වෘත්තීය අධ්‍යාපනය

ශ්‍රි ලාංකීය වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රය මුහුනපාන ගැටඵ

සංස්කරණය

පාසල් අධ්‍යාපනයේ උපරිම ඵල නෙලාගැනීමට අපොහොසත් වූ හෙවත්, පාසල් අධ්‍යාපනයෙන් ඉහලට ගමන් කිරීමට ඉඩ ප්‍රස්ථාව අහිමි වන තරුණ තරුණියන්ට රැකියා අවස්ථා පිළියෙල කරගැනීමට අවශ්‍ය නිපුනතා ලබා දෙමින් රටේ ශ්‍රම වෙළඳපල ඉල්ලූමට අවශ්‍ය සැපයුම නිර්මාණය කිරීම උදෙසා ආරම්භවූ ශ්‍රි ලාංකිය වෘත්තීය අධ්‍යාපනය වර්ථමානය වන විට ප්‍රධාන ගැටඵ රාශියක් මැද ඉදිරියට ගමන් කරමින් පවති.

මෙහිදී අපට ප්‍රථමයෙන්ම වෘත්තීය අධ්‍යාපනයට පිවිසීමට තිඛෙන්නා වූ ගැටඵ ගැන අවධානය යොමුකල හැකිය. මෙහිදී,

(1) වෘත්තීය අධ්‍යාපනය සඳහා සමාජයේ තිඛෙන පිළිගැනීම.

(2) වෘත්තීය අධ්‍යෘපනය සම්බන්ධව විදිමත් තොරතුරු ලබා ගැනීමට ඇති අපහසුව.

වෘත්තීය අධ්‍යාපනයට පිවිසීමට පවත්නා ප්‍රධාන තම ගැටඵ දෙකක් වශයෙන් පෙන්වා දිීමට හැකිය.


කළා අංශය තුල සමහර සිසුන් තුල මෙයට පහැදිමක් තිබුනද වෘත්තීය අධ්‍යපනය ගැන ඔවුන්ගෙ මිතුරන් හා වටාපිටවෙන් ඔවුන්ට ලබෙන පිලිගැනිම අඩුය වෘත්තීය අධ්‍යාපනය උදෙසා වූ සමාජ පිළිගැනීම අධ්‍යයනය කළහොත් පෙනී යන්නේ එය ඍණාත්මක පිළිගැනීමක් බවය. ඒ සඳමා ප්‍රධාන සාදක කීපයක බලපෑම දැකිය හැකිය.

වෘත්තීය අධ්‍යාපන ආයතනයන්ට සමාජයේ පවතින පිළිගැනීම ගතහොත් මෙසේය. අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ, උසස්පෙළ යන විභාග කඩයිම් තුළ අසමත්වූ, සමාජය තුළ අතරමන්ව කුමක් කරම්දැයි සිතාගැනීමට නොහැකි පිරිස් හට යම් ‘රැකියාවක් පුර්ැදු පුහුණු කරන්නා වූ ස්ථානයක් ලෙෂ වෘත්තීය පුහුණු ආයතන හැඳින්වේ. මෙසෙල හංවඩු ගැසුන වෘත්තීය පුහුණු ආයතනයන්ට සමාජයේ පවතින අඩු පිළිගැනීම නිසාම එම ආයතනයන්හි පුහුණුව හැදෑරීමට අදහස් කරන තරුණ තරුණියන් මන්දොස්සාහි වන්නේ තමාගේ සාමාජ තත්වයට අදාල ආයතන නොගැලපෙන බව සිතමිනි. මේ නිසා බොහෝ තරුණ තරුණියන් රජයේ වෑත්තීය පුහුණු ආයතන කරා නොගොස් විශාල මුදලක් වැය කරමින් සමාජය තුල ප්‍රචාරයක් ලබැ දෙමින් ඉහළයයි සම්මත පිළිගත් ආයතන කරා ඇදීයාමට උත්සාහ කරනු ලබයි.


(අ). තවද බොහෝ තරුණ තරුණියන් රැකියාවක් කියු පමණින් බලාපොරොත්තු වනුයේ වායුසමීකරණය කරන ලද කාමරයක විශාල පුටුවක් මත ඉද කය නොවෙහෙසවා කරණු ලබන්නාවූ කි්‍රයාවකි. ඔවුන් හට වෘත්තීයක් කී පමණින් සිහියට නැගෙනුයේ වඩුමඩුවක, ගරාජයක, නිවසක් ඉදිකරන ස්ථානයක දහඩිය වගුරවමින් හෝ මජන් ගෑවුන අත්පා ඇතිව එදා වේල සොයා ගැනීම අරමුණු කරගත් උත්සාහය පෙරටු කොටගෙන කරනු ලබන රැකියාවකි. මෙම තත්වය හා එම රැකියාවන් තුළින් විශාල මුදලක් ඉපයිය නොහැකි බවට පවතින පිළිගැනීම හා සමාජය තුළ ලැඛෙන්නාවූ අඩු ගරුත්වය මත වෘත්තීය පුහුණුවක් කරා යොමුවීමට ඇති උනන්දුව හීන කරයි. (මෙහිදී අඩු ගරුත්වයක් යන්න මෙලෙස විස්තර කල හැකිය ර්‍ණරැකියාවක් යනු පුද්ගල අනන්‍යතාවය නිර්වචනය කිරීමකි.”


උදා:- ඔබ ලී භාණ්ඩ සාදනවා නම් ඔබ වඩුබාස් යනුවෙන් හැඳින්වේ ) ඉහත බාධක හමුවේ නොසැලි වෘත්තීය අධ්‍යාපනය හැදෑරීමට ප්‍රවිශ්ඨ වීමට අදහස් කරණු ලබන ශිෂ්‍යයා ඊළගට මුහුණ දෙන්නා වූ ප්‍රධානම ගැටලූව වනුයේ තමන් පුහුණුවක් ලබා ගන්නාවූ පාඨමාලාව කුමක්ද යන්නයි. මෙහිදී ඔහු තවත් හැදෑරීමට අවශ්‍යයයි තෝරාගනු ලබන පාඨමාලාව සොයාගනුයේ තම හැකියාව හා දක්ෂතාවය යන කාරණා මත නොව සමාජයේ වැඩි දෙනෙකු හදාරනු ලබන්නේ කුමන පාඨමාලාවද යන්න මතය. එපමණක් නොව තවත් බොහෝ ශිෂ්‍යයන් නව පාඨමාලාව තෝරාගනු ලබන්නේ ප්‍රවෘත්ති පත්‍රයක තිඛෙන පාඨමාලා රාශියක් අධ්‍යනය කිරීමෙන් පමණක්ය. මෙහිදී අදාල පාඨමාලාව තෝරා ගැනීමට හේතු වූ සාධකය වනුයේ බැලූ බැල්මට එම පාඨමාලාව තුළ වරදක් නොපෙනීම හා නවීන වචන පෙලක් ඔස්සේ ගොඩ නගන ලද්දාවූ නාමයක් එම පාඨමාලාව ෂතුවීම නිසාය.


මෙලෙස වෘත්තීය අධ්‍යාපනයට පිවිසීයා වූවද එම වෘත්තිය අධ්‍යාපනය හැදීරීමේ දී ද ගැටඵ රාශියකට අදාළ ශිෂ්‍යාට මුහුණ දීමට සිදුවේ. එම ගැටඵ අතරින් ප්‍රධාන ස්ථානයක් අදාළ පාඨමාලාවේ ගුණාත්මක භාවය හා පිළිගැනීම මත බැදී පවතී. මෙහිදී පිළිගැනීම යන්න තීරණය වීමේදී අදාළ වෘත්තිය පුහුණු ආයතනය තුළ පවතින ගණාත්මක භාවය ඉතාමත් වැදගත් වේ. සමාජය තුළ අදාල විෂය පතය කෙරෙහි දක්ෂයයි පිළිගත් ප්‍රවීන ආචාර්ය මඩුල්ලක් හා, නවීන උපකරණ භාවිතයෙන් නිසි ප්‍රමිතියකින් යුතුව නිරන්තරයෙන් නවීන ලෝකය හා යාවත් කාලින වෙමින් අදාළ පාඨමාලා සැකසිය යුතු අතර කර්මාන්තයේ අවශ්‍යතාවයට ගැපෙන අයුරින් පාඨමාලා සැකසීම මෙහිදී වැදගත්වේ.


එපමණක් නොව ඛෙහෝ දෙනා වෘත්තීය අධ්‍යාපනය හැදෑරීමේදි කර්මාන්තයේ අවශ්‍යතාවයන්ට ප්‍රමුඛත්වය නොදෙන තත්වයක් වර්තමානය තුළ දැකගත හැකිය. මෝටර් කාර්මික, ජලනල කාර්මික, පෙදරේරු ශිල්පී වැනි සමාජය තුළ කර්මාන්ත සඳහා ඉල්ලූම පවතින කේෂත්‍රයන් තිබියදී බොහෝ දෙනා වැඩි වශයෙන් පරිඝනක ආශි්‍රත වෘත්තීය පුහුණුව සඳහා යොමුව තිබේ.


