ආකාරයේ වර්ධනයක් 1952 හා 1960 දත්ත සංසන්දනය කිරීම තුළින් පුළුල් අවබෝධයක් ලබාගත හැක. වගුව 2 :

මෝටර් රථ පරිභෝජනයේ වෙනස්වීම (1952 - 1960)

කාණ්ඩය 1952 1960
මෝටර් රථ 9117 3775
මෝටර් සයිකල් 30000 82576
බස් 6243 4825
ලොරි 6125 45584

මූලාශරසය ය : ලංකා මහ බැංකු වාර්තා, 1952 සහ 1960.

1952 සහ 1960 අතර අවුරුදු කිහිපය තුළ ලංකාව තුළ ඉතා ශීතාතයෙන් මෝටර් රථවාහන පරිභෝජනය ඉහළ යෑමක් දක්නට ලැබේ. බොහෝවිට බස් රථ හැර අන් සියලූම කාණ්ඩවල රථවාහන 50% කට ආසන්න මට්ටමින් වර්ධනය වීම් දක්නට ලැබේ. මෙසේ ශරීය ලංකාව තුළ මොටෝ රථ පරිභෝජනය සාමාන්ය ය පරිදි සිදුවෙද්දී 1976 වන විට ඉහත කාණ්ඩය තුළට වර්තමානයේ ඉහළ පරිභෝජන රටාවක් දක්නට ලැබිණ. තරිා රෝද රථ එක් වූ අතරම 1985 වනවිට ද්විත්ව කාර්යය වාහන (ෘම්ක චමරචදිැ ඩැයසජකැ* එක්විය. ඒ අනුව 1976 දී මෙරට රථවාහන සංඛ්යාිවට වඩා 1985 දී ඉහළ රථවාහන පරිභෝජනයක් දක්නට ලැබිණ.


1960 වන විට ශරී ් ලංකාව තුළ පෞද්ගලික මෝටර් රථ 247653 ක් පුද්ගල අවශ්ය තා වෙනුවෙන් පරිභෝජනය කරන ලදි. කෙසේ වෙතත් පුද්ගල අවශ්යවතා වර්ධනය වීමත් සමඟම මිනිසා තම අවශ්යලතා ඉටු කර ගැනීමේ පහසුව වෙනුවෙන් තව තවත් මෝටර්රථ පරිභෝජනය ඉහළ දමන ලදී. ඒ අනුව 1985 දී මෙම කාණ්ඩය තුළට ද්විත්ව කාර්යය වාහන අන්තර්ගත වේ. ඒ බව ඉහත වගුවෙන් පැහැදිලි වේ. ද්විත්ව කාර්යය වාහන පරිභෝජනයත් සමඟ මුළු රථවාහන 536712 ක් වූ අතර 1979 ට වඩා 53.85% ක පරත් තිශතයකින් ඉහළ ගියේය. 1977 විවෘත ආර්ථික රටාව ශරී367 ලංකාව තුළ ඇතිවීමත් සමඟම සාමාන්යක පරිදි දක්නට ලැබුණු මෝටර් රථ පරිභෝජනය ඉහළ යෑමක් දක්නට ලැබිණි. මෝටර් සයිකල් හා ද්විත්ව කාර්යය වාහන හැර 82290 ක් පරිභෝජනය කරන ලදි. සෑම වර්ෂයකම සමස්ත රථවාහන සංඛ්යා ව තුළ 50% කට ආසන්න පරපරිමාණයකින් මෝටර් සයිකල් ඇතුළත් වේ. මෙසේ ආර්ථික රටාව කරඛ්යමයෙන් විකාශය වෙද්දී ශරීසන් ලංකාව තුළ රථවාහන පරිභෝජනය ශීඝරඇතුයෙන් ඉහළ ගියේය. ශරීභ ලංකාවේ වාහන පරිභෝජනය 2000-2001 තුළ ඍණාත්මක වර්ධනයක් ඇතිවිය. මෙසේ ඍණාත්මක වර්ධනයක් ඇතිවීමට මෙම කාලය තුළ ඇතිවූ දැඩි නියං සමයත් සමඟ ගොවීන්ගේ ආදායම් පහළ යෑමත්, 2001 දී ඇති වූ කටුනායක ජාත්යින්තර ගුවන් තොටුපලට තරේ ස්තවාදී පරී ශහාරය එල්ලවීමත් ආදී කරුණු නිසා වාහන පරිභෝජනය පහළ ගියේය. ඒ අනුව 2001 දී 177906 ක් ලංකාවේ මෝටර් රථ පරිභෝජනය විය.

ඉහත 1 පරජක ස්තාරය තුළින් පෙන්නුම් කරනුයේ 1985 සිට 2008 දක්වා කාලය තුළ මෙරට මෝටර් රථවාහන වර්ධනයයි. ඒ අනුව 1985 වර්ෂය තුළ මන්දගාමී ස්වරූපයෙන් මෝටර් රථ පරිභෝජනය සිදුවී ඇති අතර මෝටර් රථ, බස්රථවලට අමතරව අනෙක් සියලූම වාහන කාණ්ඩයක්ම ඍණාත්මකව වර්ධනය වී ඇත. එහි සුළු සුළු වෙනස්කම් සහිතව 2000 වර්ෂය දක්වා වර්ධනය වූ අතර මේ කාල වකවානුයේ පැවති සිවිල් අර්බුද හා ස්වභාවික අර්බුදයන් නිසා 2001 වර්ෂයේ ඍණ පරිභෝජනයක් දක්නට ලැබුණි. පසුව 2005 සහ 2008 යන වර්ෂයන් හා ඒ අතර වර්ෂයන් තුළ වාහන පරිභෝජනයේ ඉහළ වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර සියලූම වාහන කාණ්ඩයන් 95% කට වැඩි වර්ධනයක් 2005 දී පෙන්නුම් කරයි.


වර්තමානයේ මෝටර් රථවාහන ලියාපදිංචිය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හරහා සිදුවන අතර ඒ තුළ විශේෂිත ක්‍රම අනුගමනය කරමින් එය අදාළ පළාත සහ වාහනයේ භාවිත කරන ඉන්ධන වර්ගය සහිත අංක තහඩු නිකුත් කරන ලදි. 2005 දී ලංකාවේ විදුලිබලයෙන් ධාවනය වන මෝටර් රථය පළමුවෙන්ම ලියාපදිංචි වී ඇති අතර 1928 අතින් ලියන ලද ලියාපදිංචි සහතික වෙනුවට 1985 සිට පරිගණක අාධාරයෙන් භාවිත කරන ලියාපදිංචි සහතික නිකුත් කරයි. 1928 26623 ක් ලියාපදිංචි කර ඇති අතර එය 2008 දී 3390993 ක් වැනි ඉහළ සංඛ්‍යාවක් ලියාපදිංචි කර ඇත. වර්තමානයේ රටේ සිවිල් අර්බුද අවසන් වීමත් දේශපාලන අස්ථාවරත්වය ආදිය ඉවත්වීම නිසා අනාගත ආර්ථික වර්ධනයත් සමඟ මෝටර් රථවාහන පරිභෝජනය ඉහළ යාමක් තවදුරටත් පෙන්නුම් කරයි යන්න ගණන් බලා ඇත.

ආශ්‍රිත ග්‍රන්ථ සංස්කරණය

  • මුනසිංහ ඉන්ඤානිලශරි ලංකාෙවි මහා මාර්ග ප්‍රවාහනය 1988, සරසවි ප්‍රකාශකයෝ කොළඹ
  • මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කොළඹ
  • 1980-2008 මහ බැංකු වාර්ථා