වෙළද ලකුණු වෙළද ලකුණක වැදගත්කම • එක් සමාගමක භාණ්ඩ තවත් සමාගමකින් වෙන්කර හදුනා ගැනිම • භාණ්ඩවල ගුණාත්මක භාවය වෙළද ප්‍රචාරක කටයුතු වලදි යොදා ගැනිම • නිෂ්පාදකයන් සහ පාරිභෝගිකයන් යන දෙපක්ෂයම ආරක්ෂාකර ගැනිම • භාණ්ඩ ප්‍රදර්ශනවලදි හා වෙළද ප්‍රචාරන වලදි භාවිතා කිරිම • නව නිෂ්පාදන වෙළදපලට හදුන්වාදීමේ දී යොදා ගැනිම

වෙළද නාම භාණ්ඩ සහ සේවා අනිත් තරගකාරී සැපයුම්කරැවන්ගෙන් වෙන්කර හදුනාගත හැකි නමක් පදයක්. නිර්මාණයක් හෝ සළකුණක් වෙනත් පදයක් වෙළදනාමයක් විය හැක.

වෙළද නාමයකින් නියෝජනය කරනු ලබන්නේ යම්කිසි සමාගමක භාණ්ඩ හා සේවා පිළිබද පාරිභෝගිකයන්ගේ පළපුරැද්දයි.

භාණ්ඩ දෙකක් හෝ කිහිපයක් සම්බන්ධ වන වෙළද කටයුත්තක් සමූහ වෙළද නාම තරණය (Co – Branding) ලෙස හදුන්වයි.

මිල නියම කිරිම භාන්ඩයක් සදහා හුවමාරැවන මුදල් ප්‍රමාණය තීරනය කිරිම මිල නියම කිරිම නම් වේ. පාරිභෝගිකයාට අදාල මුදලට අනුව භාණ්ඩයේ උපයේගීතාව සහ/හෝ පාරිභෝගිකයා භාණ්ඩයවෙනුවෙන් කැප කිරිමට කැමති ප්‍රමාණය මෙම අංශය තීරණය කරයි.

අරමුණු • විකුණුම් ප්‍රමාණය වැඩි කිරිම • අදාායම වැඩි කිරිම • ලාභ ඉපයීම හෝ වැඩි කිරිම • වෙළද පල කොටස් වැඩි කිරිම හෝ පවත්වා ගැනිම • තරගකාරි බව නැති කිරිම • මහා පරිමාණ වශයෙන් නිෂ්පාදනය කිරීමෙන් වාසි අත්පත් කර ගැනිම

මිල තීරණය කිරීමේ දී බලපාන සාධක • නිෂ්පාදනය හා බෙදාහැරීමේ පියවර • දැනට ඇති ආදේශන භාණ්ඩ • සාමාන්‍ය වෙළද පුරැදු • ස්ථිර මිල • බෙදාහරින්න‍න්ගේ ප්‍රතිචාර • පාරිභෝගිකයන්ගේ ප්‍රතිචාර • ඉල්ලුමේ ස්වාභාවය නම්‍යතාවය අනම්‍යතාවය

වෙළද‍පළ ආකෘතිය • සම්පූර්ණ තරඟය • ඒකාධිකාරී තරඟය • ඒකාධිකාරී • කතිපයාධිකාරී • දර්ශනය මිල තීරණය කිරිම් පියවර • අල්ලාගතයුතු වෙළදපළ කොටස තීරනය කිරීම • මිල තීරණය කිරිමේ ක්‍රම උපායන් සෑදීම • ඉල්ලුම තක්සේරැ කිරිම • තරගකරැවන්ගේ ප්‍රතිචාර නිර්මාණය කිරිම

"https://si.wikipedia.org/w/index.php?title=වෙළද_ලකුණු&oldid=370564" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි