"තාරකා විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
12 පේළිය:
 
නවවන සියවසේදී ග්‍රීක තාරකා විද්‍යාඥයෙක් වූ ටොලමි සොයාගත් තොරතුරු සහ තවත් වටිනා විද්‍යාත්මක තොරතුරු රැසක් අරාබි ජාතිකයන් තම මව්බසට පරිවර්තනය කළා. අබ්බාසිඩ්ගේ පාලනය අත්ලාන්තික් සාගරයේ සීමාවේ පිහිටි රටවල සිට ඇෆ්ගනිස්ථානය දක්වාම ව්‍යාප්ත වුණා. ඒ නිසා ගණිතය, තාරකා විද්‍යාව හා අනිකුත් විෂයන් පිළිබඳව ඉන්දියානුවන් සොයාගෙන තිබූ දැනුම් සම්භාරයෙන් ප්‍රයෝජන ගැනීමට ඔවුන්ට හැකියාවක් ලැබුණා.
 
මුස්ලිම් ජාතිකයන් තාරකා විද්‍යාව පිළිබඳව දැනුම රැස් කිරීමට මහත් උනන්දුවක් දැක්වුවා. ඊට එක් හේතුවක් වුණේ ඔවුන්ගේ ආගමයි. මුස්ලිම්වරුන්ගේ විශ්වාසය වුණේ තමන් යාච්ඤා කළ යුත්තේ මක්කම දෙසට මුහුණ ලා කියායි. ඒ වගේම ඔවුන් සිටින ස්ථානයේ සිට මක්කම පිහිටි දිශාව පෙන්වා දීමට තාරකා විද්‍යාඥයන්ට හැකියි කියාත් ඔවුන් විශ්වාස කළා. දහතුන්වන සියවසේදී ඉස්ලාම් භක්තිකයන්ට යාච්ඤා කළ යුතු වෙලාව නිශ්චිතව තීරණය කිරීම සඳහා මුස්ලිම් පල්ලිවලින් තාරකා විද්‍යාඥයන්ගේ සහාය ලබාගත්තා. ඔවුන් ලබා දුන් මඟ පෙන්වීම්වලට අනුව මුස්ලිම්වරුන්ගේ ආගමික උත්සව හා වත්පිළිවෙත් පැවැත්විය යුතු කාල වකවානු තීරණය කළා. උදාහරණයකට රාමසාන් මාසයේදී නිරාහාරව සිටිය යුතු දින පෙන්වා දුන්නේ ඔවුනුයි. ඊට අමතරව මක්කමට යෑමට ගත වන කාලය සහ හොඳම ගමන් මාර්ගය පෙන්වා දුන්නෙත් ඔවුනුයි.
 
== බාහිර යොමු ==
"https://si.wikipedia.org/wiki/තාරකා_විද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි