"මාලදිවයින" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
130 පේළිය:
 
බොහෝ දෙනා පිලි ගන්නේ කොයිමාල කුමරු ලංකාවෙන් පැමිණි සිංහල කුමරෙක් බවට නමුත්, සමහරු ඔහු දකුණු ඉන්දියාවෙන් හෝ කාලිංග රටෙන් පැමිණියෙකු බවට අදහස් පල කරති. ඔහුගේ රාජකීය අසුන හඳුන්වන "සින්ගාසන" යන පදය සිංහල රජුන්ගේ රාජකීය ආසනය හඳුන්වන "සිංහාසන" යන්නට සමාන වීම ඔහු ලංකාවෙන් පැමිණි බවට ප්‍රභල සාක්ෂියකි.
 
1141 දී කොයිමාල රජු ගේ බෑනා වූ දොවෙමි කලමින්ජා ඔහුගෙන් පසු රජකමට පැමිණියේය. මාලදිවයිනට ඉස්ලාමය පැමිණෙන්නේ මෙම රජු ගේ සමයේදීය.
 
මාලදිවයිනේ පුරාවෘතයකට අනුව මෙකල රන්නමාරි නම් මුහුදු රකුසෙකුගේ බලපෑම මාලේ ජනයා වෙත එල්ලවී තිබිණි. රකුසා සඳහා බිලි පූජාවක් වශයෙන් සෑම මසකම පළමු දින රාත්‍රියේ කන්‍යාවක් මාලේ හි නැගෙනහිර වෙරළේ තිබූ හුදෙකලා පන්සලක රඳවා තබන ලදී. පසුදා උදෑසන එහි යන ඇයගේ දෙමාපියන්ට දක්නට ලැබුනේ ඇගේ මලකඳයි. මෙසේ රකුසාගේ බලපෑමෙන් පීඩා විඳි මාලේ වැසියන්ට පිහිට වීම සඳහා පර්සියානු ජාතික මුස්ලිම් සංචාරකයෙක් වූ අබු අල් බරකත් ඉදිරිපත් විය. එක් මසෙක කන්‍යාවක් වෙනුවට පන්සලේ රැය ගත කිරීමට ඉදිරිපත් වූ පර්සියානුවා රකුසා පැමිණිවිට කුරාන පාඨයන් කියවා රකුසා පලවා හැරියේය. මින් පැහැදීමට පත් දොවෙමි කලමින්ජා රජු ඉස්ලාමය වැළඳගත් අතර, මාලදිවයින් වාසීන් ද ක්‍රමයෙන් ඉස්ලාමය වැළඳ ගත්හ. ඉබ්න් බතූතා ගේ සටහන් වල මෙම පුරාවෘතය සඳහන් කර තිබේ.
 
1153 දී සිදු වූ මෙම පෙරලිය මාලදිවයින් ඉතිහාසයේ දෙවැනි ප්‍රධාන සන්දිස්ථානයයි. බෞද්ධ සංස්කෘතිය ක්‍රමයෙන් අභාවයට ගිය අතර මුස්ලිම් සංස්කෘතිය මාලදිවයිනේ මුල්බැස ගත්තේය. මෙතෙක් රදුන් ලෙස හැඳින්වූ පාලකයා මෙතැන් සිට සුල්තාන් ලෙස හැඳින්විණි. ඉස්ලාම් භක්තික අරාබි වෙළඳුන් සමග සිදු වූ වෙළදාමේ වර්ධනය මාලදිවයින් වාසීන් ඉස්ලාමයට නැඹුරු කිරීමට හේතු වන්නට ඇතැයි සිතිය හැක. කෙසේ නමුත් මුස්ලිම් සංස්කෘතිය මාලදිවයිනේ පැලපදියම් වීමට තවත් දිගු කලක් ගත විය. අවුරුදු දෙසීයකට පමණ පසුවත් මාලදිවයිනේ පැරණි සංස්කෘතියේ අංග ඉතිරිව තිබූ බව 1330 දී පමණ මාලදිවයිනට පැමිණි ඉබ්න් බතූතා මාලදිවයිනේ සමහර දූපත් වල කාන්තාවන් උඩු කය නිරුවත්ව සිටි බව සඳහන් කර තිබීමෙන් පැහැදිලි වේ.
 
සමහර දූපත් වල ඉස්ලාමයට හැරවීම සාමකාමීව සිදු වූ නමුත් සමහර දූපත් වලදී එය ප්‍රචණ්ඩ ස්වරූපයක් ගන්නා ලදී. විශේෂයෙන්ම මාලදිවයින් බුදුදහමේ කේන්ද්‍රස්ථානය වූ හද්දුන්මති දූපත් පොකුරේදී මෙය වඩාත් දරුණු ස්වරූපයක් ඉසිලීය. මාලදිවයිනේ විශාලම ස්ථූපය පැවතියේ මෙම දූපත් පොකුරේ ගැන් දූපතේ වන අතර, සුල්තාන් වරයා ගේ අනින් එය විනාශ කිරීමට පැමිණි මුස්ලිම් වරුන්ට එරෙහිව භික්ෂූන් වහන්සේලා (සඟුමනුන්) ආයුධ සන්නද්ධව සටන් වැදුනහ. සටනින් පැරදුනු උන්වහන්සේලා, සහ එම දූපත් පොකුරේම ඉස්දූ සහ දබිඳු දූපත් වල පිහිටි පන්සල් වල වැඩ හුන් භික්ෂූන් වහන්සේලා මාලේ කරා ගෙන ගොස් හිස් ගසා දමන ලදී. ස්තූපයන්ගේ චත්‍රාවලි (සතිහිරුතළු) කඩා දැමුණු අතර, බුදු පිළිම සහ ධර්මය අඩංගු පුස්කොල පොත් සම්පූර්ණයෙන්ම විනාශ කර දමන ලදී. දබිඳු දූපතින් හමුවූ "ලොමාෆානු" ලෙස දිවෙහි බසින් හැඳින්වෙන තඹ පත්ඉරු වල ලියවුනු ලියවිල්ලක මෙම විස්තර සඳහන් වේ.
 
== ආශ්‍රිත ==
"https://si.wikipedia.org/wiki/මාලදිවයින" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි