"සෝවාන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
35 පේළිය:
== සටහන් ==
[[Category:බුදු දහම]]
සෝවාන් ඵලය ලබා ගන්නට පුළුවන් ස්වාමීන් වහන්සේලාට පමණක් නෙමෙයි. තවමත් ඉගෙන ගන්න අපිට වුනත් , රැකියාවක් කරන කාර්යබහුල ජීවිතයක් ගත කරන යට වුනත් , විවාහ වී දරුවන් ලබා සිටින ඔබට වුනත් සෝවාන් ඵලය ලබා ගන්නට පුළුවන්. සෝවාන් වීමට අපගේ එදිනෙද කටයුතු අතහැර දමා මහන වීමට වත් , කැලෑ වැදී භාවනා කිරීමට වත් අවශ්‍ය නැහැ. නමුත් අද සමාජයේ කිසිම මිනිසෙකුට මේ පිළිබඳව අවබෝධයක් නැහැ. බුද්ධ කාලයේ සිටි විශාඛාව ඔබට මතකද? ඇය හත් වන වියේදී සෝවාන් බව ලබා සිටියා. එමෙන්ම ඇය අවුරුදු 120 ක් ජීවත් වූ බවත් ඔබට මතක ඇති. ඇය විවාහ වන විටත් සෝවාන් ඵලය ලබා සිටියා. ඇයට දරුවන් ලැබෙන විටත් ඇය සෝවාන් වී සිටියා. එහෙනම් දැන් ඔබට තේරෙනවද සාමාන්‍ය ජීවිතයක් ගත කරගෙන වුනත් සෝවාන් බව ලබා ගැනීමට පුළුවන් බව. ඉතින් ඇයි අපි තවත් පරක්කු වෙන්නේ? මේ ලිපිය කියවන ඔබත් පරිගණකයට හා අන්තර්ජාලයට ගොඩක් සමීපයි කියල මම දන්නවා. මොකද මමත් අන්තර්ජාලයට ගොඩක් කැමතියි. එත් ලස්සන ජීවිතයක් ගත කරන්න අපිත් කැමතියි නේද? ඔය හිතන්නේ මේ ජීවිතේ සුන්දරද? ඇත්තෙන්ම නැහැ. නමුත් සෝවාන් ඵලය කොච්චර සුන්දරද කියලා ඔයා දන්නවද? ඔයා සෝවාන් වෙන්න කැමතිද? සෝවාන් උනා කියල ඔයා ඔයාගේ ජීවිතේ සම්පුර්ණයෙන්ම වෙනස් කරන්න ඕනි නැහැ. සෝවාන් වෙලා ඔයාට රස්සාවක් කරන්න උනත්, විවාහ වෙන්න උනත් , දරුවන් හදන්න උනත් විතරක් නෙමෙයි ඔයා මේ රටේ ජනාධිපති උනත් ඔයාට සෝවාන් වෙන්න පුළුවන්. ඒවගේම ඔයා හොරෙක් , මංකොල්ල කාරයෙක් , මිනි මරුවෙක් උනත් ඔයාට සෝවාන් වෙන්න පුළුවන්. ඔබට මතකද අංගුලිමාල නම් පුද්ගලයා. ඔහු මිනිසුන් 1000 ක් පමණ ගාතනය කල කෙනෙක්. නමුත් ඔහුත් රහත් බවය ලබා ගත්තා. ඉතින් ඇයි අපිට බැරි. ඒවගේම සෝවාන් බව ලබා ගත අය අප අතරම ඉන්නම පුළුවන්. ඔබගේ හොඳම යහළුවා හෝ ඔබගේ ලංගම අසල්වැසියා වුවද සෝවාන් බව ලබා ඇති අයෙක් වීමට පුළුවන්. සෝවාන් වූ පුද්ගලයා කිසිම වෙලාවක කියන්නේ නැහැ තම සෝවාන් වූ කෙනෙක් බව.
සෝවාන් වීම සඳහා අප විසින් අනුගමනය කල යුත්තේ ඉතා පහසු දෙයකි. එනම් ත්‍රිලක්ෂණයයි. ත්‍රිලක්ෂණය යනු
1.අනිත්‍ය
2.දුක්ඛ
3.අනාත්ම යන කරුණු 3යි.
 
1.අනිත්‍ය
අනිත්‍ය යනු මෙලොව පවතින කිසිම දෙයක් ස්ථිර නැති බව සිතීමයි. එනම් මෙලොව හැම දෙයක්ම , හැම කෙනෙක්ම වෙනස් වන බව මෙනෙහි කිරීමයි. ඔබ ගැන සිතන්න. ඔබ කුඩා කල සිට අද දක්වාම වෙනස් වුණා. කුඩා කාලයේ ඔබට ලැබුණු කරුණාව , දයාව , ආදරය දැන් ටිකක් හෝ අඩු වී නැද්ද? ඔබේ පියා ගැන සිතන්න. ඔබේ මව ගැන සිතන්න. ඔවුන් දැන් පත්ව ඇති තත්වය ගැන සිතන්න. ඔවුන් තරමක් හෝ සම්පුර්ණයෙන්ම හෝ වෙනස් වෙලා නේද? ඉතින් මේ ලෝකේ වෙනස් වෙන්නේ නැති කිසිම කෙනෙක් ඉන්නවද? නැහැ. දෙවි වරුත් වෙනස් වෙනවා, බ්‍රහ්ම යොත් වෙනස් වෙනවා. තුන් ලෝකෙටම අධිපති යැයි කියන ශක්‍ර දෙවියත් වෙනස් වෙනවා,මිය යනවා. ඒවගේම මේලෝකේ තියෙන කිසිම දෙයක් ස්ථිර නැහැ. ඔබේ පරිගණකය ගැන සිතන්න. එය කොපමණ වාරයක් කැඩෙනවද? ඔබේ ජංගම දුරකථනය කෙතරම් කැඩෙනවද? ඉතින් මේලෝකේ මොනවද සදාකල්ම පවතින්නේ? ඔබේ වාහනය , නිවස , ඔබේ ඉඩම , පමණක් නොව තවත් වසර 5000 කින් පමණ අපේ ලෝකයත් කෙමෙන් විනාශ වන බව ඔබ නොදන්නේද? එහෙනම් අනිත්‍යය කියන මේ සුවිශේෂී ලක්ෂණය තේරුම් ගන්න. මෙය සෝවාන් මගට යාමට පළමු පියවරයි.
 
2.දුක්ඛ
දුක්ඛ කියන්නේ දුක. දුක කියන්නේ මොකද්ද කියලා කියා දෙන්න ඕනිත් නැහැ. මොකද අපි හැමෝම දුක් විඳලා තියෙනවා. නමුත් මෙහිදී දුක කියන්නේ අනිත්‍ය බව (එනම් මෙලොව පවතින සියලු දෙයකම හා සියලු සත්වයෙක්ම වෙනස් වන බව ) තේරුම් අරගෙන ඒ නිසා ඇතිවන දුකයි. මෙම දුක හොඳින් අවබෝධ කරගැනීමෙන් සෝවාන් මාර්ගය සඳහා තවත් පියවරක් ඉදිරියට යයි.
 
3.අනාත්ම
අනාත්ම කියන්නේ ආත්මයක් නැති බව අවබෝධ කරගැනීමයි. එනම් මේ ලෝකයේ මම මගේ කියා කිසිම දෙයක් නැති බව අවබෝධ කරගැනීමයි. ඇත්තටම මම කියල පුද්ගලයෙක් ඉන්නවද? අපි මම කියල හඳුන්වන අපේ මේ ශරීරය අපි මැරුණට පස්සේ අපේද? නැහැ නේද? ඉතින් ඇයි අපිට අවබෝධ කරගන්න බැරි ආත්මයක් කියල දෙයක් නැහැ කියලා. ඉතින් ඔයා අනාත්ම කියන ලක්ෂණය අවබෝධ කරගත්ත කියන්නේ ඔයා සෝවාන් මගට ගොඩක්ම කිට්ටු වෙලා කියන එකයි.
 
ඉතින් මූලික වශයෙන් මේ ලක්ෂණ 3 අවබෝධ කරන්නට ඔයාට පුලුවන්නම් ඔයාට සෝවාන් බව ලබා ගන්නත් පුළුවන්. නමුත් ත්‍රිලක්ෂණය තව දුරටත් අවබෝධ කරගත යුතුයි. ත්‍රිලක්ෂණයට අමතරව අප විසින් අවබෝධ කරගත යුතු තවත් ලක්ෂණ 2ක් තියෙනවා.
 
1.අනිච්ච ලක්ෂණය
මේ ලෝකයේ සිදුවන කිසිම දෙයක් සිදුවන්නේ තමන්ගේ කැමැත්තට නොවන බව තේරුම් ගැනීම අනිච්ච වේ. සිතන්න.... ඔබත් මම වගේම ශිෂ්‍යයෙක් නම්, ඔබට බලාපොරොත්තු ඇති. ඔබට අවශ්‍යයි පන්තියේ පළමු වෙනියා වීමට. ඔබ කෙතරම් මහන්සි වී වැඩ කලත් ඇතැම් අවස්ථාවලදී ඔබට ලැබෙන්නේ පන්තියේ පහල මට්ටමක්. ඉතින් ඔබට තේරෙනවද? මේ ලෝකේ කිසිම දෙයක් තමන්ගේ කැමැත්තට අනුව සිදු නොවන බව ඔබට වැටහෙනවද? ඔබ රැකියාවක් කරන කෙනෙක් නම්..... ඔබට අවශ්‍ය තනතුරට යාමට ඔබට හැකිද? තවත් වෙලා වකට ඔය මෙහෙමත් හිතනවා ඇති..... මිනිස්සු ලෙඩ වෙන්නේ නැත්තම් , අපිට ඉගෙන ගන්න ඕනි නැත්තම් , මිනිස්සු මැරෙන්නේ නැත්තම් , අපිට හැම දාමත් මේ වගේ පොහොසත් වෙලා ඉන්න ඇත්නම් කොච්චර හොඳද? නමුත් එය නිකම්ම නිකම් සිහිනයක් විතරයි නේද? ඉතින් මේලෝකේ කිසිම දෙයක් තමන්ගේ කැමැත්තට සිදු වෙන්නේ නැත්තම් ඇයි අපි මේ ජීවත් වෙන්නේ? මෙම ලක්ෂණය අවබෝධ කරගැනීමෙන් ඔයා තවත් සෝවාන් ඵලයට ලඟා වෙනවා.
 
2.අනන්ත/අනර්ථ ලක්ෂණය
අනන්ත කියන්නේ මේ ලෝකයේ ඇති සෑම දෙයකම තේරුමක් නැති කමයි. කොටින්ම , අනිච්ච හෙවත් කිසිම දෙයක් අපට කැමති විදියට සිදුනොවන නිසාම මේ ලෝකයේ ඇති කිසිම දෙයක අර්ථයක් නැති බව අවබෝධ වෙනවා නේද? අපේ ජීවන චක්‍රය ගැන හිතන්න. අපි මෙලොවට බිහිවෙනවා, ළදරු අවදියේ පසුවෙනවා, ඉගෙන ගැනීම ආරම්භ කරනවා, විභාග සමත් වෙලා හොඳ රස්සාවකට සම්බන්ද වෙනවා, පුළුවන් තරම් සල්ලි හම්බ කරනවා, අවසානයේ හිඟන්නෙක් වගේ මැරිලා යනවා. මේකද අපේ ජීවිතේ? මේ ජීවිතේ තේරුම මොකක්ද? සිතන්න..... අප උපන් දා සිටම කනවා,බොනවා,නානවා,නිදා ගන්නවා. ඇයි අපි කන්නේ? මරණයෙන් ගැලවෙන්න නේද? ඒත් අපි කවත් නැතත් අපිට අනිවාර්යෙන්ම මැරෙන්නට සිදු වෙනවා නේද? මරනයෙන් පසුවත් අපි නැවතත් ඉපදිලා මේ විදියට දුක් විඳිනවා නේද? ඉතින් මෙලෙස බලන විට අපේ ජීවිතය අර්ථයක් නැති දෙයක් බව තේරෙනවා නේද? ඉති මෙම අවසාන ලක්ෂණය තේරුම් ගැනීමත් සමඟ ඔබ සෝවාන් මාර්ගයට තවත් ලං වෙනවා.
 
ඉතින් මේ ලක්ෂණ 5 ට අනුව මෙලොව සියලුම දේ සිදුවන බව තේරුම් ගැනීමෙන් ඔබට සෝවාන් ඵලය ලබා ගැනීමට පුළුවන් වෙනවා. ඒ සඳහා මීළඟ හැම මොහොතකම සිතන්න ඔබ දැන් සෝවාන් මාර්ගයේ ගමන් කරන කෙනෙක්. මට ඉක්මනින්ම සෝවාන් වීමට පුළුවන් බව. එදිනෙදා සිදුවන සෑම සෑම දෙයක්ම බුද්ධිමත්ව අවබෝධ කරගන්න.
{|
 
"https://si.wikipedia.org/wiki/සෝවාන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි