ශ්‍රි ලංකා දේශගුණය (භූගෝල විද්‍යානුකූලව)
ශ්‍රී ලංකාවේ දේශගුණය උෂ්ණ කලාපිය ලෙස හා උණුසුම් ලෙසත් පෙන්වා දිය හැකිය. එහි පිහිටිම රේඛාන්තර 10 ත් අතරය. රටට තරමක් උණුසුම් දේශගුණයක් දායාද කර ඇත. මෙය සාගර සුලං හා සෑහෙන තෙතමනයකිනි. අඩුම ඌෂණත්වය මධ්‍යම කදුකරයේ නුවර එළියේ අඩුම 16 *(මෙහි සීත සෘතුවේ දී දින ගණන් මිදුණ දිය වැටේ) සිට ඊසාන දිග වෙරළේ ත්‍රිකුණාමල නගරයේ 32 0 වේ( මෙහි උෂ්ණත්වය 38 0 දක්වා නගී) සම්පූර්ණයෙන් බලන කල රටේ වාර්ෂික සාමාන්‍ය උෂ්ණක්වය 28 සිට 30 දිවා රෑ උෂ්ණත්වය 4 සිට 7 දක්වා වෙනස් වේ. ඉතා සීතල මාසය වන්නේ ජනවාරි මායයිත විශේෂයෙන් කදුකරයේ සිටින මිනිසුන්ට මේ කාලයේ දී කෝට් හා ස්විටර් ඇදිම ට සිදු වේ. ශ්‍රීෂ්මසෘතුවේ දී නමාන්ෂුන් වැසි වලට පෙර උෂ්ණමය කාලය මැයි මාසයේ දීය.
ඉන්දියන් සාගරයේ හා බෙංගාල බොක්කෙන් හමන මෝසම් සුලං අනුව වර්ෂපතන ආකාරය බලපාන අතර කාල හතරක් සටහන් වේ. පළමුවැනි එක මැයි මැද සිට ඔක්තෝබර් ඉන්දියන් සාගරයේ තෙතමනය ගෙන එමින් නිරිත දිග සුළං හට ගනි. මෙම සුළං මධ්‍යම කදුකරයේ බෑවුන් මුණ ගැසීමෙන් කදු බැවූම් වලට ද දිවයිනේ නිරිත දිග ප්‍රදේශවලට ද මහා වැසි පතිති වේ. සමහර සුළං හමන බෑවුම් වලට මසකට මි.මි 2500 ලැබෙන නමුත් සුලගට මුවා වු නැගෙනහිර හා ඊසාන දිග ප්‍රදේශවලට අඩුවෙන් වැසි පතිත වේ. අන්තර් මෝසම් මාසවලිදී ඔක්තෝබර් හා නොවැම්බර් මාසවලට දෙවැනි කාලය සිදුවේ. මේ කාලයේ දී කලින් කල ඇතිවන කුණාටු ඇතිවන අතර සමහර විට උෂ්ණකලාපිය සයික්ලොනස් නිසා අහස වළාකුලින් බරවෙන අතර නිරිතට, ඊසානට සහ දිවයිනේ නැගෙනහිරට වැසි වැසේ. තුන්වැනි කාලය අතර දෙසැම්බර් සිට මාර්තු දක්වා බෙංගාල බොක්කේ සිට තෙතමනය එමින් ඊසාන දිගින් මෝස්ම් සුලං පැමිණේ මේ මාසවලදී ඊසාන දිග කදු බෑවුන් මි.මි. 25000 වර්ෂපතනය ලබමින් ගං වතුර ඇති වේ. තවත් අන්තර්මෝසම් කාලයක් මාර්තු සිට මැයි දක්වා නියමිත ප්‍රමාණයට වඩා අඩු මා වෙනස්වන සුළග සමග ගිගිරැම් වැසි ඇතිවේ.
නිරිත දිග හා කදු ප්‍රදේශවල තෙතමනය අධිකවන අතර සාතුවෙන් සෘතුව වෙනස්වන ආකාරයේ වැසි ලැබෙන අතර තෙතමනය අධික වේ. ජුනි මොසම් සුළං කාලයේ දි 90% දක්වා නැගෙමින් අවුරැද්ද පුරා කොළඹ දිවා තෙතමනය 70% වේ. අනුරාධපුරයේ, මාර්තුවේ ඇති වන අන්තර් මෝසම් සුලං කාලයේ දී දහවල් 60% තෙතමනයක් පවති නොවැම්බර් හා දෙසැම්බර් වැසි කාලපරිච්ඡෙද 79% දක්වා නගි. කදුකරයේ මහනුවර දහවල් තෙතමනය සාමාන්‍යයෙන් 70% ක් සහ 79% ක් වේ.