වෝඩ්‍රෝබ් විලාසිතාකරුවන්

වෝඩ්‍රෝබ් විලාසිතාකරුවා යනු වානිජ මුද්‍රණ කැටලොග්, රූපවාහිනී නිරූපණ, සංගීත වීඩියෝ, සංදර්ශන, සඳහා හා නිරූපිකාවන් හා අනෙකුත් පොදු චරිත මඟින් මහජන ප්‍රදර්ශනවලදී ගන්නා ලද ඡායාරූපවල දී ඇඳ සිටි ඇඳුම් තෝරා දෙන පුද්ගලයා සඳහා වූ සේවා නාමයකි.

වොඩ්‍රෝබ් විලාසිතාකරුවෙකුට සාප්පුවක් තෝරාගෙන ඔවුන්ගේ සේවාග්‍රාහකයින් හැඩ ගැන්විය හැකිය. ඔවුන් සාමාන්‍යයෙන් සේවාග්‍රාහකයා, ඡායාරූපකරුවා,අධ්‍යක්ෂකවරයා, හිස කෙස් විලාසිතාකරුවා හා වේෂ නිරූපණ ශිල්පීන් සමඟ එකට කටයුතු කරන අතර එමඟින් අදාල විශේෂිත ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය කරන ස්වභාවය ලබා දීමටත් කැපවී සිටී.

වෝඩ්‍රෝබ් විලාසිතාකරුවන් සමහරක් විට ෆැෂන් විලාසිතාකරුවන් හෝ රූප උපදේශකයන් ලෙස ද හඳුන්වනු ලැබේ. මෙම වෘත්තියට නිරූපිකාවන් හැඩ ගැන්වීම,පුද්ගලික සාප්පු සවාරි, සේවා ග්‍රාහකයන්ගේ මුළු ඇඳුම් අල්මාරියම ප්‍රතිව්‍යුහගත කිරීම මෙන්ම සේවාග්‍රාහකයාගේ පුද්ගලික ජීවිතයට සම්බන්ධ අනෙකුත් කර්තව්‍යයන් ද ඇතුලත් වේ.


සටහන් සංස්කරණය

Wardrobe_stylist