ශ්රෝඩින්ගර් සමීකරණය

ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාවෙහි, ශ්රෝඩින්ගර් සමීකරණය යනු භෞතික පද්ධතියක ක්වොන්ටම් අවස්ථාව කාලය සමග වෙනස් වන අයුරු විස්තර කරන සමීකරණයකි. ඕස්ට්‍රියානු භෞතික විද්‍යාඥ අර්වින් ශ්රෝඩින්ගර් විසින්, එය 1925 හී අග භාගයෙහි සූත්‍රණය කෙරී 1926දී ප්‍රකාශයට පත් කෙරිණි.

සම්භාව්‍ය යාන්ත්‍ර විද්‍යාවෙහි, චලිත සමීකරණය වන්නේ නිව්ටන්ගේ දෙවන නියමය වන අතර, සමතුල්‍ය සූත්‍රණ වන්නේ ඔයිලර්-ලැගෝන්ජ් සමීකරණ සහ හැමිල්ටන්ගේ සමීකරණ වෙති. මෙම සියළු සූත්‍රණයන්හී, ඒවා භාවිතා වන්නේ යාන්ත්‍රික පද්ධතියක චලිතය විසඳීමට වන අතර, පද්ධතියෙහි ආරම්භක පරිස්ථිතීන් සහ වින්‍යාසයට පසු ඕනෑම වේලාවක පද්ධතිය කුමක් කරන්නේද යන්න ගණිතමය වශයෙන් පුරෝකථනය කරයි.

ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාවෙහි, නිව්ටන්ගේ නියමයට තුල්‍යරූප යන්නේ, සාමාන්‍යයෙන් නිදහස්, බැඳුනු හෝ ස්ථානගත පරමාණු, අණු සහ අනුපරමාණුක අංශු වලින් සමන්විත ක්වොන්ටම් පද්ධතියක් සඳහා ශ්රෝඩින්ගර් සමීකරණයයි. එය සරල වීජීය සමීකරණයක් නොවන අතර, (සාමාන්‍ය වශයෙන්) රේඛීය ආංශික අවකලන සමීකරණයක් වෙයි.

"https://si.wikipedia.org/w/index.php?title=ශ්රෝඩින්ගර්_සමීකරණය&oldid=216832" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි