"ඡායාරූප ශිල්පී" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
13 පේළිය:
 
[[Image:photography exhibition.jpg|200px|thumb|left|ඡායාරූප ප්‍රදර්ශන]]
[[Image:paparazzipaparazzi1.jpg|120px|thumb|right|පැපරාසීන්]]
 
පිටපත් ගැනීම් හා අනවසරයෙන් භාවිතා කිරීම් වැනි ක්‍රියාවලින් තම ඡායාරූප ආරක්ෂා කර ගැනීමට අනන්‍ය අයිතියක් ප්‍රකාශන හිමිකම මගින් ඡායාරූප ශිල්පියාට ලැබේ.
 
වැඩිදුර තොරතුරු : ඡායාරූපකරණය සහ නීතිය
 
[[Image:paparazzi.jpg|120px|thumb|right|පැපරාසීන්]]
 
අප්‍රමාණ කර්මාණ්ත ප්‍රමාණයක් තම ප්‍රකාශන හා නිෂ්පාදන කටයුතු සඳහා භාවිතා කිරීමට ඡායාරූප මිලදී ගනී. සඟරා මුල් පිටු, රූපවාහිනී වෙළඳ දැන්වීම්, සුබපැතුම් පත් හා කැලැන්ඩර, වෙබ් අඩවි සහ නොයෙක් නිෂ්පාදන හා පැකේජ වල ඡායාරූප දක්නට ලැබෙන අතර සාමාන්‍යයෙන් එම කටයුතු සඳහා සෘජුවම ඡායාරූප ශිල්පියාගෙන් හෝ ඡායාරූප ශිල්පියා නියෝජනය කරන ඒජන්සියක් මගින් ඡායාරූප මිලදී ගනීම සිදුකරයි. ඡායාරූප ශිල්පියා තම ඡායාරූප යොදා ගත හැකි ආකාර පිළිබඳ ගිවිසුමක් ලෙස "බලපත්‍රයක්" නිකුත් කරන අතර එහි ඡායාරූපය පළ කල හැකි ප්‍රදේශ (උදාහරණ ලෙස එක්සත් ජනපදය හෝ එක්සත් රාජධානිය හෝ වෙනත්) සහ සත්‍ය වශයෙන්ම එය භාවිතා කරන නිෂ්පාදන පිළිබඳ රෙගුලාසි සඳහන් කර ඇත. ගිවිසුමේ සඳහන් නොවන සෑම අමතර භාවිතා කිරීමක් සඳහාම තවත් පුරස්කාරක මුදලක් හා හිමිකම් ගිවිසුමක් එක්වේ. උදාහරණයක් ලෙස ඡායාරූප ශිල්පියා තම එක් විශේෂ ඡායාරූපයක් විවිධ වෙළඳ සමාගම් කිහිපයකට කැලැන්ඩර, ධාන්‍ය පෙට්ටි, සඟරා, සුබපැතුම් පත් හෝ වෙනත් ඕනෑම නිෂ්පාදන කටයුත්තක මුද්‍රණ කටයුතු සඳහා රටවල් සමූහයකදී යොදා ගත හැකි වන ලෙස විකිණීම සිදුකිරීම සැලකිය හැක.
"https://si.wikipedia.org/wiki/ඡායාරූප_ශිල්පී" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි