වෘද්ධතාව
වෘද්ධතාව හෝ ජීවවිද්‍යාත්මක වියපත්වීම හෝ යනු, කාලය ගතවෙත්ම, පරිවෘත්තිය කඩාකප්පල් කරමින් අණුක සහ සෛලීය ව්‍යුහයට සිදුවන්නාවූ සමුච්චය වෙනස්කම් නිසා පිරිහීම සහ මරණය ගෙනදෙන අන්තර්ජන්‍ය සහ ආවේණික ක්‍රියාවලිය වෙයි. සමස්ත ජීවියාගේ (ජීවීය වෘද්ධතාව) මට්ටමෙන් මෙන්ම එහි එකෛක සෛල (සෛලීය වෘද්ධතාව) මට්ටමෙන්ද වෘද්ධතාව සිදුවෙයි. . ජීවවිද්‍යාත්මක වියපත්වීම පිළිබඳ අධ්‍යයනය ජෛවවෘද්ධතා විද්‍යාව වෙයි. අත්‍යන්තයේදී, මරණය ඇතිවීමට ප්‍රධානම හේතුව වන්නේ වෘද්ධතාව වෙයි. ගෝලය පුරා දිනකට මියයන, දළවශයෙන් 150,000 පමණ වන ජනයා අතුරින්, තුනෙන් දෙකක් පමණ—දිනකට 100,000—මිය යන්නේ වයස-ආශ්‍රිත හේතූන් නිසාය; කාර්මිකකරණයට ලක්වුනු ජාතීන්ගේ, තවදුරටත්, මෙම අනුපාතය බොහෝ වැඩි වන අතර, 90% වෙත ලඟාවෙයි. [1] සියළු ජීවින්ගේ අනිවාර්යය ඉරණම වන්නේ වෘද්ධතාව නොවන අතර, සමහර කාණ්ඩයන්හී (තක්සෝන) ජීවින්, ඔවුන්ගේ ජීවන චක්‍රයෙහි සමස්තයෙහිදී හෝ කොටසකදී හෝ මර්ත්‍යතාවයේ කාලානුරූප අඩුවීමක් අත්දකිති.
ආශ්‍රිත
සංස්කරණය- ^ ඕබ්‍රි ඩී.එන්.ජේ, ඩි ග්‍රේ (2007). "ලයිෆ් ස්පෑන් එක්ස්ටෙන්ෂන් රිසර්ච් ඇන්ඩ් පබ්ලික් ඩිබේට්: සොසයිටල් කන්සිඩරේෂන්ස්" (PDF). ස්ටඩීස් ඉන් එතික්ස්, ලෝ, ඇන්ඩ් ටෙක්නලජි. 1 (1, ලිපිය 5). doi:10.2202/1941-6008.1011. සම්ප්‍රවේශය අගෝස්තු 7, 2011.