"උද්භිද විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Bot: Migrating 128 interwiki links, now provided by Wikidata on d:q441 (translate me)
උද්භිද විද්‍යාවේ උපප්‍රභේද
16 පේළිය:
මධ්‍යතන යුගයේ දී ශාක කායකර්මය පිළිබඳ ලියැවුණු වැදගත් කෘතීන් අතර උදායන ගේ පෘත්විනිරපාර්යම්, ධර්මෝත්තර ගේ න්යාකයවින්ධුථික, ගුණරත්න ගේ සද්ධර්ශණ සමුච්චය හා සංකාරමිශරපාර ගේ උපස්කාර විශේෂ වෙයි.
 
1665 දී මුල් කාලීන අන්වීක්ෂයක් භාවිතයෙන් රොබට් හුක් විසින් පොරොප්පයක හා කෙටි කාලයකට පසු සජීවී ශාක පටකයක සෛල සොයා ගන්නා ලදී. ජර්මානු ජාතික ලියොනාට් ෆුක්ස් ස්විස් ජාතික කොනාර්ඩි වොන් ගෙස්නර් සහ බිරරලදතාන්යු ජාතික කතුවරු වන නිකොලස් කල්පෙපර් හා ජෝන් ගෙරාඞ් ශාක වල ඖෂධමය වැදගත්කම් පිළිබඳ තොරතුරු පළ කළෝ ය. 1775 දී කාර්ල් වොන් ලිනේ (කාල් ලිනේයස්) ශාක රාජධානිය වර්ග 25 කට වෙන් කළේය.
 
== උද්භිද විද්‍යා විෂය පථය සහ උද්භිද විද්‍යාවේ වැදගත්කම ==
 
ජීව විද්‍යාවේ ඇති අනෙකුත් ජීවී ආකාර මෙන්ම ශාක ජීවීන් ද විවිධ කෝණයන්ගෙන් අධ්‍යයනය කළ හැක. එය අණුක , ජානමය සහ ජීව රසායනයෙන් පටන්ගෙන ඉන්ද්‍රියිකා, සෛල , පටක, ඉන්ද්‍රියයන්, ඒකයිකයා, ශාක ගහනය සහ ශාක ප්‍රජාවන් දක්වා වේ. මේ සෑම මට්ටමක දීම උද්භිත විද්‍යාඥයා විසින් ශාක ජීවිතය හා වර්ගීකරණය, ව්‍යුහ විද්‍යාව , රූප විද්‍යාව සහ කායික විද්‍යාව ගැන සැලකිලිමත් විය යුතුය.
ඉතිහාසයේ දී උද්භිද විද්‍යාව , සත්වයකු නොවන සෑම ජීවියකු පිළිබඳවම ආවරණය කරන ලදී. මින් සමහරක් ජීවීන් තවදුරටත් ශාක රාජධානියට අයත් ‍නොවන ලෙස වෙන් කර ඇත. එනම් දිලීර (දැනට දිලීර විද්‍යාව යටතේ හදාරයි), ලයිකන (ලයිකන විද්‍යාව) බැක්ටීරියා (බැක්ටීරියා විද්‍යාව /බැක්ටීරියාවේදය) , වයිරස(වයිරස විද්‍යාව) සහ දැනට ප්‍රොටිස්ටාවන් ලෙස කාණ්ඩ කර ඇති ඒක සෛලික ඇල්ගී යනාදියයි. කෙසේ වෙතත් උද්භිද විද්‍යාඥයින් තව දුරටත් මේවා ගැන සැලකිලිමත් වන අතර දිලීර,ලයිකන , බැක්ටීරියා සහ ප්‍රභාසංස්ලේෂණය කරන ප්‍රො‍ටි ස්ටාවන් උද්භිද විද්‍යාව මූලික පාඨමාලා යටතේද සාමාන්‍යයෙන් ආවරණය වේ.
කරුණු කිහිපයක් නිසා ශාක ගැන අධ්‍යයනය ඉතා වැදගත් වේ. ශාක, පෘථිවියේ ජීවයේ මූලික අංගයකි. අනෙක් උසස් ජීවීන් ගේ දිවි පැවැත්ම උදෙසා අවශ්‍ය වන ඔක්සිජන්, ආහාර, කෙඳි වර්ග, ඉන්ධන සහ ඹෟෂධ මේ ශාක මගින් උපද්දවයි. ශාක ප්‍රභාසංස්ලේෂණයේ දී කාබන්ඩයොක්සයිඩ් අවශෝෂණය කර ගන්නා අතර සුළු හරිතාගාර වායුවක් වන මෙය විශාල ප්‍රමාණයන් වුවහොත් ගෝලීය දේශගුණික තත්වයන්ට බලපෑමක් ඇති කළ හැක. ශාකවල පරිණාමයේදී පෘථිවි වායුගෝලයේ වෙනස්කම් ඇති කළ බවට විශ්වාසයක් පවතී. පුරාඋද්භිද විද්‍යාඥයන් පොසිල වාර්තා මගින් ඉපැරණි ශාක පිළිබඳ අධ්‍යයනයක යෙදේ. ශාක ගැන මනා වැටහීමක් ඇති වීම අනාගත මානව සංහතියට වැදගත් වන අතර ‍එය පහත දැක්වෙන ආකාරයෙන් අපට උපකාරී වේ
 
*වැඩිවන ජනගහනයට පෝෂණයට අවශ්‍ය ආහාර නිපදවීම
*මූලික ජීවයක ක්‍රියා සන්තතිය වටහා ගැනීම
*රෝග සහ අනෙකුත් අසනීප සඳහා අවශ්‍ය වන ඹෟෂධ නිපදවීම
*පරිසරාත්මක වෙනස්කම් වඩාත් පැහැදිලි ලෙස හඳුනාගැනීම
 
= උද්භිද විද්‍යාවේ උපප්‍රභේද=
{|
| valign="top" |
*ශෂ්‍ය විද්‍යාව
*බ්‍රයෝ විද්‍යාව
*වෘක්ෂ විද්‍යාව
*ආර්ථික උද්භිද විද්‍යාව
*මානවවංශ උද්භිද විද්‍යාව
*වන විද්‍යාව
*උද්‍යාන විද්‍යාව
*ලයිකන් විද්‍යාව
*ශාක භෞතවේදය
*දිලීර විද්‍යාව
 
| valign="top" |
*ව්‍යාධිවේදය
*ඇල්ගී විද්‍යාව
*ශාක රසායන විද්‍යාව
*ශාක ව්‍යුහවිද්‍යාව
*පරිසර විද්‍යාව
*ශාක ජාන විද්‍යාව
*ශාක රූප විද්‍යාව
*ශාක වර්ගීකරණය
 
|}
 
 
1775 දී කාර්ල් වොන් ලිනේ (කාල් ලිනේයස්) ශාක රාජධානිය වර්ග 25 කට වෙන් කළේය.
<!--Categories-->
<!--Interwiki-->
"https://si.wikipedia.org/wiki/උද්භිද_විද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි