"සමාජානුයෝජනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
3 පේළිය:
පීටර් වර්ස්ලි දක්වන ආකාරයට සමාජානුයොජනය යනු සංස්කෘතිය පවරාදීමේ ක්‍රියාවලියයි සමාජානුයෝජනය සංස්කෘතියෙන් සංස්කෘතියට වෙනස් වන්නකි බොහෝ සමාජවිද්‍යාඥයන් සමාජානුයොජනය යනු සංස්කෘතික පවරා දීම ලෙස සලකයි මානව විද්‍යාව සමාජ විද්‍යාව මනෝ විද්‍යාව ආදී බොහෝ සමාජීය විද්‍යාවන්හි ඉගැන්වෙන ප්‍රධාන සංකල්පයක් ලෙස සමාජානුයොජනය දැක්විය හැක සමාජානුයෝජනය ප්‍රධාන කොටස් දෙකක් දැකිය හැකිය එවා නම් ප්‍රාථමික සමාජානුයෝජනය හා ද්වීතිය සමාජානුයොජනයයි ඇතැම් අවස්ථාවල මෙය තවදුරටත් බෙදාදක්වයි ඒ තෘතියික සමාජානුයෝජනය පුනර් සමාජානුයෝජනය අපේක්ෂිත සමාජානුයෝජනය සාවද්‍ය සමාජානුයොජනය ලෙසයි.
== සමාජානුයෝජන ප්‍රභේද හා කාරක ==
පුද්ගලයා ලබන සමාජානුයෝජනය කොටස්කර අධ්‍යනය සමාජානුයොජන ප්‍රෙභ්දප්‍රභේද ලෙස සළකන අතර ඒඒ සමාජානුයොජනයට අදාල නියෝජීතයන් හෙවත් කාරකයන් සමාජානුයෝජන කාරක ලෙස හදුන්වයි
=== ප්‍රාථමික සමාජානුයෝජනය ===
සමාජානුයෝජනයක මූලිකම හා වැදගත්ම කොටස ප්‍රාථමික සමාජානුයෝජනයයි මෙය පුද්ගලයා මුල්වරට ලබන සමාජානුයෝජනයයි නව ලොවට මුල්වරට බිහිවන ළදරුවා සමාජයට අනුගතකිරීමේ ක්‍රියාවලිය මෙයයි.මුල්වරට තම අවට පරිසරය හා සමාජය පිළිබද ඉගෙනුමක් ලබාගැනීම ඉතා වැදගත් වන්නේ නව ලොවට බිහිවන ළදරුවා සංස්කෘතිය තුල පවතින කිසිවක් නොදැන අළුතෙන්ම ලබන සමාජානුයොජනයක් නිසාය.ලොකයට මුල්වරට බිහිවන්නේ ජීව විද්‍යාත්මක මිනිසෙකි.ඔහුට ඇත්තේ ජීව විද්‍යාත්මක අවශ්‍යතා පමණි.එනම් කුසගින්න පිපාසය විවේකය හා ශරීර කෘත්‍ය සිදුකර ගැනීමේ අවශ්‍ය තාවයන් පමණි.පසුව ජීව විද්‍යාත්මක මිනිසා එනම් ළදරුවා පවුල් පරිසරය ඇසුරු කරගෙන පවුලේ අය මගින් සමාජයේ පවතින සිරිත් විරිත් සාර ධර්ම ඉගෙන ගනිමින් සංස්කෘතියට අනුකූලව හැඩ ගැසෙයි. මෙහිදී සමාජානුයොජනයට භාජනයවන ළදරුවා මෙහෙයවීම බොහෝවිට පවුල තුලින් සිදුවෙයි.මෙහිදී ප්‍රධාන සමාජානුයෝජන කාරකය වන්නේ පවුලයි.ජීව විද්‍යාත්මක මිනිසා සමාජීය මිනිසකු බවට පත්කරන මුල් අඩිතාලම දමන්නේ පවුල නම්වන සමාජානුයොජන කාරකය මගිනි.මෙහිදී සමාජානුයෝජන මෙහෙයවනු ලබන කාරකයන් ලෙස පිළිවෙලින් මව පියා කුසඹුරුවන් විතෘත පවුලකනම් ආච්චී සීයා මාමා නැන්දා බාප්පා මහප්පා පුංචි අම්මා ආදී ඥාතීන් ප්‍රමුඛවේ.<br />
"https://si.wikipedia.org/wiki/සමාජානුයෝජනය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි