"අංගුලිමාල පිරිත" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
[[File:අංගුලිමාල මහරහතන් වහන්සේ.jpg|thumb|අංගුලිමාල මහා තෙරණුවන් විසින් දන් වළදන අවස්ථාවක සිතුවමක්]]
{{Infobox sutta
|native_name = ස්වාධීන අzසාවැඩ් රාජ්‍යය
|common_name = අzසාවැඩ්
|image_flag = MNLA flag.svg
|image_coat =
|symbol_type =
|image_map = Azawad (orthographic projection).svg
|map_caption = අzසාවැඩ් තද කොල පැහැයෙන් සහ මාලි රාජ්‍ය(යේ අනෙක් කොටස) ලා කොල පැහැයෙන්
|national_motto =
|national_anthem =
|languages_type = Languages
|languages =
|demonym =
|capital = [[Gao]]
|latd=16 |latm=16 |latNS=N |longd=0 |longm=03 |longEW=W
|largest_city = [[Gao]]
|government_type = [[Provisional government|Executive Committee of the MNLA]]{{Citation needed|date=March 2012}}
|leader_title1 = [[National Movement for the Liberation of Azawad|MNLA]] leader
|leader_name1 = [[Bilal Ag Acherif]]{{third-party-inline|date=April 2012}}
|sovereignty_type = [[ස්වාධීන]]
|sovereignty_note = from [[Mali]]
|established_event1 = [[Azawad Declaration of Independence|Proclaimed]]
|established_event2 = පිලිගැනීම
|established_date1 = 6 April 2012<ref name="udi">{{cite news|url=http://english.alarabiya.net/articles/2012/04/06/205763.html|agency=Al Arabiya|title=Tuareg rebels declare the independence of Azawad, north of Mali|date=6 April 2012|accessdate=6 April 2012}}</ref><ref name=DOI>{{cite web |url=http://www.mnlamov.net/component/content/article/169-declaration-dindependance-de-lazawad.html |title=Déclaration d'indépendence de l'Azawad |author= |date=6 April 2012 |work= |publisher=mnlamov.net |accessdate=6 April 2012}}</ref>
|established_date2 = [[Diplomatic recognition|පිලිගෙන නැත]]
|time_zone = [[Greenwich Mean Time|GMT]]
|utc_offset = +0
|time_zone_DST = ''not observed''
|utc_offset_DST = +0
|calling_code = 223{{Fact|date=April 2012}}
|drives_on = right{{Fact|date=April 2012}}
}}
 
වංචනිකයින්ගේ අදහස් අනුව නොමග ගිය ගුරුවරයාගේ ඉල්ලීම අනුව දහසකට වඩා මිනිසුන් මරමින් ඇගිලි කපමින් මාලයක් සාදා ගුරුවරයාට පුද දීමට සැරසුනු අහිංසක නම් කුමරුවෙකු බුදුන් වහන්සේගේ මගපෙන්වීමෙන් එම දාමරික ක‍්‍රියාවන් අතහැර ආර්ය ජාතියෙහි නැවත් ඉපදීමට යොමු කරවූ අතර විළිරුදාවෙන් දුක්‍ඛිත වූ මවක අරභයා කරන ලද සත්‍යක‍්‍රියාව අංගුලිමාල පිරිත ලෙසින් ව්‍යාවහාරයේ පවතී. එම පිරිතෙහි අදහස වන්නේ ආර්ය ජාතියේ උපන් දා පටන් (රහත් වූ දා සිට) කිසිදු සතෙකුගේ දිවි තොර නොකළ බව සත්‍යයි. ඒ සත්‍යයේ බලයෙන් මේ ගර්භයට ආශිර්වාද වේවා යන්නයි. දහසකටත් අධික මිනිසුන් නැසූ අඟුල්මල්, පැවිදි ව රහත් වීමෙන් පසු ඔහු කෙරෙහි සමාජය තුළ පැවති භීතිය නසන්නට බුදුහිමියන් කළ උපක්‍රමය ලෙසද මෙය දැකිය හැක. අද බෞද්ධ සමාජයේ දරුවෙකු මෙලොවට බිහිවන්නේ බොහෝ විට මෙම ආශිර්වාදයත් සමඟ ය.
Line 36 ⟶ 5:
බුදුහිමියන්ගේ පුරිසධම්මසාරථී ගුණය ප්‍රකට කෙරෙන ප්‍රධාන දමන කථා පුවත ලෙස සාහිත්‍යධරයන් අභිරුචියෙන් වර්ණනා කළේ අංගුලිමාල දමනයයි. ගුරුළුගෝමී, විද්‍යාචක්‍රවර්තී දෙදෙනාම තම කෘති දෙකට බුදුගුණ විශද කරලීම පිණිස මෙම අංගුලිමාල දමනය එක් කළහ. මේ අතරින් ගුරුළුගෝමී අමාවතුරේ අංගුලිමාල දමන කථාව ඉතාම විසිතුරු සාහිත්‍ය නිර්මාණයක් ලෙස ඉදිරිපත් කෙරෙයි. කථාවේ මතුපිටින් මතුවන කථා රසය අභිභවා වසංගතයෙන් විශිෂ්ට සාහිත්‍ය නිර්මාණයක මතුවන සමාජ ධර්ම රාශියක් ප්‍රකට වන ලෙයින් ගුරුළුගෝමී අගුල්මල් දමනය වර්ණනා කරයි.
 
== ඉතිහාස කතාව ==
=== අහිංසක කුමාරයා ===
භාර්යාව නම් පුරෝහිත බමුණාට දාව මන්තාණි නම් බැමිණියගේ කුසින් පුතකු ප්‍රසව වූ දා රැයෙහි නගරයෙහි සියලු ආයුධ දිලෙන්නට වූ අතර රජුගේ මඟුල් කඩුව ද ඒ අතර විය. පුරෝහිතයා රජුගෙන් විමසා තම පුතු සොරුන් උපන් නැකතින් උපන් බව පවසා මරා දමන්නට යෝජනා කළේ රජුට ඇති පක්ෂපාතිත්වය ප්‍රකාශ කරනු පිණිස විය හැකි ය. එහෙත් ඔහු රට පහරන සොරෙක් නොවන බව පුරෝහිත කී හෙයින් ඔහු පෝෂණය කරන්නට රජු නියම කරයි. මේ සොර නැකතින් උපන් පුතු සමාජයේ වරදින් නොමගට යොමු වුව ද ලොව ශ්‍රේෂ්ඨතම චරිතයක් වූ බව පෙන්වීමෙන් ගුරුළුගෝමී බමුණා චින්තනයට සදය උපහාසයක් කථාව ආරම්භයෙහි ම එල්ල කරයි.
 
"“ඔහු නම් තබන්නාහු සියලු නුවරැ දිලිසෙන ආයුධයො කිසි කෙනක්හට හිංසා නොකළහ’ යි අහිංසක නම් තැබූහ.”" යනුවෙන් මොහු අහිංසක කුමාරයා වූ බව පවසන කතුවරයා තම වර්ණනාවෙහි දෙවන ඡේදය ඉතා වැදගත් කරුණක් අනාවරණය කරයි. "“ඔහු වියපත් වූ කල්හි මවුපියෝ ශිල්ප උගන්නට තක්සලා නුවර නඟා යවූහ. හේ ධර්මාන්තේවාසික වැ ශිල්ප උගන්නී වත්සපනැ.”" යනුවෙන් තක්සලාවෙහි ශිෂ්‍යයකු ලෙස අහිංසක තුළ පැවති ප්‍රධාන ගුණ දෙකක් ඉදිරිපත් කරයි. එනම් ‘ධර්මාන්තේවාසික’ සහ ‘වත්සපනැ’ යන්නැයි පරමාදර්ශි ශිෂ්‍යයකු තුළ පැවතිය යුතු අද වුව තිබිය යුතු උසස් ගුණධර්ම දෙකක් ලෙස ගුරුළුගෝමී දක්වන මේ කාරණා දෙක විමසිය යුතු ය. එනම් ධර්මයෙහි යටත් වැසියකු යන්නෙන් අර්ථ දැක්වෙන්නේ ශිෂ්‍යයකු තුළ පැවතිය යුතු ශාස්ත්‍ර ගෞරවයයි. ‘වත්සපනැ’ යන්නෙන් අරුත් ගන්වන්නේ ආයතන ගෞරවයයි තමන් උගන්නා ධර්මයට දක්වන ගෞරවය මෙන් ආයතනය හා ගුරුවරයා කෙරෙහි තම යුතුකම් ඉටු කිරීම ගුණාත්මක ශිෂ්‍යයකුගේ ස්වභාවයයි. මේ නිසා ම අහිංසක “කී දැයක් වහා සපයයි, මන වඩනා නියායෙන් හැසිරෙයි. පෙම් වඩනා නියායෙන් බෙණෙයි” යනුවෙන් දිසාපාමොක් ඇදුරිදුගේ විශේෂාවධානය දිනා ගැනීම හේතු වන ලෙස සිසුදිවිය ගෙවූ අයුරු කතුවරයා පැහැදිලි කරයි.
 
දක්ෂයකු, පරමාදර්ශී ශිෂ්‍යයකු මෙසේ තක්සලාවෙහි හැමදෙනාගේ ම ප්‍රිය මනාප ශිෂ්‍යයා බවට පත් වූ විට මනුෂ්‍යත්වයේ කුහකත්වය මතු වීම හුදෙක් වත්මනෙහි පමණක් නොව ලෝක ඉතිහාසයේ ම සත්‍ය දහමක් විය. අදක්ෂයන් දක්ෂයා පෙළන්නට, කුමන්ත්‍රණ කිරීම සදාතනික දහම ඒ අනුව තක්සලාවේ ශිෂ්‍යයෝ ඔහුගෙන් ඈත වී ඔහුට එරෙහිව කුමන්ත්‍රණ සංවිධාන කළහ. මේ කුමන්ත්‍රණය ඉතා ප්‍රබල එකකි. එහි අභ්‍යන්තර තුළ මතු වෙන්නේ මිනිස් සිත්හි දූෂිත මනෝභාවයන්හි තරම ය. අහිංසක දක්ෂයා අංගුලිමාලයෙක් කරන්නට තරම් තරුණ පරපුරේ දුෂ්ට සිත් ක්‍රියා කළේ කවරාකාරයෙන්දැයි ගුරුළුගෝමී අපූර්වත්වයෙන් අමාවතුරෙහි පෙළගස්වයි.
== ඉතිහාස කතාව ==
 
ශිෂ්‍යයන් වෙන්වී සාකච්ඡා කළේ අහිංසක ශිෂ්‍යයා හා ආචාර්යවරයා අතර ගොඩනැඟුණු ගුරු සිසු සබඳතාව බිඳ දමන්නටයි. ඒ සඳහා අහිංසක වෙනුවෙන් විවිධ චෝදනා ඉදිරිපත් කරන්නට විය. ඇතමෙක් ඔහුගේ ජන්මයේ දුබලතාවක් මතු කරන්නට උත්සාහ කළහ. තවත් කෙනෙක් ඔහුගේ ප්‍රතිපත්ති විවේචනය කරන්නට වූහ. මේ සියල්ල ව්‍යර්ථ වනවිට ශිෂ්‍යයන් තීරණය කළේ “ආචාර්යයා අඹුව හා සසඟ ඇත්තේ යයි බිඳපියව්” යනුවෙන් ගුරුතුමාගේ බිරිය හා අහිංසක අතරෙහි සබඳතාවක් ඇති බව ප්‍රචලිත කොට භේද කරන්නටයි.
 
නූතනයේ පවා කෙනකුගේ චරිතයක් ඝාතනය කරන්නට භාවිතයට ගත හැකි හොඳ ම අවිය වන්නේ කාන්තාවකට පුරුෂයකු සම්බන්ධ කිරීම හෝ පුරුෂයකුට කාන්තාවක සම්බන්ධ කිරීමයි. මනුෂ්‍ය චිත්තයේ ජාගර ස්වරූපය මොනවට ප්‍රකට කරමින් එවැනි චෝදනාවකට ලක් වන්නන්ට ඒ චරිත ඝාතනයෙන් මිදෙන්නට පහසු නොවෙයි මෙය ද ලොව පවතින සදාතනික දහමක් බව අගුල්මල් දමන කතාවෙන් පැහැදිලි වෙයි.
 
ශිෂ්‍යයන් මේ ප්‍රමාදය ආචාර්යවරයා හමුවට රැගෙන යන්නේ ද සැලසුම් ගතව ය. එනම් සියලු ශිෂ්‍යයන් කණ්ඩායම් තුනකට බෙදී එක් එක් කණ්ඩායම් වරින් වර ගොස් ගුරුතුමාට ඇති ගෞරවයත් ආදරයත් ලෙස පෙන්වා තක්සලාවේ මෙවැන්නක් කථා වන බව පවසයි. ආරම්භයේදී මේ ගැන කී ශිෂ්‍යයන් කෝපයෙන් පලවා හැරිය ද නිතර නිතර ම එකම දේ ගුරුතුමාගේ කනට ඇසෙන්නට සැලැස්වීමෙන් අපූර්ව ලෙස ඔහුගේ යටි සිතට ද මේ ගැටලුව රැගෙන යන්නට ශිෂ්‍යයෝ සමත් වූහ. එවන් විටෙක ඕනෑම පුරුෂයකු තම බිරියගෙ කුඩා වැරැද්දක් පවා විශාල කොට සිතමින් මේ චෝදනා සත්‍ය කරවන්නට වෑයම් කිරීම ද ලෝක දහමකි. දිසාපාමොක් ඇදුරිඳු ද මේ මානසික ව්‍යාධියට හසු විය. “ආචාර්ය, ඔවුන් තමා සනා ඇතිව බණුන සේ දැකැ ඇය හා ඔහු සසඟ ඇති සේ යයි බිඳී ඔහු මරමී සිතී” යනුවෙන් ගුරුළුගෝමී ඉදිරිපත් කරන උක්ත ප්‍රකාශනය ඒ බව පසක් කරවයි.
 
ශිෂ්‍යයන් තමන් කෙරෙහි සෙනෙහසින් මෙසේ ප්‍රකාශ කරන බව සිතන ඇදුරිඳු, සැබවින් ම එවැනි සබඳතාවක් ඇතැයි කල්පනා කොට ශිෂ්‍යයා මරන්නට තීරණය කරයි. මේ අවස්ථාව ඕනෑම සමාජයක මිනිස් දුබලතාව ප්‍රකට කරවන තැනෙකි. දිසාපාමොක් වර්තමාන සරසවියක උපකුලපතිට සමාන වෙයි. ඔහු මහා ශිෂ්‍ය ප්‍රජාවක නියමුවා ය. ශිෂ්‍යයන්ගේ දුෂ්ට කුමන්ත්‍රණයකට හසු වන්නට තරම් බාල මානසිකත්වයක් ඔහුට පැවතිය නොහේ. එහෙත් මේ දිසාපාමොක් ලෝකයේ ඇදුරු පරපුරේ අවාසනාවන්තම අදූරදර්ශී ගුරුවරයා ය.
 
ඔහු සැමියකු ලෙස තම බිරිය කෙරෙහි පැවතිය යුතු ආදරයේ පරම ධර්මය වන ‘විශ්වාසය’ රඳවා ගත්තේ නැත. තම බිරිය හා සබඳතා පවත්වන සැමියකු තරම් ඇය හඳුනන කෙනෙකු ලෝකයේ තවත් ඇත්ද? ඇදුරුතුමා මේ මූලික මානව ධර්මය පවා බිඳ හළෙකි. එපමණක් නොව මෝඩයන්ගේ ඕනෑම කුමන්ත්‍රණයකට හසුවන අවිචාර ගුරුවරයෙකි. ගුරු පෞරුෂය අත්හලෙකි. එසේ නොවූ නම් දුෂ්ට කුමන්ත්‍රණකරුවන්ගේ කීමෙන් ම අහිංසක මරා දමන්නට තීරණය කළ හැකි ද? අහිංසක යනු පරමාදර්ශි ශිෂ්‍යයෙකි. ඔහුගේ සමස්ත ශිෂ්‍ය ජීවිතය ම ගුරුළුගෝමී කී වදන් දෙකෙහි ඇතුළත් ය. කවර වරදක් ඇත ද මෙවන් සිසුවකු වෙනුවෙන් බාහිරින් එන චෝදනාවක් පිරික්සන්නට තරම් තක්සලාවේ ආචාර ධර්මයක් නොවිණි ද?
 
මරා දැමීම, මරණ දඬුවමයි. එය මිනී මැරීමකට දෙන දඬුවමයි. අහිංසක එවන් දඬුවමට යටත් කරන්නේ කවර මනුෂ්‍ය ඝාතනයක් සිදු කළ හෙයින් ද? ගුරුළුගෝමී මේ කථාව විවරණ කළ ක්‍රමවේදය තුළ මේ ප්‍රශ්න අපට නිරන්තරයෙන් නැඟෙයි. අවසන කපටි ඇදුරකුගේ වේශය ගන්නා දිසාපාමොක් තමා අතින් ශිෂ්‍යයා මළොත් එයින් තමා පිළිබඳ අපකීර්තිය පැතිරී තමාට ලැබෙන ලාභ වරප්‍රසාද ගුරුපඬුරු අඩුවන බව දැන අනුන් ලවා මරවන්නට සිතා මිනිසුන් දහසක් මරා ඇඟිලි ගෙනෙවයි අහිංසක ශිෂ්‍යයාට නියෝග කරයි.
 
"“එසෙබැවිත් ශිල්ප සමහරයට උපචාරය යි කියා මිනිස් දහසක් මරන්නට කියමි, ඒකාන්තයෙන් එයින් එකෙක් ඔහු මරයි සිතා පුත, මිනිස් දහසක් මැරුව මැනවැ. එසේ වන්නා ශිල්පයට උපචාර කළා වෙයි කීයැ.”"
 
ගුරුවරයාගේ නියෝගය වන්නේ ශිල්ප අවසන් කිරීම වෙනුවෙන් ගුරු පූජාවක් කරන ලෙසයි. මෙය අහිංසක ශිෂ්‍යයා කිසිදා අපේක්ෂා නොකළ දෙයකි. අහිංසකගේ කම්පිත වදන් අප තුළ ඇති කරන්නේ කම්පනයක්ම ය. ඔහු ඇදුරිඳු හමුවේ කියා සිටින්නේ “ඇපි අන්නට හිංසා නොකරන කුලෙහි උපන්නම්හ. එසේ නොකට හැක්කේ ය” යනුවෙනි. එහෙත් එවිට ගුරුවරයාගේ නියෝගය වූයේ “ශිල්පයට උපචාර නොකරන්නා ඵල නොදෙයි පුතැ යි කීය.”
 
තමා උගත් ශිල්පයෙන් ඵල ලබන්නට මේ ගුරු පූජාව කළ යුතු බවට අණ කරන ගුරුවරයා වෙනුවෙන් ඇඟිලි දහස ගෙනෙන්නට පංචායුධ රැගෙන යන අහිංසක කුමාරයා අවසානයේ මහා මිනිස් ඝාතකයකුව මුළු මහත් මිනිස් සමාජයම භීතියට පත් කරවන අංගුලිමාලයකු වෙයි. අවිචාරවත් අදුරදර්ශී ගුරුවරයකුගේ ක්‍රියා කලාපයෙන් ලොව තක්සලාවක සිටි ශ්‍රේෂ්ඨ ශිෂ්‍යයකු, නම ඇසූ පමණින් බිය ඇති කරවන නාමයක් බවට පත් වූවා නොවේද? <ref>වර්ෂ 2012ක් වූ ජුලි මස 15 වන ඉරිදා සිළුමිණ පුවත්පත, පුන්කලස අතිරේකය, පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමි</ref>
 
=== අංගුලිමාල ===
 
සැවැත් නුවර චාලනී නම් වන අරණෙහි සැඟවී සිටින, නුවර ගම් බිය වද්දන බිහිසුණු සාහසිකයෙක්‌ පිළිබඳ පුවත ගංවතුරක්‌ සේ පැතිර යමින් තිබිණ. තමන් ඇස ගැටෙන ගැහැනු, පිරිමි, බාල, වැඩිමහල් යනාදී කිසිදු වෙනසක්‌ නොමැතිව මරා දමන්නාවූ හෙතෙම තමන් විසින් මරා දමනු ලබන අයගේ අත්වල මහපටඟිල්ල කපා ගන්නා බවද කෙනෙක්‌ කීහ. එසේ කපා ගනු ලබන ඇඟිලි මාලයක්‌ සේ උර පළඳිනා හෙයින් හේ අංගුලිමාල නමින් හැඳින්වෙන බවද තව කෙනෙක්‌ කීහ. හේ වල්කලා ඇඳුමක්‌ හැඳි, රත් ගිනි පුලිඟුවන් දැසින් ද, හැඩපලු ගෙතී දුර්වර්ණ වී ගිය උරහිස දක්‌වා දිගට වැඩුණු හිස කෙස්‌ වලින්ද යුතු බාහු බලයෙන් පිරිපුන් නව යොවුන් අයෙක්‌ බවද පැවසිණි. එහෙත් මෙසේ දුටු දුටුවන් කුමක්‌ හෙයින් මරා ඇඟිලි කපන්නේද යන වග දත් කිසිවෙක්‌ද නොවූහ.
Line 102 ⟶ 94:
 
"එම්බල ශ්‍රමණය, නවතිව, මම අද තොපගේ බල සිඳලමි. අංගුලිමාලගේ විලාසය කෙබඳුදැයි දැන ගන්නට සලස්‌වමි.
 
[[File:අංගුලිමාල දමනය.jpg|thumb|බුදුරජාණන් වහන්සේ විසින් අංගුලිමාල සහසිකයාව දමනය කරන ආකාරය.]]
 
බුදුහු සන්සුන්ව මෙසේ වදාළහ:
Line 113 ⟶ 107:
 
එසඳ බුදුහු ඔහුගේ බන්ධනය ලිහිල් කළහ. අංගුලිමාලට කිසියම් සැහැල්ලුවක්‌ දැනුණි. ඔහු තුළ වූ විකල් බවද දුරුවෙමින් තිබිණි. තමන් විසින් කරන ලද්දේ කිසි දිනක නිවැරදි කරගත හැකි වරදක්‌ නොවන බවද එවේලේ ඔහුට සිහිවිය. සුරත වූ අසිපත නොදැනීම ගිලිහිණි. දෙදණ බිම වැදිණි. දෙඅත් එක්‌ව බුදුන් වහන්සේ දෙසට යොමුවිණි. දෙනෙත් වලට කඳුළු පිරිණි. ඔහුqගේ මතකය අලුත් විය. දිසාපාමොක්‌ ඇඳුරුතුමන්ගේ ප්‍රියතම සිසු ලෙස ආදරයට පාත්‍ර වූ තමන් මෙබඳු සාහසිකයකු වූයේ කෙසේ දැයි සිතන්නටද විය. කිසිවක්‌ නිරවුල්ව සිතා ගැනීමට අසමත් වූ හේ බිම පෙරළෙමින් හඬන්නටද විය.
 
[[File:අංගුලිමාල දමනය 2.jpg|thumb|බුදුරජාණන් වහන්සේ විසින් අංගුලිමාල සහසිකයාව දමනය කල පසු ඔහු බුදු දහම වැලදගනී. ඉන්පසු අංගුලිමාල තෙරුන් ලෙස පැවිද්දෙක් බවට පත්වී අවසානයේ අරහත් ඵලයට පැමිණේ.]]
 
බුදුන් වහන්සේ ඔහුට කාරුණිකව මෙසේ වදාළහ.
Line 151 ⟶ 147:
 
බුද්ධ යන වදන ඇසෙත්ම ඇගේ ළසෝ ගිනි නිවී යන අයුරු ඇයට දැනුණි. ඕ දොහොත් නගා බුදුන්ට යළි නමස්‌කාර කළාය. පසුව ඇයද සිය පුතු සමඟ බුදුන් වහන්සේ පසු පසට ඇදුණාය.
<ref>වර්ෂ 2012ක් වූ ජුලි මස 15 වන ඉරිදා දිවයින පුවත්පත, ගාමිණී සුමනසේකර විසින් රචිත අතිරේකය</ref>
 
 
==අංගුලිමාල සූත්‍රය==
 
මජ්ක්‍ධිම නිකායේ රාජවග්ගයේ ඇතුළත් අංගුලිමාල සූත්‍රය, බුදුරජාණන් වහන්සේ විසින් අංගුලිමාල මහ රහතන් වහන්සේට උගන්වා වදාරන ලද්දකි. විලිරුදාවෙන් පෙළෙන ගර්භිණී ස්ත්‍රියකගේ ප්‍රසූතිය පහසු වන ලෙස කරනු ලබන සත්‍ය ක්‍රියාවක් වශයෙන් බුදුරජාණන් වහන්සේ අංගුලිමාල රහතන් වහන්සේට උගැන්වූ මෙම සූත්‍රය තුළ, අනාගතයේ පහළ වන, පෘථග්ජන භාවය නිසා නොයෙක් අවස්ථාවල වැරැදි කර පසුතැවිලි වන සකල මිනිස් වර්ගයාටම පිහිට වන අනර්ඝ අවවාදයක් සැඟවී තිබේ.
ජීවිත දහසක් පමණ නසා, තම මෑණියන් ද බුදුරජාණන් වහන්සේ ද නසන්නට තැත් කළ අංගුලිමාල මහා ප්‍රඥාවෙන් සහ මහා කරුණාවෙන් දමනය කළ බුදුරජාණන් වහන්සේ ඔහු යහමගට යොමු කර තමන් වහන්සේගේ ආරාමයට ම කැඳවාගෙන අවුත් පැවිදි කළ සේක.
 
 
== නිධාන කතාව ==
 
දිනක් අංගුලිමාල තෙරුන් වහන්සේ පිඬු සිඟා යද්දී, ප්‍රසූතිය අපහසුව විලිරුදාවෙන් පෙළී හුන් ගර්භිණී ස්ත්‍රියක දැක අනුකම්පා උපදවා, බුදුරජාණන් වහන්සේ කරා ගොස් එම පුවත සැළ කළ සේක. බුදුරජාණන් වහන්සේ සිතා මතා ම, කලක් මිනීමරුවකු ව සිට යහමගට පිළිපන් තෙරුන් වහන්සේට අද්භූත සත්‍ය ක්‍රියාවක් උගන්වා, එම ගභ¡ණී ස්ත්‍රිය වෙත ගොස් එම සත්‍ය ක්‍රියා පාඨය කියන්නට අවවාද කළ සේක. මුල් වතාවේ බුදුරජාණන් වහන්සේ උගැන්වූ එම අද්භූත පාඨය මෙසේ විය. “ යතොහං භගිනි ජාතො නාභිජානාමි සංචිච්ච පාණං ජීවිතා වොරෝපේතා. තෙන සච්චෙන සොත්ථි තෙ හොතු, සොත්ථි ගබ්භස්සා’ ති.”
එහි තේරුම නම් “ නැගණියනි, මම උපන් තැන් පටන් කොට දැන – දැන සත්වයකුගේ දිවි තොර කළ බවක් නො දනිමි. එම සත්‍යයෙන් ඔබට සෙත් වේවා, ගර්භයට සෙත් වේවා! මෙම පාඨයෙහි උපත වශයෙන් බුදුරජාණන් වහන්සේ අදහස් කළේ මනුෂ්‍ය ජාතියෙහි මුල්වර උපතට වඩා කථනය වැදගත් ආර්ය ජාතියෙහි දෙවන වර උපත බවයි. මෙම අර්ථ මුලින් වටහා නොගත් අංගුªලිමාල තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්ස මෙය මා දැන – දැනම කියන (සම්පජාන) මුසාවක් වෙයි. මම අතීතයේ දැන – දැන බොහෝ සත්වයින්ගේ දිවි තොර කළ කෙනෙක්මි ‘ යි පැවසූ සේක.
බුදුරජාණන් වහන්සේ දෙවනුව එම පාඨය ම වෙනත් ආකාරයකින්, එනම් අංගුලිමාල සූත්‍ර දේශනාවේ ඔබ – අප දන්නා වචනවලින් දේශනා කළ සේක. ඒ මෙසේය.
 
==අංගුලිමාල පිරිත==
 
“ ''''''යතොහං භගිනි, අරියාය ජාතියා ජාතො නාභිජානාමි සංචිච්ච පාණං ජීවිතා වොරොපෙතා. තෙන සච්චෙන සොත්ථි තෙ හොතු සොත්ථි ගබ්භස්සා’ ති.''''''
මෙම දෙවන වරට උගැන්වූ පාඨයෙන් කියැවෙන්නේ “ නැගණියනි, මම යම් දවසක ආර්ය ජාතියෙහි උපනෙම් ද, එතැන් පටන් කොට දැන දැන සත්වයකුගේ දිවි තොර කළ බවක් නො දනිමි. එම සත්‍යයෙන් ඔබට සෙත් වේවා, ගර්භයට සෙත් වේවා!” යනුයි.
<ref>මජ්ක්‍ධිම නිකාය</ref>
 
==උගත හැකි පාඩම==
 
යම් අවස්ථාවක තම අතීත සිද්ධියක් වරද බව අවංක ව පිළිගෙන එතැන් පටන් කොට දැන දැන එම වරද නොකර සිටීම පසුතැවිලි වීමට වඩා ප්‍රඥාගෝචර බව, බුදුරජාණන් වහන්සේ අංගුලිමාලට දුන් අවවාදයෙන් උගත යුතුය.
එම අවවාදයෙහි පිහිටා ඉන්පසු අංගුලිමාල තෙරුන් වහන්සේ කළ සත්‍යක්‍රියාව සාර්ථක වීමෙන් ද, පසුතැවිලි නොවී අංගුලිමාල පිරිත අංගුලිමාල තෙරුණ් කමටහන් වඩා රහත් බව ලැබීමෙන් ද, පැහැදිලි වෙයි. උන් වහන්සේ පසුකලකදී ඇනූ උදානය මෙසේ ය.
“යමකු පළමු පමා වැ සිට පසුව නො පමා වේ ද හෙතෙමේ අග්‍ර (වලා ) හිමාදීන් මිදුණු සඳ මඬල සෙයින් මෙලොව බබුළුවන්නේය.”
“යමක්හු විසින් කරන ලද පව්කම් මාර්ග කුසලයෙන් වසා ලනු ලැබේද, හේ අග්‍ර ( වලා ) හිමාදීන් මිදුණු සඳමඬල සෙයින් මෙලොව බබුළුවන්නේයි.”
ශේක්ස්පියර්ගේ මැක්බෙත් දෘශ්‍ය කාව්‍යයේ මැක්බෙත් වෛද්‍යවරයාගෙන් ඇසූ ප්‍රශ්නාවලියේ සඳහන් වන “ ළය මඬල පිරිසුදු වීමේ සංකේතය වශයෙන් අංගුලිමාල තෙරුන් වහන්සේගේ උදානයේ සඳහන් වන “ සඳ මඬල බැබළවීම” පිළිගත හැක.
<ref>සෙත් පිරිත් පිටුව</ref>
 
 
[[Category:බුද්ධාගම]]
"https://si.wikipedia.org/wiki/අංගුලිමාල_පිරිත" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි