"දෙමළ ඊළම" හි සංශෝධන අතර වෙනස්කම්

==මූලාශ්‍ර==
{{ආශ්‍රලැයිස්තුව}}
ප්‍රවිශ්ටය
අපේ තිලෝගුරු බුදු පියාණන් වහන්සේ දේශනා කල සේ “මිනිසෙකු බ්‍රාහ්මණයකු හෝ වසලයකු වන්නේ ක්‍රියාවෙනි, එසේම ක්‍රියාවට මුල වන්නේ මනසය”. මිනිසෙකු තව මිනිසෙකුගෙන් වෙන් වන්නේ සිතුම් පැතුම් අනුවය. මනසේ සිතුම් පැතුම් වෙනස් වීමට සංස්කෘතිය බලපෑමක් ඇති කරයි. ලෝකයේ අද පවතින ජන වාර්ගික ගැටළු සඳහා මූලික වන්නේ සංස්කෘතික වෙනස්කම්ය. එම සංස්කෘතිය බොහෝ විට ආගම, ජීවන වෘතිය, භාෂාව මත පදනම් වේ. මෙය හොඳින් තේරුම් ගත් අපේ රජ දරුවෝ මෙරටේ නිත්‍ය ලෙස පදිංචි වන විදේශිකයන් සිංහළ ජනාවාස වල පදිංචි කරවන ලදී. එවිට ඔවුහු දේශීය සංස්කෘතිය තුල ගිලි ගියහ . මේ සදහා ගත හැකි හොඳම උදාහරණ නම් ගජබා රජුන් විසින් රැගෙන එන ලද සොලින් 12,000 පරම්පරා 2 ක් ඇතුලෙදි දේශීයකරණය වී ඔවුන් විදේශිකයන්ගෙන් පැවත එන්නන් යයි මූලයක් වත් සොයාගත හැකි නොවීමය. එසේම රා මැදීමට ,කුරුදු තැලීමට , ධිවර කරමාන්තයට ගෙනෙන ලද ඉන්දීය ජනයා දකුණේදී සිංහළ සංස්කෘතිය තුල අතුරුදහන්ව ගොස් ඇත. එහෙත් සිංහළ ජනයා තුනී උතුරු ප්‍රදේශයට ගෙනයන ලද , “දොරෙයි”නොහොත් “තුරෙයි” වැනි ජනයා අදටත් එම සංස්කෘතියේම ජිවත් වේ.
එනම්, සිංහළ රජ දවස පැමිණ මෙහි ස්ථිරව පදිංචි වූ ජනයා දේශියකරණයට ලක් විය , එයට හේතුව වන්නේ වවාගෙන කන ආර්ථිකය තුල අනිවාර්යයෙන් තම පැවැත්ම රදවාගැනීමට මහ පොළොවට හා සමාජයට අනුගත විය යුතු අතර ඔවුන් හට විදේශීය සංස්කෘතිය සමග ජිවත් වීමට නොහැකිය. ඉංග්‍රීසින් විසින් ඇති කරන ලද වාණිජ ආර්ථිකය නිසා මුදල් දී කඩෙන් බඩු ගෙන හුදෙකලාව ජිවත් විය හැකි නිසා, එම අවධියෙන් පසු පැමිණි ජනයාගේ සංස්කෘතියට බලපෑමක් ඇති නොවිය. එසේනම් අද භාෂාවෙන්, ආගමෙන්, සංස්කෘතියෙන් අනන්‍යව වෙසෙන සුළු ජනයා වාණිජ ආර්ථික ක්‍රමය තුලට බටහිරයන් විසින් ගෙනෙන ලද ජනයා මිස මෙරටේ පාරම්පරිකව විසු අයවලුන් නොවේ.
තමිල් නිජ බිම් සංකල්පය
දම් + මිල් = දමිල් යනු සංස්කෘත වචනයකි. දම්=කන්ද හා මිල = මිලේච්ඡයා එනම් කන්දේ මිලේච්චයා යන අරුතයි. ක්‍රි . පු 3 වන සියවසේ දකුණු ඉන්දියාවේ පැවතී සාතාවාහන අධිරාජ්‍යය බිඳ වැටුණු පසු විවිධ ගෝත්‍ර බලවත් වුහ. ඒ අතර නීලගිරි කදු වලින් තැනිතලාවට සංක්‍රමණය වූ “දමිල්” යනු ගෝත්‍රයකි. තමිල් බසේ “ද” වෙනුවට “ත” යෙදීම් නිසා “දමිල්” යන්න “තමිල්” ලෙස එම භාෂාවේ දී උච්චාරණය වේ. ඉංග්‍රීසින්ගේ භාෂාවේ “ත” නොමැති නිසා එට “T” යෙදීම නිසා එය “Tamil” විය පාළි බසින්ද එය “දමිළ” වේ.
සිංහළ හා තමිල් භාෂා පදනම් කර ශ්‍රී ලංකාව තුල රටවල් දෙකක් ඇති කල යුතු බවට පසුගියදා උතුරු පළාත් සභාව මගින් යෝජනාවක් (I) ස්ථිර කොට විපක්ෂ නායක සම්බන්දන් මහතා හරහා ගරු කථා නායක තුමා වෙත භාර දෙන ලදී. ඉහත සදහන් කල යෝජනාවට පසුව ලංකාව ඉතිහාසය නැවත ලිවිය යුතු බව ඇතුලත් තවත් යෝජනා 15 රජය වෙත ඉදිරිපත් කර තිබේ(II) . එසේම සම්බන්ධන් මහතා යුධහමුදා කදවුරකට බලෙන් ඇතුල් වීමට තැත් කළේය(III). ඉන් පසු ඔහුගේ ප්‍රකාශ වලට අනුව හමුදාව තමිල් ජනතාවගේ ඉඩම් වල බලෙන් පදිංචි වී ඇති බව පවසයි. එසේම මෙරටේ බලය ඇල්ලීමට ඔහුට අයිතියක් ඇති බවත් පවසයි.(IV)
තමිල් බෙදුම්වාදයට ශාස්ත්‍රීය පදනමක් ඇති වුයේ කේ. ඉන්ද්‍රපාලන් මහතා විසින් 1966-67 දී තම පශ්චාත් උපාධිය සදහා රචිත “Early Tamils Settlement in Jaffna” නම් නිබන්දනයයෙන් පසුය . ඔහු විසින් හුදෙක්ම අධ්‍යන අවශ්‍යතාවක් සපුරාලීමට පමණක් ප්‍රභන්ධ කරන ලද ව්‍යාජ තමිල් ඉතිහාසයක් සහිත මෙම නිබන්ධනයට ප්‍රධාන ලෙසම මුලාශ්‍ර කර ඇත්තේ , ලන්දේසින්ගේ (සිංහළයන් සමග ඇති වූ යුධ පරාජයන් නිසා) පළිගැනීමේ අවශ්‍යතාව සපුරාගැනීමට සිංහළයා හට යාපනය අයත් නැති බව කීමට 1736 දී මයිල්වාකනම් පුලවර් ලවා රචනා කරන ලද ව්‍යාජ තමිල් ඉතිහාසය වන යාල්පානම් වෛපමාලේ ග්‍රන්ථයයි.(V)එමෙන්ම කයිල්‍ය මාලෙයි, වෛයියාපාඩෙල්, පරරාජසේකරම් උලෙයි වැනි සුරංගනා කථා පොත් වේ. මෙම ග්‍රන්ථ වලත් ඒවා මුලාශ්‍ර කොට ලියු ඉන්ද්‍රපාලන්ගේ නිබන්ධනයෙත් සදහන් කිසිදු කරුණක් ඓතිහාසිකව හෝ පුරාවිද්‍යාත්මකව සනාථ කර නොමැති අතර ඒවා හුදෙක්ම ප්‍රබන්ධ තත්වයෙන්ම අද වන තෙක් පවතී. මෙම ග්‍රන්ථ හුදෙක්ම දරුවන් නිදි කිරීමට මව්වරු විසින් කියන පදනමකින් තොර කතාන්තර බව 1919 දී මුදලි රාසනායගම් විසින් රචිත “Ancient Jaffna ” කෘතියේ පවසයි.
මෙසේ ඇති වූ තමිල් නිජබිම් සංකල්පය මත පිහිටා 1976 වඩ්ඩුකොඩේයි හි පැවැත්වූ සම්මේලනය හරහා තමිල් දේශපාලඥයන් ලෙස හදුන්වාගන්නා බෙදුම්වාදී මත දරූ පිරිසක් විසින් , තමිල් ලෙස තමන්ව හඳුන්වා ගන්නා ජනයාගේ මනස මුලා කොට ඇත. මෙම සම්මේලනය පැවැත්වීමට දින 9 කට පෙර LTTE නම් සන්නද්ධ පෙරමුණ ඇති කරන ලදී. මේ හරහා මෙරට අවිගත් ත්‍රස්‌තවාදයකට ඇදගෙනයාමේ පුර්ණ චේතනාවෙන් ක්‍රියාත්මක වී ඉතාම දරුණු හා විනාශකාරී ත්‍රස්තවාදයක් ඇති කොට සිංහළ,දෙමළ,මුස්ලිම් හා මෙරටේ ජිවත්වන අනෙකුත් සියලුම ජන කණ්ඩායම් වල අහිංසක ජිවිත දහස් ගනනක් ද රටේ දේපොළ විශාල ප්‍රමාණයක් විනාශ කරන්නට යෙදුනහ.
තමිල් දේශපාලකයන් හා ඊළාම්වාදීන් විසින් තමන් හට මේ රටට අයිතියක් ඇති බව පෙන්වීමට ගෙනහැර පාන්නේ සාධක 2 ක් පමණි , ඒවානම්,
අ. වෛපවමාලේ හා එම යුගයේ පැවතී පදනමකින් තොර වූ ග්‍රන්ථ අලලා බොහෝ දෙනා විසින් සම්පාදනය කල කෘති හා ලියකියවිලි.
ආ. 1796 පැමිණ මෙරට මාස 6ක් පමණ සිට නැවත වරක් ,1978 සැප්තැම්බර් 28 දින සිට මාස 14 පමණ සිට 1799 වසරේ මුතු කර්මාන්තය සම්බන්ධයෙන් දුෂිත චෝදනා එල්ල වූ හා ෆෙඩ්රික් නොර්ත් ආණ්ඩුකාරයා විසින් වැඩ තහනමට ලක් කොට දිවයිනෙන් පිටත් කරන ලද, මෙරටේ ප්‍රථම යටත් විජිත් ලේකම් “ක්ලේග්හෝන්” නමැත්තා විසින් තබන ලද සටහනකක්. කිසිදු මුලාශ්‍රයක් මත පදනම් නොවී, අතීතය ගැන උපකල්පනයක් මත පිහිටා, 1799 ජුනි මස 1 වන දින ඔහු විසින් මෙම සටහන තබා ඇත.(VI) (මොහු විසින් ඉදිරිපත් කරන බොහෝ තොරතුරු සාවධ්‍ය බව නොර්ත් ආණ්ඩුකාරවරයා විශේෂයෙන් සටහන් කොට තිබේ) වෛපමාලේ ග්‍රන්ථය හා ඒ ආශ්‍රිත වූ අනෙකුත් කෘති සුරංගනා කතා පසක් කරමින්. ඉහත දැක්වූ ලෙස මෙම කිසිදු ග්‍රන්තයක ඇති කරුණක් ඓතිහාසිකව, ලිකිත හෝ පුරාවිද්‍යාත්මකව මේතාක් සනාථ කිරීමට දමිල පක්ෂය අපොසත්ව ඇත. අද දවස වන තෙක්ම මේවා හුදෙක්ම මිත්‍යා ප්‍රබන්ධන තත්වයේම පවතී.
මහාචාරය කේ. එම්. සිල්වා විසින් රචිත “Separaties Ideology in Sri Lanka :A Historical Apprasical” කෘතියේ මහචාර්ය කේ.එන් ඕ. ධර්මදාස ගේ සිංහල පරිවර්තනයේ මෙසේ සදහන් වේ. “ වර්ෂ 1799 ජුනි 1 වන දින දරණ ක්ලේහෙගොන් මහාතාගේ සටහන “උදෘත” නමින් හැඳින්වූ මෙම ලේඛනයට මාතුරුකාව වුයේ කලින් පැවති ලන්දේසි ආණ්ඩුව යටතේ අධිකරණ හා ආදායම් පරිපාලනය සිදුවූ ආකරයයි. මෙය ප්‍රථම වරට මුද්‍රණය වුයේ 1855 වසරේ පල කෙරුණු “Ceylon Almanac and Annual Register” නම් රජයේ ප්‍රකශ්නයේය.
 
එසේම ඉහත සදහන් කෘතියේ තවදුරාටත් සදහන් කර ඇත්තේ, වර්ෂ 1954 දී ආචාර්‍ය රැල්ෆ් පිරිස් විසින් “ ලන්දේසි ආණ්ඩුව යටතේ ලංකාවේ අධිකරණ හා ආදායම් පරිපාලන (ක්ලේහෙගොන් සටහන)” යන මැයෙන් කෙටි හැඳින්වීමක් සහිතව ශාස්ත්‍රීය ලිපියක් ලෙස ඉදිරිපත් කල විට “පාරම්පරික නිජබිම් “ සදහා තම අයිතිය පිණිස කරුණු සොයමින් සිටි තමිල් දේශපාලඥයන් හා න්‍යායාචාරින්ට වරුන්ට මේ කෙරේ යොමුවූ බවත් එය අද්භූත ලෙස ඔවුන්ගේ ආකර්ෂණයට ලක්වූ බවත්ය. එම උදෘත සටහන කෘතියේ මෙසේ දක්වා ඇත
“ ඉතා ඈත අතීතයේ සිට වෙනස් වූ ජාතින් දෙකොට්ඨාශයක් දිවයිනේ අයිතිය තමන් අතර බෙදාගෙන සිටිති . වලවේ ගග සිට හලාවත තෙක් තෙක් වූ දකුණු හා බටහිර පෙදෙස්වල අභ්‍යන්තර ජනාවාස කරගෙන සිංහල ජනයා පදිංචි වූ අතර උතුරු නැගෙනහිර පෙදෙස්වල මලබාරයන් පසුව පදිංචි විය. මෙම ජාතිහු දෙපිරිස ආගම , භාෂාව, සිරිත් විරිත් අතන් එකිනෙකාට වෙනස්ය. මුලින් සදහන් කල පිරිස පළමුව ආ ජනපදිකයන් වීමට ඉඩ ලද්දා වන අතර ඔවුන්ගේ ප්‍රභවය සියමෙන් වන අතර සියම් දේශයේ ආගම අදහති”
එහෙත්, මෙම උදෘතයේ සදහන් “මුලින් සදහන් කල පිරිස පළමුව ආ ජනපදිකයන් වීමට ඉඩ ලද්දා වන අතර ඔවුන්ගේ ප්‍රභවය සියමෙන් වන අතර සියම් දේශයේ ආගම අදහති” යන කොටස හිතාමතාම ඉවත් කොට දමිල බෙදුම්වාදීන් විසින් මුල් කොටස පමණක් ගෙන ඔවුන්ගේ බෙදුම්වාදී නියාය හා ප්‍රචාරණ කටයුතු සදහා සාවධය ලෙස සියල්ලම මුලා කරමින් භාවිතා කරති.
සිංහලයාහට කිසි විටෙකත් සියම් සම්භවයක් නොමැති අතර බුදු දහම මෙරටට ගෙන එන ලද්දේ සියමෙන් නොවේ. මොහු ඉතිහාසය පිලිබදව කිසිදු අධ්‍යනයකින් තොරව මෙම සටහන තබා ඇති බව ඉතා පැහදිලිය . ලන්දේසි සමයේ සියමෙනි ගෙනෙන ලද උපසම්පදාව වරදවා වටහාගෙන මෙම සටහන තබා ඇති බව පැහැදිලි වේ. එසේම සිංහලයා හට කිසි විටකත් සියම් සම්භවයක් නැත. මෙයින්ම ඔප්පු වන්නේ ක්ලේහෙගොන්ගේ සටහන සාවධ්‍ය බවය. ක්ලේග්හෝන් යනු දුෂිත නිලධාරියෙකිකු බව ඉංග්‍රීසි ආණ්ඩුව විසින්ම තීරණය කරන ලදී . ඔහුගේ සටහන් අවශ්වසනිය බව ෆෙඩ්රික් නොර්ත් ආණ්ඩුකාරවරයාම ප්‍රකාශ කොට ඇති බැවින් මෙම උදෘත සටහනද පිළිගත නොහැක. කිසිදු මුලාශ්‍රයක් මත පදනම් නොවී, ඔහු විසින් තබන ලද මෙම උදෘත සටහන හුදෙක්ම සාවධ්‍ය උපකල්පනයක් පමණක් බව මින් පැහැදිලි වේ.
 
පේදුරුතුඩුව සිට දෙවුන්දර තුඩුව තෙක් වූ මුළු දේශයම හෙළ ජාතියට අයත් බවට අවුරුදු 2500 ක් ලිඛිත ඉතිහාසයක් හා ඒ හා සමපාත වන හා එයින් එපිට වූ හෙළ යුගයේ පුරාවිද්‍යා සාධක මගින් පැහැදිලිවම ඔප්පු වී ඇත. එවැනි පසුබිමක් තුල තමිල් දේශපාලඥයන් හා ඊලාම් බෙදුම්වාදී මත දරන සියළුම තමිල් ජාතිවාදී කොටස් ප්‍රකාශ කරන හා ඉල්ලා සිටිනා “තමිල් නිජබිම් අයිතිය” හා ඒ සමග බැඳුනු අනෙකුත් ඉල්ලීම් හා ප්‍රකාශ මෙරටේ ජාතිය වන සිංහළ අපහට ඉතාම අපැහැදිලි වේ. තමිල් දේශපාලකයන් හා ඊළාම්වාදී ප්‍රකාශ කර සිටින්නේ තමන් හට වසර 3000 එපිට ඉතිහාසයක් මෙරටේ ඇති බවය, එහෙත් ඇතැම් තමිල් උගතුන් හා ලේකකයන් කියා සිටින්නේ 13 වන සියවසින් පසු තමිල් රාජධානියක් යාපනයේ බිහි වූ බවය හා එතැන් සිට ඔවුන්ගේ තමිල් නිජ බිම් ආරම්භ වූ බවය. ලද තැනම ලොප් වන්නා සේ මොවුන් එකිනෙකා පවසා ඇති ඉතිහාසය පරස්පර වේ . එසේම කලින් කලට කරනා ඇතැම් ඉල්ලීම්වල හා ප්‍රකාශනයන්ගේ ද පරස්පරයන් දක්නට ඇත.
සිංහළ ජාතිය වන අප විසින් දක්වා සිටිනුයේ මෙම දෙරණේ ශිෂ්ඨාචාරය හා සංස්කෘතිය බිහිකළ අප හට පමණක් මෙම දෙරණ අයත් බව හා තමිල් ජනයා යනු බටහිර ආක්‍රමණිකයන්ගේ වහල් සේවය සදහා මෙහි ගෙනවිත් පදිංචි කරන ලද අනවසර සංක්‍රමණකියන්(සිංහළ ජාතියේ අවසරයෙන් තොරව) කොටසක් පමණක් බවය. එසේම එය සනාථ කිරීමට අවශ්‍යතරම් ඓතිහාසික ලිඛිත හා පුරාවිධ්‍යාත්මක මුලාශ්‍ර ඉදිරිපත් කිරීමට අප සුදානම්ය. මෙම තත්වය යටතේ තවදුරටත් මෙරට විනාශ මුඛයට යාම වලක්වා දැනට ඇති කර ඇති ගැටළුව නිත්‍ය ලෙස විසදීම පිණිස , තමිල් ජනයා හට මෙරටේ අයිතියක් වේ නම් එය ඔවුන් විසින් ඔප්පු කල යුතුය.
සිංහළයා හට පමණක් උරුමයෙන්ම අයත් මෙම දෙරණේ හා රාජ්‍යයේ අයිතිය සනාථ කිරිමට මුලාශ්‍ර සහිතව සාක්ෂි විශාල ප්‍රමාණයක් ඉදිරිපත් කල හැක. මෙම සාක්ෂි අතුරින් තෝරාගත් කිහිපයක් පමණක් , යටත් විජිත පාලනයට පෙර යුගයේ සාක්ෂි (පුරාවිද්‍යාත්මක සාක්ෂි), පෙරදිග හා අපරදිග සාක්ෂි, පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසින්ගේ සාක්ෂි ලෙස සංශිප්තව ඉදිරිපත් කරමු.
 
 
 
 
දෙවන පරිච්චේදය
සිංහළගේ අයිතිය ඔප්පු කිරීමට ඉදිරිපත් කරනා සාක්ෂි
පුරාවිද්‍යාත්මක සාක්ෂි
1. පුරාවිද්‍යා කොමසාරිස් චාල්ස් ගොඩකුඹුර මහතා 1965 හා 1968 වසරවල යාපනයේ කදුරුගොඩ භුමියේ කල ගවේෂණ කැනීම් වලින් සනාථ වී තිබෙන්නේ, එය රහතුන්වහසේලා වැඩ සිටි අක්කර 7ක් පමණ විශාල වූ විහාර සංකීර්ණයක් බවය. මෙහි රහතුන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරන ලද ස්ථූප විශාල ප්‍රමාණයක්ද අනුරාධපුර හා වෙනත් යුගවලට අයත් සිරිපතුල්, කාසි, ආභරණ , බුදු පිළිම, වලන් කටු , උළු වර්ග , ගෙජ්ජි ආදී පුරාවස්තුන්ද සොයාගෙන ඇත. 1970 වසරේ ඇමෙරිකාවේ පෙන්ල්සිවෙනියාවේ විශ්ව විද්‍යාලය මගින් හුනුගම අසල කන්දරෝඩය හෙවත් කදුරුගොඩ ( චුන්නාකම්) හි නැවත කල කැණීම්වලින් හමුවූ වළං වැනි ජනාවාස අවශේෂ කාබන් 14 පරික්ෂණයට අනුව ක්‍රි.පු. 1200 පමණ වන බව ගණන් බලා ඇත. එසේනම් වෛපමාලේ පෙන්වාදෙන ඉතිහාසයට එපිටින් වූ සිංහළ ශිෂ්ඨාචාරයක් හා සංස්කෘතියක් පැවති බව මෙයින් පැහැදිලි වේ.
2. කදුරුගොඩ ප්‍රදේශයෙන් සොයා ගන්නා ලද කළු - රතු බඳුන්වල “දතහ පත” යනුවෙන් සටහන් කොට ඇත. මෙවැනිම වූ සමකාලින් යුගයට අයත් මැටි භාජන අනුරාධපුර, තිස්සමහාරාම ආදී ප්‍රදේශවලට හමුවී තිබේ. එසේනම් මෙහි පැහැදිලිවන්නේ එකම අක්ෂර කලාවක් , භාෂාවක් , සංස්කෘතියක් සහිත සිංහළ ජනයා උතුරේ සිට දකුණ තෙක් මුළු රටේම විසු බවය.
3. වර්තමාන වඩමාරච්චි ප්‍රද්ශයේ වල්ලිපුරම් පුරම් ප්‍රදේශයේ කල කැණීම්වල හමුවූ “රන් සන්හස” ඉතාම වැදගත් වේ.(I) මෙහි සදහන් වන්නේ වසභ රජු සමයේ ඉසගිරි ඇමති විසින් නාගද්වීපය පාලනය කරද්දී බදකර අතන නම් ස්ථානයේ පියතුංග තිස්ස විහාරය කරවූ බවය. එසේනම් මෙයින් සනාථ වන්නේ ක්‍රි.ව 66-112 අතර කාලයේත් යාපනය අනුරාධපුර සිංහළ රජතුමා යත්ටේ වූ බවය.
4. යාපනයෙන් හමුවන තමිල් බසින් ලියවුනු සෙල් ලිපි පිහිටුවා ඇත්තේ සිංහළ රජවරුන් විසිනි. නාගද්වීපයේ නාග පුසානි අම්මාන් කෝවිලේ තැන්පත් කර ඇති සෙල් ලිපියෙන් දැක්වෙන්නේ වරායට එන වෙළඳුන්ට අවසර ලබා දෙන ක්‍රමවේදයක් හා බදු පිළිබඳය. මෙම සෙල් ලිපිය වරායට එන දකුණු ඉන්දියා වෙළෙඳුන්ගේ කියවීම පහසුව පිණිස තමිල් බසින් ස්ථාපනය කරවා ඇත්තේ 1164 සිට 1197 තෙන් පොලොන්නර්වේ රාජ්‍ය විචාල මහා පරාක්‍රමබාහු රජ විසින් බැවින් එවකටත් මෙම ප්‍රදේශය සිංහළ රජු යටතේ පැවති බව ඔප්පු වේ. රජ රාජ ගේද කයිට්ස් ලිපිය මෙම වෙළදුන් සදහාම වන්නේය.
5. එසේම කන්දරෝදඩය හමුවන සෙල් ලිපිය ක්‍රි ව. 912-929 පොලොන්නර්වේ සිටි IV වන කාශ්‍යප රජතුමා විසින් පිහිටවා ඇත. එහි සදහන්ව ඇත්තේ කාශ්‍යප රජු රුහුණු මලය ආදී ප්‍රදේශ එක් සේසත් කල බවත් එසේම එම සෙල් ලිපිය පිහිටවූ ප්‍රදේශයට ඇතුල් විය යුතු හා නොවිය යුතු පුද්ගලයන් පිළිබදවත් සදහන් වේ.
6. යාපනේ ආනේයිකොට්ටේ ප්‍රදේශයේ හමුවූ “කෙවත” ලෙස සදහන් ලෝහ තහඩුව ඉතාම වැදගත් පුරාවිද්‍යා සාධයක් වේ. මෙම කෙවත යන නාමය රාවණ රජුගේ පරපුර ගැන කියවෙන වරගපුර්නිකාවේ සදහන් ආකාරයට කනකසන්තුරේ පාලනය කරන ලද්දේ රාවණ මුණු බුරකු “කේවේශස්ත” හෙවත් හෙළ බසින් “ කෙවත” වේ. එසේනම් මෙයින් සනාථ වන්නේ රාවණ රාජ සමයේ සිට යාපනය හෙළයන් සතු වූ බවය.
7. කෑගල්ල මැදවල ප්‍රදේශයේ හමුවූ 1359 වසරට අයත් සෙල් ලිපියේ වෛපවමාලේ ග්‍රන්ථයේ සදහන් නම් වලින් හතරක් ගැන පමණක් සදහන් වේ. එත් ඒවා රජවරුන්ගේ නම් ලෙස සදහන් නොවන අතර ගම්පොල සිංහළ රජු යටතේ වූ මුදලිවරු (Martanda Mudalis' of Yapanaya as a 'Perumal' or 'Sub-Ordinate' ruler) ලෙස යාපනය පාලනය කර සහායකයන් ලෙස සදහන් වේ. අගනුවර ගම්පොල නිසා ඒ අසල ලිපිය පිහිටවා ඇත. පක්ෂග්‍රාහි පුරා විද්‍යාඥයන් මිට වැරදි අර්ථ කථන දී ඇත.
8. යාපනයේ ඇති කෝට්ටේ යුගයට අයත් ඉපැරණි ගොඩනැගිලි වන මන්ත්‍රී මාලිගයත් , නල්ලුර් කෝවිලත් සපුමල් බණ්ඩාර කුමාරයා ලවා පැරකුම්බා රජු විසින් කරවන ලද ඒවා වේ.
 
පෙරදිග රටවල මුලාශ්‍ර
9. ඉන්දියාවේ කිසිම ඉතිහාස සාක්ෂියකින් තමිල් නිජබිමක් හෝ තමිල් රාජ්‍යක් මෙම දෙරණේ පැවත බව සදහන් නොවේ. ක්‍රි ව 325 -380 කාලයේ සමුද්‍රගුප්ත රජුගේ අලහාබාද් ප්‍රශස්තියේ (corpus inscription indecorum Vol . III P.8,14) දක්වා ඇත්තේ මෙම හෙළ ද්වීපය “සිංහළ ද්විප ” වශයෙනි.
10. මෙරට දේශ සංචාරය කල චීන ජාතික ෆා හියන් භික්ෂුන් වහන්සේ ක්‍රි ව 416 දී රචනා කරන ලද කෘතියේ මෙරට හදුන්වන්නේ “සිංහළ දේශය “ ලෙසය එහි මෙසේ සදහන් වේ “සිංහළ දේශය වනාහි නැගෙනහිර සිට බටහිරට යොලීන් 30 ක් ද උතුරේ සිට දකුණට යොලීන් 50 පමණ ඇති දුපතකි” එනම් මුළු දිවයිනම සිංහළ දේශය ලෙස හඳුන්වා ඇති අතර කිසිදු ද්‍රවිඩ රාජායක් හෝ දමිල් ජනයා ගැන සදහනක් නොමැත. (II)
11. 2006 ජුලි 31 වන දින දිවයින පුවත් පතේ පළවූ චීන ඉතිහාසඥ වේ. මින්ග් ගේ ලිපිය මගින් පෙන්වා දෙන්නේ , චීන ඉතිහාස පොත්වල කිසිදු තමිල් රාජ්‍යයක් පිලිබදව සටහන් නොමැති බවයි. ෆා හියන් හිමි ගේ දේශාටන වාර්තාවේ “සිංහ දේශය” ලෙස, සැන්සා හාමුදුරුවන්ගේ දේශාටන වාර්තාවේ (7 වන සියවස) සින්චාලෝකෝ” හෙවත් සිංහ දේශය . ඊට සමකාලීනව ඉජින් හාමුදුරුවන් විසින් ලියු පොත්වලද සිහල ද්වීපය ලෙස මෙම දෙරණ සටහන්ව ඇති ඔහු පෙන්වා දෙයි.
12. බුරුමයේ රජු (ක්‍රි ව 1459 ) වන ධම්ම චේතිය මහා රජු පිහිටවන ලද “කල්‍යාණි සෙල් ලිපි” (III)දක්වන්නේ “සිහල රාජ” (VI වැනි බුවනකබාහු ) මෙරටින් වැඩම කරවූ උපසම්පදාව “සිහළුපසම්පාදා” ලෙස සටහන් කර ඇත. එසේම එම සෙල් ලිපි මෙම දිවයින “සිහල දේශ” ලෙස හඳුන්වයි. ද්‍රවිඩ රාජ්‍යයක් පිලිබද සදහනක් නොමැත.
අපරදිග රටවල මුලාශ්‍ර
13. ටොලමි විසින් 127-157 කාලය තුල සකස් කල සිතියමේ මෙම දිවයින තැප්‍රෝබේනය ලෙස හඳුන්වන අතර උතුරු ප්‍රදේශය සම්පුර්ණයෙන්ම නාග ද්වීපය ලෙස හඳුන්වයි.
14. තමිල් නායකයන් පවසනා ආකාරයට මෙරටට ප්‍රථමයෙන් පැමිණි පෘතුගීසින් 17 වන සියවස තෙක් පැවති තමිල් රාජ්‍යය පෘතුගීසින් විසින් යටත් කර ගන්නා ලද්දේ නම් , ඒ පිළිබද , පෘතුගීසි,ලන්දේසි , ඉංග්‍රීසි වාරතාවල සටහන් වී තිබිය යුතුය. එහෙත් එවැනි කිසිදු සටහනක් මේ තාක් හමු වී නොමැත.
කෝට්ටේ යුගය (පෘතුගීසි මුහුදු බඩ පාලන සමයේ සාක්ෂි සමග)
15. 1517 කෝට්ටේ රාජධානියට ආරක්ෂාව සැපයීම උදෙසා පෘතුගීසි ජාතික ලොරෙන්සෝද අල්මේදා හා කෝට්ටේ ධර්ම පරාක්‍රමබාහු බාහු රජතුමා අතර අත්සන් කරන ලද ලියවිල්ලේ මේසේ සදහන් වේ “'Rightful Lord of the World, fortunate descendent of the Kings of Anu-Raja-Pura, the greatest of all on earth, scion of the Gods in this Island of Ceylon, Rightful Lord of the empire of Cota and of the Realms of Jafanapatao and Candea, God of War in conquering Rebels who are more like women than men, Rightful heir of the Kings of Dambaden and of the great peak of Adam; preserver of the law of Budduas, vanquisher of the Kings styled Ariavansa. (IV)මෙමගින් ඉතාම පැහැදිලි ලෙස “ජැෆ්නාපටෝ” හෙවත් යාපනය කෝට්ටේ රජතුමාට අයත් බව කියැවේ. මේ ලියවිල්ල පෘතුගීසින් 1634 දී යාපනය අල්ලා II සංකිලි මරා දැමීමට පෙර එනම් වසර 100 පමණ පෙර අත්සන් කරන ලදී. 16 වන සියවසේ අත්සන් කරන ලද මෙම ලියවිල්ලෙන් යාපනය එවකත් කෝට්ටේ රාජධානියට අයත් බව ඔප්පු කොට පෙන්වයි. එසේනම් ඊළම් වාදීන් පවසනා සේ 17වන සියවස තෙක් තමිල් රාජධානියක් යාපනයේ පැවතුනා යයි පැවසීම සාවද්‍ය වන අතර එසේ “තමිල් ” රාජධානියක් පැවතියා යයි ඔප්පු කිරීමට ඇති සාධක මොනවාද?
16. 1597 මැයි 29 පෘතුගීසි කපිතාන් අසවේදු සමග දොන් ජුවන් ධර්මපාල රජු අත්සන් කරන ලද මල්වාන ලියවිල්ලේ, කෝට්ටේ රාජධානියට අයත් රටවල් එනම් “යාපාපටුන රට” සීතාවක රට, ගම්පොල රට, ඌව රට , මාතලේ,වෙල්ලස්ස සහ පානම රට යනුවෙන් සදහන් කර ඇත. නුවර යුගයේදී දිසාවේ වරු 12 දෙනෙකු විසින් රජු යට‍තේ එක් එක් දිසාව පාලනය කළා සේ කෝට්ටේ යුගයේදී එම පාලන කලාප හඳුනා ගත්තේ “රට” ලෙසය, කෝට්ටේ යුගයේදී මෙවැනි රටවල් 14 තිබු බව “ෆ්රැන්සිස්කෝ නිගරෝ පියතුමන්” විසින් සම්පාදිත “ක්වේරෝස් පියතුමා” විසින් ප්‍රකාශිත “Temporal and spiritual conquest of Ceylon” ග්‍රන්ථයේ සදහන් කරයි. මෙහිදී “දිසාවේ” හෝ “රට” යන පාලන ක්‍රමවේදය නිසි ලෙස හදුනා නොගත් පෘතුගීසින් “කෝට්ටේ අධිරාජ්‍යයා” හා ඔහු යටතේ පැවතී මෙම රටවල් “රාජධානි” ලෙස නම් කොට ඒවායේ පාලකයෝ “රජවරු” ලෙස වරදවා හදුන්වා දී තිබේ. යාල්පානම් වෛපමාලේ ලිවීමට පෙර (යාල්පානම් වෛපමාලේ සම්පාදනය කරන ලද්දේ මල්වාන ගිවිසුමෙන් වසර 150 පමණ පසු කාලයකදීය ) සිට සනාථ වන මෙම කරුණු හමුවේ තමිල් රාජ්‍යයක් තිබු බව ඔප්පු කරන්නේ කුමන සාධක මතද? එසේ කියා සිටින්නේ වෛපමාලේ ග්‍රන්ථයට අනුවනම් එහි සදහන් කරුණු ඔප්පු කිරීමට ඉදිරිපත් කරන මුලාශ්‍ර (ලිඛ්ත හා පුරාවිද්‍යාත්මක) මොනවාද? යාල්පානම් වෛපමලේ ග්‍රන්ථයේ සදහන් කරන ආර්ය චක්‍රවර්ති පරපුර සිංහළ රජු යටතේ වූ මුදලි පරම්පරාවක්ද? නැතහොත් ස්වාධින රාජ පරම්පරාවක්ද යන වග පැහැදිලි කල යුතුය.
17. බැල්දියස් පාදිලිවරයා සදහන් කරන්නේ (බැල්දියස් ගේ ලංකා පුරාවෘතය සිංහල පරිවර්තනය පිට 430)(V) පෘතුගීසින් යාපනය් කොටුව සිංහළගෙන් අල්ලා ගත් බවය. මෙය II සංකිලි සිංහළ රජතුමා යටතේ වූ බව කදිම සාක්ෂියකි. එසේම ඔහු තව දුරටත් සදහන් කරන්නේ යාපා පටුන, මන්නාරම, මඩකලපුව යන ප්‍රදේශ කෝට්ටේ හා මහනුවර රජවරුන්ට අයත් වූ බවය. එසේම 396 පිටෙහි දක්වන්නේ යාපනය ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටින්නේ මලබාරයෙන් පැමිණි ජනයා බව යාපනයේ ජනතාවම තමාට පැවසු බවය.
18. පෘතුගීසින් විසින් 17 වන සියවසේ මුල්කාලයේදී යාපනය II සංකිලි ගෙන් අල්ලා ගත් පසුව යාපනය පාලනය කිරීම සඳහා ඇතිකරගත් ගිවිසුම සිංහළ හා පෘතුගීසි බසින් පමණක් විය.එයට හේතුව සංකිලි යාපනය පාලනය කලේ කෝට්ටේ රජු යටතේය. යාපනය තමිල් රාජධානියක් වුයේ නම් තමිල් බසින් මිස සිංහළ බසින් මෙවැනි ගිවිසුම් ඇති කරගැනීමට අවශ්‍ය නැත. එසේනම්, 17 වන සියවස තෙක් යාපනයේ තමිල් රාජධානියක් පැවතුනා කීමේ පදනම කුමක් දැයි පැහැදලි කරන්න? (මුලාශ්‍ර ක්වේරෝස් පියතුමාගේ ග්‍රන්ථය හා පෘතුගාල ලේඛනාරක්ෂක කෞතුකාගාරය)
19. ක්වේරෝස් පියතුමාගේ “Temporal and spiritual conquest of Ceylon” ග්‍රන්ථයට අනුව 17 වන සියවස වන විට යාපනය මුදලිට යටත් ආරච්චිවරුන් යටතේ පාලනය වූ ධිවර ගම්මාන 4 ක් යාපන අර්ධද්වීපයේ විය. වැදී ආරච්චි (වඩමාරච්චි), පස්හෙලපාලි( පච්චිලිපල්ලෙයි), තෙන් ආරච්චි(තෙන්මරච්චි) හා වැලිගම (යාපනය) යනුවෙන් ඒවා හැඳින්වේ. ඉන් අමතර වූ යාපන අර්ධද්වීපය ශුෂ්ක ශාක සහිත කැලෑවක් හා ජන ශුන්‍ය ප්‍රදේශයක් ලෙසත්, ස්ථිර ජනාවාස නොමැති බවත් දක්වයි. තමිල් නිජ බිම් හෝ රාජධානියක් තිබුනේ නම් තත්වය මෙසේ විය හැකිද?
20. ක්වේරෝස් ග්‍රන්ථයට අනුව යාපනයේ අවසන් පාලකයා වන II සන්කිලිගේ ඇමතිවරු 10 දෙනාම සිංහළ බෞද්ධයන් වූ අතර බිරිදද බෞද්ධ කාන්තාවකි.
21. ලිස්බන් කෞතුකාගාරයයේ ඇති ලිපි ලේඛන වලට අනුව එවකට යාපනය පාලනය කල පෘතුගීසි කැප්ටන් හට වැඩිම පැමිණිලි ප්‍රමාණයක් ලැබී ඇත්තේ පෘතුගීසි සෙබළුන් විසින් භික්ෂුන් වහන්සේලාට හා විහාරස්තානවලට අගෞරව හා හානි කිරීම සම්බන්ධයෙනි. එනම් පෘතුගීසි යුගයේ යාපනය සිංහළ බෞද්ධ ජනාවාස පෙදෙසක් බව මෙයින් තහවුරු වේ.
22. අරන්කැලේ සන්නසින් තහවුරු වන්නේ විදාගම මාපිට හිමි VI වන බුවනකබාහු රජුට යාපනයේ දී දහම් දෙසු බව කියැවේ. මෙයින් හෙළි වන්නේ එවකට යාපනය කෝට්ටේ රාජධානිය යටතේ වූ බවය.
 
ලන්දේසි මුහුදුබඩ ප්‍රදේශ පාලන සමයේ සාක්ෂි
 
23. වෙළද බෝගයක් වූ දුම්කොළ වගාව අරඹන ලද්දේ ලන්දේසි යුගයේය. මේ සදහා ඔවුන් මුලදී ඉඩම් බද්දට ලබා ගත්තේ “රත්නසිංහ” නම් සිංහළයකුගෙනි. වැඩිම බදු මුදල වන රික්ස් ඩොලර් 2500 ක් ඔහුට ගෙවූ බව හේග් කෞතුකාගාරයේ ඇති ලිපි ලේකන වල සටහන්ව ඇත. (මුලාශ්‍ර ක්වේරෝස් ග්‍රන්ථය )
24. පෘතුගීසි යුගයේ සිට මලබාර්වරු මෙරටට ගෙන ආවද ඔවුන් තාවකාලික ශ්‍රමිකයන් පමණක් විය. ඔවුන්ගේ සේවය අවසන නැවත මවු බිම් බලා පිටත්වන ලදී. ලන්දේසි යුගයේදී මෙම ශ්‍රමිකයන් නැවත තම මවු රට වෙත ආපසු යාම නවතා ගැනීමට ඔවුන්ට අවශ්‍ය විය . මේ සදහා කොරනේලිස් J සිමන්ඩ් නම් ලන්දේසි ආණ්ඩුකාරයා 1706 දී ජුස් මැන්ඩාස් නම් ජෙර්මන් ගෝත්‍රික නීතිය යාපනය ආරාධද්විපයට පමණක් හඳුන්වා දුනි. මෙයින් පැහැදිලි වන්නේ එම යුගයේදී මලබාර් ජනයා යාපනය ආශ්‍රිතව පමණක් තාවකාලික පදනම මත දුන්කොල වගාව, ධිවර කර්මාන්තයේ යෙදුනු බවය. සිංහළයන් හා යුද්ධ කොට ලැබූ පරාජයන් නිසා සිංහළ රජුන් සමග ඇති වූ වෛරයත් සමගම තමිල් ජනයා පදිංචි කර ඔවුන්ට මෙහි ඉතිහාසයක්ද තනා ජුස් මැන්ඩාස් තේසවලාමේ නිතිය නමින් පනවා වසර 30කට පසු ජාන් මක්කාර නමින් හදුන්වන ලන්දේසි නිලධරියා මගින් මයිල්වාකන්ම් පුලවර් වෙත් වෛපවමාලේ ග්‍රන්ථය ලිවීමට ආරාධනා කරන ලද.
25. දෙවන රාජසිංහ රජු විසින් 1636 සැප්තැම්බර් 9 වන දින දී ලන්දේසීන්ට යොමු කරන ලද ලිපියේ සදහන්ව ඇත්තේ “ මහනුවර, සීතාවක, දඹදෙනිය, අනුරාධපුරද, එමෙන්ම මුහුදුබඩ යාපා පටුන හලාවත, මාදම්පේ , කල්පිටිය , අරිප්පු, මන්නාරම යන වාරායවල හා මුතුපර වල අධිපති රාජසිංහ වූ මම” ලෙසය . එසේනම් , ලන්දේසි සමයේද අදාළ ප්‍රදේශ සිංහල රජුට අයත් විය. (හේග් කෞතුකාගාරය)
26. පෘතුගීසින් සතුව තිබු මුහුදු බඩ ප්‍රදේශ අත් පත් කර ගෙන සිටි ලන්දේසින්, කිර්ති ශ්‍රී රාජසිංහ රජතුමා සමග 1766 දී ඇතිකරගත් හඟුරන්කෙත ගිවිසුම(VI) මගින් හලාවත සිට වලවේ ගග තෙක් රටතුල සිංහළ ගව්වුක් තරම් වූ බිම් පටියක් ලබා ගන්නා ලදී. එම ගිවිසුම මගින් හලාවත සිට උතුරට ගොස් යාපනය අර්ධද්වීපයෙන් උතුරු වෙරළින් හරහට ගොස් නැගෙනහිර වෙරළ දිගේ , මුලතිවු, ත්‍රිකුණාමලය , මඩකලපුව , හම්බන්තොට වලවේ ගඟ තෙක් ලබාදී ඇත. එහි දෙවන පරිච්චේදයේ “ යාපා පට්ටනම හා ඊට අඩංගු ඉඩම්” ලෙස ගිවිසුමෙන් ලබා දුන් යාපන අර්ධද්වීපය විග්‍රහ කර ඇත. එසේනම් මෙයින් සනාථ වන්නේ ලන්දේසි යුගයේත් ඊලාම් නිජබිම් කියනා ප්‍රදේශ සිංහළ රජුට අයත්ව තිබු බවය.
27. 1603 වසරේ මඩකලපුව සිංහළ රජු යටතේ පැවතී බව “මඩකලපුව දිස්ත්‍රිකයේ පුරාවෘතිය” කෘතියේ මුදලි එස්. ඕ කනගරත්නම් සදහන් කොට ඇත (පිට 28).
28. 1611 පාලුගම හා පොදෙර අතර ගැටුම සමතය කිරීම සදහා මහනුවර සිංහළ රජතුමා විසින් රාජසභාවට ඔහු යටතේ වූ ප්‍රධානින් සියල්ල කැදවු බවත් එනම් යාපාපටුන, පාලුගම, මඩකලපුව , පොදෙර , පානම යන ප්‍රදේශ වල පාලකයන් හා ඔවුන්ගේ නියෝජිතයන් සහභාගි වූ බව බව මඩකලපුව දිස්ත්‍රිකයේ පුරාවෘතිය කෘතියේ මුදලි එස්. ඕ. කනගරත්නම් 31 වන පිටෙහි දක්වා ඇත.
29. ලන්දේසි පාලන සමයේදී II රාජසිංහ රජතුමා විසින් ත්‍රිකුණාමලය ත්‍රිකෝණ කොටුව (ගලේ කොටුව) බඳින ලදී. මේ අසල කොට්ටියාර් වෙත ගොඩ බසින රෝබර්ට් නොක්ස් පිය පුතුන් කැදවාගෙන යන්නේ මහනුවර රජුන් වෙතය. එනම් ලන්දේසි සමයේත් ත්‍රිකුණාමලය උඩරට රජුන් යටතේ පැවැතු බව සනාථ වේ. (ක්වේරෝස් ග්‍රන්ථය)
30. 1751 ලන්දේසීන්ගේ යුධ සිතියමට (VII) අනුව සිංහළ රජුගේ සීමාවත් ලන්දේසි සීමාවත් වෙන් කිරීම සදහා අලිමංකඩ ඕලන්ද බලකොටුවක් දක්වා ඇත. එසේම චාවාකච්චේරිය අසල (තෙන් ආරච්ච්චි) කුඩා වැවු 21 දක්වා ඇත. එනම් මේ වැවු ශිෂ්ඨාචාරය සහිත සිංහළ ජනපදයකි.
ඉංග්‍රීසිගේ පාලන සමයේ සාක්ෂි
31. බ්‍රිතාන්‍ය පෙරදිග වෙළද සමාගම 1796 දී ඕලන්දය සතු මුහුදු බඩ ප්‍රදේශ ලබා ගැනීමේදී යාපනය හදුන්වන්නේ “යාපනේ දිසාවනිය” (Jaffna Dissawani) ලෙසය. ලන්දේසින් පෘතුගීසින්ගෙන් ලබා ගන්නේත් යාපනේ දිසාවනිය. එනම් මේ අන් කිසිවක් නොව සිංහළ රජුගේ “යාපනයේ දිසාවයි”.
32. 1801 වසරේදී තංගල්ලේ සිට මඩකලපුවට තෙක් පා ගමනින් ගිය කොළඹ කොටුව යුධ දේවස්ථානයේ ප්‍රධාන පූජක ජේම්ස් කෝඩිනර් පියතුමාගේ වාර්තාවේ(VIII) පවසන්නේ ඔහුට නැගෙනහිර එකදු මලබාර් ගම්මානයක් හෝ හමු නොවූ බවයි . ඔහුට අනුව ඒ පළාතේ සියල්ලම සිංහළ ගම්මාන වේ. එනම් මෙමගින් පැහැදිලි වන්නේ 1801 වන විට මෙරටේ නැගෙනහිර ප්‍රදේශයේ දමිළ හෝ මුස්ලිම් වැසියන් නොවූ බවය. එසේම 1815 තෙක් මෙරටේ තාවකාලික පදනම මත සේවය කල පර ජන කොටස් සදහා “උලියම්” නමින් බද්දක් අයකර ඇත. මේ බව 1832 කෝල් බෘක් වාර්තාවේද සදහන් කර ඇත. මෙම සාක්ෂි මගින් සනාථ වන්නේ දමිළයන් හා දමිළ බස කථා කරන මුස්ලිම් ජනයා ඉංග්‍රීසින්ගේ පාලන කාලය තුල උක්ත ප්‍රදේශවලත් මෙරටේ අන් පෙදෙස් වලත් ස්ථිරව පදිංචි වූ බවය.
33. එසේම 1830 ජනවාරි 29 වන දින කෝල් බෘක් කොමිසම හමුවේ යාපනයේ කලෙක්ටර් (ඒජන්ත) ලබා දුන් සාක්ෂි (IX) වල මෙසේ දැක්වේ , යාපන අර්ධද්වීපයේ රජයේ හෝ පෞද්ගලික ඉඩම් නොමැත, ස්ථිර ජනගහනයක් , ස්ථිර ජනාවාස, ගොවිතැන් නොමැත. තාවකාලිකව පදිංචිව සිටි මලබාර් ජනයා , ධිවර කරමාන්තය, දුම්කොළ වගාවේ හා වෙළදාමේ යෙදී සිටි”. මෙමගින් තහවුරු වන්නේ 1830 වන විටත් ස්ථිර මලබාර් ජනාවාස යාපනයේ නොතිබුණු බවය.
34. 1818 නිදහස් අරගලයෙන් පසු සිංහළයන් සමග උරණ වූ බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයා සිංහළ ප්‍රභූ පැලැන්තිය දියකර හැරීමට කටයුතු යෙදු අතර එයින් ඇතිවන පරිපාලන හිඩැස පිරවීමට ඉංග්‍රීසි උගත් මධ්‍යම පන්තියක් යාපනයේ තමිල් කථා කරන ජනතාව අතරින් බිහි කරගැනීමට ඔහුට අවශ්‍ය විය. ඒ සදහා යාපනේ ඉංග්‍රීසි ඉගැන්වීමට ඇමෙරිකන් චර්ච් මිෂනාරීන් යැවීය .එහෙත් බලාපොරොත්තු වූ තරම් තමිල් ජනගහනයක් යාපනයේ නොවූ නිසා , එම අඩුපාඩුව මග හරවා ගැනීමට 1832 දී කෝල් බෘක් කොමිසම මගින් පාරවල් සැදීමට ගෙනා දෙමළ කථා කරන ජනයා යාපනයේ පදිංචි කරවීමට නිර්දේශ කරන ලදී. මෙහි ප්‍රතිපලය ලෙස බහුතරයක් මේ රටේ උගතුන් එනම් දොස්තර , ඉන්ජිනේරු , නීති, මිනින්දෝරු ලිපිකරු හා සිවිල් සේවයේ නිලධාරීන් සියල්ලම පාහේ තමිල් ජාතිකයන් විය. එසේම 1980 දසකය පමණ තෙක් මෙම සියළු ක්ශේත්‍ර තුල තමිල් ආධිපත්‍ය යටතේ පැතිරී තිබුණි. යාපනයේ ප්‍රධාන කර්මාන්තය අධ්‍යාපනය බව අයිවර් ජෙනිස් පැවසිය.
35. Colombo Academy හෙවත් රාජකීය විද්‍යාලය 1834 දී කොළඹ පිහිටවන විට, ඊට වැඩි උගතුන් ප්‍රමාණයක් යාපනයෙන් බිහි කර ගැනීමේ අරමුණින් එවැනි විද්‍යාල 5ක් යාපනයේ ඇතිකිරීමට ඉංග්‍රීසින් කටයුතු යෙදිය.
36. 1848 වසරේ අරගලයෙදී සිංහළයාට එරෙහිව තමිල් ජනයා තම වතු පාලකයන්ට උදව් කල බැවින් ටොරින්ටන් ආණ්ඩුකාරයා 1848 .08 .11 දිනැති රහස්‍ය ලිපියෙන් ලන්ඩනයේ යටත් විජිත මහා ලේකම්ට නිර්දේශ කර අවසර ඉල්ලා සිටින්නේ (W.J බෙනට් වැනි වෙනත් ඉංග්‍රීසි නිලධාරීන්ගේද උපදෙස් මත) නැගෙනහිර හා අනෙකුත් ප්‍රදේශවලත් සිංහළයා විසින් ඉතාම අප්‍රිය කරන මලබාර් ජනයා අඹු දරුවන්ගෙන් යුත් පවුල් පිටින් පූජකයන්ද සමග පදිංචි කිරීමටය. මේ සදහා ලන්ඩන් යටත් විජිත ලේකම් ග්‍රේ සාමි ගේ අනුමැතිය 1848.11.24 දිනැති ලිපියෙන් ලබා දී ඇත. මෙහි ඔහු සදහන් කරන්නේ “ As a check community” එනම් සිංහළයා පිළිබද සෙවිල්ලෙන් සිටින ජන කණ්ඩායමක් ලෙස යොදා ගත හැකි බවයි. (X)
37. ටොරින්ටන් ගේ නිර්දේශ හා ග්‍රේ සාමිගේ අනුමැතියෙන් පසු ඉංග්‍රීසි පාලන යුගයේ සර්වේ ජනරාල්වරයාගේ වාර්තාවලට අනුව මහ වැව් අවට ඉඩම් කට්ටි කර ජනාවාස ඇතිකර තිබේ. 1856 සර්වේ ජනරාල් වාර්තාව (XI) පරිදි කන්තලේ වැව පමණක් අවට ඉඩම් කට්ටි 6000 කැඩූ බව සදහන්ය.
38. 1863 වසරේ “ෆර්ගියුසන් නාමාවලියේ”(මුලාශ්‍රය හේග් කෞතුකාගාරය) මෙරටේ මුළු ජනගහන දත්ත ඉදිරිපත් කිරීමේදී මෙසේ පවසයි “ යුරෝපියානුවෝ (එනම් ඉංග්‍රීසී පරිපාලනයට සම්බන්ධ) හා තමිල් ජනයා මෙම වගුවට ඇතුල් කොට නොමැත. එයට හේතුව ඔවුන්ගේ ජනගනයේ ඉහල නැගීම හෝ පහල බැස යාම සාමාන්‍ය තත්වයන් යටතේ නොවන නිසාය”. එහෙත් මෙරටට පැමිණි පෘතුගීසි,ලන්දේසි ආදී යුරෝපිය ජාතිකයන්ගෙන් පැවත එන්නාවූ අවශේෂ ජනයා මේ වගුවට ඇතුල් කර ඇත. එසේම මෙම ෆර්ගසන් නාමාවලියේ ඇති දත්ත 1869 බ්‍රිතාන්‍ය පරිපාලන ආගමන වාර්තා මගින්ද ප්‍රත්‍යක්ෂ කර ඇත. 1869 වසරේ ජුලි 3 වන දින ඉන්දියානු මලබාර් වහලුන් පිලිබන්දව බ්‍රිතාන්‍ය පරිපාලන ආගමණ වාර්තාවට අනුව පසුගිය 25 වසරක්(1843 සහ 1867 ඇතුලත්ව ) තුල ලංකාවට වහලුන් 1,446,407 රැගෙන ආ බවත් එයින් 839,897 නැවත තම මවු රට බලා ගිය බවත් 356,510 මිය යන්නට ඇති බවත් දල වශයෙන් 250,000 පමණ දිවයිනේ ඉඩම් මිලදී ගෙන නොයෙක් රැකියා කරමින් ස්ථිරව පදිංචිව ඇති බවත් පවසයි. ඉහත අංක 16 හා 17 යටතේ පෙන්වා දුන් පරිදි 1640 වසරේත් , 1832 වසරේත්, ජේම්ස් කෝඩිනර්ට අනුව 1801 වසරේ හා 1815 උඩරට ගිවිසුමේ අත්සන් කරන තෙක් මෙම දෙරණේ ස්ථිර තමිල් හෝ මුස්ලිම් ජනයා පදිංචිව නොසිටි බව මෙම ලිඛිත සාක්ෂි මගින් ඔප්පු වේ. එනම් ස්ථිර තමිල් හා මුස්ලිම් ජනාවාස මෙරටේ ඇරබෙන්නේ ඉංග්‍රීසි පාලනය යුගයේදීය. 1863-64 කාලය වන විටත් ස්ථිර තමිල් පදිංචි කරුවන් මෙරටේ නොසිටි බව ෆර්ගසෝන් නාමාවලියට අනුව ඔප්පු වන නිසාත් 1869 වසරේ වහලුන් පිලිබද ආගමන වර්තාවට අනුව 250,000 පමණ මෙරටේ ස්ථිරව පදිංචිව ඇති බව සදහන් කරන බැවින් තමිල් ජනාවාස මෙරටේ ඇති වී තිබෙන්නේ 1864 -65 ට පසුව බව පැහැදිලි වේ.මෙවැනි ඉතාම පැහැදිලි සාක්ෂි මගින් 1864 තෙක්ද ස්ථිර තමිල් ජනාවාස නොවූ බව ඔප්පු වන විට, පාරම්පරික තමිල් නිජ භුමි අයිතියක් ඉල්ලා සිටින්නේ කෙසේද
39. ලංකා දෙමළ හා ඉන්දියන් දෙමළ ලෙස මෙරටේ වෙනස් කමක් ඇති කරන ලද්දේ 1878 දී පොන්නමබලම් අරුනාචලම් රෙජිස්ටාර් ජනරාල් වූ පසුවය. එනම් උතුරු නැගෙනහිර පදිංචි කරන ලද තමිල් ජනයා ලංකා දෙමළ ලෙසත්, කදුකරයේ වතු වැඩ සඳහා ගෙනන ලද ජනයා ඉන්දියානු දෙමළ ලෙසත් ඔහු විසින් වර්ග කිර්මකට ලක් කරන ලද අතර සිලෝන් ඔබ්සර්වර් පුවත් පතේ කතෘ ආමන්ඩ් ඩි සුසා විසින් ඉතාම ප්‍රසංශනාත්මක ප්‍රචාරයක් මේ සඳහා ලබා දෙන ලදී.
40. ඉංග්‍රීසි පාලන සමයේ මඩකලපුවේ ආණ්ඩුවේ ඒජන්ත වරයාගේ 1870 පරිපාලන වාර්තාවේ(XII) මෙසේ දැක්වේ.” But must be born in mind, that country rice is not liked by coast Tamils, which accounts for the remarkable increase shown in return” එනම් මෙයින් පවසන්නේ වෙරළේ තමිල් ජනයා දේශීය හාල් ප්‍රිය නොකර බවත් , ඔවුන්ට විකුණු සහල් විශාල තොගයක් ප්‍රතික්ෂේප කොට ආපසු ලබා දුන් බවය. එම වාර්තාවේ මෙසේද පවසයි . All the rice imported from India was intended for consumption by the pioneers (Cost Tamils) employed in the construction of the new road to Badulla”. මෙයින් කියවෙන්නේ අදාල ප්‍රදෙශයේ නව ජනපදීකයන්(Pioneers) වන වෙරළේ තමිල් ජනයාගේත් මඩුල්සිම වත්තේ වැඩට යොදා ඇති වෙරළේ තමිල් වහලුන්ගේත් පරිභෝජනය පිණිස ඉන්දියාවෙන් ගෙනෙන හාල් යෙදවීමට අදහස් කරන බවය. 1801 ජේම්ස් කෝඩිනර් ලංකාවේ නැගෙනහිර මලබාර් ජනාවාස නොතිබූ බව සදහන් කර ඇති බැවින් ඉහත සදහන් වාර්තාව මගින් සනාථ වන්නේ pioneers හෙවත් නව පුරෝගාමී ජනපදික මලබාර් ගම්මාන ඇති වී තිබෙන්නේ 1865 - 1870 වසර අතර කාලය තුලදී බවය.
41. 1874 වන විට සම්පුර්ණ ලෙස විශාල ප්‍රමාණයක් වූ වහල් මලබාර් ජනයා නැගෙනහිර වෙරළ දිග පදිංචිව වූ ආකාරය පිළිබඳව එවකට මඩකලපුවේ රජයේ ඒජන්ත W. W හියුම් මහතා ඔහුගේ පරිපාලන වාර්තාවේ(XIII) මෙසේ සදහන් කොට ඇත. “ In particular from Valaichchenai, twenty miles north of Pulyantu, to Trukkovil, fifty miles to the South, where villages, with some 70,000 people, formed an almost unbroken chain along and all within a mile or two of the sea shore” මෙමගින් කියවෙන්නේ “වාලච්චේනෙන් උතුරට සැතක්ම 20 ක් පුලියන්තු සිට තිරුක්කෝවිල් දක්වා, සැතක්ම පනහක් දකුණට 70,000 පමණ වූ සෙනගකින් යුතු ගම්මාන නොබිදුනු දන්වැලක් සේ සාදා මුහුදු වෙරළේ සිට සැතක්මක් හෝ දෙකක් දුරකින් යුතු පෙදෙසක මොවුන් පදිංචිව සිටි”බවය.
42. 1898 ත්‍රිකුණාමලය සහකාර රජයේ ඒජන්ත ලුසින්ටන් මහතාගේ පරිපාලන වර්ථාවේ(XIV) මෙසේ සදහන් කරයි. “This part of the District (Kaddukulam West) is inhabited by Sinhalese villagers of Kandyan descent forming an outlying community which is, I fear rapidly dying out or becoming effaced. This District is most interesting, being dotted over by numerous village tanks, some of which are restored and others abandoned„ The villagers retain many of the primitive customs of the Kandyans, but they are rapidly becoming ‘Tamilized’, which is a great pity. They inter- marry with Tamils and many of them speak Tamil as well as they speak Sinhalese. Even the Government School Master is Tamil and only that language is taught in the only school and unfortunately in some cases lands in Sinhalese villages have been bought out by the Tamils, who now own all the paddy lands of some villages. The Sinhalese have given up their patronymics and adopted the Tamil custom of prefixing father’s name instead of the usual patronymic and even the names of the villages are assuming a Tamil dress. This perhaps not to be wondered at when the interpreters of the court and the Kachcheri, the petition drawers and all through whom the villagers have access to Government officers, can speak nothing but Tamil. I must say I regard this as a great misfortune. I should like to see a strong Sinhalese headman acquainted with English appointed as chief headman of the district and I should like to see the Tamil school abolished.However, the most important assistance which can and ought to be rendered to these villagers would be the restoration of their village tanks. This would render them Independent of the Tamils and make them less likely to abandon their villages or to sell their lands to the Tamils. They have already restored sluices but there is an issue with small size of population”.
මෙහි සිංහළ අරුත මෙසේය “දිස්ත්‍රීකයේ මෙම කොටස එනම් කන්ඩුකුලම් බටහිර මහනුවර සම්බහවයක් සහිත සිංහළ ජනතාව පදිංචිව සිටිති. මෙම ජනතාව සීග්‍රයෙන් වද වී යාමේ තර්ජනයකට මුහුණ පා සිටි. මෙම දිස්තිකයේ හදුනාගත් ග්‍රාමීය වැවු පද්ධතිය නිසා වඩාත් සුන්දර වේ. ඇතැම් වැවු ප්‍රතිසංස්කරණය කොට ඇති අතර ඇතැම් ඒවා අතහැර දමා ඇති තත්වයේම පවතී. මෙම ගැමියෝ මහනුවරතම ආදී චාරිත්‍ර පවත්වාගෙන එති. එහෙත් දැඩි කණගාටුවට කාරණය නම් මොවුන් බොහොමයක් සීග්‍ර ලෙස තමිල් කරණයට වීමට පටන් ගැනීමයි .තමිල් සිංහළ අන්තර් විවාහ සිදු වීම මගින් බොහෝ අය තමිල් හා සිංහළ කථා කරති.රජයේ පාසැල් ගුරුවරු ද තමිල් වන අතර පාසලේ උගන්වන එකම භාෂාව ද තමිල් පමණකි. අවාසනාවකට ඇතැම් අවස්ථා වලදී සිංහළ ගම්මාන තමිලයන් විසින් මිලදී ගෙන ඇත. තමිලයන් මේවන විට සියලුම කුඹුරු සහ ගම්මනවලට අයත් ඉඩම් වල හිමිකරුවන් වෙති. සිංහළයන් මේ වන විට ඔවුන්ගේ සිංහළ පිය උරුමය අතහැර ඒ වෙනුවට තමිල් සංස්කෘතියට අනුව පිය පාර්ශ්ව නාමයටද තමිල් උපසර්ග යොදවා ගනිති. එසේම ග්‍රාම නාමද තමිල් ආකාරයට හැඩ ගැනීමට පටන්ගෙන ඇත.මෙය විශ්මයට කාරණයක් නොවන්නේ මෙම ගම්මුන් ආණ්ඩුවට සම්බන්ධවන ස්ථානවල එනම් උසාවිවල, කච්චේරිය ලියවිලි සකස් කරන්නන් හා ආණ්ඩුවට සම්බන්ද වන නිලධාරීන් සියල්ල කථා කරන්නේ තමිල් බස පමණක් වන බැවිනි . මෙම තත්වය ඉතාම අභාග්‍ය සම්පන්න බව මම පැවසිය යුතුය.තමිල් පාසැල් අහෝසි කොට ඉංග්‍රීසින් විසින් ප්‍රබල (අධ්‍යාත්මික) සිංහළ ග්‍රාම ප්‍රධානියකු පත් කරණු දැකීම මගේ පැතුම වේ.කෙසේ වෙතත් මෙම සිංහළ ගම්මුන් හට කල හැකි ඉතාම වැදගත් උපකාරය වන්නේ, ග්‍රාමීය වැවි පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමයි. මෙමගින් මෙම ගම්මුන් දමිළයන් මත රදා නොපවත්වා නිදහස ලබයි. එසේම ඔවුන්ගේ ගම බිම් දමිළයන්ට විකිණීම හා අතහැර දමා යාම වැලෑක්වෙනු ඇත. මේ වන විට වාන් දොරටු සකස් කර ඇති මුත් ඉතාම සුළු සිංහළ ජනගහනය ඔවුනට ගැටලුවකි. මෙමගින් තමිල් නිජබිම් කියනා ප්‍රදේශවල සිංහළ පාරම්පරික ගම් බිම් තමිල් කරණය වූ ආකාරයත් , සිංහළ වැවු ශිෂ්ඨාචාරය විනාශ වූ ආකාරත් මින් හොඳින් පැහැදිලි වේ.
43. 1833 වසරේ කෝල් බෘක් කොමිසම (XV)නිර්දේශ කරන්නේ පාරවල් සෑදීමට ගෙනා තමිල් බස කතා කරනා කුලීකරුවන් නැවත ඔවුන්ගේ මවු රටට නොයවා , සිංහළ ජනයාගෙන් හුදෙකලා කොට සිංහළ ජනගහනය තුනී වූ යාපනය ප්‍රදේශයේ පදිංචි කරවන ලෙසය. මෙයින් ඔවුන් බලාපොරොත්තු වුයේ අනන්‍ය වූ වෙනම ජන කණඩායමක් ලෙස ඔවුන් එම ප්‍රදේශයේ වැඩි යාමයි.
44. 1987 වසරේ අනවසරයෙන් ලන්ඩනයට ගිය 51 ක් පමණ තමිල් තරුණයන් එරට මහා අධිකරණයේ කියා සිටියේ “(XVI) ඉංග්‍රීසින් විසින් තමන්ව ලංකාවට ගෙන ගිය බවත්, දැන් සිංහළ ජනයා ඔවුන්ව ඝාතනය කරන බවත් ඒ නිසා ඔවුන් හට සරණාගත තත්වය එංගලන්තයේ ලබා දෙන ලෙසත්‍ ය . ඉදිරිපත් කල සාක්‍ෂි සලකා බැලු අධිකරණය විසින් මෙම තරුණයන් හට සරණාගත තත්වය ලබා දීමට තීන්දු කරන ලදී. මෙමගින් මලබාරියන් මෙරටට ගෙන එන ලද්දේ ඉංග්‍රීසින් විසින් බව ඔවුන්ගේ අධිකරණය විසින්ම තහවුරු කරන ලදී.
45. එසේම, 1880 මඩකලපුවේ සහකාර රජයේ ඒජන්ත වොතින්ග්ටන්ගේ පරිපාලන වාර්තාවට අනුව මුස්ලිම් ජනයා “නැගෙනහිර” පදිංචි වී සිටි එකම ප්‍රදේශය කින්නියා ලෙස සටහන් කර ඇති අතර එහි දී ඔවුන් දැව කර්මාන්තය හා සම්බන්ධව සිටි බව පවසයි.
46. මඩකලපුවේ ආණ්ඩුවේ ඒජන්තගේ 1898 පරිපාලන වාර්තාවලට(XVII) අනුව කල්මුනේ නැගෙනහිර ප්‍රදේශයේ පදිංචිව සිටි සිංහළයන් වෙත මූවර් මුස්ලිම් ජනයා සංවිධානාත්මකව පහරදී සිංහළ ජනයා පලවා හැර තිබේ.
47. 1879 මඩකලපුවේ ආණ්ඩුවේ ඒජන්තගේ පරිපාලන වාර්තාවල, (XVII) බදුල්ල මඩකලපුව මාර්ගයේ ගැල් කරුවන්ගේ නීති ගරුක නොමැතිකම නිසා ඔවුන් සහ තව පිරිසක් අතර ඇති වූ ගැටුම් හේතුවෙන් එම මාර්ගය අවට පදිංචිව සිටි සිංහළයන් එම ප්‍රදේශයෙන් පදිංචිය අතහැර ගිය බව සදහන් වේ .
1736 පමණ ලියන ලද වෛපමාලේ ග්‍රන්ථයට වඩා ඉහත අංක 15 යටතේ දක්වා ඇති, ලොරෙන්සෝ ද අල්මෙදා හා ධර්ම පරාක්‍රමබාහු රජු අතර වූ ලියවිල්ල වසර 219ක් පැරණි අතර අංක 16 යටතේ දක්වා ඇති පෘතුගීසි කපිතාන් අසවේදු සමග දොන් ජුවන් ධර්මපාල රජු අත්සන් කරන ලද ලියවිල්ල වසර 151 පැරණිය අතර අංක 17යටතේ පෘතුගීසින් II සන්කිලිව පරාජය කොට යාපනය පාලනය කිරීමට ඇති කරගත් ගිවිසුම වසර 120 පමණ පැරණිය. .එසේම 1736 වෛපමාලේ ග්‍රන්ථය සම්පාදනය කරවූ ලන්දේසින් විසින්ම ඊට වසර 30 කට පසු අංක 27 හි දක්වා ඇති පරිදි 1766 දී ඇතිකරගත් හඟුරන්කෙත ගිවිසුම මගින් වයඹ , උතුරු හා නැගෙනහිර ප්‍රදේශ වල අයිතිය සිංහළ රජතුමාගේ බව තහවුරු විය. ලන්දෙසීන් විසින් සම්පාදනය කරවූ වෛපමාලේ ග්‍රන්ථය මෙමගින් ඔවුන් විසින්ම ප්‍රතික්ෂේප කර ඇත.මෙම තත්වය යටතේ වෛපමාලේ ග්‍රන්ථයේ හා ආශ්‍රිත ග්‍රන්ථ වල සදහන් කරුණු ඓතිහාසික වටිනාකමකින් තොර බව නැවත වතාවක් තහවුරු වේ. එසේම මෙම ලියවිලි සතරෙන්ම සනාථ වන්නේ යාපනය සිංහළ රජුට අයත් බවටය . එම ඉපැරණි ලියවිලි මගින් ඒවාට අදාල වූ කාල වකවානුවල බල පැවැත්වූ සැබෑ තත්වය පිලිබිඹු වේ. එම සැබෑ තත්වයන්ට එදිරිව උපකල්පන මත සම්පාදනය කරන ලද වෛපමාලේ හා සබැදිනු ආදල කෘතීන්හි ඇති කරුණු සත්‍ය බවට තහවුරු කරන්නේ කෙසේද?
මෙරට ආක්‍රමණය කරන ලද අනෙකුත් බටහිර ජාතිකයන් හා ඉංග්‍රීසින්ගේ වාර්තාවලට අනුව 19 වන සියවස අග භාගය තෙක් ස්ථිර දමිළ ජනාවාස හෝ ජනගහනයක් මෙරටේ නොවූ බව ඉහත අංක 39 යටතේ සාක්ෂි සහිතව පෙන්වා දෙන ලදී . මෙරටේ තමිල් ජනාවාස ඇති කරන ලද්දේ 1818 දෙසැම්බර් 21 දින ඒක පාර්ශවික ප්‍රකාශනයක් මගින් උඩරට ගිවිසුම කඩ කර නීති විරෝධී පාලනයක් ගෙන ගිය ඉංග්‍රීසින් විසිනි. නීති විරෝධී පාලනයක් මගින් ඇති කරන ලද තමිල් ජනාවාසද නීත්‍යානුකූල නොවේ . ඉංග්‍රීසි වාර්තා වලට අනුව ගෙනෙන ලද මලබාර් ජනයා “Coolies” හෙවත් කුලීකාර වහලුන් ලෙස හඳුන්වා ඇත. එසේම බ්‍රිතාන්‍යයන් විසින් මෙසේ ගෙනෙන ලද කුලී කාර වහලුන් නිසා සිංහළයන් හට තමන්ගේ පාරමපාරික ගම්බිම් අහිමි වූ ආකාරය අංක 41,42,46 හා 47 මගින් හොඳින් පැහැදිලි වේ. එසේම 1865 සිට 1870 තෙක් කාලයේ නැගෙනහිර ප්‍රදේශයේ පාරම්පරික සිංහළ ගම්මාන 165ක් වසර 5 ක් වැනි සුළු කාලයක් තුල අතුරුදහන් වූ බව 1870 දශකයේ බ්‍රිතාන්‍ය පරිපාලන වාර්තා දක්වයි. (1885 වසරේ - ගම් 9, 1866 වසරේ - ගම් 13,1867 වසරේ - ගම් 15,1869 වසරේ - ගම් 29, 1869 වසරේ - ගම් 34,1870 වසරේ - ගම් 65)
ඉහත පෙන්වා දුන් පරදී නැගෙනහිර ප්‍රදේශයේ විශාල සිංහළ ජන සංයුතියක් තමිල් කරණය විය. මිට අමතරව නැගෙනහිර සිටි වැදී ජනගහනයෙන් කොටසක් තමිල් කරණයට ලක්ව තිබේ . එසේම, උතුරේද ද ඉංග්‍රීසි පාලන සමයේ සිදුවූ දැඩි බලපෑම් හමුවේ සිංහළ ගම්මානද විශාල ලෙස තමිල් කරණයකට ලක්ව ඇත. අද වන විටත් හින්දුන්ගේ කුල ක්‍රමයට අයත් නොවන විශේෂ කුල 6 ක් යාපනයේ ජිවත් වෙති. මෙම කුල ඉතාම පහත් ලෙස තමිල් උසස් කුල ජනයා සලකයි. ඒවා , කොවියාර් (ගොවියා) , කරයර් (කරාව), නලවර් (දුරාව) වන්න්ර් (රදා) , පරයර් (බෙරවා) හා සිවියර් (දොලාකාර) ලෙස හඳුන්වති . මෙසේ තමිලයන් පහත් කොට දක්වා ඇත්තේ එවකට යාපනයේ හා උතුරේ විසු තමිල් කරණයට ලක් වූ සිංහල ජනයා වේ. මෙම සිංහළ ගම්මුන් හා ඔවුන්ගේ කුල පිලිබඳ විස්තර 1963 දක්වා ගම් මුළාදෑනියන්ගේ වාර්ෂික වාර්තා වල දැක්වේ(XVIII). එසේම මෙම ජනගහනය උතුරේ තමිල් ජනගහනයෙන් බහුතරයක් වූ විශාල ප්‍රමාණයක් නියෝජනය කරණු ලබයි. උතුරු පළාතේ බටහිර දිග වෙරළේ වාසය කරන්නේ එසේ තමිල් කරණය ලක්වූ එක් සිංහළ ජන කණ්ඩායමකි. තලෙයි මන්නාරම හා කුරස පාඩු අතර සිටින මෙම ජනයාගේ නම් ගම් අද වනවිටත් මිහිදුකුලසුරිය, වර්ණකුළසූරිය ආදී ලෙස භාවිතා කරයි. එසේම උතුරේ ධිවර කුල 3ක් ඇත ඒවා නම්, දෙමළ ධිවර, සිංහළ ධිවර හා මුතුකාර ධිවර ලෙසය. සිලාවතුර ප්‍රදේශයේ මුත්තුකාර කුලය හෙවත් මුත්තුක්කාර් යනු මුතු කර්මාන්තය සදහා ගෙනෙන ලද ඉන්දු ආර්ය (උතුරු ඉන්දීය) ජන කොටසකි. මේ සියල්ල පිලිබඳ විස්තර 1981 ජන සංගණනය හා 1978 සන්සෝනි කොමිසන් වාර්ථා වල සදහන් වේ.(XIX)
තමිල් දේශපාලඥයන් හට මෙරටේ පාලන බලය ඇල්ලීමේ සිහිනය ඇති වීම
1869 ශල්‍ය වෛද්‍ය W.G වැන්ඩොර්ට්ගේ මෙරටේ මලබාර් වහල් සේවකයන් පිළිබද පාලන වාර්තාවේ (XX) සනාථ කරන්නේ පසුගිය වසර (1843 -1867 යන) 25 තුල ගෙනෙන ලද මලබාර් ජනයා අතර උසස් කුල ජනයාද සිටි බවය. ඉහත කාරණා අංක 34 යටතේ පැහැදිලි කළා සේ , 1819 බ්‍රවුන්රිග් දුටු සිහිනය ,එනම් යාපනේ උගත් මධ්‍යම පන්තිය බිහි කර පාලනයට ගෙන ඒම 1870 දසකය අවසාන වන විට මල් පල දරමින් පැවතින.මෙම උගත් තමිල් පන්තිය සිවිල් පාලනය හා දේශපාලනය තම ග්‍රහණයට නතු කරගැනීමට පටන් ගන්නා ලදී. එසේම යාපනයේ බිහි කරන ලද විද්‍යාල හරහා උසස් කුල වල යයි කියනා පොන්නම්බලම් පවුල හා කුමාරස්වාමි පවුල් ඉස්මතුව වන්නට විය. ඉංග්‍රීසි පාලන ක්‍රමයට අවශ්‍ය ඉංග්‍රීසි උගතුන් සිංහළ ජාතිය අතරින් බිහිවීම සාපේක්ෂව ඉතාම අඩු මට්ටමක(අංක. 35 යටතේ පැහැදිලි සදහන් කල කාරණයට අනුව) පැවතී නිසාත් එවකට සිටි සිංහළ නායකයන්ගේ අව මානසිකත්වය හේතුකොට 1914 ව්‍යවස්ථාදායක සභාවට දොස්තර මාකස් ප්‍රනාන්දු පරදවා පොන්නමබලම් රාමනාදන් ජය ලැබීමත් සමගම මෙරටේ පාලන බලය ලබා ගැනීමේ සිහිනය( සිවිල් සේවයේ ආධිපත්‍ය හා දේශපාලනය බලයත් ඔවුන් අතට පත් වූ නිසා) රාමනාදන්ට ඇති විය. සිංහළයන් ද ඔහු විසින් නියෝජනය කිරීමට යෙදුනු බැවින් ප්‍රසිද්ධියේ පවසා සිටියේ සිංහළයා නුගතුන් බවත් සිංහළයා පාලනය කල යුත්තේ තමිල් නායකයන් විසින් බවත්ය.
1920 මැනිo ප්‍රතිසංස්කරණ මගින් ජන්දයෙන් සිංහළ මන්ත්‍රීවරු 13ක් පත්වන විට තමිල් මන්ත්‍රීවරු 3ක් පමණක් පත් වීමෙන් ලද පරාජය හමුවේ අනපේක්ෂිතව බිද වැටුණු තමිල් දේශපාලන බලය නිසා පොන්නමබලම් සොයුරන් දෙදෙනා එතෙක් සිංහළයන් සමග සහයෝගයෙන් එක්ව සිටි “ලංකා ජාතික සංගමයෙන් “ ඉවත්ව “තමිල් මහජන සභාව” පිහිටවා මුලින්ම ජාතිවාදී දේශපාලනය ඇරඹිය. තමිල් දේශපාලකයන් විසින් දුටු ,මුළු රටේම පාලන බලය අල්ලා ගැනීමේ සිහිනය ඩොනමෝර් ප්‍රතිසංස්කරණ යෝජනා මගින් නිර්දේශිත සර්ව ජන ජන්ද ක්‍රමය හරහා තව දුරටත් බිද වැටීමට හේතු වූ හෙයින් ජි. ජි පොන්නම්බලම් සර්වජන ජන්දය ක්‍රමය ප්‍රතික්ෂේප කොට ඒ වෙනුවට 96% වූ සිංහළන් හා 4% ක් වූ තමිල් භාෂාව කථා කරන ජනයා සදහා ව්‍යවස්ථාදායක සභාවට පත් කරන 50-50 සම නියෝජනයක් ඉල්ලිය. එම ඉල්ලීම සාධාරණීකරණය කිරිමට ඔවුන් ඉදිරිපත් කල තර්කය වුයේ සිංහළයන් නුගතුන් බැවින් චන්දය වැරදි ලෙස භාවිතා කරයි යන පදනමය.මෙම ඉල්ලීම බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ප්‍රතික්ෂේප විය.
පසුව 1946 දී සෝල්බරි කොමිසමේ නිර්දේශ මත ,පාර්ලිමේන්තු ක්‍රමයක් ලබා ගැනීමට එවකට පැවති මුස්ලිම් ලීගය, සමස්ත ලංකා තමිල් කොංග්‍රසය හා සිංහළ මහ සභාව එකතුවී UNP (එක්සත් ජාතික පක්ෂය) නම් සංධානය සැදීම නිසා, සී චෙල්වනායගම් මහතා තමිල් කොංග්‍රසයෙන් ඉවත් වී “තමිල් රාජ්‍ය පක්ෂය” එනම් “ඉලන්කෙයි තමිල් අරුසු කච්චි” පිහිටවන ලදී. එහෙත් එය බ්‍රිතාන්‍ය පුවත් පත් හරහා රටට හඳුන්වා දුන්නේ ෆෙඩරල් පක්ෂය ලෙසය. 1949 වසරේදී සී. චෙල්වනායගම් මරදානේ දුම්රිය ලිපිකරු සංගමයේ පැවති රැස්වීමකදී කල ප්‍රකාශකින් ෆෙඩරල් සංකල්පය එලි දැක්වීම නිසා ඔවුන්ගේ යටි අරමුණ මල්ලෙන් එලියට පනින ලදී . එසේම 1957 වසරේ “ශ්‍රී” අකුර වාහනවලට හඳුන්වා දුන් පසු එයට තමිල් දේශපාලඥයන්ගේ විරෝධය එල්ල විය . පසුව 1958 වසරේදී ශ්‍රී අකුර සහිතව යාපනයට ඇතුල් වූ මුල්ම වාහනයේ රියදුරු ඝාතනය කොට රිය ගිනිබත් කර ජාතිවාදයේ ප්‍රථම ඝාතනය තමිල් අන්තවාදීන් විසින් අරබන ලදී .
ෆෙඩරල් ඉල්ලීම අසාර්ථක වූ තැන යාල්පානම් වෛපමාලේ සදහන් සාවද්‍ය තමිල් ඉතිහාසය මුලාශ්‍ර කොට සැකසූ ලියවිලි මත පදනම්ව, 1976 වසරේ වඩ්ඩුකොඩේයි සම්මේලනය හරහා දේශපාලන පෙරමුණක් හා මෙරට ත්‍රස්තවාදයට ගෙන යාමේ පුර්ව චේතනාවෙන් ආයුධ සන්නද්ධ පෙරමුණක් ඇති කොට විනාශකාරී ත්‍රස්‌තවාදය කරා රට ගෙන යාමට දමිළ දේශපාලඥයන් විසින් කටයුතු යොදවන ලදී. මෙහිදී ඔවුන් තුන් වැදෑරුම් ප්‍රතිපත්තියක් සම්මත කර ගන්නා ලදී . එනම්,
අ. උතුරු නැගෙනහිර තමිල් නිජ බිම් බව
ආ. එහි ජාතිය තමිල් බව
ඈ. එම ජාතියට ස්වයං නිර්ණ අයිතිය හිමි විය යුතු බවත් වේ.
මෙයින් පසු, 1977 යාපනය මැතිවරණ වේදිකාවලදී රැවූ පිළිරැව් දුන් තමිල් දේශපාලකයන්ගේ සටන් පාඨය වුයේ සිංහළගේ ලෙයින් සියළු වැවු රතුපාටින් පුරවා ඒවා මත පිහිනන බවය.මෙම ප්‍රකාශ මගින්ම ඔවුන්ගේ සන්නද්ධ පෙරමුණ ඇති කල අරමුණ පැහැදිලි වේ. 1983 ජුලි මසදී හමුදාවේ 13 ක් ඝාතනය කර ඉන්පසු 1986 දී චාවාකච්චේරි පොලිසියට පහර දීම මගින් මුළු රටම ත්‍රස්තවාදයේ භීෂණයට ලක් කරන ලදී.
උතුරු නැගෙනහිර ත්‍රස්තවාදයයත් සමගම සිංහළයන් හා මුස්ලිම් ජනයා එම ප්‍රදේශවලින් පලවා හැරීමට හා අහිංසක සිංහළ ජනයා ගම පිටින් සමූලඝාතනය කරන්නට යෙදුනි .මේ වන විටත් ජාතිවාදය උපරිම අයුරින් ක්‍රියාත්මක කරන තමිල් දේශපාලඥයන් , අදටත් සිංහළ ජනයා පදිංචි වීමට එරෙහිව, බුදු පිළිම හා පන්සල සෑදීමට එරෙහිව , ජාතිවාදය ත්‍රීවුර ලෙස පතුරවයි . එහෙත් දකුණේ සිංහළ යයි කියනා ප්‍රදේශවල පදිංචි වීමට , නිදහසේ රැකියා කර ජිවත් වීමට තමිල් ජනයාට කිසිදු අවහිරයක් තර්ජනයක් වර්තමානයේ හෝ ත්‍රස්‌තවාදය පැවති කාලයේ නොතිබුණි . එසේනම්, ඇතැම් තමිල් දේශපාලකයන් ජාතිවාදය ඇති කර පවත්වාගෙන යන්නේ තම පෞද්ගලික අභිමතාර්ථයන් පිණිස බව ඉතාම පැහැදිලිය.
20 වන සියවස මුලදී තමිල් දේශපාලඥයන්ට ඇති වූ ,තමන්ට උරුම නැති පාලනය ඇල්ලීමේ බලලෝභී සිහිනය ඉෂ්ඨ කර ගැනීමට ජාතිවාදය ඇති කරන ලද්දේ තමිල් දේශපඥයන් විසින්ම නොවේද? ඒ සඳහා අහිංසක තමිල් තරුණ ජන කොටස් මුලා කොට විශාල ජිවිත හා දේපොළ හානි කිරීමට තමිල් ජන කොටස් පෙළබවුයේ මෙරටේ සිංහළ ජනයාවත් ,ආණ්ඩුවවත් ත්‍රිවිධ හමුදාවනුත් නොව තමිල් දේශපාලඥයින් විසින්මය. එසේනම්, මුළු රටම නොසන්සුන්තාවකට පත් කලෙත් යුධයක් ඇති කොට යුධ අපරාධ සිදු කළේත් තමිල් දේශපාලඥයන් හා ඔවුන් විසින් මෙහෙයවන ලද සන්නද්ධ කොටස් නොවේද? රජය හා හමුදාව ඉෂ්ඨ කරන ලද්දේ තම වගකීම වන බාහිර හෝ අභ්‍යන්තර ආක්‍රමණ වලින් (අනවසර සංක්‍රමණිකයන් හා ආක්‍රමනිකයන්ගෙන්) රාජ්‍යය ආරක්ෂා කිරීම පමණි. එසේනම් , යුද අපරාධ චෝදනා එල්ල විය යුත්තේ චේතනාවෙන්ම ත්‍රස්තවාදයකට තමිල් තරුණයන් මෙරට පොලඹවා විශාල ජිවිත් හා දේපොළ හානියක් කෙරු තමිල් දේශපාලඥයන්ට හා තමිල් සන්නද්ධ කණ්ඩායම් වලට විය යුතුය.
 
 
තුන්වන පරිච්චේදය
 
තමිල් දේශපාලඥයන් හා ඊළාම්වාදීන් හට කරන අභියෝගය.
ඉහත ඉදිරිපත් කරනා ලද මුලාශ සහිතවූ සියලුම කරුණු මගින් මෙරටේ හෙළ යුගයේ සිට පැවත එන්නාවූ සිංහළයාගේ අයිතිවාසිකම තහවුරු වේ. මිට පරිබාහිරව මහාවංශය වැනි ඓතිහාසික ලිඛිත මුලාශ්‍රයන්ගේ ඇති බොහෝ කරුණුත් පුරාවිධ්‍යාත්මකව සනාතව ඇති අතර, මහාවංශයට එපිටින් වූ හෙළ යුගයේ පුරාවිද්‍යාත්මක සාක්ෂි බලංගොඩට, ඇඹිලිපිටිය වැනි ස්ථාන වලින් කල කැනීම් වලින් මතු වෙමින් තිබේ.
මලබාර් හෙවත් පොදුවේ මෙරටට ගෙන එන ලද තමිල් බස කථා කරන ජනයාගේ මෙරටට අයිතිවාසිකමක් වේ නම් එය සනාථ කිරීමට ඉහත සදහන් කොට ඇති පදනමක් තොර වූ කරුණු 2 හැරෙන්නට තමිල් පක්ෂයෙන් කිසිදු පිළිගත ගැකි හැකි සාක්ෂියක් මේ වනතුරු ඉදිරිපත් කර නොමැත. එසේම ඉහත දක්වන ලද සාක්ෂි වලින් පැහැදිලි වන්නේ ඉංග්‍රීසින් විසින් 1819 සිට මලබාර් ජනයා මෙරටට ගෙන ආවත් ප්‍රථමයෙන්ම මලබාර් ජනයා පදිංචි කරවීම කෝල් බෘක් නිර්දේශ මත 1935 සිට ක්‍රියාත්මක වූ බවය. එහෙත් මෙහි ඇති විශේෂම කරුණ වන්නේ ෆර්ගසන් නාමාවලියට අනුව 1963-64 ( මෙම විස්තර රාජකීය ආසියාතික සංගමයේ ජර්නලය මගින්ද ප්‍රසිද්ධ කර ඇත) කාලය වනවිටත් ස්ථිර දමිල් ජනාවාස නැති බව පැවසීමෙන් පැහැදිලි වන්නේ , ඉංග්‍රීසින් විසින් ජනාවාස ඇති කිරීමට උත්සහ කලද ඒ වනතෙක්ම ඔවුන් සංක්‍රමණික ජන කණඩායමක් ලෙස විසු බවය. එසේනම් මොවුන්ගේ මෙරටේ ඉතිහාසය වසර 150 වන තරම් මෑතක් වන අතර උපරිම පරම්පරා 3 පමණ වේ. අදටත් මෙරටේ වෙසෙන ඇතැම් තමිල් ජනයා හට උරුමයෙන් ලද ඉඩ කඩම් ඉන්දියාවේ පවතී. එසේම සමීප ඥාතින් ඉන්දියාවේ වෙසෙන අතර ඔවුන් සමග ආවාහ විවාහ වීම, උත්සව, මළ ගම සදහා සහභාගී වීමට ඔවුන් ඉන්දියාව වෙත යති. ලංකාවේ උතුරු නැගෙනහිර ප්‍රදේශයේ සේවයේ නියුතු රාජ්‍ය සේවකයන් විදේශ නිවාඩු ලබාගෙන මංගලෝත්සව, තුන්මස් අවමගුල් පූජා, ආගමික උත්සව ආදියට තමිලනාදුවට යති.මේ බව ආචාර්‍ය සුර්ය ගුණසේකර මහතා විසින් රචිත “පරිපාලන ආවර්ජනා” කෘතියේ සාක්ෂි සහිතව පෙන්වා දී ඇත.
මඩකලපුව ප්‍රදේශය පිළිබඳව දීර්ග විස්තරයක් ඉදිරිපත් කරන මුදලි එස්. ඕ. කනගරත්නම් තමිල් ජනයාගේ එහි පදිංචි වීම පිලිබදව කිසිවක් නොපවසයි. එසේම කේ. ඉන්ද්‍රපාලන් ඔහුගේ කෘතියේ 233 පිටුවේ සදහන් කරන්නේ “ මඩකලපුව දිස්ත්‍රික්කයේ හෝ ලංකාවේ දකුණු දිග පෙදෙසේ තමිල් ජනයා පදිංචි වීම ගැන මේතාක් නිසි සාක්ෂියක් හමුවී නැත. මඩකලපුව දිස්ත්‍රික්කයේ තමිල් ජනයා 13 සියවසේ සිට පදිංචිව සිටියා විය හැක.” ආකාරයටය. එනම් තමිල් නිජ බිම් සංකල්පය ගෙන ආ ඔහුට නැගෙනහිර තමිල් ජනයාගේ පදිංචිය සනාථ කිරීමට නොහැකි වී තිබේ. ඔහුගේ කෘතියේ තව දුරටත් දක්වා සිටින්නේ “දමිළ පක්ෂයෙන් පවතින වංශ කථා වනාහි දහතුන්වන් සියවසේදී දිවයිනේ දමිළ ජනාවාස පිහිටුවීමෙන් සියවස් තුනකට පමණ පසුව ලියන ලද ඒවාය. මේ කෘතිවල දහතුන්වන සියවසට පෙර යුගය එනම් මුල් ම දමිළ ජනාවාස පිහිටවන ලද කාලය ගැන සදහන්වන කොටස් පුරාණෝක්තින්ගෙන් ගහණ හෙයින් සහමුලින්ම අවිශ්වෂනියයි” එසේම පවසන්නේ “ 13 වන සියවසට පෙර යුගය පිළිබඳව දකුණු ඉන්දියාවේ දෙමළ කෘතීන්හි ලංකාවේ දෙමළ ජනයා ගේ කටයුතු පිලිබද සැලකිය යුතු සදහනක් නැත”(මුලාශ්‍රය - K. N.O ධරමදාස මහතා විසින් සම්පාදිත ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී නියාය කෘතිය P 47). සීක් ආරම්භකයා වූ ගුරුනාතක් 15 වන සියවසේදී මඩකලපුව “මද්ද කලාපය” (මධ්‍යම රුහුණ) ලෙස හඳුන්වා ඇත. මද්ද + කලාප එකතුව “මඩකලපුව” ශබ්දය ඉන් ඇතිවිය. එනම් සිංහළ නමකි.
එසේනම්, මෙරටේ නියම උරුමක්කාරයන් හා රාජ්‍යයේ අයිතිකාරයන් වන සිංහළ ජාතිය හා මෙරටේ රට වැසියන්/පුරවැසියන් ලෙස අපි පහත ප්‍රශ්න සදහා, තමිල් නිජබිම්, ඊලම් බෙදුම්වාදය, ෆෙඩරල්, බලය බෙදීම හෝ විමධ්‍යගත කිරීම, වෙනම පාලන කළාප යන සංකල්පය වෙනුවෙන් පෙනී සිටින සියලුම දේශපාලකයන්ගෙන්, පුද්ගලයන්ගෙන් හා පාර්ශව වලිනුත්, විශේෂයෙන්ම අද තමිල් දේශපාලන කරලිය ඉහලින්ම නියෝජනය කරන ආර්. සම්බන්දන් මහතා හා සී. විග්නේශ්වරන් මහතා ඇතුළු තමිල් සංධානයේ මන්ත්‍රීවරුන්‌ගෙන්ගෙනුත්, ඔවුන් විසින් ඉදිරිපත් කරනා නිජබිම් සංකල්පය හා බෙදුම්වාදී සංකල්ප තහවුරු කිරීමට නිසි මුලාශ්‍ර සහිතව පිළිතුරු බලාපොරොත්තු වෙමු.
වසර 3000 පැරණි නිජබිමක් හෝ කාලිංග මාඝ ආක්‍රමණයෙන් පසු යාපනේ තමිල් රාජධානියක්, තමිල් නිජබිමක් මෙරට ආරම්භ වුයේ නම්,
I. වසර 3000 දමිළ ජනතාවගේ ඉතිහාසයක් ගැන සදහන් කරන සම්බන්ධන් මහතාත්,(I) ඊලම් බෙදුම්වාදීනුත්, කේ. ඉන්ද්‍රපාලන් විසින් රචිත 13 වන සියවසේ සිට පැවති යයි ලියනා තමිල් රාජ්‍යය යන කාරණය ප්‍රතික්ෂේප කරන්නේද? එසේ නම් එවැනි වසර 3000 දමිළ ඉතිහාසයක් සඳහා ඉදිරිපත් කරන ඓතිහාසික ලිඛ්ත හා පුරාවිද්‍යාත්මක සාක්ෂි මොනවාද?
II. එම තමිල් රාජධානියේ තමිල් ජාතිය විසින් මගින් බිහි කරන ලද ශිෂ්ඨාචාරය හා සංස්කෘතිය කුමක්ද?
III. එම යාපන රාජධානියට අනන්‍යය වූ පුරාවිධ්‍යාත්මක (නටබුන්, මුර්ති හා කලාව, ඓතිහාසික කෝවිල් , රජ මාලිගාවන් ආදිය වූ ) සාධක තිබිය යුතුය. එහෙත් හමුවී ඇති පැරණිම ගොඩනැගිලි නම් කෝට්ටේ සපුමල් බණඩාර කුමාරයා ඉදිකළ මන්ත්‍රී මාලිගාව හා නල්ලුර් කෝවිල වේ. මේතාක් ඉදිරිපත් කර නොමැති තමිල් රාජධානියේ හෝ නිජබිමේ පුරාවිද්‍යාත්මක සාක්ෂි මොනවාද?
IV. අනන්‍ය වූ තමිල් ජනාවාස ක්‍රමයක් ,තමිල් වාරිමාර්ග ක්‍රම තමිල් ගොඩ ගොවිතැන් ක්‍රමයක් සදහා සාක්ෂි තිබිය යුතුය. එහෙත් ඊළාම් රාජ්‍යය යයි පවසනා ප්‍රදේශවල කරන කැනීම් තුලින් මතුවන්නේ සිංහළ බෞද්ධ නටබුන් හා සිංහළ ශිෂ්ඨාචාරයේ සංස්කෘතියේ ලක්ෂණ පමණි. එසේම එම ප්‍රදේශවල අදටත් පවතින්නේ සිංහළ ශිෂ්ඨාචාරය තුලින් බිහි වූ වාරිමාර්ග,ගොවිතැන් ක්‍රම හා ඊට අදාල වූ ඉපැරණි සංස්කෘතික ලක්ෂණ වේ. එසේනම් තමිල් ජනාවාස ක්‍රමයක් ,තමිල් වාරිමාර්ග ක්‍රම තමිල් ගොඩ ගොවිතැන් ක්‍රමයක් සදහා ඉදිරිපත් කරනා සාක්ෂි මොනවාද?
V. එම රාජධානිය පිළිබඳව, මෙරටේ , ඉන්දියාව ඇතුළු පෙරදිග හා අපරදිග රටවල්වල ලිඛිත ඉතිහාස සාක්ෂි පැවතිය යුතුය. ඉදිරිපත් කරනා එවැනි සාක්ෂි මොනවාද?
VI. ඉංග්‍රීසින් විසින් 1833 පළාත් 5 කට බෙදා පසුව 1888 දී පළාත් 9 කට බෙදා වෙන් කරන ලද උතුරු නැගෙනහිර සීමාවන් මගින් හදුනා ගන්නා පළාත් , 1766 හඟුරන්කෙත ගිවිසුමට පසු ලන්දේසින් විසින් වංචනික ලෙස සැදු ඕලන්ද සිතියම මත තබා එය ඊලම් රාජ්‍ය ලෙස හඳුනාගන්නේ කෙසේද යන්නත්, තමිල් ඊලාම් රාජ්‍යයේ සිතියම ලකුණු කල පදනම කුමක්ද යන්නත් යාපනයේ පැවතියා යයි පවසන තමිල් රාජ්‍යයට යාපනයෙන් බැහැර රජරට කොටස් හා රුහුණ (නැගෙනහිර තමිල් ඊලාම් සිතියමේ අඩංගු කොටස්)අඩංගු වන්නේ කෙසේද යන්නත් පැහැදිලි කල යුතුය.
VII. එම රාජධානිය පිලිබදව තමිල් බෙදුම්වාදීන් හා ඊලාම්වාදීන් පවසා සිටිනා ආකාරයට උඩරට , පහත රට හා දෙමළ රට යනුවෙන් රාජධානි 3ක් පැවතී බවය. උඩරට හා පහතරට යන රාජධානි සිංහළ රජතුමාට අයත්ව තිබු බවත් යාපන රාජධානිය ආදී යුගයේ සිට ස්වාධීනව පෘතුගීසි මුහුදුබඩ පාලන කාලය තෙක් තිබු බවත්,ප්‍රතුගිසින් හා ලන්දේසින් එම රාජධානි අඛණ්ඩව ඔවුන්ගේ යටතේ පාලනය කල බවත් පවසයි. එසේම 1833 දී ඉංග්‍රීසින් විසින් උඩරට , පහතරට හා දෙමළ රට එක් කොට ඒකීය රාජ්‍යක් කිරීමේදී ඔවුනට දෙමළ රාජධානිය අහිමි වූ බවට චෝදනා කරයි.(II) 1833 පළාත් බෙදීමේදී ඒකීය තිබු තමිල් නිජබිම් උතුරු හා නැගෙනහිර වශයෙන් පළාත් දෙකකට බෙදු බවත් දක්වා සිටි. එසේනම්, 1833 වසරේ ආරම්භක උතුරු පළාතට අනුරාධපුරය හරහා දකුණට දඹුල්ල දක්වා අයත්ය. 1888 වසරේ පළාත් මායිම්වලට අනුව වර්තමාන උතුරු පළාතට අයත් වන්නේ වව්නියාව දක්වා දකුණටය. වරින්වර සිදු වූ ඉංග්‍රීසින්ගේ පළාත් බෙදීම්වලට අනුව නිජබිම් සීමාවන් ඉහල පහල ගමන් කරන්නේද? 1751 වසරේ ලන්දේසි යුධ සිතියමට අනුව අලිමංකඩ බලකොටුවෙන් ලන්දේසීන්ගේ හා සිංහළ රජතුමාගේ බල ප්‍රදේශය වෙනස් වන බව දැක්වේ. වර්තමාන උතුරු ප්‍රදේශය තමිල් නිජබිම් නම් අලිමංකඩින් එසේ බල ප්‍රදේශ වෙන් වන්නේ කෙසේද?
VIII. සයිමන් කොමිසමේ නිර්දේශ වලට අනුව ඉංග්‍රීසින් විසින් 1926 දී බෙදු මදුරාසි ප්‍රාන්තයේ සීමාවන් 1967 දී තමිල්නාඩුවේ (දෙමළ රටේ) සීමාව විය. එසේම ලංකාවේ ඉංග්‍රීසින් බෙදු උතුරු නැගෙනහිර පළාත් වල සීමාව, 1976 දී වඩ්ඩුකොඩේයි සම්මේලනය හරහා තමිල් නිජබිම් සීමාව ලෙස ප්‍රකාශ කෙරින. එසේනම් පාරම්පරික තමිල් නිජ බිම වන්නේ ඉංග්‍රීසින්ගේ පාලන අවශ්‍යතාව මත සැකසු පළාත් සිතියම් වල දැක්වෙන ප්‍රදේශද? එනම් තමිල් නිජබිමේ නිර්මාතෘ කරුවන් ඉංග්‍රීසින්ම නොවන්නේද ?
 
IX. 1815 මෙම දෙරණ පාලනය ලබාගත් ඉංග්‍රීසි ආණ්ඩුව විසින් කිසියම් හෝ අන්දමින් ඔවුන්ගේ රාජකාරි ලියවිලි වල (සාවදය ක්ලේග්හෝන් සටහන හැර) හෝ වෙනත් ආකාරයකින් යාපනයේ තමිල් රාජධානියක් හෝ තමිල් නිජ භුමි ගැන නිසි ඔප්පු කරන ලද සාධක සහිතව සටහන් කර නොමැත. එසේ තිබේනම් ඒ සඳහා මුලාශ්‍ර හා පුරාවිද්‍යාත්මක සාක්ෂි ඉදිරිපත් කරන්න.
 
X. “ද්‍රවිඩ” යනුවෙන් හඳුන්වන්නේ “තමිල්, තෙලගු, කන්නඩි, මලයාලම් “ යන භාෂාවන් කථා කරන වෙනස් වූ ජන කණඩායම් සතරක එකතුවකි . ඊළම්වාදීන් විසින් යාපනයේ තිබුනායයි පවසන්නේ “තමිල් ” නම් ජන කණ්ඩායමට පමණක් අයත් වූ රාජධානියක් ද ? එසේ නැතහොත් ද්‍රවිඩ යනුවෙන් හැදින්වෙන ජන කණ්ඩායම සතරම නියෝජනය කල රාජ්‍යයක් ද ? මෙම දෙකෙන් කුමක් හෝ සනාථ කිරීමට ඉදිරිපත් කරනා සාධක හා මුලාශ්‍ර මොනවාද?
ඉහත කාරණා වලට අමතරව,
XI. “තමිල් ජනවාර්ගික ප්‍රශ්නය” “තමිල් ජනතාවගේ අභිලාෂය” කියා මුළු ලෝකයටම ඉදිරියේ තමිල් දේශපාලකයන් හඩා වැටි ප්‍රකාශ කලද , අද වෙනතෙක් ප්‍රශ්නය කුමක්ද කියා පවසා හෝ කිසිදු පැහැදිලි කිරීමක් කර නොමැත. සිංහළයාට, තමිල් බස කථා කරන මුසල්මානුවාට හා මෙරටේ මුළු තමිල් ජන අනුපතයෙන් බහුතරය වන දකුණේ (සිංහළ යයි කියනා ප්‍රදේශවල) වෙසෙන 52% වන තමිල් ජනයා හට නොමැති උතුරු නැගෙනහිර වෙසෙන 48% ජනයා හට තිබේ යයි තමිල් දේශපාලඥයන් විසින් පවසන ජනවාර්ගික ප්‍රශ්නය කුමක්ද?
 
XII. 1951 වසරේදී යාපන වැසියන්ගෙන් ඉරණමඩු ජනපදකරණයට ඉල්ලුම්පත් කැදවු විට එකදු ඉල්ලුම්පතක් හෝ ඉදිරිපත් නොකිරින. එයට හේතුව යාපනයේ ජනතාව 1951 වසර වන විටත් එම ප්‍රදේශය සිංහළ ජනතාවගේ ඉඩම් යයි සළකු බැවිනි. මෙය ප්‍රතික්ෂේප කරන්නේනම් , ඒ සඳහා අයදුම් පත් එවූ බව සාක්ෂි සමග ඉදිරිපත් කල යුතුය. මෙම අයදුම්පත් අනුපිළිවෙල පරික්ෂා කල පරිපාලන සේවා නිළධාරීහු මෙම කරුණට සාක්ෂි දෙති.
XIII. ඉහත අංක 1 සිට 47 දක්වා අප විසින් ඉදිරිපත් ඇති ලිකිත මුලාශ්‍ර සහිත වූ සාක්ෂි ප්‍රතික්ෂේප කරන්නේද? එසේනම් ඒ සදහා ඉදිරිපත් කරනා මුලාශ්‍ර හා සාක්ෂි කවරේද? තමිල් ජනයාට ඇති ප්‍රශ්නය විසදා දීමට නම් ප්‍රථමයෙන් ප්‍රශ්නය කුමක්දැයි අපහට පැවසිය යුතුය.එහෙත් වෙනම පාලනයක් හෝ රටක් ඉල්ලීමට තරම් වූ තමිල් ජනයා හට ඇති ප්‍රශ්නයක් මේතාක් ඉදිරිපත් කර නැත. ඊට පරිබාහිරව වෙනම රටක් ඉල්ලා සිටින්නේ ඓතිහාසිකව පැවති අයිතිවාසිකමක් මත නම්, වෛපමාලේ වැනි සුරංගනා කථා ගෙන හැර පදනමක් නැති මුසා දොඩවන්නේ නැතිව නිසි මුලාශ්‍ර මගින් තම අයිතිවාසිකම ඔප්පු කොට පෙන්විය යුතුය.මෙම ප්‍රශ්නයට මූලය ලෙස දැනට තමිල් බෙදුම්වාදීන් විසින් පෙන්නා ඇති පදනම නම් ඓතිහාසිකව මෙරටේ ඔවුන්ට අයිතියක් තිබු බවය. එහෙත් මේ දේශයේ පරම අයිතිය සිංහළයා සතු බව ඉතිහාසය මගින් සනාථ වී ඇති අතර ඉහත කාරණා මගින් එය ඔප්පු කොට පෙන්වා දී ඇත . මෙයින් ගම්‍ය වන්නේ ගැටලුවට මුල්ව ඇත්තේ සත්‍ය ඉතිහාසයට එරෙහිව ඇති ව්‍යාජ ඉතිහාස මත බිහිකළ නිජබිම් සංකල්පය වේ . එසේනම් ප්‍රශ්නයට මැදි වූ පාර්ශව තමන් නියෝජනය කරන ඉතිහාස කාරණා නිසි සාක්ෂි,සාධක , මුලාශ්‍ර සමග ඔප්පු කිරීමෙන් ගැටළුව සදහා ස්ථිර විසදුමක් ලබා ගත හැක. එහෙත් සම්බන්ධන් මහතා ඇතුළු තමිල් දේශපාලකයන් හා බෙදුම්වාදීන් ඉතිහාස කාරණා ගෙනහැර පා ප්‍රශ්න කිරීමේදී “K M ද සිල්වාගේ පොත බලන්න (III) හෝ ඉතිහාසය ගැන කථා කිරීමට මම කැමති නැහැ” වැනි දේ කියමින් සෑම විටම ප්‍රශ්නයට හේතු භූත වූ කාරණා හෙවත් ප්‍රශ්නයට මුල් වූ පදනම සාකච්චා කිරීම මග හැර යයි. එසේ නොකොට අපගේ ඉහත ඉදිරිපත් කරන ලද ප්‍රශ්න සදහා පදනමක් සහිතවූ සත්‍ය මුලාශ්‍ර (ක්ලෙග්හොන් සටහන වැනි හිතළු මුලාශ්‍ර ලෙස ඉදිරිපත් නොකොට) සමග පැහැදිලි නිසි පිළිතුරු (යන්නේ කොහෙද ඇසූ විට මල්ලේ පොල් වැනි පිළිතුරු වලින් බැහැරව) කොන්දක් සහිත වගකිව යුතු පුද්ගලයන් නම් ඔවුන් විසින් ලබා දිය යුතුය.
මෙම ඊලාම් ,බෙදුම්වාය, ෆෙඩරල් ,බලය බෙදීම හෝ විමධ්‍යගත කිරීම මෙම දේශයේත් රාජ්‍යයේ උරුමක්කාරයන් හා අයිතිකරුවන් වූ සිංහළ ජාතියේ මෙරටේ පරම අයිතියට පිලිබඳ ගැටළුවක් බැවින් ඉහත අපගේ ප්‍රශ්න සඳහා පිළිතුරු ලබා දිය යුත්තේ සිංහළ ජාතියට මිස පවතින ආණ්ඩුවට නොවේ. ආණ්ඩුව යනු තාවකාලික පත් වීමක් පමණි . 1815 පෙර මෙන් නොව අද දින මෙරට ආණ්ඩු යනු සිංහළයාගේ පරම නියෝජිතයා නොවේ. සිංහළ , දෙමළ, මුස්ලිම් යන ජන කොට්ටාශ සියල්ල නියෝජනය කරන පරිදි ඉංග්‍රීසින් විසින් ඇති කරන ලද ඉංග්‍රීසින්ගේ අනුප්‍රාප්තික පාලක පිරිසක් අද මෙරටේ මාරුවෙන් මාරුවට බලය ලබා වෙස්ට්මිනිස්ටර් වර්ගයේ ආකෘතියක් ආණ්ඩුව ලෙස ක්‍රියාත්මක වේ . ප්‍රශ්නයට මැදි වූ සියළු පාර්ශව එක සමානව නියෝජනය කරන දේශපාලන පක්ෂයකින් සැදී තාවකාලික ආණ්ඩුවක් මෙරටේ සිංහළයාගේ පරම අයිතිය පිළිබඳව තීරණ ගැනීම සදාචාරාත්මක නොවේ. එසේනම් මෙරටේ බලය බෙදීම, බලය ලබා දීම, හෝ කිසියම් වූ සිංහළ අයිතිවාසිකම් පවරා දීමේ තීරණය ගත යුත්තේ මෙරටේ ජාතිය වන සිංහළයා පමණි. ආණ්ඩුව මේ කටයුතු අරභයා ක්‍රියාත්මක විය යුත්තේ සම්බන්ධීකාරකයෙකු ලෙසය. බ්‍රිතාන්‍ය වර්ගයේ පරලිමේන්තුව, කැබිනෙට්ටුව, ආනයන අපනය ආර්ථිකය, වාර්ෂික අයවැය, ඉංග්‍රීසි අනපනත්, අධිකරණය, පොලිසිය, හමුදාව, පළාත් පාලනය, අධ්‍යාපනය , සෞඛ්‍යය ආදිය ක්‍රියාත්මක කරණු ලබන ආණ්ඩුව බ්‍රිතාන්‍ය ක්‍රමයේ නියෝජිත ආණ්ඩුවකි. ඊට ජනවාර්ගික ප්‍රශ්නය විසදිය නොහැක. කිමද යත් ප්‍රශ්නය ඇති කලේ බ්‍රිතාන්‍යයන් බැවින් එම නියෝජිත ආණ්ඩුව ප්‍රතිපත්තිමය වශයෙන් ඔවුන්ගේ අවශ්‍යතා ඉටු කිරීමට බැදී සිටිති.
සතරවන පරිච්චේදය
සුළු ජනයා හට මෙරටේ නිජබිම් අයිතියක් ඉල්ලා සිටිය හැකිද ?
තමිල් ලෙස හදුනාගන්නේ එම භාෂාවට අනන්‍ය එක් ජන කණ්ඩායමක් පමණි . එනමින් ජාතියක හෝ රාජධානියක් ඉන්දියාවේ හෝ ලෝකයේ වෙනයම් තැනක හඳුනාගෙන නොතිබුණි. (මේ බව සිවාජිලිංගම් මන්ත්‍රීවරයා මෑතකදී කරන ලද ප්‍රකාශය එනම් “තමිල් ජනයාට ලෝකයේ කොහෙවත් රටක් නැහැ අපිටත් රටක් ඕනේ”(I) මගින් තවදුරටත් තහවුරු වේ) 1967 දී ඉංග්‍රීසි මැඩ්රාස් ප්‍රසිඩන්සිය (Madaras presidency )තමිල්නාඩුව ලෙසද නම් කරන ලද්දේ ද්‍ර.මු. කසාගම් පක්ෂය බලයට පතුවූ පසුය.
ප්‍රථමයෙන්ම පෘතුගීසින්ගේ වහල් සේවයට ඉන්දියාවේ මලබාර් වෙරළින් ගෙනෙන ලද ජනයා “තමිල්” නමැති භාෂා අනන්‍යතාවයෙන් හෝ වෙනම ජන කණඩායමක් ලෙස හෝ හඳුනා නොගත් අතර ඔවුන් මලබාර් වෙරළෙන් ගෙනා බැවින් “මලබාරියන්” ලෙස හදුන්වන ලදී. එයට අනුව යමින් ලන්දෙසින්ද ඔවුන් මලබරියන් ලෙසම හැඳින්වූ අතර , ඉංග්‍රීසින් විසින් පසුව ඉන්දියාවේ කොරමැන්ඩල් වෙරළින් ගෙනා තමිල් බස කතා කරන ජනයාද පොදුවේ මලබාරියන් ලෙසම හඳුන්වන ලදී . පසුකාලීනව ඉංග්‍රීසින් විසින් පොදුවේ තමිල් බස කථා කරන මෙම ජනයා “Tamil Speaking People” හෙවත් දමිළ කථා කරන ජනයා ලෙස හඳුන්වන ලදී. 19 වන සියවස අග පමණ වන විට මෙම තමිල් බස කථා කරන හින්දු ජනයා “Tamil” හෙවත් තමිල් හා ඉස්ලාම් ආගම ඇදහු ජනයා “Moor” ලෙස වෙනකොට හදුනා ගත් අතර කිසිවිටකත් ඔවුන්ව ජාතියක් ලෙස හඳුනා නොගත්හ. මේ පිලිබදව ඉංග්‍රීසින්ගේ පාලන ලියවිලි මගින් පැහැදිලි වේ.
එළාර හා කාලිංග මාඝ යනු ආක්‍රමණිකයන්ය, ඉංග්‍රීසින් යනුද ආක්‍රමණිකයන්ය , පිරිබාහරන් මුල් කොට ගත් LTTE යනුද ආක්‍රමණිකයන්ය. පලවා හරින ලද හෝ විනාශ කර දැමු මොවුන් හෝ මොවුන්ගෙන් පැවත එන්නන් කිසිවිටකත් මෙරටේ අයිතිකරුවන් නොවිය. ආක්‍රමණිකයන් කුමන ආකාරයෙන් පලවා හැරියද අවසානයේ රටක නියම අයිතිකරුවන් වන්නේ එහි උරුමක්කාරයන් වන ජාතිය වේ. ලෝකය පිළිගත් ක්‍රමවේදයද එයමය.එසේම , කුලී හමුදාවන් ලෙස හෝ යම් අයුරකින් පැමිණ මෙරටේ පදිංචි වුවා යයි පැවසුවද, ඔවුනට සිංහළ බෞද්ධ සංස්කෘතියට අනුගත නොවුනිනම් කිසිවිටකත් මෙරටේ අයිතිවාසිකම් හිමි නොවේ. යමෙක් මම තමිල්, මම මුස්ලිම්, මම බර්ගර් යනුවෙන් කියනා තාක් ඔවුන් විසින්ම පවසා සිටිනුයේ තමන් විදේශිකයන් බවය. මෙම රාජ්‍යයට අයත් ශිෂ්ඨාචාරය හා සංස්කෘතිය වූ කලී එය මේ රටේ ජාතිය වන සිංහළයා එහෙත් තමන් විසින්ම ගොඩනැගු ශිෂ්ඨාචාරය හා අනෙකුත් ආගම් මෙන් නොව, බලෙන් නොපැටවු තම බුද්ධියෙන් විමසා බුදු පිළිගත් දහම, සිංහළ සංස්කෘතිය සමග සංකලනයෙන් තැනුණු සිංහළ බෞද්ධ සංස්කෘතිය හා ශිෂ්ඨාචාරය වේ.විදේශිකයෙක් දේශීය සිංහළ බෞද්ධ සංස්කෘතියට අනුගත වූ විට ඔහු සිංහළයෙක් ලෙස පිළිගන්නා සේම යමෙකු මෙම ශිෂ්ඨාචාරය හා සංස්කෘතිය ප්‍රතික්ෂේප කරන්නේද ,අනුගත නොවන්නේද, ඔහු තමන් විසින්ම පවසා සිටිනුයේ ඔහු මෙම රාජ්‍යට අයත් නොවන විදේශිකයකු බවය.
රාජ්‍යයක් යනු හුදෙක්ම භුමියක් පමණක් නොවේ. භූමියත් එම භූමියට හා පරිසරයට අයත් සියළු දේත්, නිශ්පාදනය, සමාජය හා පාලනයත් එයට අයත්ය . එසේනම් ලෝක පිළිගත් සම්ප්‍රධායට අනුව එම රාජ්‍යයේ අයිතිය එහි ශිෂ්ඨාචාරය බිහි කල පිරිස වෙත වන අතර ඊට පරිබාහිර වුවන් හට අයිතිවාසිකමක් නොමැත. ඒ අනුව මෙරටේ අයිතිකරුවන් වන්නේ දේශයට අදාල වූ ශිෂ්ඨාචාරය හා ඊට අනුගත වූ සංස්කෘතියේ සිටිනා සිංහළ ජාතියම පමණි. වසර 135 පමණ මේ රට පාලනය කල ආක්‍රමණික ඉංග්‍රීසින් මෙරට අත් හැර ගියේ ඔවුන් අයිතිකරුවන් නොවූ නිසාය. එසේම තමිල් නායකයන් විසින් තිබුනායයි පවසන (එසේ රාජධානියක් නොපැවතුනු බව මෙයින් ඔප්පු කර පෙන්වන ලදි ) යාපනයේ තමිල් රාජධානිය හුදෙක්ම ආක්‍රමණයක් නොවේද? මෙම ආක්‍රමණිකයන් පලවා හැර හෝ පරාජය කර හෝ යම් ආකාරයකින් ඔවුන්ගේ ආක්‍රමණයෙන් මුදවාගෙන ඇත. හුදෙක් ආක්‍රමණයක් කර රටේ කොටසක් පාලනය කල පමණින් හා දේශපාලනික වශයෙන් හොර ඔප්පුවක් ඉදිරිපත් කල පමණින් එම කොටස නැවත ආක්‍රණිකයාට ලබා දිය යුත්තේ කුමන පදනමක් මතද. එසේ අයිතිවාසිකම් ඉල්ලා සිටිනවා තබා ඔවුන්ට මේ රටේ රැදී සිටීමටවත් අයිතියක් නොමැත.
බුරුමය නිදහස ලබන විට ඉංග්‍රීසින් විසින් ගෙනෙන ලද ඉන්දියානු වහල් කම්කරුවන් නැවත රැගෙන යාමට ඔවුනට සිදුවිය. 1972 වසර වන තෙක් මෙරටේ රාජ්‍ය පාලනය බලය(ඩොමිනියන් තත්වය) ඔවුන් අත තබා ගනිමින් තමිල් කථා කරන ජනයා මෙරටේ පාලනය තුලට දැඩි ලෙස ස්ථාපිත කිරීමට කටයුතු යොදන ලදී. (මෙරටේ පරමාධිපත්‍යයක් නැති ඔවුන්ට පරමාධිපත්ති බලයක් පවරා දෙන ලදී. මේ පිළිබඳ පහත “සර්වජන ජන්දය ඔස්සේ ලබා දුන් ජනතා පරමාධිපත්‍යයෙන් මෙය මෙම ප්‍රශ්නය විසදිය නොහැක්කේ ඇයි?”ජේදයකදී සාකාච්චා කරනු ඇත) ඉංග්‍රීසින්ගේ වහල් සේවයට රැගෙන පැමිණි ජනයා මෙරටේ පාලනයට එක් කිරීම නීති විරෝධී වේ. කිමද යත් 1815 සිංහළ රට ගිවිසුමෙන් භාර ගත්තේ සිංහළයන් ගෙන් පමණි. එසේනම් පාලනය නැවත භාරදිය යුත්තේ සිංහළයන්ටම පමණි. තම සේවකයන් තම රටට රැගෙන යනු වෙනුවට කූට උපායක් යෙදු ඉංග්‍රීසින් මලබාර් ජනයා අතරමං කර දමා මෙරටේ භුමි පුත්‍රයන් වන සිංහළයන් සමග ප්‍රශ්නයකට මැදි කොට ඔවුන්ගේ වාසිය තකා අදටත් ගැටළුව අනියම් අයුරින් පෝෂණය කරමින් තමන්ගේ වගකීම මගහරිමින් සිටි. වැවිලි කර්මාන්තය තුල වු මලබාර් වහල් කම්කරුවන්ගේ මෙන්ම ඒවායේ නිෂ්පාදන ප්‍රවාහණය කිරීමට සැකසු මාර්ගවලන්ද මලබාර් ජනයාගේ ශ්‍රමය සුරා කා සියළු ධනය රැගෙන ගියේ එංගලන්තටය, ඔවුන් අද සශ්‍රිකව ධනවත්ව සැපවත්ව සිටින්නේ යටත් විජිතවලින් සාරය සුරා කෑමට යෙදවූ මලබාර් වහල් ශ්‍රමය නිසාවෙන් වේ. ස්වාමියා කල යුතු වුයේ තම සේවකයන් නැවත ඔවුන්ගේ මව් බිම් වෙත රැගෙන යාම හෝ තමන්ට කල සේවය වෙනුවෙන් තම රටේ ඉඩක් දීමය . එහෙත් ඒ වෙනුවට අදටත් ඔවුන් කර ඇත්තේ අනුන්ගේ රටක අතරමං කර මලබාර් ජනයා මුලාවේ දමා තැබීමය . එබැවින්, මලබාර් ජනයා (තමිල් කථා කරන ජනයා) අයිතිවාසිකම් ඉල්ලිය යුතු වන්නේ සිංහළයාගෙන් සිංහළ රටේ නොව තම ස්වාමියාගේ රට වන එංගලන්තයේය. එසේනම් ,මෙරටේ නිජබිම් අයිතිය ඉල්ලා සිටීම වෙනුවට එංගලන්තයට ගොස් තම අයිතිය ඉල්ලා නොසිටින්නේ මන්ද?
ආක්‍රමණිකයන් විසින් තමන්ගේ වහල් සේවයට ගෙනෙන ලද ජනයා ආක්‍රමණිකයාගේ වහලුන් මිස කිසිවිටකත් මෙරට පාරම්පරික ජන කණඩායමක් නොවේ. ඔවුන් සේවය කරන ලද්දේ ඔවුන්ගේ ස්වාමියන් හා ස්වාමියන්ගේ අනුප්‍රාප්තිකයන්ට මිස මෙරටේ ජාතිය වන සිංහළයා වෙත නොවේ. ඉංග්‍රීසින් විසින් සිංහළ ජාතියට විරුධව මෙරටේ පදිංචි කර පසුව ඉහලට ඔසවා ඉංග්‍රීසින්ගේ අනුප්‍රාප්තිකයන් ලෙස මෙරටේ පාලනයට ඇතුල් කරන ලද අනවසර සංක්‍රමණිකයන් වන තමිල් ජනයා ජාතියක් ලෙස හදුනාගෙන නිජබිම් අයිතියක්, ස්වයංතීරණ , බලය බෙදා දීමක්, බලය විමධ්‍ය ගත කර දීමක්, ෆෙඩරල් තත්වයක් හෝ කිසියම් වූ විශේෂ අයිතියක් සිංහළ ජාතිය විසින් ලබා දීමට කිසිදු අවශ්‍යතාවක් නැත. එසේම මේ වන විට ඔවුන් භුක්ති විදිනා සර්වජන ජන්ද අයිතියේ නීත්‍යානුකූල බවත් ප්‍රශ්නාර්ථ වේ.( “සර්වජන ජන්දය ඔස්සේ ලබා දුන් ජනතා පරමාධිපත්‍යයෙන් මෙය මෙම ප්‍රශ්නය විසදිය නොහැක්කේ ඇයි?” යන ජේදයේදී සාකච්චා කරනු ඇත.) එළාර යුගයේ, කාලිංග මාඝ යුගයේ සිට සිටියා කියා බොරු බේගල් ඇද බෑවත්, සත්‍යවශයෙන්ම එසේ පැමිණ දීර්ග කාලයක් වාසය කළා වුවත් ඔවුන්ට මෙම දෙරණේට අයිතිවාසිකම් නොලැබේ. කුමන ක්‍රමයෙන් ආවත් ඔවුන් මෙම දේශයයේ අයත් ජාතිය වන සිංහළයාට සතුරුව පැමිණි අනවසර සංක්‍රමණිකයන් පමණි.
නිර්නාමික පරිශීලක
"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/383119" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි