වේලක්කාර සෙල් ලිපිය

ශ්‍රී ලංකාවේ පුරාණ පොළොන්නරුව නගරයේ දළදා මළුවෙහි වේලක්කාර සෙල් ලිපිය දැකගත හැකිවේ. ශිලා ලිපිය පළමුවන විජයබාහු රජු සමයේ (ක්‍රිස්තු වර්ෂ 12 වන සියවසේ) නිමවන ලද්දක් වන අතර, සංස්කෘත මිශ්‍ර දෙමළ භාෂාවෙන් සහ දෙමළ, ග්‍රන්ථාක්ෂර හා සිංහල අක්ෂරයන්ගෙන් සමන්විත වේ.

වේලක්කාර සෙල් ලිපිය

විජයබාහු රජුගේ මරණයෙන් පසුව රටෙහි ඇතිවූ වියවුල් කාලය තුල මෙම වේලක්කාර සෙල් ලිපිය ස්ථාපනය කල බව පැවසෙයි. විජයබාහු රජුගේ මුල් සමයේදී රජු විසින් සිය පුද්ගලික ආරක්ෂකයින් වූ වේලයික්කාර භටයන්ට දළදා මැදුරේ ආරක්ෂාව භාර කොට තිබූ බැව් මෙහි සඳහන් වේ. කෙසේ නමුදු රජුගේ තිස්වැනි වසරේදී චෝලයන්ට විරුද්ධව යුද්ධ කිරීම ප්‍රතික්ෂේප කල වේලක්කාර භටයෝ රජුට විරුද්ධව කැරැල්ලක් ඇති කිරීම නිසා විජයබාහු රජු විසින් ඔවුනට දඩුවම් කල බව හා සේවයෙන් නෙරපූ බව ප්‍රකාශ වේ. රජුගේ මරණයෙන් පසු වියවුල් සහගත තත්වයක් ඇතිවූ හෙයින් දළදා මැදුරේ ආරක්ෂාව නැවත වේලක්කාර භටයින්ට පැවරීමට මුගලන් තෙරුන් වහන්සේ කටයුතු කර තිබේ. අනාගතයේ කවර තත්වයක් ඇතිවූවද තමන් විසින් ධාතූන් වහන්සේලාට ආරක්ෂාව සපයන බවට වේලක්කාර භටයෝ තඹ පත් ඉරුවක හා මෙම ශිලා ලිපියෙහි කොටා දිවිහිමියෙන් ශපථ කොට තිබීම ඊට හේතුව වී තිබේ.

මූලාශ්‍ර සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=වේලක්කාර_සෙල්_ලිපිය&oldid=570375" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි