"මැංගනීස්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
24 පේළිය:
මැංගනීස් වල සමස්ථානිකයන්හි අණුක භාරය 46ක සිට 65 දක්වා වෙනස් වේ. මේ අතරින් වඩා ස්ථායි වන්නේ අණුක භාරය 55 වන සමස්ථානිකයයි.
==== රසායනික ගුණ ====
Mn වල ඔක්සිකරණ අංකය -3 සිට +7 දක්වා වෙනස් වුවත් බහුල ඔක්සිකරණ තත්ව වන්නේ +2,+3,+4,+6 හා +7 ය. Mn වල +7 ඔක්සිකරණ අවස්ථාව නැමැති අස්ථාවර Mn<sub>2</sub>O<sub>7</sub>ඔක්සයිඩයක් සාදන අතර එමගින් MnO<sub>4</sub><sup>-</sup>දම් පැහැති ප්‍රභල ඔක්සිකාරක සංයෝගයක් වන ඇනායනය සාදයි. එමෙන්ම +5(නිල් ) හා +6(කොල ) ඔක්සිකරණ තත්වද ප්‍රභල ඔක්සිකාරක වන අතර ඒවා ද්වීදාකරණ ප්‍රතික්‍රියා වලට සහභාගී වේ. [[File:Chlorid manganatý.JPG|thumb|left|125px|Manganese chloride crystals. The pale pink color of Mn (II) salts is due to a spin-forbidden 3d transition which is rare]]
[[File:KMnO4 in H2O.jpg|thumb|left|100px|Aqueous solution of KMnO<sub>4</sub> illustrating the deep purple of Mn(VII) as it occurs in permanganate]]
වඩාත්ම ස්ථායි ඔක්සිකරණ තත්වය +2 වන අතර එය රෝස පැහැතිය. +2 ඔක්සිකරණ තත්වයේ ඇති සංයෝග ගණනාවකි. මෙම ඔක්සිකරණ තත්වයේ ඇති මැංගනීස් ඛනිජ නිධි තුල බහුලවම Mn<sub>2</sub>CO<sub>3</sub> ලෙස දැකිය හැක. +2 ඔක්සිකරණ තත්වයේ සංයෝග ජීවී දේහ තුල වැදගත් මෙහෙයක් ඉටු කරයි.අනෙත් ඔක්සිකරණ තත්ව ජීවී දේහ වලට විෂ සහිතය.මූලද්‍රව්‍යයේ 4s ඉලෙක්ට්‍රෝණ 2ක් ඉවත් කිරීමෙන් +2 ඔක්සිකරණ තත්වය ලැබේ.උත්තේජිත අවස්ථාවට පත් වූ පසු වල 3d කාක්ෂිකයේ යුග්ම නොවූ ඉලෙක්ට්‍රෝණ 5ක් පවතී.මෙම කාක්ෂිකය තුල ඉලෙක්ට්‍රෝණ එහා මෙහා ගමන් කිරීමේදි විමොචණය වන විද්යුත් චුම්භක තරංග දෘශ්‍ය පරාසයේ පවතින නිසා සංයෝගයට වර්ණයක් ඇති ලෙස පෙනේ.
 
"https://si.wikipedia.org/wiki/මැංගනීස්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි