ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික ගුහා සිතුවම්

ශ්‍රී ලංකාවේ නොයෙක් පළාත් වලින් ප්‍රාග් ඓතිහාසික සිතුවම් පිහිටි ගුහා 34 ක් ක් පමණ සොයාගෙන අැත‍‍. මේවාටයින් ඉතා පැරණි සිතුවමි පිහිටියේ අනුරාධපුරයේ පිහිටි තන්තිරිමලේ ලෙනක් තුළය. සෙනරත් පරණවිතාන මහතාගේ මතයට අනුව එම සිතුවම් වසර 4000 ක් තරම් පැරණිය. ආදි මානවයා තම සිතුවම් වලට යොදා ගත්තේ සත්ව දඩයමය. ඒ අනුව ලංකාවේ ප්‍රාග් එෙතිහාසික ලෙන් තුළ ඇද තිබෙන්නේ මිනිස් රූප - සත්ව රූප සහ දඩයම් අයුද වැනි රූප සටහන් හා සංකේතද මේවා අතර හදුනා නොගත් රූප සටහන් ද දැකිය හැකිය.

ගුහා සිතුවමි කිපයක්

ප්‍රධාන වශයෙන් ආදි මිනිසා තම සිතුවම් කරණයේදී ක්‍රම දෙකක් භාවිතා කර ඇත.

  1. වර්ණයෙන් රූප ඇදීම.
  2. පිහිටි පර්වතය මත උල් සහිත ගල් පතුරකින් හෑරීමෙන් රූප මතු කිරීම ආදි වශයෙනි.තුල අදින ලද

ආදි මිනිසා තම චිත්‍ර ඇදීම සදහා සායමි තනා ගත්තේ ශාක යුෂ, සතුන්ගේ රුධිරය හෝ වර්ණවත් මැටි හෝ අඵ සත්ව තෙල් නැති නම් ශාක මැලියම් වර්ගයක් මිශ්‍ර කර ගැනීමෙනි. තවද විද්වතුන්ගේ මතයට අනුව ශ්‍රී ලංකාව පැලියොලිතික් යුගයේ සිටම ආදි මානවයා භාවිතා කළ ගල් ගුහා සිතුවම් අනුක්‍රමයෙන් සංයුක්ත චිත්‍ර අක්ෂර් බවටත්, පසුව එම රේඛා සිතුවම් ප්‍රාථමික අක්ෂර ක්‍රමයක් වශයෙනුත් වර්ධනය වන්නට ඇතැයි විශ්වාස කෙරේ.

තන්තිරිමලේ ගුහා සිතුවම් සංස්කරණය

අනුරාදපුර දිස්ත්‍රික්කයේ මහවිලච්චිය පාරේ නිකවැව වයඹ දෙට මල්වතු ඔය අාසන්නයේ තන්තිරිමලේ පිහිටා අැත‍. ආදි කාලේ සිටම පුද බිමක් වූ මේ බිම විශාල සමතල පර්වත තලයකින් යුක්තය. එහි එක් බෑවුමක කැලෑ මැදින් ටික දුරක් ගිය විට ආදි මානවයවන් (බලංගොඩ මානවයා) විසින් අදින ලද සිතුවම් පිහිටි ලෙන හමුවේ. සිය දෙනෙකුට වුවද සෙවන සලසන ගල් ලෙන, පිහිටි පර්වතයක් හේතු කොටගෙන සෑදී ඇත. එම ලෙනේ ඇතුළු පැත්තේ සහ පිටුපස ද සිතුවම් අැද අැත.

 
තන්තිරිමලේ ලෙන
 
කණ්ඩායම් සම්පිණ්ඩනය

මෙෙ සිතුවම් ඇගිල්ලෙන් හෝ ලී කොටුවකින් අදින ලද රේඛා සිතුවම් විශේෂයකි. ඒවා පාටකර නැත. විශේෂකොට සංකේත ස්වභාවයෙන් ඇද ඇත. සිතුවම් අතර දඩයම පිළිබද තොරතුරු ද කියවේ. මිනිස් රූප, සත්ව රූප, හිරු ආදි තේරුම් ගත හැකි රූප මෙන්ම සංකේත වශයෙන් අදින ලද දුණු - ඊතල යන රූප ද හදුනාගත නොහැකි රූප ද මේහි වැදගත් රේඛා සිතුවම් වශයෙන් පෙන්න දිය හැකිය.

ආදි මිනිසා ලෙන් තුල සිතුවම් ඇදීම සදහා වර්ණවත් මැටි වර්ග, ශාක යුෂ වලින්, සත්ව තෙල් හෝ ලේ සහ අලු වැනි ද්‍රව්‍ය ප්‍රයෝජනයට ගන්නට ඇතැයි සාදක හමුවි තිබේ. එකල රත් පැහැයෙන් ඇද තිබූ තන්තිරිමලේ සිතුවම් වර්තමානය වන විට අළු පැහැ ගැන්වී ඇත. තන්තිරිමලේ ආදි මානව සිතුවම් අතර ප්‍රධාන සිතුවමක් වශයෙන් ''කණ්ඩායම් සම්පිණ්ඩනය'' සහ ''මිනිසා හා සත්ව රූ'' ආදි සිතුවම් පෙන්නා දිය හැකිය. කණ්ඩායම් සම්පිණ්ඩනය සිතුවමෙන් නිරූපණය කෙරෙන්නේ කොටුවක් රේඛා වෙන් අදින ලද මිනිස් රූ දෙකකි.

දොරවක කන්දේ සිතුවම් (දොරවක ලෙන) සංස්කරණය

කෑගලු දිස්ත්‍රික්කයට අයත් දොරවක ලෙන වරකාපොළ නගරයට සමීප මාදෙනිය වතුයායේ නිදහස් පරිසරයක පිහිටා ඇත. මෙහි කරණ ලද පුරාවිද්‍යාත්මක ගවේශනයන්ට අනුව එහි වසර 2000 කට පමණ පෙර ජීවත් වු නියෝතිලක මිනිසා පිළිබදව තොරතුරු සොයාගෙන ඇත.

 
දොරවක ලෙන

දොරවක ලෙන ස්වාභාවික පිහිටීමකි. පළලින් අඩු උසින් අඩි 55 ක් පමණ වූ ගල් පර්වත දෙකක් ඉහලින් යාවෙන සේ ලෙනක හැඩයක් ගෙන ඇත. ඒ අනුව ලෙන ඇතුලත හිස් අවකාෂය ත්‍රිකෝණාකාර බවෙන් යුක්තය.

 
ඇතා සහා පැටවා

මෙහි පරවතය ඇතුලු පැත්තේ ''ඇත සහා පැටවා'' යන චිත්‍රය ඇද ඇත. ලෝහ ආයුද නොතිබි යුගයක චිත්‍රය ඇද තිබෙන්නේ ශක්තිමත් ගල් පතුරකින් බිත්ති තලය හෑරීමෙනි. මේ අනුව යමින් කෑගලු දිස්ත්‍රක්කයේ ඌරා කන්ද හා බුදු ගල සිතුවම් සදහා ද ඉහත කී ශිල්ප ක්‍රමයම භාවිතා කර අැත.

අඩි 6,1/2 ක් පමණ උසින් සටහන් කර ඇති ඇතා සහා පැටවා චිත්‍රයට අමතරව පිහිටි පර්වතය මතුපිට හෑරීමෙන් රූප උන්නත කරගත් අවස්ථා ද දොරවක ලෙනේ දැකිය හැකිය. එහි ඇද ඇති තලගොයා සහ හිරු - සදු ආදිය සහා හදුනා නොගත් රූප කිහිපයක් සදහාද මේම ශිලප ක්‍රමය භාවිතා කර ඇත.

බිල්ලෑව ගුහා සිතුවම් (බරතනාග ලෙන නමින්ද හදුන්වයි) සංස්කරණය

උතුරු මැද පලාතේ අනුරාදපුර දිස්ත්‍රික්කයේ තන්තිරිමලේ පුද බිමට 3.7km පමණ දුරින් පිහිටා ඇති බිල්ලෑව ගම්මානයේ මෙම ලෙන පිහිටා ඇත. මෙහි ගුහාවක අදින ලද ආදි මානව චිත්‍ර හේතුවෙන් බිල්ලෑව ප්‍රසිද්දය ප්‍රාග් එෙතිහාසික යුගයට අයත් එම ලෙන් සිතුවම් රේඛාවෙන් ඇද ඇත. මිනිස් රූ දෙකක්, සත්ව රූප හා හදුනාගත නොහැකි සංකේත සටහන්ද මේ අතර වැදගත් තැනක් ගනී.

 
බිල්ලෑව ගුහා සිතුවම් කිහිපයක්
 
බිල්ලෑව ලෙන