ශක්ති බෝග ලෙස හැඳින්වෙනුයේ අඩු වියදමකින් සහ වැඩි රැක බලා ගැනීමකින් තොරව පහසුවෙන් වගා කොට ලබා ගන්නා අස්වැන්න ජෛව ඉන්ධන නිපදවීමට හෝ සෘජුව ශක්ති අවශ්‍යතා සපුරා ගැනීමට භාවිත කළ හැකි ආකාරයේ බෝග වර්ග වේ. ආර්ථික වශයෙන් වැදගත් වන ශක්ති බෝගයන් සාමාන්‍යයෙන් ඉතා අඩු ඉඩකඩක් තුළ වැඩි ප්‍රමාණයක් වගා කළ හැකි ඉහල අස්වැන්නක් ලබා දෙන බෝග විශේෂයන් වේ. දහනය මඟින් ශක්තිය ලබා ගන්නා කටයුතු සඳහා වගා කෙරෙනුයේ දැවමය බෝගයන් වන මිස්කැන්තස්, සැලික්ස් හෝ පොපියුලස් ආදී බෝග වර්ග වේ. යම් හෙයකින් ජීව වායුව නිපදවීම ආදී කටයුතු සඳහා කාබෝහයිඩ්‍රේට අවශ්‍ය වන්නේ නම් එවිට බඩ ඉරිඟු, මෙනේරි, සෑන්ඩ් ග්‍රාස්, වයිට් ස්වීට් ක්ලෝවර් ආදී බෝග ප්‍රභේද රාශියක් භාවිතා කළ හැක. එහිදී එම බෝග වර්ග ආශ්‍රයෙන් පැසවීම සිදු කොට ජීව වායුව නිපදවනු ලැබේ. [1] [2]

ජාන වැඩි දියුණු කිරීම සහ ජෛව තාක්ෂණික යෙදුම් ඔස්සේ අඩු වියදමකින් අඩු ජල ප්‍රමාණයක් භාවිතයෙන් වැඩි අස්වැන්නක් ලබා දෙන පරිදි ශාක වැඩි දියුණු කිරීම සිදු කළ හැක. කෙසේ නමුත් දැනට පවතින රෝග භාවිතයෙන් පවා ඉහල ශක්ති ප්‍රමාණයක් ලබා ගැනීම සිදු කළ හැකි අතර උදාහරණයක් ලෙස බඩ ඉරිඟු පෙන්වා දිය හැක.

ආශ්‍රිත

සංස්කරණය
  1. ^ Mola-Yudego, B; Aronsson, P. (2008). "Yield models for commercial willow biomass plantations in Sweden". Biomass and Bioenergy. 32 (9): 829–837. doi:10.1016/j.biombioe.2008.01.002. {{cite journal}}: |access-date= requires |url= (help); |format= requires |url= (help)CS1 maint: multiple names: authors list (link)
  2. ^ Ara Kirakosyan and Peter B. Kaufman. Recent Advances in Plant Biotechnology. p. 169. ISBN 9781441901934. සම්ප්‍රවේශය 14 February 2013.
"https://si.wikipedia.org/w/index.php?title=ශක්ති_බෝග&oldid=284627" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි