ශ්‍රි ලංකාවේ ජනමත විචාරණ

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ලෝකයේ භාවිතා වන  සෘජු  ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් ලෙස ජනමත විචාරණ ක්‍රමය ශ්‍රි ලංකාවට හඳුන්වා දෙන ලදී. ජනමත විමසීම යනු පවත්නා නීතියේ සංශෝධනයකට හෝ නව නීති පැනවීම් සඳහා ආණ්ඩුව ජනතාවගේ මතය විමසා සිටිීමයි. එහිදී පක්ෂව හෝ විපක්ෂව පමණක් ජනතාව තම ඡන්දය භාවිතා කළ හැකිය. දේශපාලන පක්ෂවල සලකුණු මේ සඳහා යොදා ගනු ලබයි. ලෝක දේශපාලය සමග සසදන විට ජනමත විචාරණය දෙයාකාරවේ. එනම්,

  1. ආණ්ඩුව විසින් ජනමත විචාරණයක් කැදවීම
  2. ජනතාව විසින් ජනමත විචාරණයක් ඉල්ලීම.

ජනමත විචාරණයක් ජනතාව කැදවනු ලබන්නේ ජනතාවට සාධනීය කරුණු සම්බන්ධයෙන් නීති පනවා ගැනීම සදහාය. එහිදි ජනතාවගේ යහපත වෙනුවෙන් එම රටවල ජනතාව එකතු වී පෙත්සමක් මගින් මෙම ඉල්ලීම සිදු කරනු ලබයි. කැනඩාව, ජර්මනිය, ස්විට්සර්ලන්තය, ඉතාලිය වැනි රට වල මෙම තත්වය දැකිය හැකිය. ස්විට්සර්ලන්තයේ ජනමත විචාරණයක් සඳහා පනස්දහසකින් යුත් පෙත්සමක් ඉදිරිපත් කළ යුතුය.

ශ්‍රි ලංකාවේ ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවට අනුව ජනමත විචාරණයක් කැදවීමට ජනතාවට බලයක් නැත. ඒ සඳහා බලය ඇත්තේ ජනාධිපතිවරයාට පමණි. ශ්‍රි ලංකාවේ ජනමත විචාරණයක් පවත්වා ඇත්තේ විධායක ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මහතාගේ සමයේ පාර්ලිමේන්තු කාලය තවත් වසර 06 කින් දිර්ඝ කර ගැනීමයටය.

ජනාධිපතිවරයාට ජනමත විචාරණයක් කැඳවීමට අවස්ථා

සංස්කරණය
  1. අමාත්‍ය මණ්ඩල ඉල්ලා සිටින විට
  2. ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළ විට
  3. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1, 2, 3, 6, 7, 8, 9, 10, 11, 30(02), 62(02) යන වගන්ති වෙනස් කිරීමට
  4. ජනාධිපතිට අවශ්‍ය යැයි හැඟී යන විට

ශ්‍රි ලංකාවේ පැවැති ජනමත විචාරණය

සංස්කරණය

ශ්‍රි ලංකාවේ පැවැති ජනමත විචාරණයේ දි  පාර්ලිමේන්තුවේ පැවති කාලය තවත් වර්ෂ 6 කින් දිර්ඝ කර ගැනීමට සඳහා ජනමත විචාරණය පවත්වන ලදී. මෙහිදී එක් පාර්ලිමේන්තුවක් සඳහා පත්කළ මන්ත්‍රීවරුන් තවත් පාර්ලිමේන්තුවක් සඳහා තබා ගැනීම් තුළින් මහජනතාවට තෝරාගැනිමට තිබූ අවස්ථාවක් අහිමි විය. එය මහජනතාවගේ කැමැත්තට අභියෝගයක් හා ජනතා පරමාධිපත්‍යයට කරනු ලැබූ බරපතළ හානියකි.

බාහිර සබැදි

සංස්කරණය
  • 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව