"බාලදක්ෂ ව්‍යාපාරය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
79 පේළිය:
 
ප්‍රධාන අංගයක් ලෙස ආදරය බෙදාහැරීම, එළිමහන් ක්‍රියාකාරකම් කිරීම සැලකිය හැකිය. ප්‍රධාන ක්‍රියාකාරකම් අතර කදවුරු බැදීම, වනවිද්‍යාව, ජල ක්‍රිඩා, පාගමන් සහ ක්‍රීඩා සමන්ව්ත වේ.
කදවුරු බැදීම කාණ්ඩ වශයෙන් බොහෝවිට සංවිධානය වුවද සමාසික හා ජම්බෝරි ලෙසද සංවිධනය කෙරේ. කදවුරු බැදීම වසරකට කිහිප වතාවක් සති අන්තයේදී ප්‍රාදේශීය කාණ්ඩ හෝ කලාපීය කාණ්ඩ කිහිපයක් එකට එකතු වී පවත්වනු ලබයි. මේවා සදහා ආවේනික තේමාවන් සාමාන්‍යයෙන් පවතී. ලෝක බාලදක්ෂ සාකච්ඡා සභාව ආරම්භයේ දී ජ්‍යෙෂ්ඨ බාලදක්ෂයන් වෙනුවෙන් ආරම්භ වුවද ප්‍රධානතම ඉලක්කගත ප්‍රජාව වූයේ බාලදක්ෂ නායකවරුන්ය. [[ජම්බෝරිය|ජම්බෝරි]] යනු දේශීය හෝ විදේශීය බාලදක්ෂයන් විශාල සංඛ්‍යාවක් එකතුව සෑම වසර 4ක‍ට වරක් සතියක් හෝ දෙකක් පුරා එකට එකතුව කදවුරු බැදීමයි. මෙවැනි උත්සව වලදී එහි යොදා ගන්නා තේමාවට අනුකූලව නොයෙකුත් ක්‍රියාකාරකම් රාශියක් බාලදක්ෂයින් අතර පවත්වයි.
 
සමහර රටවල් වල බාලදක්ෂයන් සදහා වර්ෂය ඉස්මතු කරනු වස් ග්‍රීෂ්ම ඍතුවේ අවම වශයෙන් සතියක කාලයක් එලිමහන් ක්‍රියාකාරකම් සදහා නියැලීම සිදුකරයි. එලිමහන් ක්‍රියාකාරකම් ලෙස කදවුරු බැදීම, පාගමන්, යාත්‍රා කිරීම් හෝ තම කණ්ඩායම සමඟ වෙනත් චාරිකාවක යෙදීම හෝ පුළුල් සහභාගීත්වයක් සහිත ග්‍රීෂ්ම ඍතු කදවුරු බැදීමක් විය හැකිය. ග්‍රීෂ්ම ඍතු කදවුරු බැදීමට සහාභාගී වන බාලදක්ෂයන් කුසලතා පදක්කම්, ප්‍රගතිය හා නිවරදි බාලදක්ෂ නිපුනතා වර්ධනය කරගනී. ග්‍රීෂ්ම ඍතු කදවුරු වැඩිහිටි බාලදක්ෂයන් වෙනුවෙන් යාත්‍රා කිරීම, කදු නැගීම, මාළු බෑම වැනි ක්‍රියාකාරකම් සිදුකරමින් පවත්වාගෙන යා හැකිය.
 
අන්තර්ජාතික එකමුතුව හා සාමය වර්ධනය කරලීම ජාත්‍යන්තර මට්ටමේ, බාලදක්ෂ ව්‍යාපාරය මගින් තම භූමිකාවක් ලෙස ඉටු කරයි. වඩා පුළුල් ප්‍රජාවකට වඩාවැඩි වාසියක් උදාවන අයුරින් ක්‍රියාකාරකම් සැලසුම් කිරීම, පක්ෂපාතීත්වය අභියෝගයට ලක් කිරීම, විවිධත්වය දරා ගැනීමට ධෛර්ය්‍ය දීම තුලින් මෙම අරමුණ ඉටු කර ගැනීමට දැනටමත් මුල් පුරා ඇත. එවැනි වැඩසටහන් අතර විවිධ රාජ්‍ය නොවන සංවිධාන, එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග අත්වැල් බැද ගැනීම සදහන් කල හැකිය.
 
 
"https://si.wikipedia.org/wiki/බාලදක්ෂ_ව්‍යාපාරය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි