"අද්මිරාල්ති නීතිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Bot: Migrating 1 interwiki links, now provided by Wikidata on d:Q382113
No edit summary
1 පේළිය:
== ජාත්‍යන්තර සම්මුතීන් ==
 
සමුදී‍්‍රයසමුද්‍රීය ප‍්‍රශ්ණ සහ වැරදි පාලනය කරන නීතියේ අංගය අද්මිරාල්ති නීතිය (සමුද්‍රීය නීතිය ලෙසින්ද හැඳින්වේ) යි .සාගරයේ කි‍්‍රයාත්මක වන්නාවූ යාත‍්‍රාවන් මෙහෙයවනු ලබන පුද්ගලික ආස්ථිත්‍යයන් අතර සම්බන්ධතාවන් පාලනය කරන පුද්ගලික ජාත්‍යන්තර නීතියේ කොටසකි. ජලතරණ අයිතීන්, ඛනිජ අයිතීන්, වෙරළාසන්න ජල තීරයන්හි අධිකරණ බලය සහ ජාතීන් අතර සම්බන්ධතාවන් පාලනය කරන ජාත්‍යන්තර නීතිය සම්බන්ධයෙන් බලපවත්වන්නාවූ පුද්ගලික ජාත්‍යන්තර නීතියේ අංගය වන මුහුදු නීතියෙන් එය වෙනස් වේ.
 
 
== පසුබිම ==
 
මුහුදින් භාණ්ඩ ප‍්‍රවාහනය ආදිතම වානිජවාණිජ මධ්‍යයකි. මෙකී සමදී‍්‍රයමමුද්‍රීය වෙළඳාමේදී ඇතිවන ආරවුල් විසඳීම සම්බන්ධයෙන් වන රීති ඉතා ඈත ඉතිහාසයෙන් පවා වාර්තා වී ඇත. මෙම නීතිය පිලිබඳ චිරන්තන මූලාශ‍්‍රයන් අතර රෝඩියානු නීතිය (මෙහි කිසිදු ලිඛිත නිදර්ශකයක් ඉතිරිව නැතත් රෝමානු හා බයිසැන්ටියානු නීති සංග‍්‍රහයන් තුල මෙහි සංකල්පයන් දැකගත හැක) මෙන්ම පසුකාලීනව බිහිවූ හන්සියාතික ලීගයේ සම්ප‍්‍රදායන්ද වැදගත් තැනක් ගනී.
 
රෝමානු හා බයිසැන්ටියානු සමුදී‍්‍රය නීතිය හැරුනුවිට ඉස්ලාමීය නීතියද ජාත්‍යන්තර අද්මිරාල්ති නීතියට විශාල දායකත්වයක් සපයා ඇත. යම්හෙයකින් විනාශයකට හෝ අයුතු කි‍්‍රයාවකට මුහුණදීමට සිදුවුවහොත් ඉස්ලාම් නීතියට අනුව ඔවුන්ට ණයගැතියන් බවට පත්වීමට සිදුවන බව තේරුම්ගෙන මුස්ලිම් නාවිකයනට පෙරගෙවීමක් ලෙස ස්ථිර වැටුපක් ගෙවනු ලැබිණි. මීට ප‍්‍රතිපක්‍ෂ ලෙස රෝමානු සහ බයිසැන්ටියානු නාවිකයෝ සමුදී‍්‍රය ව්‍යාපාරයේ පරදුතබන්නන් ලෙස සැලකුනු අතර සාර්ථක මුහුදු ගමනක් අවසානයේ වෙළඳාමෙන් ලද ලාභයෙන් කොටස් සිය තනතුර මත පදනම්ව ඔවුන්ට ගෙවනු ලැබිණි. වෙරළාශි‍්‍රත ගමනාගමනය සහ ගැඹුරු මුහුදේ සංචාරයන් සම්බන්ධයෙන් මුස්ලිම් නීතිවේදීහු වෙනස් ක‍්‍රමවේදයන් අනුගමනය කළහ. එමෙන්ම නැව සහ නැව්බඩු යන දෙකම අත්කරගත් අවස්ථාවන්හි හැරුනුවිට ඔවුහු භාණ්ඩ ප‍්‍රවාහනය සම්බන්ධයෙන්ද නාවිකයන් වගකීම දැරිය යුතුය යන මතය දැරූහ. සමුදී‍්‍රය කටයුතු සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර නීතියේ වර්ධනය සඳහා ඉස්ලාමීය නීතියේ බලපෑම සලකා බැලීමේදී රෝමානු බලපෑමට සමාන වැදගත්කමක් ඉස්ලාමීය නීතියේ බලපෑමටද ලබාදිය යුතු බව පෙනීයයි.
"https://si.wikipedia.org/wiki/අද්මිරාල්ති_නීතිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි