ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ කුල ක්‍රමය

උඩරට ද්‍රවිඩ ජනයා අතර කුල ක්‍රමය ඉන්දීය සම්භවයක් ඇති ද්‍රවිඩ ජනයා නැතහොත් උඩරට ද්‍රවිඩයින් මෙහි එන ලද්දේ කම්කරුවන් වශයෙනි. මොවුන් ප්‍රධාන වශයෙන් ඉන්දියාවේ පහත් කුල වලට අයත් වූහ. දකුණු ඉන්දීය කුල වර්ග වලින් යුත් අය මෙහි පැමිණියහ.

ඔවුන්ගේ කුලය ගොඩ නැගී ඇති පිළිවෙල තමිල් නාඩුවේ ගමක ගැමි ප්‍රතිරූපණය කරයි. ඉහල කුල වල අය යැයි සැළකෙන ඔරවර්, කල්ලාර්, අගමුදලියාර්, සහ වෙල්ලාලර් කුල වල අය ලයින් කාමර වලින් පළමු පේළිය අයිතිකර ගත්හ. ඔවුහු තරමක් උසස් යැයි සම්මත කර්මාන්ත ශාලවේ වැඩ සහ තේ ඇඹරීම වැනි කාර්යයන් කළහ. ඔවුහු සුළු සේවකයින් ලෙසද වැඩ කලහ. ඔවුන් කම්කරු පන්තියට අයත් වුවද , කොන්දොස්තර, ටී මේකර්, කන්කානම්වරු සහ වැඩ පරීක්ෂක වරු ආදීනට වඩා බලගතු වුහ.

පහත් කුල වලට අයත් යැයි සැළකුණු කම්කරුවන් ජීවත් වුයේ ප්‍රධාන මධස්ථානයට ඈතිනි ඔවුන‍්ගේ වාසස්ථාන පහළ ලැයිම් ලෙස හදුන්වන ලදී. මෙම කණ්ඩායමට පල්ලාර්, පරෛයාර්, සක්කිලියාර්වරු යන රෙදි පිරුවට දෙන්නන් වෘත්තියෙන් පහළම මට්ටමේ අයයි. ඉන්දීය ද්‍රවිඩයන් සිංහල ද්‍රවිඩයන් බවට හරවන තෙක් එහිම ජීවත් විය.

සිංහල නොවන අය සහ දෙමළ කුල බරතකුල සහ කොළඹ මහට්ටි වශයෙන් තවත් සමාජ කණ්ඩායම් වූහ. ඔවුන් කුලය වැනි වූ - ස්වකීය වර්ණනා සමග පමණක් විවාහ වීමේ පිලිවෙතක් ගෙන ගිය අය වූ අතර ඔවුන් සිංහල හෝ දෙමළ යනුවෙන් හදුන්වනු ලැබීම ප්‍රතික්ෂේප කළහ. මෙම දෙපාර්ශවයේම අය දකුණු ඉන්දීය සංක්‍රමණිකයින් සමග පැමිණිනු අය වුහ. ඉන්දීය උසස් කුල සම්භවයක් ඇති අයගෙනුත් ඉහළම කුලයේ අය ලෙස සැලකුයේ “මර්වර්” වරුන්ය.

කුල ක්‍රමයට එරෙහිව ජනවර්ගයේ වැදගත්කම මෑතක් දක්වා කුලය යන සාධකය ජන වර්ගයට වඩා වැදගත් ලෙස සැලකින. යටත් විජිත නිලධාරීන් විසින් ගොවිගම කුලය “වෙල්ලාල” පරිද්දෙන් පන්තිගත කරන ලදී. යුරෝපා - ආසියා සම්මිශ්‍රනයෙන් පැවත එන්නවුන්ද (Eurasians) සහ දකුනු ඉන්දීය චට්නිවරුද දකුණේ සිංහල ගොවිගම කුලයට අනුගත වූහ. කුලයන් අතර විවාහය සාමාන්‍ය කරුණක් විය. ඉතා ඉහළ පංතියේ නොහොත් පළමු පන්තියේ “ගොවීනට පවුල්” ලෙස හැදිනු වුනු අය (සුපිරි යටත් විජිතවාදී රජයේ ඉහළ නිළයන්) පැවත ආවේ ගොවිගම පිරීමීන්ගෙන් සහ යුරෝපීය කාන්තාවන්ගේ සම්මිශ්‍රණයෙනි.

ආගම හා කුලය දෙමළ කුල ක්‍රමයේදී එම කුල ක්‍රම පැවතීමට ආගමික සිරිත් විරිත්ද උත්තේජනයක් සැපයුවේය. වැඩවසම් යුගයේදී පහත් කුල වල අයට පුජ්‍ය ස්ථාන වලට‍ ඇතුලු වීමට අවසර නොලැබිණි. මෙවැනි තහනම් කිරීම් බෞද්ධ සිරිත් විරිත් වල නොතිබුණි. මන්ත්‍ර ගුරුකම් කරන්නවුන් , ලෙඩ රෝග සුවකරන්නන් අනවින කපන්නන්, සුනියම් රුවන්, තොවිල් නටන්නන් අයත් වුයේ බෙරවාදනය කරන “බෙරව” කුලයටයි.

ගොවිගම නොවන කුල වල අයට පැවිදි වීම සදහා 19 වන සියවසේදී අමරපුර - රාමඤ්ඤ නිකායයන් ආරම්භ කෙරුනි. මෙය සියම් නිකායට එරෙහි වීමකි. සියම් නිකාය ඇරඹි 18 වන සියවසේදී එය ආරම්භ කර දශක කිහිපයක් ඇවෑමෙන් එම නිකාය ගොවිගම කුයේ අයට පමණක් වෙන් කෙරිනි. 1960 වසරේ අග භාගයේ යාපනය දිස්ත්‍රික්කයේ උතුරු පෙදෙසේ “ කෝවිල් අරගල” කිහිපයක් ඇති විය. මෙහිදි සිදු වුයේ පහත් යැයි සම්මත කුල වල අය කුමකටද කෝවිල් වලට ඇතුල් වීමට අයිතියක් තිබේ යයි කියමින් බලෙන් ඒවා තුලට ඇතුළු වීමයි.

http://en.wikipedia.org/wiki/Caste_system_in_Sri_Lanka#Castes_amongst_Hill_Country_Tamils