"බලංගොඩ ආනන්ද මෛත්‍රෙය හිමි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු සුළු සංස්කරණය
මුලාශ්‍ර එක් කිරීම
31 පේළිය:
 
 
බලංගොඩ ආනන්ද මෛත්‍රෙය හිමියන් (English: Balangoda Ananda Maitreyya Thero) විසිවන සියවසේ විසූ ථෙරවාද බුදු දහම පිළිබඳ විද්වත් භික්ෂූන් වහන්සේ නමක් විය.<ref name="AA"/><ref>{{cite web|url=http://www.katinkahesselink.net/his/influence-theosophy.html|title=Famous People and the impact of the Theosophical Society|publisher=Katinka Hesselink | accessdate=28 March 2010| archiveurl= http://web.archive.org/web/20100425071738/http://www.katinkahesselink.net/his/influence-theosophy.html| archivedate= 25 April 2010 <!--DASHBot-->| deadurl= no}}</ref> එතුමන් ශ්‍රී ලාංකීය බෞද්ධ භික්ෂූන් වහන්සේලා අතර වඩාත් සම්භාවනාවට පාත්‍ර වූ භික්ෂුවක් ලෙස සැලකෙයි. උන්වහන්සේ භාවනාව තුළින් ඉහළ තලයේ ආධ්‍යාත්මික සංවර්ධනයක් ළගා කරගත් අයෙකි. .<ref name="BA">{{cite web|last= Wijenayake|first=Walter|url=http://www.srilankaguardian.org/2010/07/most-ven-balangoda-ananda-maithreya.html|title=Most Ven. Balangoda Ananda Maithreya thera |accessdate=2010-08-19|date=17 July 2010|publisher=Sri Lanka Guardian| archiveurl= http://web.archive.org/web/20100816020538/http://www.srilankaguardian.org/2010/07/most-ven-balangoda-ananda-maithreya.html| archivedate= 16 August 2010 <!--DASHBot-->| deadurl= no}}</ref><ref name=xy/> නිරහංකාර සරල දිවිපෙවතක් අනුගමනය කළ උන්වහන්සේ බුදුදහම ලොව පුරා ප්‍රචලිත කිරීමට අගනා සේවාවක් ඉ‍ටුකරන ලදී. ශ්‍රී ලාංකික බෞද්ධයෝ ආනන්ද මෛත්‍රෙය හිමියන් බෝධිසත්ත්වවරයෙකු ලෙස සලකති. <ref name="AA">{{cite web | url=http://www.accesstoinsight.org/lib/authors/bodhi/bam.html | title=Ven. Balangoda Ananda Maitreya: A Personal Appreciation | publisher=Ven. Bhikkhu Bodhi | year=2009 | accessdate=2010-05-30| archiveurl= http://web.archive.org/web/20100429080852/http://www.accesstoinsight.org/lib/authors/bodhi/bam.html| archivedate= 29 April 2010 <!--DASHBot-->| deadurl= no}}</ref>
 
== චරිතාපදානය ==
 
අතිපුජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය නාහිමි 1896 අගෝස්තු 23 බලන්ගොඩ කිරිදිගල දී උපත ලදහ. උන්වහන්සේ ගේ පියා එන්. ඒ මැතිස් අප්පුහාමි වු අතර මව බී. හීන් මැණිකේ වුවාය. <ref name=xy/> උන්වහන්සේ ගිහිකල පුංචි මහත්තයා සහා විලියම් යන නම්වලින් හැදින්වු එතුමන්ට වයස අවුරුදු 14 දී සිය මව අහිමි විය. එයින් පසු ඔහු සිය පියාගේ වැඩිමල් සහෝදරයාගේ නිවසේ හැදී වැඩෙමින් බලංගොඩ කුමාර විද්‍යාලයෙන් මූලික අධ්‍යපනය ලැබුවේය. පුංචි මහත්තයා වයස අවුරුදු 15 දි පැවිදි වීමට තීරණය කළ අතර බලංගොඩ උඩුමුල්ල ශ්‍රී නන්දාරාමයේ දී 1911 මාර්තු 02 දා සාමණේර පැවිද්ද ලැබූවේය. <ref name=xy>{{cite news|last = Fernando|first = Thilak|title = Face to face with late Ven. Aggamaha Panditha Balangoda Ananda Maitreya Thero |publisher = The Island - Saturday Magazine|date = 1994-09-24|url = http://www.infolanka.com/org/diary/179.html|accessdate = 2010-05-04}}</ref> උන්වහන්සේ ගේ ආචාර්යවරයන්වහන්සේ වුයේ දහමාහාන ධම්මානන්ද තෙරුණුවන්ය. උපාධ්‍යයන්වහන්සේ වුයේ දෙනියායේ ශීලානන්ද තෙරණුවන්ය. විසිවස් සපුරා සිටිහෙයින් උන්වහන්සේ 1916 ජූලි මස 14 වන දින බලංගොඩ උළුගංතොට උදකුඛේප [[සීමාමාලකය|සීමාමාලකයේ]] දී උපසම්පදාව ලදහ. <ref name="BA"/>
 
උන්වහන්සේ පැවිදි බිමට ඇතුලු වීමෙන් අනතුරුවද අධ්‍යාපන කටයුතු ඉදිරියටම පවත්වාගෙන් ගිය අතර පසුවකාලීනව එතුමා බුදු දහම හා භාෂා ශාස්ත්‍රයේ විශාරදයන් වහන්සේ කෙනෙකු බවට පත්විය .වසර 1919 දී උන්වහන්සේ කොළඹ [[ආනන්ද විද්‍යාලය|ආනන්ද විදයාලය]]ට ඇතුලුව අධ්‍යාපනය ලැබු අතර පසුව 1922 දී එහිම බුදුදහම පිළිබදව ආචාර්යවරයා බවට පත්විය <ref name="BA"/> . උන්වහන්සේ විවිධ සමයන් හා දර්ශනයන් පිළිබදව ගැඹුරු අධ්‍යයනයන්හි නියුතු වු අතර [[මහායාන බුදු දහම|මහායානය]] හා [[තන්ත්‍රයානය]] පිළිබදවද විශාරද විය. එතුමා හිමාලීය යෝගීන් හා පරම විඥ්ඥානාර්ථ සමා‍ගමේ සාමාජිකයන් ද ඇසුරු කළහ. ඉන්දීය දාර්ශනිකයෙකු වූ ක්‍රිෂ්ණමූර්ති ද උන්වහන්සේ ඇසුරුකළ චින්තකයෙකි.
 
ආනන්ද මෛත්‍රෙය හිමිපාණෝ , 1925 ආරම්භ කරන ලද [[නාලන්දා විද්‍යාලය, කොළඹ|කොළඹ නාලන්දා විද්‍යාලයේ]] ප්‍රථම ධර්මාචාර්යයන් වහන්සේ වූහ. එම විද්යාලයේ ආදර්ශ පාඨය වන "අපදාන සෝභිනි පඤ්ඤා" යන්න උන්නාවහන්සේ ගේ තේරීමකි. පසුකලෙක විද්‍යොදය විශ්වවිද්‍යාලය බිහි වූ විට උන්වහන්සේ එහි [[මහායාන බුදු දහම|මහායාන බුදු දහම]] විෂය පිළිබද මහාචාර්යවරයා ලෙස කටයුතු කරන ලදී. 1963 දී විද්‍යොදය විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන අංශයේ පීඨාධිපති දූරයට පත්වු අතර එතුමා 1966දී එම සරසවියේ උපකුලපති දූරයට ද පත්වූහ. <ref name="BA"/>
 
වසර 1926 [[ඉන්දියාව|ඉන්දියාවේ]] කේරල ප්‍රාන්තයේ සංචාරය උන්වහන්සේ ගේ ප්‍රථම විදේශ ධර්ම දුත මෙහෙවර වීය. 1930 දී උන්වහන්සේ ශ්‍රී ධම්මානන්ද පිරිවෙන ආරම්භ කළහ . 1954 ජනවාරි 18 වන දින උන්වහන්සේ සබරගමුව සද්ධම්මවංශ නිකායේ මහානායක ධුරයට පත්වූහ. එම වසරේම [[බුරුමය|බුරුමයේ]] සයවන ත්‍රිපිටක සංගායනාව පැවැත්වු අතර උන්වහන්සේ එහි මුලසුන දැරූහ . 1969 සැප්තැම්බර් 02 වන දින උන්වහන්සේ සමස්ථ ලංකා අමරපුර සංඝ සභාවේ සභාපති ධූරයට පත්වුහ.
49 පේළිය:
== අභිධාන සහ උපාධි ==
 
1955 දී මියන්මාර (බුරුම) රජය සයවන බෞද්ධ සම්ම්මේලනයේදී බුදු දහම වෙනුවෙන් එතුමන් කළ අද්විතීය සේවාව වෙනුවෙන් ගෞරවය පුද කිරීමක් ලෙස "අග්ග මහා පණ්ඩිත" යන අභිධානය මහානායක හිමියන්ට පිරිනමන ලදී. <ref name="cd"/> එමෙන්ම මියන්මාරය එතුමාට එහි ඉහළතම සංඝ අභිධානය වන "අභිධර්ම මාහාරට්ඨගුරු" (ශ්‍රී ලංකාවේදී සංඝරාජ පදවියට සමාන වන) යන්නද පිරිනමන ලදී. <ref name="cd">{{cite news|last = Yodhasinghe|first = Lionel|title = State Funeral for Ven. Ananda Maitreya|language = Sinhala|publisher = Daily News|date = 1998-07-20|url = http://www.accesstoinsight.org/lib/authors/bodhi/bam.html|accessdate = 2008-09-06}}</ref> ආනන්ද මෛත්‍රෙය තෙරණුවන් ශ්‍රී ලංකා රජය විසින් "ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය ප්‍රවචන විශාරද" ගෞරව උපාධියද ඊට අමතරව විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන් "සාහිත්‍යසූරී" සහ විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් "සාහිත්‍ය චක්‍රවර්තී" යන ගෞරව අභිධානයන්ගෙන්ද පිදුම් ලබන ලදී.
 
මහානායක හිමියන්ගේ නිහතමානීත්වය පැහැදිලිව ප්‍රකාශ වූයේ එතුමා කිසිම අයුරක සම්මාන හෝ අභිධාන කෙරෙහි කැමැත්තක් නොදක්වන බව ප්‍රසිද්ධියේ පැවසීමෙනි. එතුමා හුදෙක් ප්‍රදානය කරන්නන් සතු‍ටු කිරීම සඳහා එම සම්මාන පිළිගත්තේය. එතුමන් බුදු රජාණන් වහන්සේ අභිධර්ම පිටකයේ සංයුක්ත නිකායේ ගෞරව සම්මාන, තනතුරු පදවි යනාදියට දැඩි ලෙස ආශා කිරීමේ ඇති නොවැදගත් බව වදාළ අයුරු බුදු රජාණන් වහන්සේ අභිධර්ම පිටකයේ සංයුක්ත නිකායේ ගෞරව සම්මාන, තනතුරු පදවි යනාදියට දැඩි ලෙස ආශා කිරීමේ ඇති නොවැදගත් බව වදාළ අයුරු නිතරම සිහිපත් කරන කරුණක් ලෙස දේශනා කරන ලදී.
 
== රචනා ==
ආනන්ද මෛත්‍රෙය හිමියන් විසින් සූත්‍ර, විනය, අභිධර්මය සහ පාලි හා සංස්කෘත ව්‍යාකරණ පිළිබඳ ග්‍රන්ථ 50 කට ආසන්න ගණනාවක් රචනා කර තිබේ. උන්වහන්සේ විසින් රචිත පොත් අතර ශාක්‍යමුනීන්ද්‍රවාවදානය හෙවත් බුද්ධ චරිතය පාසැල් පෙළ පොතක් ලෙසද පිළිගෙන ඇත. උන්වහන්සේ හෙළ බසින් මෙන්ම ඉංග්‍රිසි බසින්ද පොත් රචනා කරන ලදී. ආනාපන සති භාවනාව, ඉංග්‍රිසිය සරල මග, භාවනා දීපනිය, සම්බෝධි ප්‍රාර්ථනා , ඉංග්‍රිසි අත් පොත, දහම් සභාව, සතර පරමාර්ථය , බුද්ධ ධර්මය , විදර්ශනා භාවනාව. කම්මා වාචා සහ උදානය යන ග්‍රන්ථ උන්වනසේ ලේඛන කාර්යයන් සඳහා උදාහරණ වේ. ආනන්ද මෛත්‍රෙය හිමියන්ගේ "ධම්මපදය" යන කෘතිය ජාත්‍යන්තරවද ප්‍රකාශනය කරන ලදී. ( The Dhammapada: The Path of Truth: Softcover, Wisdom Pubns, ISBN 0-932156-04-5 ) <ref name="cd"/>
 
== මූලාශ්‍ර ==
{{Reflist}}
 
* [http://www.facebook.com/album.php?aid=165677&id=244662781355 Balangoda Ananda Maitreya Thero's Books]
* [[නාලන්දා විද්‍යාලය, කොළඹ|නාලන්දා විද්‍යාලයේ]] 60 වන සංවත්සරය වෙනුවෙන් 1986 දී නිකුත් කරන ලද සමරු කලාපය.
"https://si.wikipedia.org/wiki/බලංගොඩ_ආනන්ද_මෛත්‍රෙය_හිමි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි