"කාල් මාක්ස්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
55 පේළිය:
# පරාරෝපනය වු මිනිසා මානව ප්‍රජාවෙන් ද පරාරෝපනය වේ. සහචරයන්ගෙන් ද පරාරෝපනය වේ. එකිනෙක මිනිසා එකිනෙකාගෙන් පරාරෝපනය වීම දැකගත හැකිය.
=== පංති ගැටුම ===
කාල් මාක්ස් තම පංති ගැටුම පිළිබදව මුලින්ම අදහස් දක්වන්නේ 1848 දී පළ කළ කොමියුනිස් ප්‍රකාශය නම් ග්‍රන්තය මගිනි.මෙම කෘතියේ දී ඔහු මෙතෙක් පැවති සියළු සමාජවල ඉතිහාසය පංති අරගලයේ ඉතිහාසය යැයි මාක්ස් සදහන් කරයි.මාක්ස් විසින් සෑම සමාජයකම පංති ස්ථර දෙකක් පෙන්වා දෙයි.ඒ පංති දෙක පොදුවේ පාලක හා පාලිත ලෙස දැක්විය හැක.මෙහිදී ඔහු පංතිය නිර්වචනය කරන්නේ නිෂ්පාදන ක්‍රියාවලියට දක්වන දායකත්වය මතය.සමාජ පරිණාමය සමග පංතීන් සංවර්ධනය වූ අයුරු මාක්ස් පෙන්වාදෙයි.මාක්ස් විසින් සමාජ සංවර්ධව අවධි 5ක් දෙයි.
# ප්‍රාථමික කොම්යුනිස්ට් අවධිය
# වහල් අවධිය
# වැඩවසම් අවධිය
# ධනවාදී අවධිය
# සමාජවාදී අවධිය
# සුපිරි කමියුනිස්ට් අවධිය<br />
<br />
ප්‍රාථමික කොමියුනිස්ට් අවධිය පංති විරහිත සමාජයකි.එම අවධියේ මිනිසාට පෞද්ගලික දේපල පිළිබද අදහස් නැත.සියල්ලෝම පොදුවේ සම්පත් පරිහරණය කළහ.කිසිවකුට සම්පත් තනිව භුක්ති විදීමේ අවශ්‍යතාවයක් නැත.මෙම අවධිය දඩයම් හා එඩේර යුගයන්ට සමකල හැක.<br />
<br />
මෙම ප්‍රාථමික සමාජයන්හි මිනිසා කාලයක් යනවිට පෞද්ගලික දේපල පිළිබද හැගීම වර්ධනය වීමත් සමග ප්‍රාථමික සමාජ තත්වයෙන් මිදී වහල් සමාජය දක්වා පරිණාමය වෙයි.ලොව බිහිවන මුල්ම පංති සහිත සමාජය වහල් සමාජයයි.වහල් සමාජයෙහි වහල් හිමියන් ධනයෙන් හා බලයෙන් ඉදිරියෙන් සිටී.වහල් හිමියන් විසින් තම බලය යොදාගනිමින් වහලුන් දැඩි පීඩනයට පත් කරමින් තම අවශ්‍යතා ඉටුකරගනී.වහලාට සමජීය වශයෙන් දැඩි පීඩනයන්ට පත්වීමට සිදුවේ.ඔවුනට අයිතිවාසියම් සීමා විය.ඔහුගේ සියලු ක්‍රියාකාරකම් වහල් හිමියාගේ පාලනයට නතුවිය.
 
== උපුටා ගැනීම ==
"https://si.wikipedia.org/wiki/කාල්_මාක්ස්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි