වීර කැප්පෙටිපොළ මධ්‍ය විද්‍යාලය, අකුරම්බොඩ

කි‍්‍ර.ව. 1880 වන විටත් අකුරම්බොඩ ස්වභාෂා පාසලක් පැවති බව, A Gazatteer Of The Central Provinvce Of Ceylon න ම් ග‍්‍රන්ථයේ 05 වෙනි පිටුවෙහි සදහන් වේ. ඒ අනුව මෙම විද්‍යාලයේ ඉතිහාසය අවුරුදු 113 කට වැඩි බවත්, ශත වර්ෂයකට අධික කාලයක්, මාතලේ ප‍්‍රදේශයේ දස දහස් ගණනක් ශිෂ්‍ය ශිෂ්‍යාවනගේ නැණ නුවන පෑදීමට මුලස්ථානය වු බවත් කිව හැකිය.

නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස හදුන්වන ආචාර්ය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමා විසින් මෙම පාසල 1941.01.06 වන දින මධ්‍ය විද්‍යාලයක් බවට පත් කොට අකුරම්බොඩ පමණක් නොව අවට ගම්වල දරුවන්ටත් නිදහස් අධ්‍යාපනය ලබන්නට අවස්ථාව ලබාදුනි. ශ්‍රී ලංකාවේ බිහිවු මධ්‍ය විද්‍යාලයන් අතර ප්‍රථම මධ්‍ය විද්‍යාලය ලෙස සලකනු ලබන්නේද මෙම විද්‍යාලයයි.

එහෙත්  මෙම ඉතිහාසය පිළිබදව අධ්‍යාපන අමාත්‍යාංශය සතුව නිසි වැටහීමක් නොමැති කමින් ලංකාවේ ප්‍රථම මධ්‍ය විද්‍යාලය ලෙස මතුගම සී.ඩබි.ඩබි කන්නන්ගර මධ්‍ය විද්‍යාලය බවට වැරදි අවබෝධයක් ජනතාව අතර  පවති. එය නිවැරදි කිරීම බලධාරින් සතු යුතුකමකි.

ඵෙතිහාසික වැදගත්කමක් ඇති මෙම මැදි විදුහල 1985 වර්ෂයේදී රජයේ අවශ්‍යතාවයක් මත විද්‍යාලයීය සියලූම සම්පත් යොදාගෙන යුධ හමුදා අභ්‍යාස මධ්‍යස්ථානයක් ආරම්භ කරන ලදී. යුධ හමුදාවට පවරා ගැනීම නිසා ලැබුණු සම්පත් වලට වඩා අහිමි වුනු සම්පත් වල වටිනාකම කිහිප ගුණයක් වන්නේය. මාතලේ දිස්ති‍්‍රක්කයේ ජන නායකයින් සහ ප‍්‍රදේශවාසීන් විසින් කරන ලද බලවත් ඉල්ලීම පරිදි 1991 වර්ෂයේ අගෝස්තු මස විද්‍යාලයීය ගොඩනැගිලි ආපසු ලබා ගැනීමට හැකිවිනි. අපහසුතා රාශියක් මධ්‍යයේ 1991 සැප්තැම්බර් මස 09 වන දා ශිෂ්‍ය ශිෂ්‍යාවන් 520 දෙනෙකුගෙන් මෙම විද්‍යාලය නැවත ආරම්භ කරන ලදී.

එමෙන්ම මාතලේ දිස්ත‍්‍රික්කයේ බාලක බාලිකා නේවාසිකාගාර සහිත එකම පාසල වන්නේ ද මෙම විද්‍යාලයයි. මෙම මධ්‍ය විද්‍යාලය මාතලේ දිස්ති‍්‍රක්කයේ කී‍්‍රඩා පාසලද වන්නේ ය. මෙය විද්‍යාලයට ලැබුණු මහගු දායාදයකි.

හිටපු විදුහල්පතිවරුන් සංස්කරණය

  • එස්.එම්. ප‍්‍රඥාරත්න - 1941-1942
  • ඒ.ඡී.ඡී. පෙරේරා - 1942-1944
  • සී. ගොඩගේ - 1944-1949
  • ඒ.කේ. ජයසේකර - 1949-1951
  • එල්. අබේසේකර - 1951-1954
  • එල්. එල් .පී. කබ්රාල් - 1954 - 1957
  • ඒ. තිලකරත්න - 1957 - 1960
  • ඡී.ජේ.ඞී. සිල්වා - 1960 - 1961
  • පී.පී. මන්තිලක - 1961 - 1966
  • ඞී.බී.තෙවරප්පෙරුම - 1966 - 1967
  • වයි.එම්. කරුණාරත්න - 1967 - 1968
  • වී.ඩබ්ලිව්.ජේ.ලොකුබණ්ඩා - 1968 - 1971
  • ඒ.බෝපිටිය - 1971 - 1972
  • බී.එන්.බස්නායක - 1972 - 1973
  • එන්.ජී.පියසේන - 1973 - 1974
  • සී.ඒ.සී.බී.සිල්වා - 1974 - 1976
  • පුජ්‍ය පෙනලබොඩ චන්ද්‍රනන්ද හිමි - 1976.01 - 1976.09
  • සී. බස්නායක - 1976.10 - 1976.12
  • ඒ.ඩබ්ලිව්.බී. තෙන්නකෝන් - 1977 - 1981
  • එස්.සී.සී.විජේසිංහ - 1981 - 1985
  • යුධ හමුදා කදවුර - 1985 -1989
  • පී.ඩබ්ලිව්.කරුණාතිලක - 1991 - 2007
  • බී.ඒ.සුනිල් බටුවන්ගල - 2007 - 2009}
  • ඩී.එම්.වයි.එම්.දිසානායක මිය 2009 - 2012
  • ඩී.ජී සරත් ජයසිංහ 2012 සිට මේ දක්වා

බාහිර සබැදි සංස්කරණය