වෙනත් මධ්‍යකාලීන සාහිත්‍යයන්

Other Medieval Literature වෙනත් මධ්‍යකාලීන සාහිත්‍යයන්

වේස් නම් පුරාණ පර්සියානු කවියා ආතරියානු (Arthurian) පුරාවෘත්තය සැකසුවේය.

සාපේක්ෂව කුඩා රටක් වන අයර්ලන්තය, ලෝක සාහිත්‍යයට සෑම අතකින්ම විශාල දායකත්වයක් දැක්වු රටකි. අයර්ලන්තය සාහිත්‍යය රටින් බාහිරව ප්‍රචලිත වන්නේ ඉංග්‍රිසි භාෂාවෙන් වුවද, එය (පුරාණ හා නුතන) යුරො‍්පානු භාෂා සාහිත්‍යයේ වැදගත්ම අංගයක් වේ.

මධ්‍යකාලින වෙල්ෂ් සාහිත්‍යයේ 1100 ට පෙර අවදිය Yr (ynfeirdd (මුල්ම කවියන්) හෝ Yr. Hengerdd (පුරාණ කාව්‍ය) ලෙස හැදින්වේ. මෙම යුගය දළ වශයෙන් වෙල්ෂ් භාෂාවේ ආරම්භයේ සිට 11 වෙනි සියවසේ අගභාගයේ නෝර්මානුවන් වේල්ස් රටට පැමිණිම තෙක් වන කාල වකවානුවයි.

මොන්මවුත්හි ජෙෆරිගේ Historia regum Britanniae (බ්‍රිතාන්‍යය රාජ ඉතිහාසය) සෙල්ටික් අදහස් ඉතා පුළුල් ලෙස බ්‍රිතාන්‍යයේ ප්‍රචලිත කරන්නට විය.

පර්සියානු කවියෙකු වන 'වේස්', ජර්සියානු සාහිත්‍යයේ ආරම්භකයා ලෙස හැදින්වෙන අතර, ඔහු ආතරියානු (Arthurian) සාහිත්‍යයේ වැඩි දියුණුවට ද විශාල දායකත්වයක් දැක් වු පුද්ගලයෙකි. ඔහුගේ බෲට්" (Brut) නම් කාව්‍යය, ඇන්ග්ලෝ-නෝර්මානු රාජ්‍යයේ ඉංග්‍රිසි බල ප්‍රදේශ මත පදනම් වුණු මිථ්‍යා ප්‍රබන්ධ පිළිබද නෝර්මානුවන්ට තිබු උනන්දුව පෙන්නුම් කරයි. ඔහුගේ "Roman de Rou' කාව්‍ය නෝර්මැන්ඩි හි සාමිවරැන් පිලිබදව සත්‍ය අර්ථකථනයක් ලබා දේ. 14 වෙනි සියවස තෙක්ම, ඉංග්‍රිසි භාෂාවේ පද්‍යයන් රචිත වුයේ අයර්ලන්තයේ හා වෙනත් රටවල් හි වු අයර්ලන්ත ජාතිකයන්ගෙනි. වේල්ස් දේශයෙන් ඉංග්‍රිසි කාව්‍යයක් පලමු වරට රචනය වුයේ 1470 දීය.

ලෝලන්ඩ් ස්කොට්ස් (Lowland scots) සාහිත්‍යයේ ප්‍රථම නිර්මාණයක් ලෙස බාර්බෝර්ගේ (Brut) හැදින්විය හැක. (14 වෙනි සියවසේ)

වින්ටඩුන්ගේ ක්‍රොනිකිල් (Whynoun's Kronykil) හා අන්ධ හැරිගේ 'වෙල්ස්' (Blind Harry's wallace) 15 වෙනි සියවසේ සිට වු කෘතින් වේ.

13 වෙනි සියවසේ සිට හෙන්රිසවුත්, ඩන්බාර්, ඩග්ලස් හා ලින්ඩ්සේ වැනි ලේඛකයින් එඩින්බර්ග්හි රාජ්‍ය සභාව හා ශුද්ධ වු අන්ධෲම සරවිය වටා සාහිත්‍ය කෘති ගණනාවක් නිර්මාණය කර ඇත. කොර්න්ෂ් සාහිත්‍යයේ පැරනිතමි කාව්‍යය ලෙස Passhyon agan Arledh (අපගේ දෙවිදුන්ගේ දයාව) හැදින්විය හැක (1375) මධ්‍යකාලින කෝර්නිෂ් යුගයේ ලියැවුණු ප්‍රධානතිම සාහිත්‍යමය කෘතිය ලෙස An Ordinale Kernewek හැදින්විය හැක. එය 1400 දී පමණ ලියැවුණු පේලි 9000 කින් සමන්විත ආගමික කෘතියකි. එමලසම කෝර්නිෂ් සාහිත්‍යයේ ලියැවුණු දිගුම කෘතිය, 1504 දී ලියැවුණු Bywnans Mweriasek (මේරියසක්ගේ ජීවිතය) ලෙස සැලකිය හැක.