"රසායනික සංකේත" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
නව පිටුව: == විශේෂිත රසායනික මූලද්‍රව්‍ය == රසායන විද්‍යාව විද්‍යාවක් බවට පත...
(වෙනසක් නොමැත)

05:10, 14 ජනවාරි 2009 තෙක් සංශෝධනය

විශේෂිත රසායනික මූලද්‍රව්‍ය

රසායන විද්‍යාව විද්‍යාවක් බවට පත්වීමට ප්‍රථමයෙන්, රස විද්‍යාඥයින් ලෝහ හා බහුල වශයෙන් යොදා ගැනෙන සංයෝග යන දෙවර්ගය සඳහාම ගුප්ත සංකේත සැලසුම් කරනු ලැබූහ. කෙසේ වෙතත් මේවා ක්‍රියාවලින් හෝ රූප සටහන්වල කෙටි යෙදුම් ලෙස භාවිතා කර ඇත. එහිදී අණු සෑදීම සඳහා පරමාණු සම්බන්ධවීම පිළිබඳ සංකල්පයක් නොවීය. ජෝන් ඩෝල්ටන් පදාර්ථයේ පරමාණුක වාදයෙන් ඉදිරියට යාමත් සමග අණු දැක්වීමට යොදා ගත හැකි වෘත්ත මත පදනම් වූ ඔහුගේම සරල සංකේත පිළිබඳ උපක්‍රමයක් යොදා ගෙන ඇත.

වර්තමාන රසායන ද්‍රව්‍ය අංකනය පිළිබඳ ක්‍රමය බර්සීලියස් විසින් මුල්වරට සොයාගන්නා ලදී. මෙම මුද්‍රණය කළ හැකි ක්‍රමයේදී රසායනික සංකේත හුදු කෙටි යෙදුම් ලෙස යොදා නොගැනේ. සියලුම භාෂා හා අක්ෂර මාලාවන් භාවිතා කරන මිනිසුන් මෙම ලතින් සංකේත භාවිතා කරනු ඇතැයි අදහස් කෙරේ. මෙම සංකේත සම්පූර්ණයෙන්ම විශ්වීය ඒවා බවට පත්වනු ඇතැයි මූලිකවම අදහස් කෙරිණ. මෙම කාලය තුළ ලතින් භාෂාව විද්‍යාවේ පොදු භාෂාව වීම නිසා , ලෝහවල ලතින් ලෝහවල ලතින් නාමය ඒවායේ කෙටි යෙදුම් සඳහා පදනම් විය. ෆෙරම්ගෙන් (Ferum) Fe , ආජන්ටම්ගෙන් (Argentum) Ag . මෙම සංකේතවලද කෙටි යෙදුම්වලදී මෙන්ම නැවතීමේ ලකුණ යෙදීම අනුගමනය නොකෙරේ. රසායනික මූලද්‍රව්‍යයන්ට එම මූලද්‍රව්‍යයේ නම මත පදනම් වූ නමුත් ඉංග්‍රීසි වීම අනිවාර්ය නොවූ අනන්‍ය රසායනික සංකේත ද පසුකාලීනව නියම කරන ලදී. උදාහරණයක් ලෙස සෝඩියම් සඳහා ලතින් නම වන නේට්‍රියම් (Natrium) අනුව “Na” රසායනික සංකේතය වේ. එයම ටංග්ස්ටන් සඳහා වොල්ෆ්‍රම් (Wolfram) W , රසදිය සඳහා හයිඩ්‍රාගයිරම් (Hydrorgyrum) “Hg” පොටෑසියම් සඳහා කේලියම් (Kalium) “K” , රත්රන් සඳහා Au “අවුරම්” (Aurum) ඊයම් සඳහා “Pb” “ප්ලම්බම්” (Plumbum) , ඇන්ටිමනි සඳහා Sb “ස්ටිබියුම්” (Stibium) ලෙස යොදාගෙන ඇත.

මූලද්‍රව්‍යවල නම් පරිවර්තනය කිරීමට අවශ්‍ය වූවත් රසායනික සංකේත ජාත්‍යන්තරව අවබෝධ කරගත හැක. සමහර අවස්ථාවලදී මෙය වෙනස් වේ. උදාහරණයක් ලෙස ජර්මාණුවන් අයඩීන් සදහා “I” වෙනුවට “J” යොදාගනී. එමනිසා මෙහිදී රෝමාණු ඉලක්කම් සමග මෙහි පැටලීමක් සිදු නොවුණු ඇත.

පෙර උදාහරණවල මෙන්, රසායනික සංකේතයක පළමු අකුර සෑමවිටම කැපිටල් විය යුතු අතර පසුව සඳහන් කරන අකුරු වේ නම් ඒවා සෑම විටම කුඩා අකුරු (සිම්පල්) විය යුතුය.


සාමාන්‍ය රසායනික සංකේත

සංසන්දනාත්මක සූත්‍ර සඳහා රසායනික මූලද්‍රව්‍ය කාණ්ඩවලට ද සංකේත පවතී. ඒවා එක කැපිටල් අකුරකින් සමන්විත වන අතර සුවිශේෂ මූලද්‍රව්‍යවල නම් ලෙස යෙදාගැනීමට අවසර ලබා දී නැත.උදාහරණයක් ලෙස “X” සංයෝග කාණ්ඩයක ඇතුළත් විචල්‍ය කාණ්ඩයක් දැක්වීමට යොදාගනී. (නමුත් බොහෝවිට හැලජන) මේ අතර “R” හයිඩ්‍රොකාබන් දාමයක් වැනි සංයෝග ව්‍යුහයක් අදහස් කරන මුක්ත ඛණ්ඩකයක් දැක්වීමට යොදාගනී. “Q” අකුර රසායනික ප්‍රතික්‍රියාවක් තුළ “තාපය” නියෝජනය කරයි. “Y” ද බොහෝ විට සාමාන්‍ය රසායනික සංකේතයක් ලෙස යොදාගත්ත ද , එය “යිට්‍රියම්” වල සංකේතය ද වේ. “Z” ද නිතරම සාමාන්‍ය විචල්‍ය කාණ්ඩයක් ලෙස යොදා ගනී. “L” අකාබනික රසායනයේ දී හා ලෝහ කාබනික රසායනයේ දී සාමාන්‍ය ලිගන්ඩ් දැක්වීමට යොදාගනී. “M” ද බොහෝ විට සාමාන්‍යයෙන් ලෝහ ඇති ස්ථානවලදී යොදා ගනී.


සමස්ථානික සංකේත

හයිඩ්‍රජන් මූලද්‍රව්‍යයේ ප්‍රධාන සමස්ථානික තුන ප්‍රොටොනියම් සඳහා H ද, ඩියුටීරියම් සඳහා D ද , ට්‍රිටියම් සඳහා T ද ලෙස බොහෝ විට ලියනු ලැබේ. එක් එක් පරමාණුවේ ස්කන්ධ අංකය ලියා තැබීම වෙනුවට , රසායනික ප්‍රතික්‍රියාවලදී ඒවා යොදා ගැනීම වඩා පහසු වේ.

(2H2O මෙසේ ලිවීම වෙනුවට D2O බැර ජලය)


References

http://en.wikipedia.org/wiki/Chemical_element#Chemical_symbols




"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. The translated article has been reviewed by a panel of experts to ensure accuracy and quality. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."

"https://si.wikipedia.org/w/index.php?title=රසායනික_සංකේත&oldid=49226" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි