ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ විකාසනය
ශිෂ්ටාචාරයක පදනම අධ්‍යාපනයයි. අතීතයේ සිටම විධිමත් පාසල් පැවතුණ ද, වසර ගණනාවක් මුළුල්ලේ සිට අධ්‍යාපන පද්ධතිය සැලකිය යුතු අන්දමින් වෙනස් වී ඇත. පසුගිය ශතවර්ෂ වලදී, දැනුම ලබාගැනීම දුප්පත් සහ පහළ යැයි සැලකූ සමාජ පංතීන්ට කාලය සහ මුදල් වියදම් කිරීමට නොහැකි වූ සුඛෝපභෝගී දෙයක් විය. ප්‍රභූ වරප්‍රසාදයක් ලෙස ආරම්භ වූ එය, වර්තමාන ක්‍රමයට මඟ පාදා ඇති අතර, යම් වයස් සීමාවක් දක්වා විධිමත් අධ්‍යාපනය අනිවාර්ය කර ඇත. වර්තමානයේදී, ශ්‍රී ලංකාව ඇතුළු තවත් රටවල් නොමිලේ ප්‍රාථමික, ද්විතියික මෙන්ම සමහර අවස්ථාවන්දී තෘතියික අධ්‍යාපනය ද නොමිලේ ලබා දෙයි.
ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ( 6 වන සියවසේ සිට 20 වන සියවස තෙක්)
සංස්කරණයශ්රී ලංකාවේ පැරණිතම ඓතිහාසික වාර්තාවන් ඇතුළත් වන, මහාවංශය සහ දීපවංශයට අනුව, පැවිදි අධ්‍යාපනය ක්‍රිස්තු පූර්ව 6 වන සියවස දක්වා විහිද යයි. ශ්‍රී ලංකාවේ ගම්වල ජීවත් වූ බෞද්ධ භික්ෂූන් සහ ගිහියන් සඳහා ආරම්භ කළ ප්‍රථම අධ්‍යාපන මධ්‍යස්ථාන වන්නේ ආරාම සහ පංසල් ය. යටත් විජිත සමයට පෙර, අධ්‍යාපනය බෞද්ධ භික්ෂූන් ද ඇතුළත් විශේෂිත කණ්ඩායමකට පමණක් සීමා විය. මෙම භික්ෂූන් වහන්සේලා ගම්වල සිටි, ඉහළ පෙළේ පුද්ගලයින්ගේ සිට පිළිවෙලින් අන් පුද්ගලයන්ට ද කියවීමට හා ලිවීමට ඉගැන්වූහ. දමිළ ප්‍රජාවන් හි, ඉගැන්වීම සිදු කරන ලද්දේ උගත් බ්‍රාහ්මීන් සහ වෙල්ලාර්වරුන් විසිනි. මෙම සම්ප්‍රදායික පාසල්වල විෂයමාලාවන් බොහෝවිට සමන්විත වූයේ ආගමික අධ්‍යයන සහ ප්‍රායෝගික හෝ තාක්ෂණික කුසලතා වලින් ය. එහිදී, ලෝහ වැඩ, විවීම, ගෘහ නිර්මාණ ශිල්පය සහ ජ්‍යාමිතිය ඉගැන්විණි. කලාව සහ චිත්‍ර ශිල්පය ද, ඉගැන් වූ විෂයයන් අතර විය. මේ පාසල් වලින් පිටත, දැනුම උරුම වූයේ පියාගෙන් පුතාට ය. එහෙත් ජනගහනයෙන්, මහත් බහුතරයකට විධිමත් අධ්‍යාපනයක් නොලැබි අතර, ඔවුහු නූගත් සහ අකුරු නොදන්නා පිරිස් විය.
පුරාණ ඉගෙනුම් පද්ධතිය අනුගමනය කළේ, යුරෝපීය ජනපදිකයන් විසින් හඳුන්වා දෙනු ලැබූ අධ්‍යාපන ක්‍රමයකි. දහසය වන සියවසේ දී, ශ්‍රී ලංකාව පෘතුගීසි පාලනයට නතු වූ විට, පෘතුගීසි මිෂනරි කණ්ඩායම් රෝමානු කතෝලික ධර්මය ප්‍රවර්ධනය කිරීමට පාසල් ගණනාවක් ආරම්භ කළ හ. ඊට පසු එළැඹි සියවසේ දී, දිවයින අල්ලා ගත් ලන්දේසින්, ක්‍රිස්තියානි ප්‍රාථමික පාසල් පද්ධතියක් හඳුන්වා දුන් අතර, එය වසර සිය ගණනක් පැවතිණි. දහ අට වන සියවස අග භාගයේ දී, බ්‍රිතාන්‍යය රට අත්පත් කර ගත් අතර, ඔවුහු ක්‍රිස්තියානි මිෂනාරි පාසල්වල ඉගැන්වීමේ මාධ්‍යය, ඉංග්‍රීසි භාෂාවට වෙනස් කිරීමට කටයුතු කළහ. එකල, ශ්‍රී ලාංකික බොහෝ දෙනෙක් ඉංග්‍රීසි නොදැන සිටීම, සිසුන්ගේ පැමිණීම බෙහෙවින් අඩු වීමට හේතු විය.
1836 දී, බ්‍රිතාන්‍යයන් විසින් කෝල්බෲක් කොමිෂන් සභාවේ නිර්දේශයන්හි පදනම මත, රජයේ පාසල්හි සම්මත පද්ධතියක් ස්ථාපිත කරන ලද අතර, එය ශ්‍රී ලංකාවේ, රජයේ අරමුදල් සහිත පාසල් පද්ධතියක් මග පෑදූ අතර එය අද දක්වාම පවතී. පුද්ගලික පාසලක් ලෙස ආරමිභ වූ කොළඹ රාජකීය විද්‍යාලය, පිරිමි ළමයින් සඳහා වන රජයේ පළමු ද්විතීයික පාසල බවට පත් කරන ලදී. බොහෝ රජයේ පාසල්, සිසුන්ට ස්වභාෂාවෙන් ඉගැන්වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස, සිසුන්ගේ පැමිණීම යළිත් වර්ධනය විය.
19 වන සියවසේදී රට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට ඒකාබද්ධ කිරීමේ ප්‍රතිඵලයක් ලෙස, ශ්‍රී ලංකාවේ නවීන අධ්‍යාපන ක්‍රමය ආරම්භ විය. 19 වන සියවසයේ අගභාගයේදී බ්‍රිතාන්‍යයන් විසින් තෘතියික අධ්‍යාපන ආයතන පිහිටුවන ලදී. 19 වන සියවසේ අගභාගයේ සහ 20 වන සියවසේ මුල් භාගයේදී වෙනත් ආගමික නිකායන්හි පාසල් ද පිහිටුවන ලද අතර, එහි ප්‍රතිඵලයක් ලෙස බෞද්ධ පාසල් විශාල සංඛ්‍යාවක් සහ හින්දු හා මුස්ලිම් පාසල් කිහිපයක් බිහි විය. මෙයින් ශ්‍රී ලංකාවේ සමස්ත සාක්ෂරතා අනුපාතය ඉහළ ගියද, පාසල් යන ජනගහනයෙන් විශාල ප්‍රමාණයක් පිරිමින් වූ අතර කාන්තා සාක්ෂරතාවය අඩු මට්ටමක පැවතිණි.
සෑම විටකදීම සහ බොහෝ අවස්ථාවන්හි දි නොමිලේ පැවති රජයේ පාසල්වල අධ්‍යාපනය, නිල වශයෙන් එසේ කරන ලද්දේ 1942 දීය. එම වසරේදී ම, පුද්ගලික පාසල් හැර අනෙකුත් සියලුම පාසල්වල ඉගැන්වීමේ මාධ්‍යය ජාතික භාෂාවලට වෙනස් කරන ලද අතර සෑම දරුවෙකුටම ඔවුන්ගේ නිකායන්ට අනුව, ආගමික අධ්‍යාපනය ලැබුණි. 1940 දශකය අග භාගය වන විට රජය, රටේ පාසල්වලින් 60% ක් පවත්වාගෙන ගියේය. මෙම කාල පරිච්ඡේදය තුළ බොහෝ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු වූ අතර, ආචාර්ය සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නග්ගර මහතා, බාලාංශයේ සිට විශ්වවිද්‍යාලය තෙක් නිදහස් අධ්‍යාපනය ලබා දීම, මධ්‍ය මහා විද්‍යාල ස්ථාපිත කිරීම, අධ්‍යාපන මාධ්‍යන් ජාතික භාෂාවන්ට වෙනස් කිරීම, මෙන් ම තවත් ශිෂ්‍ය සුභසාධන පියවරයන් යෝජනා කර ඇත.
1948 දී ශ්‍රී ලංකාව නිදහස ලැබීමෙන් පසු, නව අධ්‍යාපන ආයතන කිහිපයක් ආරම්භ කරන ලද අතර සාක්ෂරතා අනුපාතය ද ඉහළ ගියේය. යටත් විජිත යුගයේ පැවති පෞද්ගලික පාසල් ගණනාවක්, පශ්චාත් යටත් විජිත යුගයේ දී රජය යටතට ගන්නා ලදී. 1960 දි පමණ, ගණිතය හා විද්‍යාව පිළිබඳ විෂයමාලා සංවර්ධනය කිරීම සඳහා විෂයමාලා සංවර්ධන මධ්‍යස්ථාන පිහිටුවන ලදී. ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ, ජාත්‍යන්තර පාසල් ආරම්භ කරන ලද්දේ 1980 දශකයේදී ය. එමෙන්ම, 1986 දී ගුරුවරුන් සඳහා පුහුණු ලබා දීම සඳහා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සහ ගුරු මධ්‍යස්ථාන ආරම්භ කරන ලදී.
ශ්‍රී ලංකාවේ නූතන අධ්‍යාපන ක්‍රමය
සංස්කරණයවර්තමානය වන විට, ශ්‍රී ලංකාවේ රජයේ පාසල් 10,155 ක්(2020 ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ඇස්තමේන්තුව අනුව) ඇස්තමේන්තු කර ඇත. රජයේ පාසල් වර්ග තුනකි. ඒවා ජාතික පාසල්, පළාත් සභා පාසල් සහ බෞද්ධ සෙමනේරි ලෙස වර්ගීකරණය කර ඇත. රජයේ සහ පුද්ගලික පාසල් අධ්‍යාපන අමාත්‍යාංශයේ පාලනයට නතු වේ. රාජ්‍ය නොවන පාසල් ගණයට, ජාතික අධ්‍යාපන විෂය මාලාව අනුගමනය කරන පෞද්ගලික පාසල් සහ බ්‍රිතාන්‍ය විෂය මාලාව අනුගමනය කරන ජාත්‍යන්තර පාසල් ඇතුළත් වේ. ශ්‍රී ලංකාවේ බොහෝ ජාත්‍යන්තර පාසල් ඔවුන්ගේ ද්විතීයික සිසුන් Edexcel හෝ Cambridge IGCSE සාමාන්‍ය සහ උසස් පෙළ විභාග සඳහා සූදානම් කරති.
සංවර්ධනය වෙමින් පවතින සෙසු රටවල් මෙන්ම, ශ්‍රී ලංකාවේ බොහෝ රජයේ පාසල්වල ද මූලික අධ්‍යාපන ක්‍රමය, යටත් විජිත සමයේ සිට සැලකිය යුතු වෙනසකට බඳුන් ව නැති නමුත් 1947 සිට 2006 දක්වා වරින් වර ජාත්‍යන්තර ප්‍රමිතීන් කරා ළඟා වීම සඳහා, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කර ඇත. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව, තාක්‍ෂණය උපයෝගී කර ගැනීම සහ පාසල්වල පරිගණක පහසුකම් සහ අන්තර්ජාල පහසුකම් සැපයීම සම්බන්ධයෙන් දුර්වල මට්ටමක පවතී. සංවර්ධිත ලෝකයේ බොහෝ රටවල් 1980 දශකයේ ආරම්භ වූ තාක්‍ෂණය තදින් වැළඳගැනීම, අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීම සහ පවත්නා ඉගැනුම් ක්‍රමවේදයන්හි විප්ලවීය වෙනසක් සිදු කළ ද, ශ්‍රී ලංකාවේ ඉගැන්වීම හා ඉගෙනීම සඳහා වූ ප්‍රවේශය තවමත් දැඩි සම්ප්‍රදායානුකූලව පවතී.
ටැබ්, දුරකථන, ලැප්ටොප්, පරිගණක සහ ප්‍රොජෙක්ටර් වැනි ඩිජිටල් උපාංග දැන් බොහෝ ධනවත් රටවල අධ්‍යාපනයට අතිරේකව භාවිතා කරනු ලැබේ. එමඟින් එක් එක් පුද්ගලයාට තම අභිමතය පරිදි තම අධ්‍යාපනය සිදු කළ හැකිය. කෙසේ වෙතත් තවමත්, ශ්‍රී ලංකාවේ, මෙම ඩිජිටල් මෙවලම් පන්ති කාමරවල භාවිතා වන්නේ කලාතුරකිනි. මෙයට හේතු අතර, ප්‍රධාන වශයෙන් බොහෝ පාසල්වලට ඒවායේ මිල දැරිය නොහැකි තරම් වූ නිසාත්, අධ්‍යාපනඥයන් නවීන තාක්‍ෂණය පිළිබඳව යාවත්කාලීන නොවීමත් නිසා ය. සුඛෝපභෝගී පෞද්ගලික පාසල්වල පවා එක් සිසුවෙකුට එක් පුද්ගලික පරිගණක බැගින් ඇති ඉතා අල්පය.
ජාතික හා රාජ්‍ය නොවන පාසල් වඩා හොඳ මට්ටමක පැවතුන අතර ප්‍රමාද වුවමුත්, නිසැකවම ඩිජිටල් යුගයට පැමිණේ. මෙම පාසල් බොහොමයක අන්තර්ජාලය, පුද්ගලික පරිගණක, විද්‍යාත්මක ගණක යන්ත්‍ර, මුද්‍රණ යන්ත්‍ර සහ ප්‍රක්ෂේපක වැනි ඩිජිටල් ඉගෙනුම් ආධාරක ඇත. කෙසේ වෙතත්, මෙම ආයතන ද තොරතුරු තාක්ෂණ සාක්ෂරතා උපදේශකයින්ගේ හිඟයකින් පෙළේ. ඔවුන්ට ඔවුන්ගේ ඉගැන්වීමේ ක්‍රමවේදයන් වැඩිදියුණු කිරීම සඳහා තවත් බොහෝ දේ කළ හැකි අතර ඒවා තවමත් බොහෝ දුරට රෙජිමේන්තුගත, ගුරු කේන්ද්‍රීය හා නම්‍යශීලී බවට වඩා විභාග- පාදක, ශිෂ්‍ය කේන්ද්‍රීය හා සංකල්ප පිළිබඳ ඔවුන්ගේ අවබෝධය වැඩි කිරීම අරමුණු කර ගත් ඒවා වේ.
ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ අනාගතය
සංස්කරණයඅධ්යාපනය ඩිජිටල්කරණය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට බොහෝ දුර යා යුතුව තිබේ. VCR, TV, සහ CD-ROM වැනි ශ්‍රව්‍ය දෘශ්‍ය උපකරණ, අඩු වේගයකින් යුත් අන්තර්ජාල සම්බන්ධතා, ඉහළ සිසුන්ගේ සිට පරිගණක අනුපාතය සහ අවශ්‍ය තොරතුරු තාක්ෂණ කුසලතා ඇති ගුරුවරුන් එකක් හෝ දෙකක් සමඟ අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමේ ක්‍රියාවලිය පළමු අදියරට අයත් වේ. ඩිජිටල්කරණයේ දෙවන අදියර සඳහා බහුමාධ්‍ය ප්‍රොජෙක්ටර්, අධිවේගී අන්තර්ජාල සම්බන්ධතා, අඩු ශිෂ්‍ය සිට පරිගණක අනුපාතය සහ තොරතුරු තාක්‍ෂණ සාක්ෂරතාවයෙන් යුත් උපදේශකවරුන් වැනි වඩා දියුණු උපකරණ භාවිතා කරන පුද්ගලයන් ඇතුළත් වේ. අවසාන අදියරට ගුරුවරුන් විසින් මෙහෙයවනු ලබන ඉගැන්වීමට වඩා ශිෂ්‍යයන් මූලික වේ. 1990 දශකයේ අග භාගයේදී පාසල් සඳහා පුද්ගලික පරිගණක හඳුන්වා දී තිබුණද, ශ්‍රී ලංකාව තවමත් ඩිජිටල්කරණයේ පළමු අදියර පසු කර නැත.
ලොව පුරා පාසල් සහ සිසුන් වර්තමානයේ දි, නවීන තාක්‍ෂණය, දැනුම ලබා ගැනීමට, තොරතුරු හුවමාරු කර ගැනීමට, සාකච්ඡාවලට ආරාධනා කිරීමට සහ අවස්ථාවන් සෙවීමට , ඩිජිටල් මෙවලම් සහ සමාජ මාධ්‍ය භාවිතා කරයි. විශාල විවෘත ඔන්ලයින් පාඨමාලා වන, (MOOCs), Coursera, සහ Lynda වැනි වැඩසටහන් තුළින් අන්තර්ජාලය හරහා දුරස්ථ ඉගෙනීම සහ අවකාශය හැකිලීම සහ සීමාවන් ඉක්මවා යාම ලොව පුරා නූතන අධ්‍යාපනයේ භූ දර්ශනය වෙනස් කිරීමට සමත් ව ඇත. අනාගත ඩිජිටල්කරණ ඉගෙනීමේ පද්ධතියට ඉගෙනුම් මෙවලමක් ලෙස යූ ටියුබ් වැනි ජනප්‍රිය වීඩියෝ බෙදාගැනීමේ මාධ්‍ය භාවිතා කිරීම, clouds මත සහ දත්ත මත පදනම් වූ ඉගෙනුම් සහ ත්‍රිමාණ මුද්‍රණ, virtual reality සහ augmented reality, ඉගැන්වීම් ආධාරක ලෙස භාවිතා කිරීම ඇතුළත් වේ. සංවර්ධිත රටවල පාසල් දැනටමත් මෙම අනාගත මෙවලම් බොහොමයක් භාවිතා කිරීම ආරම්භ කර තිබේ.
සාපේක්ෂව, ශ්‍රී ලංකාවේ පාසල් තවමත් නවීන තාක්‍ෂණය එතරම්ම උපයෝගී කර ගෙන නොමැත. මෙමඟින්, ශ්‍රී ලංකාව සහ සෙසු ලෝකය අතර ඩිජිටල් බෙදීමක් ඇති වී ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස අවස්ථා හිඟබව සහ ඩිජිටල් ලෝකයේ රට ඉදිරියට යාම තවදුරටත් වළක්වාලයි. වඩාත් ඩිජිටල්කරණය වූ අනාගතයක ඉල්ලීම් සපුරාලීම සඳහා, නවීන තාක්‍ෂණයෙන් මෙහෙයවන ලෝකයට අවශ්‍ය නිපුණතා හා විශේෂඥ පුද්ගලයින් හා වෘත්තිකයන් බිහිකිරීමට ශ්‍රී ලංකාවේ වත්මන් අධ්‍යාපන ක්‍රමය නැවත සකස් කිරීම අවශ්‍ය වේ.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ඉතා බැරෑරුම් ලෙස සලකනු ලබන අතර වයස අවුරුදු 5 ත් 16 ත් අතර සෑම දරුවෙකුටම එය අනිවාර්ය වේ. දිවයිනේ සාමාන්‍ය සාක්ෂරතා අනුපාතය 92% ට වඩා ඉහළ අගයක් ගන්නා අතර ප්‍රාථමික පාසල්වලට ඇතුළත් වීමේ අනුපාතය 99% කි. රජයේ විභාග ඉතාමත් තරඟකාරී වන අතර සිසුන් බොහෝ විට තම පාසල් අධ්‍යාපනයට උපකාරයක් ලෙස අතිරේක උපකාරක පන්ති වලට සහභාගී වෙති. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමයට තාක්‍ෂණය උපයෝගී කර ගැනීමෙන් දැනට පවත්නා විෂයමාලාව සඳහා විවිධ දේ කළ හැකිය.ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය, තාක්‍ෂණය සඳහා ප්‍රවේශය සහ දැරිය හැකි පිරිවැය වැඩිවීමත් සමඟ ඉතා ඉක්මණින් පරිගණක යුගය දක්වා තවදුරටත් විකාශනය වීමට හා බාධාවකින් තොරව ඉදිරියට යාමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.