"ඔගස්ට් කොම්ට්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
සුළුNo edit summary
1 පේළිය:
ඉස්ඩෝර් ඔගස්ට් මේරි ෆ්‍රැන්සිස් ෂේවියර් 1798 ජනවාරි මස 19 වන දින දක්‍රණු ප්‍රංශයේ දී උපත ලැබීය ඔගස්ට් කොම්ට් නමින් ප්‍රකට මෙම ප්‍රංශ දාර්ශනිකයා සමාජ විද්‍යාවේ පියා යනුවෙන් හදුන්වයි ලයිසි ප්‍රංශයේ ලයිසි(Lycée Joffre) පාසලෙන් මූලික අධ්‍යාපනය ලැබූ ඔහු මොට්පෙලර්(Université de Montpellier)විශ්ව විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලැබීය ඉන්පසු ඔහු ප්‍රංශයේ ජනප්‍රිය පාසල යන විරුදාවලිය ලත් පොලිටෙක්නික්(École Polytechnique)නම් බහු තාක්ෂණික ආයතනයෙන් අධ්‍යාපනය ලැබීය<br />
== උපත හා අධ්‍යාපනය ==
කොම්ට් උසස් රදළ පෙළපතකට අයත්විය කොම්ට්ගේ පියා උසස් රාජ්‍ය නිළධාරියකු විය ඔවුන්ගේ පවුල දැඩි සාම්ප්‍රධායික මත දැරූ දැඩි කතෝලික භක්තිකයන් විය එහෙත් කොම්ට් කුඩාකල සිටම මෙම දැඩි සාම්ප්‍රධායික ගතානුගතික අදහස් ප්‍රතික්ෂේප කළේය මිනිසුන් උසස් හා පහත් ලෙස බෙදී පීඩිත ජනයා තවතවත් පීඩනයට පත්කරන සමාජ ක්‍රමයට දැඩිව විරුද්ධ විය ඔහු කුඩා කල සිටම ඉගෙනීමට දක්ෂකම් දැක්වීය පාසැල් ජීවිතය තුල විවිධ ත්‍යාග දිනාගැනීමටද හැකිවිය පාසලේ දීප්තිමත්ම ශිෂ්‍යයාද විය පාසලේ මිතුරන් අතර ඔහු දාර්ශනිකයා යන සුරතල් නමින් පුසිද්ධ විය කෙසේ වෙතත් කොම්ට් කුඩා කාලයේ පටන් මුරණ්ඩු ගති ලක්ෂණ පෙන්වීය පාසැල තුලදී වංශවතුන්ට වැඩි සැලකිලි හා පීඩිත ජනයාට දක්වන අඩු සැලකිලි පිළිබද ප්‍රශ්න කරේය රදළයන්ට විශේෂ වරප්‍රසාද හා සාමාන්‍ය ජනයාට අඩු වරප්‍රසාද වෙනුවට සෑම මිනිසකුටම සම වරප්‍රසාද ලැබිය යුතුබව ප්‍රකාශ කළේය පාසැල තුල ඒ වෙනුවෙන් අරගල කිරීමට පවා ඔහු නිර්භීතවිය එය නිසාම ඇතැම් සිසුන්ගේ මෙන්ම ගුරුවරුන්ගේ අප්‍රසාදයට කොම්ට් ලක්විය ඔහුට පාසැල් පරිපාලනය විනය විරොධි ක්‍රියා සිදුකළේ යැයි නිතර අවවාද කිරීම් වලට ලක්විය කෙසේ වෙතත් ඔහු පාසැල් අධ්‍යාපනය සාර්ථකව නිමකළේය.කොම්ට්ගේ අධ්‍යාපනික ජීවිතයේ වැදගත්ම සංධිස්ථානයක් ලෙස පොලිටෙක්නික් බහු තාක්ෂණික ආයතනයේ උගත් කාලය සැලකිල්ලට ගත හැක.මෙහිදී ඔහුට ප්‍රකට භෞතික විද්‍යාව හා ගණිතය පිළිබද විශ්ව ශ්‍රේණියේ මහාචාර්‍යවරුන්ගෙන් ගුරුහරුකම් ලබාගැනීමට හැකිවිය.මෙහදීද ඔහුගේ සුපුරුදු මුරණ්ඩුගති නිසා ශිෂ්‍යයන්ගේ හා ගුරුවරුන්ගේ අප්‍රසාදයට බදුන්විය.මෙම ආයතනය පිළිබද කළකිරුන ඔහු යලි තමා උපන් ගමට පැමිණේ.
== රැකියාව හා විවාහය ==
කොම්ටි පෙරළා ගමට පැමිණියද දැඩි සම්ප්‍රධායික මතදැරූ තම දෙමාපියන් හා මතගැටුම් ඇතිකරගත් නිසා ඔහු තම නිවසින් ඉවත්ව පැරීසිය බලා යන්නේ රැකියාවක් සොයාගැනීමටයි.ඉතා ධනවත් රදළ පවුලක උපලත් මෙම විප්ලවවාදියා පැරීසියට ගොස් කුඩා රැකියන්හි නිරත වෙමින් තම ජීවිකාව ගෙනහියේය.මෙසේ සිටින අතරතුර එවක ප්‍රකට දාර්ශනිකයෙකුවූ හෙන්රි සැට් සිමොන් මුණගැසෙයි.සැට් සිමොන්ගේ සිත දිනා දිනාගැහීමට කොම්ට වැඩිකලක් ගතවූයේ නැත.සිමොන්ගේ හොදම ශිෂ්‍යා මෙන්ම ඔහුගේ පෞද්ගලික ලේඛම් පදවිය දිනාගැනීමටද කොම්ට හැකිවිය.මොවුන් දෙදෙනාගේ ගුරු ශිෂ්‍ය සබදතාවය කොතරම් දුරදිග ගියේද කිවහොත් ඔවුන් දෙදෙනා එක්ව සමකතෘත්වයෙන් ග්‍රන්ත කිහිපයක්ම ප්‍රකාශයට පත් කළහ.<br />
<br />
1825 දී කොම්ට් කැරොලින් මෙසින් නම් කාන්තාව හා විවාහවෙයි.ඇය ගණිකාවක් හා අවජාතක තරුණියක් බව පැවසේ.කෙසේ වෙතත් මෙම විවාහයට කොම්ටගේ ධනවත් දෙමාපියන් දැඩිසේ විරුද්ධවූ බව පැවසේ.1826 දී කොම්ටි මානසින රොගියකු ලෙස මානසික රොහලට පවා ඇතුලත් වීමට සිදුවූ බව කියැවේ.1827 දී ඔහු සියදිවි නසාගැනීමටද උස්සාහකර ඇත.‍කෙසේ වෙතත් ඔහු සුව වීමෙන් පසු නැවත ශ්‍රාස්ත්‍රීය අටයුතු ආරම්භ කළේය.1842 දී ඔහුගේ විවාහය දෙදරා ගියේය.
කොම්ට් උසස් රදළ පෙළපතකට අයත්විය කොම්ට්ගේ පියා උසස් රාජ්‍ය නිළධාරියකු විය ඔවුන්ගේ පවුල දැඩි සාම්ප්‍රධායික මත දැරූ දැඩි කතෝලික භක්තිකයන් විය එහෙත් කොම්ට් කුඩාකල සිටම මෙම දැඩි සාම්ප්‍රධායික ගතානුගතික අදහස් ප්‍රතික්ෂේප කළේය මිනිසුන් උසස් හා පහත් ලෙස බෙදී පීඩිත ජනයා තවතවත් පීඩනයට පත්කරන සමාජ ක්‍රමයට දැඩිව විරුද්ධ විය ඔහු කුඩා කල සිටම ඉගෙනීමට දක්ෂකම් දැක්වීය පාසැල් ජීවිතය තුල විවිධ ත්‍යාග දිනාගැනීමටද හැකිවිය පාසලේ දීප්තිමත්ම ශිෂ්‍යයාද විය පාසලේ මිතුරන් අතර ඔහු දාර්ශනිකයා යන සුරතල් නමින් පුසිද්ධ විය කෙසේ වෙතත් කොම්ට් කුඩා කාලයේ පටන් මුරණ්ඩු ගති ලක්ෂණ පෙන්වීය පාසැල තුලදී වංශවතුන්ට වැඩි සැලකිලි හා පීඩිත ජනයාට දක්වන අඩු සැලකිලි පිළිබද ප්‍රශ්න කරේය රදළයන්ට විශේෂ වරප්‍රසාද හා සාමාන්‍ය ජනයාට අඩු වරප්‍රසාද වෙනුවට සෑම මිනිසකුටම සම වරප්‍රසාද ලැබිය යුතුබව ප්‍රකාශ කළේය පාසැල තුල ඒ වෙනුවෙන් අරගල කිරීමට පවා ඔහු නිර්භීතවිය එය නිසාම ඇතැම් සිසුන්ගේ මෙන්ම ගුරුවරුන්ගේ අප්‍රසාදයට කොම්ට් ලක්විය ඔහුට පාසැල් පරිපාලනය විනය විරොධි ක්‍රියා සිදුකළේ යැයි නිතර අවවාද කිරීම් වලට ලක්විය කෙසේ වෙතත් ඔහු පාසැල් අධ්‍යාපනය සාර්ථකව නිමකළේය
"https://si.wikipedia.org/wiki/ඔගස්ට්_කොම්ට්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි