වෙළඳාම සහ ප්‍රවාහනය

ප්‍රවාහන තාක්ෂණයේ වාසිය ලබාගත් ඉන්දු නිම්න ශිෂ්ඨාචාරයේ ආර්ථිකය ප්‍රධාන වශයෙන්ම වෙළඳාම මත පදනම් වූ බව පෙනේ. මෙම වාසි අතරට බෝට්ටුව මෙන්ම ආසියාවේ අදටද දකින්නට ලැබෙන ආකාරයේ ගොනුන් බැඳි ගැල්ද අයත් වේ. මෙම බෝට්ටු අදටත් ඉන්දු ගඟේ දැකිය හැකි බෝට්ටු සේම කුඩා, පතුල පැතලි යාත්‍රාව, සමහර විට සුළඟෙන් ධාවනය වන ඒවා වේ. පුරා විද්‍යාඥයන් ලෝතල් නම් ප්‍රධාන නගරයෙන් දිය සිඳුනු ඇළ මාර්ගයක් සහ නැංගුරම් දැමීමේ පහසුකම් ද සොයාගෙන තිබෙනවා.

4300-3200BCE අතර ලෝකඩ යුගයේදී ඉන්දු නිම්න ශිෂ්ඨාචාරය දකුණු ටක්මෙනිස්ටාන් සහ ඉරාක කුඹල් කර්මාන්තය සමග සමානකම් දක්වයි. මුල් හරප්පන් කාලයේ (ක්‍රි.පූ.3200-2600) වළන්, මුද්‍රා, දේහ රූප හා ආභරණ ඉරාන සානුව සහ මධ්‍ය ආසියාව අතර වෙළඳාම ගැන දරන සාක්ෂියකි.

ඉන්දු නිම්න ශිෂ්ඨාචාරයේ මේවලම්, වෙළඳාම් ජාලය , ආර්ථිකය සලකා බැලූ විට විශාල ප්‍රදේශයක් ආවරණය කරනවා. ඒ අතර ඇෆ්ගනිස්ථානයේ කොටසක්, පැරීසියේ වෙරළ බඩ ප්‍රදේශ, නැගෙනහිර සහ බටහිර ඉන්දියාව සහ ඉරාන සානුව වනවා.

පූර්ව මධ්‍ය හරප්පන් අවධියේ "දිලමුන් වලින් පැමිණි අතරමැදි වෙළඳුන්" විසින් හසුරවනු ලැබු පුළුල් සමුද්‍රාසන්න වෙළඳ ජාලයක් හරප්පන් සහ මෙසපොතේමියානු ශිෂ්ඨාචාර අතර පැවතී තිබෙනවා. මේ සඳහා ලී වලින් නිර්මාණය කල යාත්‍රා යොදාගෙන ඇති අතර ඒවා එක් මධ්‍ය කුඹ ගසක් හා වියන ලද රෙදි රුවලකින් යුක්තයි.

"https://si.wikipedia.org/w/index.php?title=වෙළඳාම_සහ_ප්‍රවාහනය&oldid=378849" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි