ව්‍යවස්ථාපිත නීතිය

ව්‍යවස්ථාපිත නීති යනු ව්‍යවස්ථාදායකය මඟින් හෝ ව්‍යවස්ථාදාකයෙක් විසින් පනවනු ලබන ලිඛිත නීති වේ.

මඟින් රජයේ කාර්යයන් අර්ථාන්විතව පැහැදිලි කිරීමට, සිවිල් පාලනයේ යහපත පිණිස පවතින නීතිය සංග්‍රහගත කිරීම සඳහා පුද්ගලයෙකුට හෝ සමාගමකට විශේෂ සැලකිල්ලක් ලැබෙන පරිද්දෙන් පනවනු ලබන ලිඛිත නීතියයි. ඊට අමතරව ප්‍රාන්ත ව්‍යවස්ථාවන් සහ මහ නගර සභාවන් මඟින් නීතිමය බලයක් ඇති පරිපාලන රෙගුලාසි සහ නාගරික නීති වශයෙන් ව්‍යවස්ථාවන් සම්මත කරනු ලබයි. මෙම පරිපාලන තීරණ ගැනීමේ ක්‍රියාවලිය සාමාන්‍යයෙන් රීති නිර්මාණය ලෙස හඳුන්වයි. මෙසේ පනවනු ලැබු නීතීන් රටේ ප්‍රධාන නීතියට උපකාරක නීතීන් වන අතර ඒවා ද ව්‍යවස්ථාපිත නීතියේම කොටසක් වේ. ව්‍යවස්ථාපිත නීතියේ පවතින අප්‍රධාන අංගයක් වන්නේ පුද්ගලික කෙටුම්පතකින් ඇරඹෙන පුද්ගලික ව්‍යවස්ථාවන් ය. කැනඩාවේ 1968 දික්කසාද පණත ට පෙර පැවති දික්කසාද නීතිය මීට හොඳම උදාහරණයක් ලෙස දිය හැකිය. එකල දික්කසාදය ලබාගැනීම සඳහා කැනේඩියානු සෙනට් සභාවට ඉල්ලුම් කල යුතු වු අතර සෙනට් සභාව විසින් එම දික්කසාද පෙත්සම් විභාගකර සභාවේ ඡන්ද විමසීමක් පවත්වා ඉන්පසු ව එය නීතියක් බවට පත් කරනු ලැබී ය. එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුව 19 වන සියවසේ දී පුද්ගලික කෙටුම්පත් සංස්ථා පිහිටුවීමටත්, ඒකාධිකාරයන් ප්‍රධානය කිරීමටත් සහ පාර්ලිමේන්තුව විසින් වැඩි සැලකිල්ලක් දැක්විය යුතු පුද්ගලයන් පිළිබඳ ව අවධානය යොමු කිරීම සඳහාත් භාවිතා කරන ලදී. මේ අතර රජය විසින් පසු පෙළ මන්ත්‍රීවරුන් මාර්ගයෙන් මහජන අපකීර්තියක් ඇති නොන පරිදි නිල නොවන මට්ටමින් කෙටුම්පත් හඳුන්වා දෙනු ලැබීය. එවැනි කෙටුම්පත්වල විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් ද හඳුන්වා දෙනු ලබන අතර පුද්ගලික මන්ත්‍රීවරුන්ගේ කෙටුම්පත් සමහර විට පුද්ගලික කෙටුම්පතක ලක්ෂණ දක්නට ලැබෙන අතර එවිට ඒවා මුහු කෙටුම්පත් ලෙස හඳුන්වනු ලැබේ. සංග්‍රහගත කල නීතිය යන යෙදුම ව්‍යවස්ථාපිත නීතිය සඳහා සමාන යෙදුමක් ලෙස සමහර විටක භාවිතා කරනු ලබයි. සමහර එක්සත් ජනපද රාජ්‍යයන් තුළ මුළු ව්‍යවස්ථාපත නීතියම නීති සංග්‍රහයක් ලෙස හඳුන්වනු ලබයි. (ඔහියෝ සංශෝධිත සංග්‍රහය හෝ නිව් හැම්ප්ෂයර් සංශෝධිත සංශෝධිත ව්‍යවස්ථා) ෆෙඩරල් රාජ්‍ය මට්ටමින් ව්‍යවස්ථාපිත නීතියේ සමහර කොටස් පමණක් සංග්‍රහ ලෙස හඳුන්වයි. කෙසේ වෙතත් සංග්‍රහගත නීතිය පටු පාරිභාෂික අර්ථයෙන් බැලු කල, ව්‍යවස්ථාපිත නීතිය විෂය කරුණු මඟින් සංවිධානය වූ නීතිය ලෙස හඳුන්වයි. නමුත් සෑම නීතියක් ම මෙලෙස හඳුන්වන්නේ නැත. ඇමරිකා එක්සත් ජනපදයේ එසේ සංග්‍රහගත නොකල (පටු පාරිභාෂික අර්ථයෙන්) ව්‍යවස්ථාවන් සඳහා හොඳ උදාහරණයක් ලෙස කිසියම් පණතක් බලාත්මක වන දිනයන් දක්වන පණතේ වගන්ති දැක්වීය හැකිය. එක්සත් ජනපද සංග්‍රහයේ මුලික ප්‍රතිපාදන නම් එකකින් හෝ කිහිපයකින් සංග්‍රහගත කොට ඇති අතර බලාත්මක දින ප්‍රතිපාදන සංග්‍රහගත කොට නොමැත. එක් පුද්ගලයෙකුට හෝ කිහිප දෙනෙකුට පමණක් බලපාන පුද්ගල නීතියක් එක්සත් ජනපද කොංග්‍රස් සභාව සම්මත කරන ලද සංග්‍රහගත නොකල නීතියකට තවත් උදාහරණයකි. සංග්‍රහගතකල නීතියට දිය හැකි තවත් අර්ථකථනයක් නම් පොදු නීතියේ සමහර ක්ෂේත්‍රයන් ආශ්‍රයෙන් සංග්‍රහගත කල ව්‍යවස්ථාවන් යනුයි.

"https://si.wikipedia.org/w/index.php?title=ව්‍යවස්ථාපිත_නීතිය&oldid=471556" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි