"සිංහල සාම්ප්‍රදායික කුල" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
119 පේළිය:
.
 
===බත්ගම (පදු) කුලය===
<P Align="justify"> බත්ගම කුලය යනු ලංකාවේ දිගු ඉතිහාසයකට නෑකම් කියන ප්‍රාග් මානවයා හා සම්බන්ධතාවයක් පවතින කුලයකි.හෙල යක් පරපුරෙන් පැවතෙන්නාවූ මෙම බත්ගම් කුලිකයන් මහා රාවනා රජවරුන්ගෙන් පැවත එන්නා වූ පිරිසිදු සිව් හෙල ජනකොටසකි.අතීතයේ මහා වාරි කර්මාන්ත දාගැබ් ශෛලමය නිර්මාන සියල්ල මෙම ජනතාව අතින් නිම වී ඇති නමුත් එම ඉතිහාසය අදටද වසන්කර ඇත.පෙර රජ දවස ඉතා වංශවත් කුලයක් ව පැවති මෙම බත්ගම කුලය මහනුවර යුගයේ ඇතිවූ මහා කුල පෙරලියෙන් පසු පහත් කුලයක් බවට පත්කර ඇත.දැනට පවතින කුල දූරාවලියේ පහලින්ම පෙන්නුම් කරත් අතීතයේ රට පාලනය කල ඇමතිවරු,දක්ෂ ඉන්ජිනේරු වරු,සේනාපතිවරු මෙම කුලිකයන්ය.වර්ථමානයේ බත්ගම කුලිකයන් පහත් කුලයක් ලෙස සැලකුවද රාවනාගෙන් පැවත එන හෙල වෙදකමේ මුල් පුරුක් මෙම ජනතාවගෙන් පැවත වයි.මෙය වසන් කල නොහැකි සත්‍යයකි.
<P Align="justify">
 
මෙය ද සේවා කුල වලින් එකකි. කුල සංවිධාන ක්‍රමය තුළ වඩාත් ආන්තික තැනක් හිමිකරගෙන සිටී. මෙම කුලය ප්‍රධාන ලෙස මෙහෙකාර සේවාවන් සඳහා වෙන් වූ කුලයකි. මොවුන් සේවා කුලයක් වුවද රදල හා ගොවි කුල වල ගෙවල් ඇතුලත වැඩ කටයුතු සඳහා මොවුන් යොදා නොගත් බව පෙනේ. (Ryan,1953:134.)
</P>
<P Align="justify">
සාම්ප්‍රදායිකව මෙම කුලයට පැවරුණු රාජකාරී අතර ප්‍රභූන් ගමන්ගත් දෝලා හා පැලැක්කි ඔසවාගෙන යාම, පෙරහැරවල කොඩි රැගෙන යාම, යුද සේවා වලට සහභාගී වීම, යපස් ගැරීම ආදිය ඇතුලත්ය. ජන වංශයේ මෙම කුලය හඳුන්වන්නේ බොහෝ දුරට කුලී ශ්‍රමිකයන්ගෙන් සමන්විත කුලයක් ලෙසයි. (කේ.ටී.සිල්වා, 2005:41.) වර්තමානයේ ඉඩම් හිඟය, විරැකියාව සහ ප්‍රචණ්ඩකාරී ප්‍රවණතා වලට වඩාත්ම ලක් වූ කුලයක් බවට මෙම කුලය පත්ව ඇත.
"https://si.wikipedia.org/wiki/සිංහල_සාම්ප්‍රදායික_කුල" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි