වීනස් සිඟිති ප්‍රතිමා

වීනස් සිඟිති ප්‍රතිමා යනු ඉහළ පුරා ශිලා යුගයට අයත්, බොහෝවිට යුරෝපයෙන් හමුවී ඇතිමුත්, සයිබීරියාවේ, ඉර්කුට්ස්ක් ඔබ්ලාස්ට් තරම් ඈත පෙරදිගද හමුවී ඇති, පිරනීස් සිට බයිකාල් විල දක්වා යුරේසියාවේ බොහෝ ප්‍රමාණයක් ආවරණය කරන පුළුල් ව්‍යාප්තියක් සහිත, සමසම භෞතික ලක්ෂණ නිරූපණය කරන ප්‍රාග් ඓතිහාසික ස්ත්‍රී ප්‍රතිමාවන් ගණනාවකට යොදා ඇති හිරවරණ පදයකි. මෙයින් බොහෝ ඒවා ග්‍රැවටියානු යුගයට අයත් වුවද, 2008 දී සොයාගත් හා අඩුම වශයෙන් වසර 35,000 ක් වත් පැරණි බවට කාබන් කාල නිර්මිත හොහෙල් ෆෙල්ස් හී වීනස් ඇතුළු ඔරිඤ්ඤාසියානු යුගයට අයත් පූර්ව නිදසුන් ගණනාවක්ද , වසර 11,000 පමණ පැරණි මොන්රුස් හී විනස් වැනි මැග්ඩලේනියානු යුගයට අයත් පශ්චිම නිදසුන් ගණනාවක්ද පවතියි.

විලෙන්ඩෝර්ෆ් හී විනස්

මෙම සිඟිති ප්‍රතිමා මෘදු පාෂාණ ( මේවන් පාෂාණ, කැල්සයිට් හෝ හුණුගල් වැනි), අස්ථි හෝ ඇත් දළ වෙතින් නෙළා හෝ, මැටියෙන් අඹා ඉන්පසු ගින්නෙන් පුළුස්සා හෝ තනා ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=වීනස්_සිඟිති_ප්‍රතිමා&oldid=162519" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි