වෛද්‍ය විද්‍යාවේදී අතිධ්වනි ස්කෑන් ක්‍රම භාවිතය

මෙය සිරුර අභ්‍යන්තරයෙහි ඇති පේශි හා අවයවවල ප්‍රමාණය, ව්‍යුහය සහ රෝග තත්ත්වයන් පිළිබදව දෘශ්‍යමාන ප්‍රතිබිම්භ ලබාගත හැකි අති ධ්වනි තරංග මත පදනම්ව බිහි වූ ප්‍රතිබිම්භ ඇති කර ගැනීමේ ක්‍රමයකි. ගර්භණී අවස්ථාවන්හි දී මෙහි භාවිතය මහජනතාව අතර පුළුල් වශයෙන් අවබෝධයක් ලබා ඇත. වෛද්‍ය විද්‍යාවේදී රෝග නිර්ණය සහ රෝග සදහා ප්‍රතිකාර කිරීමට අති ධ්වනි ස්කෑන් ක්‍රම බහුලවම භාවිතා වේ.

අති ධ්වනි ස්කෑන් ක්‍රමය හෙවත් Ultrasound Scan ක්‍රමයේදී Ultrasound යන වදන භාවිතා වනුයේ මිනිසුන්ගේ ශ්‍රව්‍ය පරාසයට (20000Hz හෝ 20kHz) වඩා ඉහළ සංඛ්‍යාතයක් සහිත ධ්වනික ශක්තිය පිළිබදව හැදින්වීමටයි. රෝග නිර්ණය සදහා අති ධ්වනි තරංග භාවිතයේදී මිනිසාගේ සාමාන්‍ය ශ්‍රවණ සීමාවට වඩා සිය ගුණයක් ඉහළ සංඛ්‍යාත පරාසයකින් යුත් 2megahertz සිට 18 megahertz අතර සංඛ්‍යාතයන් භාවිතා වේ. මෙලෙ‍ස අදාල සංඛ්‍යාත සීමාව තෝරා ගැනීම ලබාගන්නා ප්‍රතිබිම්භයෙහි අවකාශන විභේදන බලය සහ අදාල අවයවය සිරුර තුළ කෙතරම් ගැඹුරින් පිහිටා ඇත්ද යන්න මත පදනම් වේ. අඩු සංඛ්‍යාත මගින් අඩු විභේදන බලයන් ඇති කරන අතර සිරුර අභ්‍යන්තරයටම ගොස් ප්‍රතිබිම්භ ඇති කරනු ලබයි.

References සංස්කරණය

http://en.wikipedia.org/wiki/Medical_ultrasonography