වෘත්තීය පුහුණුව ආශ්‍රිතව පවතින ගැටලූ ගැන කතා කිරීමේදී ඊළඟට වෘත්තිය පුහුණුව පැදැරීමෙන් පසු තත්වය ගැන අවධානය යොමු කිරීමේදී ද ගැටලූ රාශියක් හඳුනාගත හැකිය.


වෘත්තීය අධ්‍යාපන නිමාකර පුහුණු කාලසීමාවෙන් පසු සමාජයට ප්‍රවිෂ්ඨ වන පුහුණු ශ්‍රමිකයාට ප්‍රථමයෙන්ම රගපෑමට තහිමිවන භූමිකාව වනුයේ සමාජයේ අනාථයෙකුගේ භූමිකාවයි. එම කි්‍රයාව තෙරක් නොපෙනෙන මහසයුරක් මැද ගොඩබිමක් සොයා යාත්‍රා කරන නැවියෙකුගේ කි්‍රයාව හා සම වන්නකි.


වෘත්තීය පුහුණු ආයතන මඟින් පුහුණුව ලබන බොහෝ දෙනෙකු හට මුහුණදීමට සිදුවන්නේ මෙම ගැටලූවටයි. මෙම තත්වය තුළ පුහුණු ශ්‍රමිකයා ස්වඋත්සාහයෙන්ම තම රැකියා අවස්ථාවට අවකාශ ඇති ස්ථානයක් සොයාගෙත යුතුය. නැතිනම් නිර්මානය කරගත යුතුය. වෘත්තීය පුහුණු ආයතන තුළ පුහුණුව නිම කළ පසු එම ආයතන මඟින් රැකියා අවස්ථා සපයනුයේ ඉතාම සීමිත පිරිසකට පමනි. එලෙෂ සපයනු ලැබූ බොහෝ රැකියා අවස්ථා තාවකාලික ස්වරූපයක් උසුලයි.


එපමණක් නොව තමා ලද වෘත්තිය පුහුණුව තුළ උදාවන රැකියා එක් කාලවකවානුවකට පමණක් සීමා වන අයුරු දැකිය හැකිය. උදාහරණයක් ලෙෂ ගෘහවිදුලි ශිල්පය හැදෑරූ අයෙක් ගතහොත් නිවසකට අලූතෙන් විදුලිය ගැනීමේදී පමණක් ඔහුට එදාවේල සොයාගැනීමට සුඵ ආදායමක් ඉපයීම පමණක් සිදු කරයි. පෙදරේරු කර්මාන්තය ආශි්‍රතව ද මෙම තත්වයම දැකිය හැකිය.


එපමණක් නොව වෘත්තීය පුහුණුව ලැබුවෙකු තම ස්ව උත්සාහයෙන් කර්මාන්තයක් ආරම්භ කිරීමට කටයුතු කිරීමේදී ඒ සඳහා අවශ්‍ය වන්නාවූ මූලික ප්‍රාග්ධනය සොයා ගැනීමේ අර්මුදයකට ඔහු මුහුණපානු ලබයි. මෙයට ප්‍රධානතම හේතුව වනනේ එම පුහුණු වෘතතිකයා තුළ ඇති දක්ෂතාවය ගැන අගය දෙන ආයතන කෙරෙහි ඇති අඩු තක්සේරුවයි. මෙම තත්වයට විසදුම් වශයෙන් වෘත්තීය පුහුණු අධිකාරිය වැනි ආයතන මැදිහත්වි රාජ්‍ය බැංකු මඟින් රුපියල් ලක්ෂ දෙකක පමණ ණය මුදලක් ලබාදීමට කටයුතු කලද එය ප්‍රමාණවත් නොවන අවස්ථා බොහෝ විට දැකගත හැකිය. මෙම තත්වය මත වාත්තීය පුහුණුව ලැබූ බොහෝ දෙනෙකුට සිදුව ඇත්තේ වෙනයම් විකල්ප මාර්ගයකට පිවිසීමටයි. මේ අනුව එම වෘත්තීය පුහුණුව ලත් තැනැත්තා ප්‍රාග්ධනය සොයා ගන්නා තුරු වෙනයම් පුද්ගලයෙකු යටකේ රැකියාවක් සොයා යයි.


අදාළ වෘත්තීය පුහුණුව ලත් තැනැත්තා එම උත්සාහයෙන් කර්මාන්තයක් ආරම්භ කලද ඔහු ඊළඟ මුහුණපානු ලබන ගැටලූව වනුයේ වෙළඳපොලක් නොමැතිකමයි. වෙළඳපොලක් සකසා ගැනීමට නොහැකි තත්වය හමුවේ බොහෝ කර්මාන්ත ළදරු අවධියේදීම විනාශවී යයි.


මෙම තත්වය යටතේ ශී්‍ර ලාංකිය වෘත්තීය අධ්‍යපනය සඳහා නව මුහුණුවරක් ආදේශ කළයුතු කාලය එළඹී ඇති බව පෙනී යයි. ඒ සඳහා අප ආරම්භක වශයෙන් ශී්‍ර ලංකීය සමාජය තුළ ඒ ඒ වෘත්තීන් උදෙසා මැවෙන ප්‍රතිරූපය වෙනස් කළ යුතුය. උදාහරණ ලෙෂ පෙදරේරුවා ගතහොත් අපට මැවෙන සාම්වප්‍රදායික චරිතය වන පාපැදියක් පිටුපස මේසෙන් හැන්ද, මට්ටම්පොලූ වැනි බඩුබාහිරාදිය බැදගෙන එනුලබන බුලත්විට සපන චරිතය වෙනස්කර ඔහුට නව පෙනුමක් ආරෝපනය කලයුතුය. එම පෙනුම දකින අයගේ සිත් ගන්නා සුඵ ආකාරයෙන් සැකසිය යුතුය.


එපමණක් නොව සමාජය තුළරැකියාව ඛෙදිතිඛෙන උස් පහත් භාවය ඉවත් කොට සෑම රැකියාවක උදෙසාම ගෞරවයක් ලබාදීමේ වැඩපිළිවෙලක් ආරම්භ කලයුතුය. ඒ සඳහා ජනමාධ්‍ය භාවිතා කලයුතුය.


තවද වෘත්තීය අධ්‍යාපන ආයතන පිළිබඳව තිඛෙන සමාජ මතයද වෙනස් කල යුතුය. එනම් වෘත්තීය අධ්‍යාපන ආයතන යනු හුදු පාසල් අධ්‍යාපනය හමාර කල පිරිස් හට රැකියා අවස්ථා සඳහා පුහුණුවක් පමණක් ලබාදෙන ආයතනයක් බවට තිඛෙන මතය වෙනස්කර මූලික ආරම්භක හැකියාවන් ඇති ශිල්පීන්ගේ සිට සුපරීක්ෂකවරුන් (ඩිප්ලෝවා) කළමනාකරුවන් (උසස් ඩිප්ලෝමා) තාක්ෂණ (උපාධි) දක්වා අධ්‍යපනය හැදෑරීමට හැකියාව ඇති අයතන බවට පත්කල යුතුය.


එපමණක් නොව සමාජ තුළ ඒ ඒ වෘතියට අදාළ රැකියාව කිරීම සඳහා නියමිත පුහුණුවක් ලබාගැනීම අනිවාර්ය කල යුතු අතර අදාළ පුහුණු කාලය නිමකල පසු ඒ සඳහා සහතිකයක් නිකුත්කල යුතුවය. එවිට අදාල වෘත්තියට පිළිගැනීමක් හා වටිනාකමක් හිමිවෙනවා මෙන්ම පාරිභෝගියාට උසස් හා ගුනාත්මක සේවාවක් ද ලබාගැනීමට හැකියාව ලැඛෙනු ඇත.


තවද වෘත්තීය පුහුණු ආයතන සමාජය තුළ පුහුණු වෘත්තිකයන් සපයන ආයතනයක් ලෙස කි්‍රයා කලයුතුය. ඒ අනුව වෘත්තීය පුහුණු ආයතන සමාජය තුළ රැකියා බැංකුවක මුහුණුවර තමන්වෙත ලබාගත යුතුය.


ඒ උදෙසා ආර්ථීකය තුළ කි්‍රයාත්මකවන ව්‍යාපාරික ආයතන හා තම බැදීම්කරගත යුතුය. ඒ හරහා ඒ ඒ පුරප්පාඩුවට අවශ්‍ය වන්නා වු ශ්‍රමිකයන් ඒ ඒ ආයතන වලට සපයනු ලබන්නා වූ වගකීමාත්මක බැදීමක් අදාල ආයතන හා වෘත්තිය පුහුණු ආයතන අතර ඇතිකරගත යුතුය. එපමණක් නොව ඒ ඒ ආයතනයන්හි සේවය කරන ශ්‍රමිකයන් උදෙසා විදිමත් පුහුණු වැඩසටහන් සැලසුම් කිරීම හා ආයතන පිළිබඳ ප්‍රමාණයක් ලබාදීම වැනි ප්‍රතිලාබ මෙහිදී අදාල ආයතනයන්ට හිමිකර දිය යුතුය.


එපමණක් නොව වෘත්තිය පුහුණු ආයතන මුල්වී නොයෙක් කේෂත්‍රයන්හි කර්මාන්ත ආරම්භ කල හැකිය. එවිට අදාල කර්මාන්ත උදෙසා තම ආයතන තුළ පුහුණුවූ ශ්‍රමිකයන් යොදාගත හැකිය. මෙය මෝටර් කාර්මික කේෂත්‍රව තුළ ඉතාමත් ප්‍රායෝගිකව යොදාගත හැකිය.


එපමණක් නොව වෘත්තීය අධ්‍යපනයේ ප්‍රධාන ඉලක්ක කණ්ඩායම වනුයේ පාසල් හැරගිය රැකියා නොමැති පිරිස් වුවද මෙම පිරිස පමණක් කේන්ද්‍ර නොකර දෙමාපියන්, ගුරුවරුන්, පාසල් සිසුන් වෘත්තීය අධ්‍යාපනය පිළිබඳ දැනුවත් කළ යුතුය.

එපණක් නොව වෘත්තීය අධ්‍යපනයේ යෙදෙන සිසුන් ගේ මානසික මට්ටම ගැන රජය හා ඔවුන් ගේ පවුල්වල සාමාජිකයන්ද දැනුවත් වී ඔවුන්ට ආදාල ඉගනීම

ඉඩකඩ ලබාදීම පවුල් වල සාමාජිකයන් ගේ වගකීමකී.

පාසලෙන් පසු සමාජයෙන් ඔවොන්ව කොන් නොකල ඔවුන් දිරි ගැන්වීම සමාජයේ වගකීමකී .ශ්‍රි ලංකාව වැනි නොදියුනු හෝ දියුනු වෙම්නි පවතනින රටක සිටින මිනිසුන්ගේ සාම්ප්‍රරදායක් සිතුම් පැතුම් ද වෙනස් කල් යුතුය .

තවද දැනට වෘත්තීය අධ්‍යපනයේ යෙදෙන දරුවන් හට වීශේෂ වූ සහා ඔවොන්ටම ගැලපෙන සාමාජීය කාන්ඩායම් දියුණූ වෙමින් පවතීන අතර සාමජයට ඔවොනට බරක් නොවී සිය ජීවන් රටාව ගෙන යයි.

වෘත්තීය අධ්‍යපනයේ වාසි ශගත දේවල්

උසස් පෙල ආලා වැනි විශයන් වල යෙදෙන සිසුන් ට වඩා නම් ඔවුන්ට නම්බුකර ලෙස සමාජයේ ජීවත් විය හැක .

උදා (හෝටල් සහ බේකරි පතාමාලා හාදාරන සිසුන් ට ශ්‍රි ලනංකාවේ ප්‍රරසිද්ද හොටල් වල රැකියා ) ඇත .

සරසවි යක් යන්නා මෙන් අනිවාර්‍ය හ්රෝ ට්යාත්ක්මන්ගේම රැකියාවක් ඔවොන්ට ලැබේ.

තවද දිනෙන් දින උද්දමන වැනි හෙතුන් නිසා රුපියල සාපේක්ශව ඩොලර් ඉපයීමට ද හැක .එමගින් රට්ට විශාල සේවයක් ඔවොන් ඉටුකරයි.

විශාල මුදල් වියදම් කර විදෙස් ගතව්න්නා තරුණයන තරුණීයන්ට NVQ සහතිකයක් ලබා ගත හැක .



මෙම යෝජනා තුළ ජීවිතයට හැකියාවක් - හැකියාවට රැකියාවක් - රැකියාවට පිළිගැනීමක් ලබා සාර්ථක ව්‍යාපාරිකයෙකු බිහිකර රටේ ආර්ථීක සංවර්ධනය නගා සිටවිය හැකිය.

ආශ්‍රිත මූලාශ්‍ර

සංස්කරණය
  • නිපුනතා පියස ප්‍රකාශන
  • වෘර්තීය හා නිපුනතා සං.අමාත්‍යාංශය
"https://si.wikipedia.org/w/index.php?title=වෘත්තීය_අධ්‍යාපනය&oldid=551915" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි