"මවුලය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
1 පේළිය:
මවුලය යනු ද්‍රව්‍යයක ප්‍රමාණය මැනීම සඳහා භාවිතා කරන මූලික අන්තර්ජාතික ඒකකය වේ. එක් මවුලයක් තුළ වස්තූන් එනම් පරමාණු අණු හෝ වෙනත් මූලික අංශු ඇවගාඩ් රෝ සංඛ්‍යාවක් (දළ වශයෙන් 6.0221402314 x 1023 ) අඩංගු වේ. එනම් ඔක්සිජන් අණු මවුලයක ස්කන්ධය දළ වශයෙන් ග්‍රෑම් 32ක් වන අතර එක් ඔක්සිජන් අණුවක් පරමාණුක ස්කන්ධ ඒකකයකින් එකකට සමාන වේ. මවුලයක් යනු එක් නිශ්චිත සංඛ්‍යාත්මක අගයක් වන අතර ඕනෑම මුලික වස්තු ප්‍රමාණයක් (පරමාණුවලින් නිර්මිත) නිර්ණය කිරීමට භාවිතා කළ හැක. එසේ වුවද මවුලය භාවිතය උප පරමාණුක , පරමාණුක සහ අණුක ආකෘතීන් මැනීම සඳහා පමණක් සීමා වේ. මීට හේතුව නම් අනෙකුත් සුලභ ඒකකයන් සමග සැසදූ විට මවුලය විශාලත්වයෙන් වැඩි බැවින් අනෙකුත් පදාර්ථ මැනීමට මෙය යොදාගැනීම ප්‍රායෝගික නොවීමය.
 
ප්‍රායෝගිකව පදාර්ථ ප්‍රමාණයක් බොහෝ විට මනිනු ලබනුයේ මවුලවලිනි. යම් ද්‍රව්‍යයක සූත්‍ර භාරයට සමාන ස්කන්ධයක් , මවුලයක් වේ. මෙලෙස කාබන් 12 (C12) මවුලයක ස්කන්ධය ග්‍රෑම් 12ක් වන අතර ජලය මවුලයක ස්කන්ධය ග්‍රෑම් 18.016 ක් වේ. මෙහිදී බොහෝ විට ගණනය කිරීම සදහා සලකණු ලබන වස්තුව පරමාණු (C හි) හෝ අණු (H2O හි) වේ.
"https://si.wikipedia.org/wiki/මවුලය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි