"CMYK වර්ණ ආකෘතිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
51 පේළිය:
[[Image:Barns grand tetons.jpg|thumb|400px|[[Teton Range]] ගේ වර්ණ ඡායාරූපයක්.]]
{{double image|valign=top|right|CMYK separation – no black.jpg|197|CMYK separation – maximum black.jpg|197| ඉහත රූපය පිළිවෙලින් සයන්, මැජෙන්ටා සහ කහ වර්ණයෙන් මුද්‍රණය කිරීමට විභේදනය කර ඇත.|එම රූපයම කළු වර්ණය සඳහාද විභේදනය කිරීමෙන් අනෙකුත් වර්ණ වැයවීම අවම වේ.}}
 
වානිජමය වශයෙන් කළු වර්ණය නිපදවීමට සයන්, මැජෙන්ටා සහ කහ වර්ණ මිශ්‍ර කිරීම ප්‍රායෝගිකව සතුටුදායක නොවන තත්වයකි. එබැවින් මූලික ව්‍යාකලන වර්ණ වලට අමතරව කළු වර්ණය සිව්-වර්ණ මුද්‍රණයේදී යොදාගැනේ. එසේ කළු වර්ණය අමතර වර්ණයක් ලෙස භාවිත කිරීමට හේතු වන කරුණු පහත සඳහන් පරිදි වේ.
 
* කළු වර්ණය සෑදීම සඳහා 100% සයන්, මැජෙන්ටා සහ කහ වර්ණ මිශ්‍රණ යොදාගැනීමෙන් කඩදාසිය තෙත්වී මුද්‍රිත කඩදාසිය වියලීමට කල් ගතවීම ප්‍රායෝගික නොවන අතර ඇතැම් විට කඩදාසිය මත වර්ණ ගලායාම ද සිදුවේ.
* න්‍යායාත්මකව සයන්, මැජෙන්ටා සහ කහ වර්ණ මිශ්‍රණය දෘශ්‍ය වර්ණාවලියේ සියලු ආලෝකය අවශෝෂණය කරමින් පරිපූර්ණ කළු වර්ණය නිපදවිය යුතු වුවද ප්‍රායෝගිකව එම වර්ණ තුල පැවතියයුතු ගුණාංග නොපැවතීම හේතුවෙන් බලාපොරොත්තු වන පරිපූර්ණ කළු වර්ණය නොලැබේ.
* කළු වර්ණය අනෙකුත් වර්ණ හා සාපේක්ෂව මිලෙන් අඩුය.
 
මුද්‍රණයේදී ඉතා අඳුරු ප්‍රදේශ ආවරණය කලයුතු අවස්ථා වලදී සයන්, මැජෙන්ටා සහ කහ වර්ණ තට්ටුවක් යෙදීමෙන් අනතුරුව තනි කළු වර්ණ තට්ටුවක් ඒ මත යෙදීමෙන් සාරවත් වූ ඉතා අඳුරු කළු වර්ණයක් ලැබේ. මෙය පොහොසත් කළු වර්ණය ලෙස හැඳින්වෙන අතර CMY මිශ්‍රණය කිරීමෙන් ලැබෙන කළු වර්ණය සංයුක්ත කළු හෝ කෘතිම කළු වර්ණය ලෙස ද හැඳින්වේ.
 
අනෙකුත් වර්ණ තීන්ත ප්‍රමාණ ප්‍රතිස්ථාපනය කිරීමට භාවිත කල යුතු කළු වර්ණ තීන්ත ප්‍රමාණය විචල්‍යයකි. එම තෝරාගැනීම මුද්‍රණ තාක්ෂණය, කඩදාසියේ ස්වභාවය සහ භාවිත කරන තීන්ත වල ස්වභාවය වැනි දෑ මත රඳාපවතින අතර අවසන් මිශ්‍රණය තීරණය කිරීම සඳහා [[උප වර්ණ අපහරණය]], [[උප වර්ණ සංකලනය]] සහ [[අඳුරු සංරචක ප්‍රතිස්ථාපනය]] වැනි ක්‍රමවේදයන් භාවිත කෙරේ. එබැවින් මුද්‍රණ කාර්යයේ ස්වභාවය මත CMYK සංයෝජනය රඳා පවතී.
 
 
"https://si.wikipedia.org/wiki/CMYK_වර්ණ_ආකෘතිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි