(ඉලෙක්ට්‍රෝන පරමාණුවකට බැඳී සිටින විට න්‍යෂ්ඨියේ සිට එයට ඇති දුරට ප්‍රතිලෝමව සමානුපාතික වන ලෙස විභව ශක්තියක් ගැබ්ව ඇත.) මෙය මනිනු ලබන්නේ ඉලෙක්ට්‍රෝනයක් පරමාණුවක් වෙන් කිරීමට අවශ්‍ය ශක්ති ප්‍රමාණයන් වන අතර සාමාන්‍ය යෙන් ‍එය ඉලෙක්ට්‍රෝන වෝල්ට් (eV) යන ඒකකයෙන් මනිනු ලබයි. ක්වෝන්ටම් යාන්ත්‍රික ව්‍යුහයේදී බැඳුණු ඉලෙක්ට්‍රෝනයකට ලබා ගත හැක්කේ න්‍යෂ්ටියේ මධ්‍යගත වූ තත්ත්වයක් පමණි. එමෙන්ම සෑම තත්ත්වයක්ම විශේෂ ශක්තිමට්ටමකට සම්බන්ධව පවතී. බැඳුණු ඉලෙක්ට්‍රෝනයක පහළම ශක්ති මට්ටම භූමි අවස්ථාව ලෙස හැඳින්වේ. ඉහළම ශක්ති මට්ටම උත්තේජිත අවස්ථාව ලෙස හැඳින්වේ.

ඉලෙක්ට්‍රෝනයක් වෙනස් මට්ටම් දෙකක් යටතේ සංක්‍රමණය වීමට එය එම මට්ටම්වල විභව ශක්තියේ වෙනස්කම් වලට ගැළපෙන සේ ප්‍රෝටෝනයක් ලබා ගැනීම හෝ පිට කිරීම සිදු කරයි. පිට කරන ලද ප්‍රෝටෝනයේ ශක්තිය එහි සංඛ්‍යාතයට සමානුපාතික වේ. (එබැවින් මෙම විශේෂ ශක්ති මට්ටම් විද්‍යුත් බන්ධන කවචයේ වෙනස්කම් ලෙස පෙන්නුම් කෙරේ. න්‍යෂ්ටික ආරෝපණ ඉලෙක්ට්‍රෝන සහ වෙනත් සාධක අතර ඇතිවන විද්‍යුත් චුම්භක ප්‍රතික්‍රියා වැනි දේ මත යැපෙන විශේෂ ගති ඇති කවචයක් සෑම මූලද්‍රව්‍යයකටම ඇත.)

වර්ණාවලියක අවශෝෂණ රේඛා සදහා උදාහරණයක්.

නොකඩවාම වර්ණාවලි ශක්තියක් වායු හෝ ප්ලාස්ම අතරින් යන විට සමහරක් ෆෝටෝන පරමාණු මගින් උරාගන්නා අතර මේ නිසා ඉලෙක්ට්‍රෝන වලට තම ශක්ති මට්ටම් වෙනස් කිරීමට සිදු වේ. මෙම උත්තේජිත ඉලෙක්ට්‍රෝන පරමාණුවට බැඳී පවතින අතර අහඹු දිශාවලට යන ෆෝටෝන ලෙස නිරන්තරයෙන්ම නිකුත් කරයි. එබැවින් පහළ ශක්ති මට්ටම් වලට ඇද වැටේ. මේ ආකාරයට ශක්තිය නිකුත් කිරීමේ අඳුරු අවශෝෂණ කලාපරාශියක් සකස් කරන පෙරහනයක් ලෙස පරමාණු ක්‍රියාත්මක වේ. (පිටින් සිට පරමාණුව නොයෙකුත් දිශාවන්ගෙන් නිරීක්ෂණය කරන්නෙකුට ඔහුගේ අවටින් නිරන්තරයෙන්ම ඇතිවන වර්ණාවලියක් නොමැති හෙයින් පරමාණුවෙන් නිකුත් වන ෆෝටෝනවල පිටවුම් රේඛා ‍රාශියක් මේ වෙනුවට දක්නට ලැබේ.) වර්ණාවලි රේඛාවල ශක්තිය හා පළල පිළිබඳ වර්ණාවලීක්ෂ මිනුම් සංයෝගයක අන්තර්ගතය සහ අඩංගු භෞතික ද්‍රව්‍ය තිරණය කිරීම සඳහා උදව් වේ.

වර්ණාවලිරේඛා වල සියුම් නිරීක්ෂණයන් ‍ෙපන්ණුම් කරන්නේ සමහරක් සියුම් ව්‍යුහ වෙන්වන බවයි. මෙය සිදුවන්නේ බැමීම කක්ෂගත එකතුවීමෙනි. එනම් ඉලෙක්ට්‍රෝනයේ අවට කවචයේ සහ චලනයන්ගේ අන්තර්ක්‍රියාවයි. පරමාණුවක් බාහිර චුම්භක ක්ෂේත්‍රයක් වන විට වර්ණාවලි රේඛා කොටස් 3 කට හෝ ඊට වැඩි ප්‍රමාණයකට බිඳේ.

මෙය සීමන් ආචරණය නැමති සංසිද්ධියයි. මෙය සිදුවන්නේ පරමාණුව සහ එහි ඉලෙක්ට්‍රෝන වල චුම්භක ඝූර්ණය සමඟ චුම්භක ක්ෂේත්‍රය අන්තර්ක්‍රියා සිදුකරන විටයි. එක සමාන ශක්ති මට්ටම්වල බොහෝ ඉලෙක්ට්‍රෝන වින්‍යාශ ලබා ගැනීමට සමහරක් පරමාණුවලට හැක. එවිට එය පෙන්ණුම් කරනු ලබන්නේ තනි (Spectral) පරමාණුක රේඛාවක් ලෙසයි. (75) ඉලෙක්ට්‍රෝන ශක්තිමට්ටම් වැඩි දියුණු කරමින් වර්ණාවලි රේඛා වෙන්වීම හා වෙනස්වීම අභ්‍යන්තර චුම්භක ක්ෂේත්‍රයක් නිසා සිදුවිය හැකිය. බාහිර විද්‍යුත් ක්ෂේත්‍රයක් මගින් ඉලෙක්ට්‍රෝන ශක්ති මට්ටම් නවීකරණය කරමින් මෙම Spectral රේඛාවන්හි සංසන්දනාත්මක බෙදීමක් හා අපගමනයක් සිදුවීම ස්ටාර්ක් ආචරණය නම් වේ. (76)

බැඳුණු ඉලෙක්ට්‍රෝනයක් උත්තේජිත අවස්ථාවේ පවතින විට නියම ශක්ති මට්ටම් සමඟ අන්තර්ක්‍රියා කරන ෆෝටෝනයක් ශක්තිමට්ටම් සමග ගැළපෙමින් උත්තේජනය වූ ෆෝටෝනයක් පිටකරයි. මෙය සිදුවීම සදහා කරනු ලබන ෆෝටෝනයේ ශක්තියට ගැළපෙන පරිදි වෙනස් ශක්තියක් ඇති පහළ ශක්ති මට්ටම්වලට ඉලෙක්ට්‍රෝනය පත්විය යුතුය. පිටකරනු ලබන ෆෝටෝන ගැළපෙන අවධිවලට සමාන්තරව ගමන් කල yutu we. එනම් මෙහි ප්‍රෝටෝන 2ක තරංග ගමන් කිරිම සමමුහුර්ත වේ. මෙම භෞතික තත්ත්වය ලේසර් සකස් කිරීම සඳහා යොදා ගනී. ආලෝක ශක්තියේ සංගත කදම්භයක් පටු සංඛ්‍යාත පටියක යැවීමට ලේසර්වලට හැකියාව ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=ශක්ති_මට්ටම්&oldid=470836" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි