"රිචඩ් ද සොයිසා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
18 පේළිය:
==ජීවිතය සහ මරණය==
===පසුතලය ( පසුබිම )===
සුප්‍රසිද්ද  මාධ්‍යවේදියෙකු , නිවේදකයෙකු, මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු ,ලේඛකයෙකු සහ රංගන ශිල්පියෙකු වූ රිචඩ් ද සොයිසා 1958 මාර්තු මස 18 වෙනි දින ශ්‍රී ලංකාවේදී උපත ලැබීය.  ඔහුගේ පියා ලූෂන් ද සොයිසා වූ අතර මව ආචාර්ය මනෝරාණි සරවනමුත්තු  විය. ඔහුට එක සොහොයුරියක් සහ සොහොයුරෙක් සිටියහ. ඔවුන් මයිකල් සහ ලානාය. ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරු  රිචඩ් ද  සොයිසා එකල බහු කුසලතා වලින් පිරි පුද්ගලයකු ලෙස ප්‍රසිද්ධියට පත්විය.  ශාන්ත තෝමස් විද්‍යාලයේ සිංහල භාෂා ගුරුවරයෙකු වූ ඩි.එස්. ජයසේකර විසින් ඔහුගේ  සිංහල නාට්‍ය රංගන කුසලතාවයන් හඳුනා ගෙන ඔහුගේ රංගන හැකියාව වැඩි දියුණු කරගැනීමට උද්යෝගමත් කළේය. 1972 අන්තර් පාසල් ෂේක්ස්පියර් ඉංග්‍රීසි නාට්‍ය තරඟයේ හොඳම නළුවා ලෙස ජයග්‍රහණය කළේය. එයට අමතරව තෝමස් විද්‍යාලයේ වාද විවාද සංගමයේ සහ නාට්‍ය සංගමයේ සාමාජිකත්වයද දැරීය. 1983 දී ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් අධ්‍යක්ෂණය කල යුගාන්තය චිත්‍රපටය සඳහාද ඔහු සිය රංගනයෙන් දායකත්වය සැපයීය.රිචර්ඩ්ගේ ඉංග්‍රීසි උච්චාරණ හැකියාව අන්තර්ජාතික මට්මක තිබු අතර ඔහු ඉතා දක්ෂ ඉංග්‍රීසි භාෂා නිවේදකයෙක් විය. ඉංග්‍රීසි සාහිත්‍ය පිළිබඳවද පුළුල් දැනුමක් ඔහු සතු විය. ඔහු ගාතනය වන කාල වකවානුවේ ඉන්ටර්ප්‍රෙස්‌ ප්‍රවෘත්ති සේවයේ ශ්‍රී ලංකා වාර්තාකරු ලෙස සේවය කළේය.
 
===පැහැරගෙන යාම සහ ඝාතනය===
39 පේළිය:
 
===ඝාතකයින් හඳුනාගැනීම සහ නඩු පැවරීම් ===
රිචඩ් ඝාතනයෙන් පසු ඔහුගේ මව වන වෛද්‍යආචාර්ය මනෝරාණි සරවනමුත්තු 1990 මැයි 10 රාත්‍රී 9.00ට ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්ති නරඹමින් සිටි අවස්ථාවක තම පුත්‍රයා පැහැරගෙන ගිය කණ්ඩායමේ නායකයා සිටිනු දක්නට ලැබුණි. ඇය දුටුවේ ඔහු පොලිස් නිල ඇඳුමෙන් සැරසී සිටින අයුරුය. ඔහු නමින් පොලිස්‌ පරීක්‌ෂක ලාල් ක්‍රිෂාන්ත ධර්මසිරි රංචාගොඩය. ඉන් පසුව ඇය විසින් තමා හඳුනාගත් එම පොලිස් නිලධාරියා පිළිබඳව අධිකරණය දැනුවත් කෙරුණි. අධිකරණයට දැනුම් දුන් පසු මහේස්‌ත්‍රාත් රෝහිණී පෙරේරා විසින් එම පොලිස් නිලධාරියා වහා අත්අඩංගුවට ගන්නා ලෙස නියෝගකල නමුත් එවකට සිටි රාජ්‍ය ආරක්‌ෂක ඇමති රන්ජන් විඡේරත්නගේ බලපෑම් මත ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලිසියට නොහැකි විය.
 
රිචඩ් ද සොයිසාව ආයුධ සන්නද්ධ කණ්ඩායමක් ලෙසින් ගොස් පැහැරගෙන ඝාතනය කොට ඇත්තේ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි රොනී ගුණසිංහ නායකත්වය දුන් පොලිස් කණ්ඩායමක් විසින් බව පසු කලක අනාවරණය විය. මෙම ඝාතනයට පොලිස්‌ පරීක්‌ෂක ලාල් ක්‍රිෂාන්ත ධර්මසිරි රංචාගොඩ, පොලිස්‌ පරීක්‌ෂක එම්.ජී.ජී. දේවසුරේන්ද්‍ර, පොලිස්‌ සැරයන් වෙඩික්‌කාරගේ සරත්චන්ද්‍ර යන අය සම්බන්ධ වූ බව අනාවරණය විය.
47 පේළිය:
===ප්‍රධාන සක්ෂිකරුට එරහිව මරණිය තර්ජන ===
රිචඩ් ද සොයිසා ඝාතන නඩු විභාගයේ ප්‍රධාන ප්‍රබල සාක්ෂිය වුයේ ඉන්ටර්ප්‍රෙස්‌ ප්‍රවෘත්ති ආයතනයේ මාධ්‍ය සහායක ලෙස කටයුතු කල කරුණාදාසගේ සාක්ෂිය විය. ඝාතකයින් විසින් ඔහුට එරහිව එල්ල කරන ලද මරණිය තර්ජන හේතුවෙන් කරුණාදාස වසර දෙකකට අසන්න කාලයක් නවාතැන් ගෙන තිබුනේ එවකට හිටපු අමාත්‍යවරයකු වන ලලිත් ඇතුලත්මුදලිගේ නිවසේය.
 
 
===රිචඩ් ද සොයිසාගේ මව ( ආචාර්ය මනෝරාණි සරවනමුත්තු )===
රිචඩ් ද සොයිසාගේ මරණයෙන් පසුව ඔහුගේ මව වන මනෝරාණි සරවනමුත්තු ජීවත්වූ වැලිකඩ වත්ත නිවාස අත හැර කොල්ලුපිටියේ ජයවර්ධන මාවතේ පිහිටි නිවසක පදිංචියට පැමිණියාය. තම පුත්‍රයාට සිදුවූ ඛේදවාචකයෙන් දැඩි ලෙස කම්පාවට පත්ව සිටි ඇය 88 - 89 භීෂණ සමයේ මරා දැමුණු සහ අතුරුදහන්කළ පුද්ගලයින්ගේ මව්වරුන් , වැන්දඹු බිරින්දෑවරුන් දහස් ගණනකගේ අයිතිය වෙනිවෙන් පෙනී සිටියාය. 2001 පෙබරවාරි මස 14 දින ඇය ජිවිතයෙන් සමුගත්තාය.
 
===ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි රොනී ගුණසිංහ===
 
රිචඩ් ද සොයිසාගේ ඝාතනය මෙහෙයවූ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි රොනී ගුණසිංහ L.T.T.E. සංවිධානය විසින් රණසිංහ ප්‍රේමදාස ඝාතනය කිරීමට කොළඹ ආමර් වීදියේ පිපිරවූ බෝම්බයට හසුවී මිය ගියේය.
 
==See also==
"https://si.wikipedia.org/wiki/රිචඩ්_ද_සොයිසා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි