ශ්‍රී ලංකාවේ මහජන අර්ථසිද්ධි නඩුකර
ශ්‍රී ලංකාවේ මහජන අර්ථසිද්ධි නඩුකරයක් පැවරිය හැකි ප්‍රධාන විෂයයන්
සංස්කරණයශ්රී ලංකාවේ නීති පද්ධතිය තුළ මහජන අර්ථසිද්ධි නඩුකරයක් පැවරිය හැකි අවස්ථා රාශියක් ඇති අතර ඒ අතරින් ප්‍රධාන විෂයයන් කීපයක් පමණක් පහත දැක්වේ.
පරිසර දූෂණය
සංස්කරණයශ්රී ලංකාව තුළ මහජන අර්ථසිද්ධි නඩුකර බහුල වශයෙන් උපයෝගී කර ගන්නා ක්ෂේත්‍රය මෙය වේ. 1980 අංක 47 දරණ ජාතික පාරිසරික පනත හා වෙනත් රෙගුලාසි මගින් පරිසර සංරක්ෂණය උදෙසා අතිශයින් වැදගත් නියමයන් රාශියක් හදුන්වා දී ඇත. එසේම මෙම පනත යටතේ පරිසරය පිළිබදව කටයුතු උදෙසා මධ්‍යම පරිසර අධිකාරිය (CEA) නම් සුවිශේෂී ආයතනයක්ද පිහිටුවා ඇත. එහෙත් එහි නියමයන්ද උල්ලංඝණය කරමින් පරිසර දූෂණය කරන්නවුන් මෙල්ලකිරීම උදෙසා වර්තමානයේදී ප්‍රබලතම අවියක් ලෙස පිලිගැනෙනුයේ මහජන අර්ථසිද්ධි නඩුකරයි.
පාරිභෝගික ආරක්‍ෂාව
සංස්කරණයපාරිභෝගිකයාගේ ආරක්‍ෂාව තහවුරු කිරීම සදහා ශ්‍රී ලංකික නීති පද්ධතිය යටතේ ප්‍රතිපාදන රැසක් ඇත. 2003 අංක 09 දරණ පාර්ලිමේන්තු පනත මගින් මේ සදහාම "පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය" නම් ආයතනයක්ද පිහිටුවා ඇත. එහෙත් මේ සියලු වැටකඩොලු බිදහෙලමින් පාරිභෝගිකයා අපහසුතාවයට පත්කරන නිෂ්පාදකයින්,වෙළදුන් හෝ වවිධ සේවා සපයන්නන්ට එරෙහිව පොදු ජනතාවට ඇති හොදම අවිය මහජන අර්ථසිද්ධි නඩුකරයි.
සමාජයේ දුබල කොටස්වල මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කරනු ලැබීම
සංස්කරණයදිළිඳු,ආබාධිත,අවතැන්වූ හෝ වෙනත් යම් හේතුවක් මත අසරණ වූ ජන කොට්ඨාසයන්ට තමන්ගේ මානව අයිතිවාසිකම් ලබාගැනීම උදෙසා මහජන අර්ථසිද්ධි නඩුකරයන්හි පිහිට හැක. මෙහිදී එවන් පසුගාමී පිරිස් වෙනුවෙන් වෙනත් පුද්ගලයින්ට හෝ ආයතනයන්ටද ඉදිරිපත් විය හැක.
මහජන අර්ථසිද්ධි නඩුකර යටතේ ලබාගතහැකි අධිකරණමය ප්‍රතිකර්ම
සංස්කරණයමූලික අයිතිවාසිකම් නඩුකර
සංස්කරණයමහජන අර්ථසිද්ධි නඩුකර යටතේ ශ්‍රී ලංකාව තුළ ජනප්‍රියම අධිකරණමය ප්‍රතිකර්ම මෙයවේ. විධායකයේ හෝ පරිපාලනමය ක්‍රියාවකින් පොදු මහජනතාවම පීඩාවට පත්වන අවස්ථාවකදී එයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේදී මූලික අයිතිවාසිකම් නඩුකරයක් පැවරීමට පුද්ගලයකුට හෝ සංවිධානයකට හැකියාවක් ඇත.
රීට් (Writ) ආඥා ලබාගැනීම
සංස්කරණයපොදු මහජනතාවට බලපාන කාර්යයන් සම්බන්ධයෙන් අභියාචනාධිකරණයෙන් සර්ෂියෝරාරි (යම් නිලධාරියකු විසින් දෙනු ලබන නීති විරෝධී තීන්දුවක් අහෝසිකරන) හෝ මැන්ඩාමුස් ( යම් නිලධාරියකු ලවා යම් කීත්‍යනුකූල ක්‍රියාවක් කරවීමට බලකරන) ආඥාවක් ලබාගැනීමට පොදු ජන සුභසිද්ධිය සමිබන්ධයෙන් අවංකවම උනන්දුවන පුද්ගලයකුට හෝ සංවිධානයකට හැකියාවක් ඇත.
මහජන පීඩා ඉවත්කිරීම
සංස්කරණයපොදු මහජනතාට පීඩාවක් වන යම් කරුණක් සමිබන්ධයෙන් අදාල ප්‍රදේශයේ මහේත්‍රාත් අධිකරණය මඟින් එම පීඩාව ඉවත්කිරීමේ නියෝගයක් ලබාගැනීමට පුද්ගලයකුට හෝ සංවිධානයකට හැකියාවක් ඇත. වර්තමානයේදී පලාත් පාලන ආයතන විසින් නාගරික ප්‍රදේශයන්හි කුණු ඉවත්නොකිරීම සමිබන්ධයෙන් මහජනතාව බහුල වශයෙන් මෙම ප්‍රතිකර්මය යොදාගනී. මෙයට අමතරව පුද්ගලයින් නීති විරෝධීව අත් අඩංගුවට ගැනීම,නීති විරෝධීව රඳවා තබාගැනීම හෝ වධහිංසා පැමිණවීම පිළිබදව පුද්ගල නිදහස සමිබන්ධයෙන් උනන්දුවක් දක්වන ඕනෑම පුද්ගලයකුට හෝ සංවිධානයකට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවටද පැමිණිලි කළ හැක. මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ඒ සමිබන්ධව පරීක්‍ෂණයක් පවත්වනු ඇත.
මහජන අර්ථසිද්ධි නඩුකර සමිබන්ධ ශ්‍රී ලංකාවේ පෙර තීන්දු
සංස්කරණයඑප්පාවල නඩු තීන්දුව
සංස්කරණයඅනුරාධපුර දිස්ත්‍රීක්කයට අයත් එප්පාවල ප්‍රදේශයේ පිහිටි ෆොස්පේට් නිධියක් ඇමරිකානු සමාගමකට බදු දීම සඳහා ශ්‍රී ලාංකා ආණ්ඩුව විසින් පිඹුරුපත් සැකසීය. මේ කටයුත්ත හේතුවෙන් ප්‍රදේශයට සිදුවියහැකි පාරිසරික හානිය පාදකකොට ප්‍රදේශවාසීන් හත් දෙනෙකු විසින් යෝජිත බදු ගිවිසුම අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේදී මූලික අයිතිවාසිකම් නඩුකරයක් ගොනු කරන ලදී. ප්‍රදේශවාසී සියලු ජනතාව සහ පොදුවේ ශ්‍රී ලංකාවටම මෙම ගිවිසුම මඟින් සිදුවන පාරිසරික හානිය සලකා බැලූ අධිකරණය, ප්‍රදේශවාසීන් හත් දෙනාගේ පෙත්සම පිළිගනිමින් යෝජිත බදු ගිවිසුම මඟින් ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් කඩවන බව තීන්දු කරන ලදී. ඒ අනුව අදාල බදු ගිවිසුම අත්හැර දැමීමට රජයට සිදුවිය.
තබ්බෝව වනරක්‍ෂිතය සමිබන්ධ නඩුව
සංස්කරණයපුත්තලම දිස්ත්‍රීක්කයට අයත් වනරක්‍ෂිතය තුළ පිහිටි හාල්මඩුව ප්‍රදේශයේ පෞද්ගලික සමාගමක් විසින් අක්කර 25ක ගොවිපළක් ආරම්භ කරන ලදී. මේ හේතුවෙන් දුර්ලභ වන ජීවීන්ට හා වෘක්‍ෂලතාවලට හානිවන බව ප්‍රකාශ කර පාරිසරික සංවිධානයක් විසින් රීට් ආඥාවක් ඉල්ලන ලදී. එවිට අභියාචනාධිකරණය ගොවිපළ පවත්වාගෙනයාම අත්හිටුවා තහනම් නියෝගයක් නිකුත්කරන ලදී.
ගාලුමුවදොරපිටිය බදුදීමේ නඩුව
සංස්කරණයනාගරික සංවර්ධන අධිකාරිය ගාලුමුවදොරපිටිය පෞද්ගලික සමාගමකට බදුදීමට කටයුතු සූදානම් කරන ලදී. පොදු මහජනතාවගේ ප්‍රයෝජනය සඳහා වන මෙය බදුදීමට එරෙහිව රාජ්‍ය නොවන සංවිධානයක් ශ්‍රේෂ්ඨාධිකරණයේදී මූලික අයිතිවාසිකම් නඩුකරයක් ගොනු කරන ලදී. ශ්‍රේෂ්ඨාධිකරණය මෙය පෞද්ගලික සමාගමකට පැවරීම නීති විරෝධී බව තීන්දු කරන ලදී. ඒ අනුව අදාල ගිවිසුම අවලංගු කරන ලදී.