"පරමාණු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ඡේදයට නොගලපෙන කොටස ඉවත් කලෙමි.
No edit summary
1 පේළිය:
{{තොරතුරුකොටුව පරමාණුව}}
රසායනික මූලද්‍රව්‍යයක් සමන්විත ඉතාම කුඩාම අංශුව පරමාණුව වේ. පරමාණුව ඝණ න්‍යෂ්ටියකින් වට වූ ඉලෙක්ට්‍රෝන ධාරාවකින් සමන්විත වේ. මෙම න්‍යෂ්ටිය ධන ආරෝපිත ප්‍රෝටෝන සහ විද්‍යුත් ලෙස උදාසීන නියුට්‍රෝනවලින් සමන්විත වන අතර එය වටා ඇති ධාරා සෘණ ආරෝපිත ඉලෙක්ට්‍රෝනවලින් සමන්විත වේ. න්‍යෂ්ටියක ප්‍රෝටෝන ප්‍රමාණය ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයට සමාන වූ විට පරමාණුව විද්‍යුත් ලෙස උදාසීන වේ. එසේ නොමැති නම් එය අයනයක් වන අතර එහි ශුද්ධ ධන සහ සෘණ ආරෝපණ ඇත. පරමාණුවක් වර්ගීකරණය වී ඇත්තේ එහි අඩංගු ප්‍රෝටෝන සහ නියුට්‍රෝන ප්‍රමාණය අනුවයි. ප්‍රෝටෝන ප්‍රමාණය රසායනික මූලද්‍රව්‍ය තීරණය කරන අතර නියුට්‍රෝන ප්‍රමාණය මූල ද්‍රව්‍යයේ සමස්ථානිකය තීරණය කරයි. පරමාණුවක් වෙන් කළ නොහැකි සංයෝගවලින් සමන්විත යැයි යන සංකල්පය මුලින්ම ඉදිරිපත් කරන ලද්දේ ඉන්දියානු සහ ග්‍රීක දාර්ශනිකයන් විසිනි. 17 සහ 18 වන සියවස්වල දී මෙම අදහසට භෞතික සාධකයක් ඉදිරිපත් කරමින් රසායනික විද්‍යාඥයන් කියා සිටියේ රසායනික ක්‍රම මගින් සමහරක් සංයෝග බිඳ නොහැකි බවයි. 19 වන සියවසේ අවසානයේ සහ 20 වන සියවස මුල් භාගයේ උපපරමාණුක කොටස් සහ පරමාණුවක ඇතුළත ව්‍යුහය භෞතික විද්‍යාඥයින් විසින් සොයා ගන්නා ලද අතර පරමාණුව නොබිඳිය හැකි බව ඉන් පෙන්ණුම් කරන ලදී. පදාර්ථයක තරංග හා අංශු ද්විත්වය ඇතුළත්ව කොන්ටම් යාන්ත්‍රණයේ මූලිකාංග පරමාණුව නිරූපණය කිරීම සඳහා යොදා ගන්නා ලදී.
 
"https://si.wikipedia.org/wiki/පරමාණු" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි