වොයෙජර් වැඩසටහන ක්‍රියාත්මක වූයේ මිනිසුන් රහිත යානා දෙකක් හරහාය. ඒ වොයෙජර් 1 හා වොයේජර් 2යි. ඒවා 1977 දී පිටත් කර යවන ලද්දේ 1970 අග භාගයේ දී ග්‍රහ වස්තු වල වු පිහිටීමේ වාසිය ලබා ගැනීමටයි. එහි රාජකාරීමය කරුණු වූයේ බ්‍රහස්පති හා සෙනසුරු ගැන සොයා බැලීම පමණක් වුවත් මෙම යානා දෙක බාහිර සෞරග්‍රහ මණ්ඩලයෙන් තම මෙහෙයුම් ගෙනයාමට සමත්විය. තවමත් ඒවා ක්‍රියාත්මක වන අතර එක්තරා දිනයක ඒවා සෞරග්‍රහ මණ්ඩල‍නේ ඉවත්ව යනු ඇත.මෙම යානා JPL හි නිපදවූ අතර මුල්‍ය ප්‍රතිපාදන නාසා ආයතනය මගින් සැපයිනි.

වොයේජර් යානයට බාහිර ග්‍රහ වස්තුවලට යාමට හා අප සෞරග්‍රහ මණ්ඩලයෙන් මිදීමට අවශ්‍ය ප්‍රවේගය ලබාදුන් පරා වක්‍රය.

කලින් එතරම් තොරතුරු දැන නොසිටි සෞරග්‍රහ මණ්ඩලයේ වායු යෝධයින් පිළිබඳ . විශාල කරුණු ප්‍රමාණයක් මෙම යානා දෙකෙන් අනාවරණය කෙරුණි. මෙම යානාවල පරාවක්‍රීය ගමන් මාර්ගය පසුව ප්ලූටෝ බවට පත්වු x ග්‍රහලොව පිලිබඳ උපකල්පනයකට මඟ පාදන ලදී.

"https://si.wikipedia.org/w/index.php?title=වොයේජර්_වැඩසටහන&oldid=471302" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි