"දළදා වහන්සේ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
16 පේළිය:
පුරාණ පොළොන්නරුව නගරයේ පූජනීය චතුරස්‍රයේ (දළදා මලුව) තිබෙන අටදාගෙයි දැනට ඉතිරිව තිබෙන නටබුන් විජයබාහු රජු විසින් තනවන ලද දළදා විහාරයට සමාන වෙයි. මෙම මන්දිරය පසෙක තිබෙන වේලෙයික්කාර සෙල්ලිපියෙහි දළදාවේ ඉතිහාසය ගැන බොහෝ විස්තර සඳහන් වේ. දළදාව සහ පාත්‍ර ධාතුව අභයගිරි විහාරයේ උත්තර මූල - ආයතන ආශ්‍රමයේ සිට ගෙනවුත් අටදාගෙයි විහාරයේ තැන්පත් කරන ලද බව පෙනී යයි. වේලයික්කාර සෙල්ලිපියට අනුව මෙම මන්දිරය රජු යටතේ සේවය කළ වෙලෙයික්කාරන් කුලී හමුදාවකට පවරා තිබුනේය.
 
නේත්‍ර මංගල්‍යය නමැති පූජා විධි පැවැත්වීම සම්බන්ධයෙන් අටදාගේ බොහෝ ප්‍රසිද්ධ වී තිබුනි. සෙල්ලිපියේ සඳහන් විස්තර වලට අනුව පහත මාලයේ පූජා කාමරය තුළ තිබෙන බුදු පිලිමයෙහි අක්ෂි ගෝල වාර්ෂිකව සුවඳ පැනින් නහවනු ලැබේ. මෙම අටදාගෙයි ගෘහ නිර්මාණ සැලැස්මද සුවිශේෂි එකකි. මෙම දෙමහල් මන්දිරයේ සැළසුම දැනට මහනුවර ශ්‍රී දළදා මාළිගාව දක්වා පසු කාලය තුළ ඉදිවුනු දළදා මන්දිර සඳහා ආදර්ශයට ගෙන ඇති බව පෙනී යයි.
 
ශාසන වංශයට අනුව පළමුවැනි විජයබාහු රජතුමා සමකාලිනයෙකු වූ බුරුමයේ අනුරුද්ධ රජු සමග මිතුරු සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇත. එය කෙතරම් දැයි කිවහොත් ශ්‍රී ලංකාවේ රජුගෙන් දන්ත ධාතුව ඉල්ලා එවීමට තරම් බුරුමයේ රජුගේ මිත්‍රත්වය දැඩි එකක් වී ඇත. එහෙත් ඤාණවන්ත රජු බුරුම රජුගේ වුවමනාව සංසිඳවූයේ දළදාවෙහි අනුරුවක් එම රජු වෙත යැවීමෙනි. මෙයට බුරුම ජනතාව විසින් මහත් භක්තියෙන් ගෞරවාදර දක්වා තිබේ.
"https://si.wikipedia.org/wiki/දළදා_වහන්සේ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි