"ජානමය කේත" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
6 පේළිය:
 
සියළුම ප්‍රවේණික තොරතුරු ගබඩා වන්නේ ප්‍රවේණි කේතය ඇසුරින් නොවේ. සියළුම ජීවීන්ගේ ඩී.එන්.ඒ තුළ යාමක අනුපිළිවෙලවල්, ජාන අතර කොටස්, ක්‍රොමසෝමික ව්‍යුහමය කලාප සහ වෙනත් [[කේතනය නොකරන ඩී.එන්.ඒ]] (වැඩිපුරම [[රූපානුදර්ශය]] සඳහා දායක වන) අඩංගු වේ. මෙකී අංග කෙරේ බලපැවැත්වෙන්නේ ප්‍රවේණි කේතය යටතේ ඇති කෝඩෝන-ඇමයිනෝ අම්ල බව‍ට පෙරළීමේ ක්‍රියාවලියෙන් වෙනස් වූ නීති සමුදායකි.
 
 
== සොයාගැනීම ==
Line 12 ⟶ 13:
 
කෝ‍ඩෝනයක් ඩී.එන්.ඒ භෂ්ම 3කින් සමන්විත වන බව පළමුව ප්‍රකට කෙරුණේ [[ක්‍රීක් - බ්‍රෙනර් පර්යේෂණ]] මගිනි. කෝඩෝන පිළිබඳ පළමු පැහැදිළි කිරීම 1961දී [[මාර්ෂල් නිරෙන්බර්ග්]] හා [[හයින්රිච් ජේ. මැතෙයි]] විසින්‍ [[සෞඛ්‍ය පිළිබඳ ජාතික ආයතනයේ]] දී සිදු කරන ලදී. ඔවුහු පොලියුරැසිල් ආර්.එන්.ඒ අනුපිළිවෙළක් (උදා. UUUUU...) [[පරිවර්තනය (ජීව විද්‍යාව)|පරිවර්තනය]] කිරීමට [[නිදහස් සෛල පද්ධතියක්]] යොදා ගත්හ. මෙහිදී ඔවුන් සංස්ලේෂණය කළ [[පොලිපෙප්ටයිඩ]] දාමයේ අඩංගු වූයේ [[ෆෙනිලැලනීන්]] ඇමයිනෝ අම්ලය පමණක් බව නිරීක්ෂණය කරන ලදී. එමගින් ඔවුහු කෝඩෝනය ෆෙනිලැලනීන් ඇමයිනෝ අම්ලය සංකේතනය කරන බැව් තීරණය කරන ලදී. මේ ක්‍රමය අනුව යමින් [[සෙවරෝ ඔකාඕ]] පර්යේෂණාගාරයේ පර්යේෂණ එළිදැක්වූයේ පොලි-ඇඩිනීන් ආර්.එන්.ඒ අනුපිළිවෙල (උදා. AAAAA...) පොලි-ලයිසීන්<ref name="pmid13946552">{{cite journal | author = Gardner RS, Wahba AJ, Basilio C, Miller RS, Lengyel P, Speyer JF | title = Synthetic polynucleotides and the amino acid code. VII | journal = Proc. Natl. Acad. Sci. U.S.A. | volume = 48 | issue = 12| pages = 2087–94 | year = 1962 | month = December | pmid = 13946552 | pmc = 221128 | doi = 10.1073/pnas.48.12.2087 }}</ref> පොලිපෙප්ටයිඩය සංකේත කරන බවත්, පොලි-සයිටොසීන් ආර්.එන්.ඒ අනුපිළිවෙල (උදා. CCCCC...) පොලි-ප්‍රෝලීන්<ref name="pmid13998282">{{cite journal | author = Wahba AJ, Gardner RS, Basilio C, Miller RS, Speyer JF, Lengyel P | title = Synthetic polynucleotides and the amino acid code. VIII | journal = Proc. Natl. Acad. Sci. U.S.A. | volume = 49 | issue = | pages = 116–22 | year = 1963 | month = January | pmid = 13998282 | pmc = 300638 | doi = 10.1073/pnas.49.1.116 }}</ref> පොලිපෙප්ටයිඩය සංකේත කරන බවටත්ය. එමනිසා AAA කෝඩෝනය ලයිසීන් ඇමයිනෝ අම්ලයත්, CCC කෝඩෝනය ප්‍රෝලීන් ඇමයිනෝ අම්ලයත් විශේෂණය කරයි. විවිධ සහබහුඅවයවික මගින් ඉතිරි කෝඩෝනද හඳුනා ගන්නා ලදී. මෙම සොයාගැනීම ඉදිරියට ගෙන යමින් නිරෙන්බර්ග් සහ [[පිලිප් ලෙඩර්]] ප්‍රවේණි කේතයේ ත්‍රිත්ව ස්වභාවය එළිදැක්වූ අතර සම්මත ප්‍රවේණි කේතයේ කෝ‍ඩෝන විකේතනය කිරීමට මඟ පාදන ලදී. මෙම පර්යේෂණ වලදී [[mRNA]] වල විවිධ සංයෝජන සෛලයක ආර්.එන්.ඒ ප්‍රෝටීන බවට [[පරිවර්තනය (ජීව විද්‍යාව)|පරිවර්තනය]] කරන ඉන්ද්‍රයිකාව වන [[රයිබසෝම]] අඩංගු පෙරනයක් තුළින් ගමන් කරන ලදී. මෙහිදී විශිෂ්ට ත්‍රිත්ව මගින් විශේෂිත tRNA රයිබසෝම මත බන්ධනය දිරිගන්වන ලදී.
 
 
== වැදගත් ලක්ෂණ ==
 
===අනුපිළිවෙල කියවීමේ රාමු===
පරිවර්තනය ආරම්භ වූ මූලික නියුක්ලියෝ‍ටයිඩයේ සිට [[කෝඩෝන]]යක් අර්ථ දක්වනු ලැබේ. උදාහරණ ලෙස GGGAAACCC රැහැන සළකමු. පළමු ස්ථානයේ සිට කයවූ විට එහි GGG, AAA සහ CCC කෝඩෝන අඩංගු වේ. දෙවන ස්ථානයේ සිට කියවූ විට GGA සහ AAC කෝඩෝන අඩංගු වේ. තෙවැනි ස්ථානයේ සිට කියවූ වි‍ට GAA සහ ACC ආදී ‍වශයෙන් ගත හැකිය. මේ අනුව සෑම අනුපිළිවෙලක්ම [[කියවීමේ රාමු]] 3කින් (පටන් ගන්නා ස්ථානය අනුව) කියවිය හැකිය. ඒ එක එකක් එකිනෙකට වෙනස් වූ ඇමයිනෝ අම්ල නිපදවයි. (දී ඇති උදාහරණයේ දී නම් අනුපිළිවෙලින් Gly-Lys-Pro, Gly-Asn හෝ Glu-Thr). ඩී.එන්.ඒ ද්විත්ව රැහැනක නම් මෙවැනි [[කියවීමේ රාමු]] 6ක් තිබිය හැකිය. ඒ එක් රැහැනක අනුලෝමව 3ක් හා අනෙක් රැහැනේ ප්‍රතිලෝමව 3ක් වශයෙනි.<ref name="genetics_ dictionary"/>{{rp|330}} ප්‍රෝටීන අනුපිළිවෙලක පරිවර්තනය කෙරෙන නියම රාමුව [[ආරම්භක කෝඩෝන]]යක් (සාමාන්‍යයෙන් අනුපිළිවෙලක පළමු AUG කෝඩෝන) මගින් අර්ථ දැක්වෙයි.
Line 21 ⟶ 24:
 
[[නැවතුම් කෝඩෝන]] වන UAG ඇම්බර්(amber) ලෙස ද, UGA ඕපල්(opal) ලෙස ද, UAA ඕක්‍රේ(ochre) ලෙස ද නම් කෙරෙයි. රිචර්ඩ් එප්ස්ටීන් හා චාර්ල්ස් ස්ටෙයින්බර්ග් පර්යේෂකයන් දෙදෙනා විසින් “ඇම්බර්” නම තබන ලද්දේ, ජර්මානු භාෂාවෙන් සිය වාසගම “ඇම්බර්” වූ ඔවුන්ගේ මිත්‍ර හැරිස් බර්න්ස්ටීන්ට පසුවය. අනෙක් නැවතුම් කෝඩෝන ඕක්‍රේ සහ ඕපල් ලෙස නම් කොට ඇත්තේ “වර්ණ නාම තේමාව” පවත්වාගෙන යාමටය. නැවතුම් කෝඩෝන “අන්ත කෝඩෝන” හා “නිරර්ථක කෝඩෝන” ලෙස ද ව්‍යවහාර වේ. මෙම අන්ත කෝඩෝන වලට අනුපූරක ප්‍රතිකෝඩෝනයක් දරන සහජාත අණු නොමැති නිසා මේවා සෑදීගෙන එන පොලිපෙප්ටයිඩය රයිබසෝමයෙන් නිදහස් කිරීමට / ගිලිහීමට සංඥාවක් නිකුත් කරයි. මේ නිසා [[නිදහ‍ස් කිරීමේ සාධකය]]ක් ඒ වෙනුවට රයිබසෝමය මත බැ‍‍‍‍ඳෙයි. <ref name="urlHow nonsense mutations got their names">{{cite web | url = http://www.sci.sdsu.edu/~smaloy/MicrobialGenetics/topics/rev-sup/amber-name.html | title = How nonsense mutations got their names | author = Maloy S | authorlink = | coauthors = | date = 2003-11-29 | work = Microbial Genetics Course | publisher = San Diego State University | accessdate = 2010-03-10 }}</ref>
 
 
=== විකෘති වල බලපෑම ===
Line 28 ⟶ 32:
 
[[සම සංවේදී විකෘති]] හා [[අසම සංවේදී විකෘති]] [[ලක්ෂ්‍ය විකෘති]] (ජාන විකෘති) වලට උදාහරණ වන අතර මේවා පිළිවෙලින් [[දෑකැති සෛල රක්තහීනතාවය]] හා [[තැලසීමියා]] වැනි ප්‍රවේණික රෝග වලට හේතු කාරක වේ.<ref>{{Harv | Boillée | 2006 | p=39}}</ref><ref name="pmid88735">{{cite journal | author = Chang JC, Kan YW | title = beta 0 thalassemia, a nonsense mutation in man | journal = Proc. Natl. Acad. Sci. U.S.A. | volume = 76 | issue = 6 | pages = 2886–9 | year = 1979 | month = June | pmid = 88735 | pmc = 383714 | doi = 10.1073/pnas.76.6.2886 }}</ref><ref name="pmid17015226">{{cite journal | author = Boillée S, Vande Velde C, Cleveland DW | title = ALS: a disease of motor neurons and their nonneuronal neighbors | journal = Neuron | volume = 52 | issue = 1 | pages = 39–59 | year = 2006 | month = October | pmid = 17015226 | doi = 10.1016/j.neuron.2006.09.018 }}</ref> සායනිකව වැදගත් වන සම සංවේදී විකෘති, කේතනය කරන ඇමයිනෝ අම්ලයේ ගුණ (භාෂ්මික, ආම්ලික, ධ්‍රැවීය හෝ නිර්ධ්‍රැවීය යන ඒවා අතර පරාසයක) වෙනස් කරයි. එහෙත් අසම සංවේදී විකෘති වල ප්‍රතිඵල‍ය වන්නේ [[නැවතුම් කෝඩෝන]]යකි.<ref name="genetics_ dictionary">{{cite book | author = Pamela K. Mulligan; King, Robert C.; Stansfield, William D. | authorlink = | editor = | others = | title = A dictionary of genetics | edition = | language = | publisher = Oxford University Press | location = Oxford [Oxfordshire] | year = 2006 | origyear = | pages = 608 | quote = | isbn = 0-19-530761-5 }}</ref>{{rp|266}}
 
 
=== පිරිහුම් ===<!-- This section is linked from [[Neutral theory of molecular evolution]] -->
Line 48 ⟶ 53:
 
tRNA හි ප්‍රතිකෝඩෝනයේ පළමු පිහිටුමේ වෙනස් වූ භෂ්ම නිසා ඇමයිනෝ අම්ල සඳහා මෙවැනි විචල්‍ය කේත පැවතීමට අවකාශ ලැබී ඇත. මෙවැනි භෂ්ම යුගල වලට වෙවුලුම් භෂ්ම යුගල යැයි ව්‍යවහාර වෙයි. මෙම වෙනස් වූ භෂ්ම අතර ඉනොසීන් හා වොට්සන්-ක්‍රීක් ආකාරයේ නොවන U-G භෂ්ම යුගල අන්තර්ගතය.<ref name="pmid11256617">{{cite journal | author = Varani G, McClain WH | title = The G x U wobble base pair. A fundamental building block of RNA structure crucial to RNA function in diverse biological systems | journal = EMBO Rep. | volume = 1 | issue = 1 | pages = 18–23 | year = 2000 | month = July | pmid = 11256617 | pmc = 1083677 | doi = 10.1093/embo-reports/kvd001 }}</ref>
 
 
== ප්‍රවේණි කේතය මගින් තොරතුරු සම්ප්‍රේෂණය ==
 
 
ජීවියකුගේ [[ගෙනෝමය]] අන්තර්ගත වන්නේ [[ඩී.එන්.ඒ]] තුළය. වයිරස වලදී නම් [[ආර්.එන්.ඒ]] තුළය. ප්‍රොටීනයක් හෝ ආර්.එන්.ඒ සඳහා වූ ගෙනෝමයේ කොටස [[ජාන]] නම් වේ. ප්‍රෝටීන සඳහා වූ කේත ලෙස ක්‍රියා කරන ජාන කෝඩෝන නම් නියුක්ලියෝටයිඩ ත්‍රිත්වයකින් සෑදී ඇත. එම එක් කෝඩෝනයක්, එක් ඇමයිනෝ අම්ලයක් සඳහා කේතයක් වේ. සෑම නියුක්ලියෝටයිඩ උප ඒකකයක්ම [[පොස්පේට්]] අණුවක්, [[ඩිඔක්සිරයිබෝස්]] සීනි අණුවක් හා [[නයිට්‍රජනීය භෂ්ම]]යකින් සමන්විත වේ. සාපේක්ෂව විශාල [[පියුරීන]] භෂ්ම වන [[ඇඩිනීන්]](A) හා [[ගුඇනීන්]](G) වල ඇරෝමැටික වලයන් ද්විත්වයකි. සාපේක්ෂව කුඩා [[පිරිමිඩීන්]] භෂ්ම වන [[සයිටොසීන්]](C) හා [[තයිමීන්]](T) වල ඇත්තේ එක් ඇරොමැටික වලයකි. ද්විත්ව හෙලික්සීය ව්‍යුහයේ දී ඩී.එන්.ඒ ‍රැහැන් දෙක එකිනෙක හයිඩ්‍රිජන් බන්ධන මගින් බැ‍ඳෙන්නේ [[භෂ්ම යුගල]]නය නම් සැකසුමකිනි. මෙම බන්ධන සෑම විටම ඇති වන්නේ එක් රැහැනක ඇඩිනීන් භෂ්මයක් හා අනෙක් ‍රැහැනේ තයිමින් භෂ්මයක් අතර හෝ එක් රැහැනක සයිටොසීන් භෂ්මයක් හා අනෙක් ‍රැහැනේ ගුඇනීන් භෂ්මයක් අතරය.මේ අනුව ද්විත්ව හෙලික්සයක A හා T භෂ්ම ගණන, එහි අඩංගු G හා C භෂ්ම ගණනට සමානය.<ref name="MBG">{{cite book | author = Watson JD, Baker TA, Bell SP, Gann A, Levine M, Oosick R. | authorlink = | editor = | others = | title = Molecular Biology of the Gene | edition = | language = | publisher = Pearson/Benjamin Cummings | location = San Francisco | year = 2008 | origyear = | pages = | quote = | isbn = 0-8053-9592-X }}</ref>{{rp|102–117}} ආර්.එන්.ඒ හි දී තයිමීන්(T) [[යු‍රැසිල්]](U) මගින්ද, ඩිඔක්සිරයිබෝස් [[රයිබෝස්]] මගින් ද ආදේශනය වේ. <ref name="MBG"/>{{rp|127}}
Line 59 ⟶ 64:
 
සම්මත ප්‍රවේණි කේතය පහත වගුවල නිරූපණය වෙයි. කෝඩෝන 64 මගින් නිරූපණය කෙරෙන ඇම්යිනෝ අම්ලය පළමු වන වගුවෙහි දැක්වේ. දෙවන වගුවෙන් පරිවර්තනයේදී දායක වෙන සම්මත ඇමයිනෝ අම්ල 20 දක්වා තිබේ. මේවා පිළිවෙලින් අනුලෝම හා ප්‍රතිලෝම කෝඩෝන වගු නම් වේ. නිදර්ශනයක් ලෙස AAU කෝඩනයක් නිරුපණය කරන්නේ [[ඇස්පරජයින්]] ඇමයිනෝ අම්ලයි. එමෙන්ම UGU සහ UGC [[සිස්ටීන්]] නිරුපනය කරයි. (සම්මත අකුරු ත්‍රිත්වයන් පිළිවෙලින් Asn හා Cys වේ.)<ref name="MBG"/>{{rp|522}}
 
 
== ආර්.එන්.ඒ කෝඩෝන වගුව ==<!-- This section is linked from [[Amino acid]] and [[DNA codon table]]; [[Codon table]], [[Codon dictionary]], [[RNA codon table]] redirect here -->
Line 298 ⟶ 304:
| valign="top" | UAA, UGA, UAG
|}
 
 
==ඩී.එන්.ඒ කෝඩෝන වගුව==
{{main|ඩී.එන්.ඒ කෝඩෝන වගුව}}
ඩී.එන්.ඒ කෝඩෝන වගුව ආර්.එන්.ඒ කෝඩෝන වගුවට ඉඳුරාම සර්වසම වන අතර එකම වෙනස [[යුරැසිල්|U]] වෙනුවට [[තයිමීන්|T]] ප්‍රතිස්ථාපනය වී තිබීමයි.
 
 
== සම්මත ප්‍රවේණි කේතයෙහි ප්‍රභේදන ==
Line 310 ⟶ 318:
 
මෙම වෙනස්කම් හැරුණු විට, ස්වභාවිකව හටගන්නා අප දන්නා සෑම කේතයක්ම එකිනෙකට බොහෝ සෙයින් සමානය. එමෙන්ම සෑම ජීවියකු සඳහාම ඇත්තේ පොදු කේතීකරණ යාන්ත්‍රණයකි. භෂ්ම තුනේ කෝඩෝන, tRNA, රයිබසෝම, එකම දිශාවකට කෝඩෝනය කියවීම හා කේතයේ භෂ්ම ත්‍රිත්වයක් පමණක් වරෙකට ඇමයිනෝ අම්ල අනුපිළිවෙලක් බවට පරිවර්තනය කිරීම ආදී කරුණු වලින් මෙසේ සමානකම් දක්වයි.
 
 
===දීර්ඝ කළ ප්‍රවේණි කේතය===
Line 345 ⟶ 354:
* [[ප්‍රෝටීන]]
</div>
 
 
==යොමුව==
{{reflist|colwidth=30em}}
 
 
==වැඩිදුර කියවීම==
Line 355 ⟶ 366:
* {{cite book |author=Lodish, Harvey F.; Berk, Arnold; Zipursky, S. Lawrence; Matsudaira, Paul; Baltimore, David; Darnell, James E. |title=Molecular cell biology |publisher=W.H. Freeman |location=San Francisco |year=2000 |isbn=0-7167-3706-X |edition=4th |url=http://www.ncbi.nlm.nih.gov/books/bv.fcgi?call=bv.View..ShowTOC&rid=mcb.TOC}}
{{refend}}
 
 
==ඈඳිය==
"https://si.wikipedia.org/wiki/ජානමය_කේත" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි